ඔය ෆිල්ම් එක මං බැලුවා.. මොකද සුනිල් ටී ප්රනාන්දු මහත්තයගෙ චිත්රපටයක් ආවොත් අනිවාර්යෙන්ම බලනවා.. කතාව නම් අවුලක් නෑ ජෝක් පැත්තෙන්.. සුනිල් ටී මහත්තය කරල තියෙන නිසා සුපිරියට තියෙනවා.. වැරැද්දකට තියෙන්නෙ එයාගෙ හැම ෆිල්ම් එකකම වගේ කුණුහරුප තියෙනවා.. ඒක නිසා පොඩි එකෙක් එක්ක, නෝනත් එක්ක, අම්ම තාත්තා එක්ක මේ ෆිල්ම් එක බලන්න අමාරුයි.. තනියෙම ගිහින් හරි යාලුවෙක් එක්ක ගිහින් හරි බැලුවොත් මිසක්.. සුනිල් ටී ප්රනාන්දු කොහොමත් වැඩි හරියක් ජෝති මහත්තයගෙ සිංදු තමා ෆිල්ම් වලට ගන්නෙ.. ගීත වල කිසිම වෙනසක් කරන්නෙ නැහැ පැරණි විදියටම සංගීතය තියෙනවා.. ගීතයට හානි වෙයි කියල තමා එහෙම නොකරන්නෙ.. මම දැක්කා පත්තරේක කියල තියෙනවා.. අඩු වියදමකින් කරපු චිත්රපටයක්.. කාලෙකින් සුනිල් ටී මහත්තය ගේමට බැස්සෙ.. බන්දු මහත්තයත් ගත්ත නම් ෆිල්ම් එක තවත් ලස්සන වෙන්න තිබුණා ජෝක් පැත්තෙන්.. රෝයි ද සිල්වා මහත්තය කොමඩි ෆිල්ම් එකක් කලොත් අනිවා බන්දු මහත්තයා ඉන්නවා.. සුනිල් ටී මහත්තයගෙත් කලින් ෆිල්ම් වල හිටියා.. මේකට අරන් නෑ.. ටෙනී, රන්ජන් විතරයි ඉන්නෙ..