මොන රටක්ද බං මේ

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    https://sinhala.adaderana.lk/news/191920
    මොන රටක්ද බං මේ, තවම මේ වගේ පාරෙ නිකන් හිටියත් ඔහේ අත් අඩන්ගුවට අරන් හිරේ දාන්න පුලුවන්, අරගල කාලේ හිටපු නීති සෙට් එක කෝ ඇත්තටම?
    අනිත් උන් ටික සෙට් එක. වෙන රටක නම් මෙහෙම දැම්ම නම් පොලිසිය සහ මීඩියා දෙකම ඉවරයි. මැරිල වත් නිදහසක් නෑ මීඩියා හිගන්නො බොඩිය විකුනන් කනව
     
    • Like
    Reactions: Mr.dark

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මූලික අයිතිවාසිකම් 14 වන ව්‍යවස්ථාව

    භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස

    අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට

    ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට

    ඇ) සමාගමයේ නිදහසට

    ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට

    ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට

    ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට

    උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට

    ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ

    එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....

    තව ටිකකින් අවලම් මාධ්‍ය ප්‍රකාශක මූට හොඳ කැරැට්ටුවක් හදලා වැඩේ සාධාකරණීය කරයි 😄
    ------ Post added on Jan 10, 2024 at 8:16 PM