මොබිටෙල් loan

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    අවුරුදු 12 ක පමණ කාලයක් තිස්සේ #247# අමතා රුපියල් 30 ක ලෝන් එකක් ගැනීමට පුරුදු වී සිටි මොබිටෙල් පාරිභෝගිකයන් හට කිසිදු දැනුම් දීමක් නොකර සිය සම්පූර්ණ ලෝන් සේවාවම වෙනස් කරන්නට මොබිටෙල් ආයතනය කටයුතු කර ඇත. වෙනදා මෙන් #247# අමතන අයෙකුට සිදු වන්නේ ජාලයේ සිටි කාලය අනුව රුපියල් 100 ක් දක්වා විශාල ලෝන් එකක් ලැබීමයි.

    මෙහි විශාලතම ගැටළුව මොබිටෙල්හි එම සම්පූර්ණ මුදලම ගෙවන තුරු දමන මුදල් සියල්ල කැපී යාමයි. එමෙන්ම එම ලෝන් මුදලෙන් කිසිදු ඩේටා පැකේජ් එකක් දැමිය නොහැකි නිසා ඩේටා ඔන් කළ විගස රුපියල් විසි තිස් ගණන් කැපී යාමත් සිදු වේ.

    එපමණක් නොවේ, හැමදාම අතිරේක රුපියල් 2 ක් වූ ගාස්තුව මේ වන විට රුපියල් 100 ලෝන් එක සඳහා 7 ක් සහ අදාළ බදු බවට පත් කර ඇත! ඒ නිසා නොදැන #247# අමතන අයෙකුට සිය ශේෂය එසැනින් -109.28 බවට පත් වනු ඇත. අවසානයේ තම පැකේජයෙන් වැඩක් ගන්නට නම් රුපියල් 150 ක්වත් දැමිය යුතුම වේ.

    මෙවැන්නක් නිසි පෙර දැනුම් දීමක් නොකර සිදු කිරීම ලංකාවේ ගොබ්බ නීති අනුව නීති විරෝධීද නැද්ද යන්න නොදන්නා නමුත් මිලියන 8 කට වැඩි පාරිභෝගිකයන් පිරිසකගෙන් මෙසේ ගසා කෑම ගැන සදාචාරාත්මකව නම් විශාල ගැටලුවක් ඇති වේ.

    කෙසේ නමුත් අළුත් ක්‍රමය ගැන දැනගෙන පරිස්සම් වීම සඳහා මොබිටෙල් ලෝන් සේවාවේ අළුත් ක්‍රමවේදය ගැන මෙසේ ලියා තබමි.

    ඔබ දැන් ලෝන් එකක් ගන්නවා නම් එය ලබා ගන්නා විට අදාළ මුදලද පහත පරිදි ඇතුළත් කළ යුතුය. එසේ නොමැතිව #247# පමණක් ඇමතූ විට ලබා ගත හැකි ඉහළම ලෝන් මුදල ලැබේ.

    1. රුපියල් 25 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 1.75 + බදු (ශේෂය 0 නම් එය -27.32 වේ. වලංගු කාලය දින 5. මාස 3 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
    #247#25#

    2. රුපියල් 30 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 2 + බදු (ශේෂය 0 නම් එය -32.65 වේ. වලංගු කාලය දින 7. මාස 3 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
    #247#30#

    3. රුපියල් 50 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 3.50 + බදු (ශේෂය 0 නම් එය -54.64 වේ. වලංගු කාලය දින 7. මාස 6 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
    #247#50#

    4. රුපියල් 75 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 5.25 + බදු (ශේෂය 0 නම් එය -81.77 වේ. වලංගු කාලය දින 10. මාස 12 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
    #247#75#

    5. රුපියල් 100 ක ලෝන් මුදලක් සඳහා සේවා ගාස්තුව රුපියල් 7 + බදු (ශේෂය 0 නම් එය -109.28 වේ. වලංගු කාලය දින 14. මාස 24 ක කාලයක් ජාලය තුළ රැඳී සිටි අංකවලට මෙය ලබා ගත හැකිය.
    #247#100#

    මේ බව මොබිටෙල් වෙබ් අඩවියේ දක්වා ඇති නමුත් නිල Facebook පිටුවේ හෝ වෙනත් කිසිම තැනක සඳහන් කර නැත. ඒ නිසා මේ බව හැකිතාක් පිරිසකට දැනුම් දීමෙන් නොදැනුවත්ව සල්ලි නාස්ති කර ගන්නා පිරිසට උපකාරයක් වීම ඔබේ යුතුකමක් ලෙස සළකන්න. මමද මෙය ලියන්නට කාලය ගත්තේ එසේ මුදල් නාස්ති කර ගන්නා අය දැනුවත් කිරීම මගෙත් යුතුකමක් වන නිසාය. ස්තූතියි.


    පසුව ලියමි...

    FB එකෙන් තමයි ඉස්සුවෙ.
    මන් ඉස්සුව එකත් වෙන එකෙක්ගෙන් උස්සල, ඉස්සුව තැන දාල නෑ.
    සෝ කතෘ අනාතයි.

    මාත් අවුරුදු 10කට වඩා මොබිටෙල්.
    ලංකාවේ එකම එක හින්ද.

    මන් 2011න් පස්සෙ ලෝන් දාලම නෑ.
    2013න් පස්සෙ 200ට වඩා balance එක අඩු වෙලාම නෑ.
    ඉතින් මේක මට අදාල නෑ.
    හැබැයි මේකෙ කියන කතාව ඇත්ත කියල දන්න හින්දයි මේකෙ එව්න් එක්ක බෙදාගත්තෙ.

    මේකෙ තියෙන්නෙ තමන්ට ඕනෙ ගාන දාගන්න විදිය ගැන.
    මේක දකින එකෙක්ටහරි මේක ඕනෙ වෙයි.

    එච්චරයි...
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඩයලොග් වල ඔහොම සීන් එකක් තියනව
    හැබැයි ගාන වෙනස් කරගන්න පුලුවන්..
    කොහිමත් වැඩක් නෑ දැන්..
    ගෙදර සිම් 5කුයි රව්ටර් එකයි සේරම අයින් කරන්න ඉන්නෙ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :lol:
    ගොන් පාට්. FB එකෙන් නේද ඉස්සුවේ. හැම නෙට්වර්ක් එකකම ඔහොමත තමයි බං.
    මට නම් පේන්නේ මේ පොස්ට් එකට බොරු බිල්ලෙක් මවන්න ගහපු වැඩක්.මොකද දැන් හැමෝම අනිත් නෙට්වර්ක් වරජනය කරනවා.
    මොබිටෙල් අයියා තමයි ටිකක් හරි ලාංකීය නමක් තියෙන්නේ. අනිත් එවා ඔක්කොම වගේ තම්බි නෙට්වර්ක්නේ.

    :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    loan ලොකු වැඩී වගේ හිතෙනවනම් loan ගන්නෙ නැතුව ඉන්න පුලුවන් මචන්.. රුපියල් 30 loan එක වෙනුවට රුපියල් 100 දක්වා loan දෙනව කියන්නෙ ඒක ගන්න අයට හොදයි..
    අකමැති අයට නොගෙන ඉන්නත් පුලුවන්.. :nerd:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    loan ලොකු වැඩී වගේ හිතෙනවනම් loan ගන්නෙ නැතුව ඉන්න පුලුවන් මචන්.. රුපියල් 30 loan එක වෙනුවට රුපියල් 100 දක්වා loan දෙනව කියන්නෙ ඒක ගන්න අයට හොදයි..
    අකමැති අයට නොගෙන ඉන්නත් පුලුවන්.. :nerd:



    :yes::yes::yes::yes:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    RS 35/59/119
    Data loans danna be bun card ekak demmama.
    IMG_20230422_162515.jpg