'මොන රටක් ද මේ??'

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    අවසානයේ ඒ දරුවා මිය ගියේ ය.
    මිය යන විට 17 හැවිරිදි වියේ පසුවූ හමීඩ් මොහොමඩ් පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කළේ මීට වසර තුනකට පමණ පෙර ය. ලංකාදීප පුවත්පත වාර්තා කරන අන්දමට හමීඩ් ඉන්දියාවේ රෝහල්වලින් ද ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර මීට වසරකට පමණ පෙර මහරගම පිළිකා රෝහලෙන් (දැන් අපේක්ෂා රෝහල) ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කර තිබුණි.
    ප්‍රතිකාර ගැනීමට මහරගම අපේක්ෂා රෝහලට යන එන විට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නොමැතිවීම නිසා රෝගීන් විඳින පිඩාව දුටු හමීඩ් ගේ පියා එම්.එස්.එච් මොහොමඩ් මහතා අනතුරුව එම යන්ත්‍රයක් ගෙන්වීමට මුලිකත්වය ගෙන ඒ සඳහා අරමුදල් රැස් කිරීමට කටයුතු කළේ ය. ඒ හමීඩ් ගේ ඉල්ලීමකට අනුව ය.

    පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් එයට මාධ්‍ය ආවරණය ලබා දුනි. ස්කෑනර් යන්ත්‍රයේ අවශ්‍යතාව වටහා ගත් මෙරට සාමාන්‍ය ජනී ජනයා ඉවුන්ට හැකි උපරිමයෙන් ඒ සඳහා ආධාර කිරීමට පටන් ගත්තෝ ය. ඒ සියළු දෙනා එකතුව යන්ත්‍රය වෙනුවෙන් අවශ්‍ය වන රුපියල් මිලියන 200 සති කිහිපයක් තුළ එකතු කර බලධාරීන් වෙත භාර දුන්නේ මීට වසරකටත් වඩා පෙර ය.

    නමුත් අවාසනාවකට සාමාන්‍ය ජනතාවට තිබූ උනන්දුව බලධාරීන්ට නොතිබූ නිසා මේ වන තෙක් එම යන්ත්‍රය මෙරටට ගෙන්වා නැත. නොයෙකුත් කමිටු පත් කර විවිධ පරීක්ෂණ කරන බව පවසා සිටිය ද ඒවායින් පලක් නොවුණ බව පැහැදිලි ය. දේශපාලන පොර පිටියේ කඹ ඇදීම් නිසා සියළු දෙනාට එය අමතක වී ඇති සෙයකි.

    කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි.
    මෙරටේ ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකි.
    වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා (ඇතැමුන් පවසන අන්දමට) ඖෂධ සමාගම් මාෆියාව සමඟ 'හැප්පෙන' පුද්ගලයෙකි.
    තත්වය එසේ තිබියදී මෙම යන්ත්‍රය ගෙන්වීමට මෙතරම් කල් ගැනීම ගැන විශේෂයෙන්ම මේ දෙපළ ලැජ්ජා විය යුතුය (එහෙම එකක් තියෙනවානම්).

    ආරම්භයේ පටන්ම ජනපතිවරයාට කුඩා ළමුන් වඩා ගැනීමට තිබූ උනන්දුව සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට බදු ගැනීමට තිබූ උනන්දුව මෙම යන්ත්‍රය ගෙන්වීම වෙනුවෙන් තිබූ බවක් අප දුටුවේ නැත.
    ඇතැම් විට ඒ මෙහි ගෞරවය හමීඩ් සහ පියා වෙත ලැබෙනවාට තිබූ අකමැත්ත විය හැකිය.
    පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීම සහ ක්‍රියාත්මක කරවීම අපහසු නම්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමැතිනම් වෙනත් හොඳ විකල්පයක් තෝරාගැනීමට රජයට ඕනෑ තරම් කල් තිබුණි. මූලිකත්වය ගත කිසිවෙකු පෙට්අ ස්කෑනර් යන්ත්‍රයක්ම ගෙනාවේ නැති නම් මරාගෙන මැරෙනවා යැයි කිවේ නැත. අනෙක් අතට ජනාධිපති අරමුදලෙන් අමාත්‍යවරු මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගැනීමට යන රටක ජීවිතයත් මරණයත් අතර සිටින සාමාන්‍ය ජනයා වෙනුවෙන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විකිරණ ද්‍රව්‍ය ගෙන්වීමට පහසුකම් නැතැයි කීම ම විහිළුවකි.


    කෙසේ හෝ දරුවා මිය ගොසිනි. මිය යන්නට පෙර හමීඩ් ස්කෑනර් යන්ත්‍රය පිලිබඳ තමන්ගෙන් විමසා සිටි බව මොහොමඩ් මහතා ලංකාදීපය ට ප්‍රකාශ කර ඇත.:(
    එම යන්ත්‍රය හැකි ඉක්මනින් ගෙන ඒමට බලධාරීන් කටයුතු කළේ නම් හමීඩ් ට සතුටින් දෙනෙත් පියාගනිමටත් ඔහුගේ පියාට තම දරුවා අහිමි වුවද අන් දරුවන්ගේ ජිවිත පිලිබඳ සිතා සහනයක් ලබා ගැනීමටත් හැකියාව තිබුණි. දැන් ඔහුට ඉතිරිව ඇත්තේ පසුතැවීමක් පමණක් විය හැක.

    අවසාන වශයෙන් අහන්නට ඇත්තේ 'මොන රටක් ද මේ??' යනුවෙන් පමණි.

    -මෙත්මලී-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම ගෙනත් නෑ නේද මේක :oo: මුන්ට සල්ලි ටික එකතුකරලා දීලත් මේක ගෙන්නගන්න බැරි හැටි :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔබතුමාලා දිවා රෑ නොබලා කඩේ ගියේ තාමත් යන්නේ වෙනස හොද නිසානේ .ඇත්තටම එක වෙනසක්ද ? මටනම් ගැටළුවක් එක :lol::dull:

    ටක්කෙටම කියන්නම් ඔය සල්ලි ටික දැන් නැ එව්වා ඇත්තේ රාජිතගේ බිස්නස් වල :dull:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :(:sorry:
    ඒ එකතු කල්ල දීපු සල්ලි ටිකවත් තියෙනවද දන්නෑ මුන් ඒකටත් මොකක් හරි කරලද දන්නෙත් නෑ ගන්නෙ නැත්තෙ :angry: ඒ ටික තියෙනවනං තාම සතුටු වෙන්න පුලුවන් කොමිස් එකක් දෙන එකෙක් හොයාගන්න බැරිවෙන්න ඇති කොමිස් එක දෙන්න කැමති වෙනකං වෙන්න ඇති පරක්කු කරනව ඇත්තෙ කාලකන්නි :growl:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,687
    113
    :(:sorry:
    ඒ එකතු කල්ල දීපු සල්ලි ටිකවත් තියෙනවද දන්නෑ මුන් ඒකටත් මොකක් හරි කරලද දන්නෙත් නෑ ගන්නෙ නැත්තෙ :angry: ඒ ටික තියෙනවනං තාම සතුටු වෙන්න පුලුවන් කොමිස් එකක් දෙන එකෙක් හොයාගන්න බැරිවෙන්න ඇති කොමිස් එක දෙන්න කැමති වෙනකං වෙන්න ඇති පරක්කු කරනව ඇත්තෙ කාලකන්නි :growl:
    Owu, mun oken komis kuttiyak anakam balagena aththe.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මරුසිරා;22226436 said:
    ඔබතුමාලා දිවා රෑ නොබලා කඩේ ගියේ තාමත් යන්නේ වෙනස හොද නිසානේ .ඇත්තටම එක වෙනසක්ද ? මටනම් ගැටළුවක් එක :lol::dull:

    ටක්කෙටම කියන්නම් ඔය සල්ලි ටික දැන් නැ එව්වා ඇත්තේ රාජිතගේ බිස්නස් වල :dull:

    කාගේ උනත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදුවෙන්න ඕනි
    කඩේ යනවා කියන්නේ බන් මොන වැරැද්ද කලත් තමන් අදහන එකාව සුද්ද කරන ඒකනේ :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පව් ඒ දරුව. යලි කවදාවත් මේ වගේ අකල් මරණයක් වෙන්න එපා. පට්ටම කේන්තියි බන්. මං අතේ සල්ලි තිබ්බෙ නැති වෙලාවකත් ඕකට සල්ලි දැම්ම.:growl::growl::growl::growl:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    දරුවා මිය ගියේ පෙට් ස්කෑනර් nathi nisa da ------ rajitha
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාගේ උනත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුරුදුවෙන්න ඕනි
    කඩේ යනවා කියන්නේ බන් මොන වැරැද්ද කලත් තමන් අදහන එකාව සුද්ද කරන ඒකනේ :lol::lol:
    එහෙම දකිනවනම් හොදයි :lol: