මොරටුවේ බේබි ෆාම් එක......
ගැබිනි මාතාවන් සහ දරුවන්ට රැුකවරණය ලබා දෙන බව කියමින් මොරටුව රාවතාවත්තේ පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් ඊයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පරීක්ෂාවට ලක් කිරීමේදී හෙළි වී තිබෙන්නේ එය ළමයින් විකුණන ජාවාරමක් කරගෙන යන ස්ථානයක් බවය.ඇතැම් ආබාධ සහිත දරුවන් විදේශ ශල්‍යකර්ම වල කොටස් සඳහා මේ ස්ථානයේදී විකුණන්නට ඇති බවද සැක පහළ වී තිබෙනවා.
මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී කුඩා දරුවන් 75ක් පමණ එහි සිට තිබෙනවා.
පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ඊට භාර දුන් ළමයින් 29ක්ද, එම මධ්‍යස්ථානයේ පොත්පත්වල තොරතුරු ලේඛනගත වූ ළමයින් 16ක් ද ඊට අයත්වුණා.
ඊට අමතරව අදාළ මධ්‍යස්ථානයේ කිසිම ලේඛනයක වාර්තා සඳහන් නොවූ ළමයින් තිස් දෙනෙකු මේ මධ්‍යස්ථානයේ සිටි බව ජාතික ළමාරක්ෂක අධිකාරිය කියනවා.
ගැබ්ගත් කතුන් 20 දෙනෙකු පමණද මෙහි සිට ඇති අතර අලූත උපන් දරුවන් දොළොස් දෙනෙකු මවුවරු සමග එහි සිටි බව වාර්තා වුණා.
වැටලීම සිදුකළ අවස්ථාවේදී මෙම මධ්‍යස්ථානයට විදේශීය කාන්තාවක් පැමිණ සිටි බව ළමාරක්ෂක අධිකාරියේ නිලධරයෝ කී අතර මේ කත මෙහි සිටි තල්ලේ ආබාධයක් සහිත දරුවකු ඉන් පිටතට ගෙන යෑම සඳහා මේ මධ්‍යස්ථානයට පැමිණ සිටියේද යන්න පොලිසියට සැක මතුවී තිබෙනවා.
මව්වරුන් ද එහි වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය කියයි. මෙහි සිටින අනවශ්‍ය ලෙස ගැබ්ගත් කාන්තාවන් දරුවන් ප්‍රසූත කළ පසු එම දරුවන් මේ මධ්‍යස්ථානයේ දමා යන බවත් ඉන් පසු හොර රහසේ එම දරුවන් විදේශිකයන්ට මෙන්ම මෙරට පුද්ගලයන්ටද විකුණන බව මේ පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණ තවමත් සිදු කෙරෙනවා.