කරන්න පුලුවන් බැරි නෑ.. ඒත් අර "සොහොන" මුලදිම කිව්ව වගේ එක්ස්පීරියන්ස් එක මාර වැදගත්.. අනුන්ගෙ ෆෝන් නෙ ගලවල හයි කරන්න වෙන්නෙ.. සමහර වෙලාවට නොතිබුණ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා රෙපයාර් එකෙන් පස්ස්සේ... එහෙම ඒව නොවෙන්න වැඩක් කරන්න නම් ගොඩක් පුහුණුව අවශ්‍යයි... නැත්තන් වෙන්නේ උඹට හදන්න දීපු ලෙඩේ හදල, උඹේ අතින් ඇතිවුන අලුත් ලෙඩේ පිටින් හදවගෙන කස්ටමර් දෙන ගානම අලුත් ලෙඩේ වෙනුවෙන් වියදම් කරන්න.. එහෙම කරන්න උන එවුන් ඕන තරම් ඉන්නව කෝස් එක කරපු ගමන්ම වැඩේට අත ගහන්න ගිය...
මමත් මොබයිල් රෙපයාර් කෝස් එකක් නම් කළා.. ඒත් තාම හාඩිවෙයා ට්‍රබල් වලට අත ගහන්න බයයි.. හේතුව හුරු නැති කම.. කෝස් එකක් කරනවනම් මචන් කැඩිචිච ෆෝන් හදන්න දෙන, සාම්පල් එහෙම දෙන තැනක් තෝර ගනින්.. ඒවයෙන් තමයි පොඩ්ඩක් හරි හුරු වෙන්න පුලුවන් වෙන්නේ..
අනික ෆෝන් රෙපයාර් කෝස් වල අයියල එක එක සුරංගනා ලෝක මවල දෙනවා.. ඒවයෙ අතරමං වෙන එක හොඳ නෑ.. මොකද හැබෑ ජීවිතේදී ඒව නිකන්ම නිකන් බොරු.. අනික උන් කියන්නෙ හොඳ පැත්ත විතරයි.. නරක පැත්ත කියන්නෙම නෑනේ.. මම කියන්නෙ තමන්ගෙ අතේ හුරුව, අත්දැකීම් ලබා ගන්න වැය වෙන කාලේ වගේ දේවල්..
රෙපයාර් එකක් කරද්දි නාන්න වෙන තැන් අනන්තවත් සෙට් වෙනවා.. ඒ නිසා හොඳම දේ කෝස් එක කරපු ගමන් වැඩේට අත ගහන්නෙ නැතුව කම්පැනියකට සෙට් වෙයන්.. කෝස් එක මාස 2යි නම්, උඹ අඩු පඩියකට කම්පැනියකට සෙට් වෙලා මාස 6ක් ඇද ගත්තොත් අවුරුද්දක් වගේ කාලෙකදි උඹට තේරෙනවනේ කරන්න පුලුවන්ද බැරිද කියන එක..
ඒකෙන් රිස්ක් එකත් අඩුයි.. එක පාර සල්ලි යට කරල තමන්ගෙ දෙයක් පටන් ගන්න කලින් උඹටම තීරණය කරන්න පුලුවන් වැඩේ තනියකම කරන් යන්න පුලුවන්ද කියන එක..
කොහොම උනත් තමන්ගෙම දෙයක් පටන් ගන්න ඉන්න උඹට මම සුබ පතනවා..
ජය වේවා..!
ඔව් උබ කියන කතාව ඇත්ත... බොහොම ස්තූතියි මචන්






ඒ මදිවට කෝස් එකක් කලින් කරල තිබුණොත් ඩිස්කවුන්ට් අරව මේව කිය කිය එක විකාරයයි.. මෙහෙත් වැඩි වෙනසක් නෑ වගේ..
හැබැයි ඉතින් මම කරපු තැන ගොඩක් දුරට වැඩක් කර ගන්න පුලුවන් තැනක්.. සර් උනත් ලෝබ නැතුව එතන තියෙන මැෂින්, ඊයම් බවුත් වගේ ඒව පාවිච්චි කරල පැය ගණන් ප්‍රැක්ටිකල් කරන්න දුන්න..
BuMpI