මොරටුව Vs. පේරාදෙණිය...(Very Funny)
මොරටුවේ හා පේරාදෙනියේ ඉංජිනේරු සිසුන් එකිනෙකා හා තරහයි.
දෙගොල්ලන්ම හිතන්නේ තමන්ගේ කට්ටිය අනික් පිරිසට වඩා බුද්ධිමත් කියලයි.
මේ කතාව හදලා තියෙන්නේ මොරටුවේ ඉංජිනේරු සිසුන් පිරිසක් විසින් කියලයි කියන්නේ.
එක් අවස්ථාවක මොරටුවේ හා පේරාදෙනියේ ඉංජිනේරු සිසුන් පස් දෙනා බැගින් විනෝද චාරිකාවක් පිටත් වුනා.
මේ දහ දෙනා ගමන් කළේ බස් රථයෙන් හා කෝච්චියෙන්...
දින කිහිපයක් ගතවන මේ ගමනට කෝච්චි ගමන් කීපයක්ද ඇතුලත් වුනා.
ගමන අතරතුර කිහිප අවස්ථාවකදීම එක කොටසක් උත්සහ කළේ අනික් කොටසට වඩා තමන් බුද්ධිමත් කියල පෙන්වන්න.
මින් එක අවස්ථාවක මොවුන් සියලු දෙනා කොළඹ සිට වවුනියාව බලා එන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවුනා.
පේරාදෙනියේ සිසුන් පස් දෙනා ප්‍රවේශ පත්‍ර 5ක් මිලට ගත්තා. මොරටුවේ සිසුන් පස් දෙනාම ප්‍රවේශ පත්‍ර එකක් පමණක් මිලට ගත්තා.
දැන් පේරාදෙනියේ සිසුන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයා එනකම්...
පරීක්ෂකවරයා ඈතින් එනකොටම මොරටුවේ සිසුන් පස් දෙනාම එක වැසිකිළියකට රිංග ගත්තා...
පේරාදෙනියේ සිසුන් තමන් සතු ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයාට පෙන්වා සලකුණු කර ගත්තා.
පරීක්ෂකවරයා අවසානයේ වැසිකිළියේ දොරට තට්ටු කලා..
දොර මඳක් විවර වී එක අතක් පමණක් ඉවතට ආවේ මිළදී ගත් එකම ප්‍රවේශ පත්‍රය සහිතවයි.
එය සලකුණු කළ පරීක්ෂකවරයා ඉවත්ව ගියා...
මේ උපක්‍රමයෙන් මොරටුවේ සිසුන් පස් දෙනා එක ටිකට් පතකින් පමණක් ගැලවී ගියා.
පේරාදෙනියේ සිසුන් තමන් පැරදුනු බව දැක ඊළඟ පාරවත් වැඩේ දෙන්නට හිතා ගත්තා.
දෙවන අවස්ථාවේ මොවුන් සියලු දෙනා වවුනියාවේ සිට කොළඹ බලා එන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවුනා.
මේ අවස්ථාවේ මොරටුවේ සිසුන්ගේ උපක්‍රමය අත්හදා බලන්නට සැරසුණු පේරාදෙනියේ සිසුන් එක් ටිකට් පතක් පමණක් මිලට ගත්තා.
නමුත් මොරටුවේ සිසුන් පස් දෙනා එක ටිකට් පතක්වත් මිලට ගත්තේ නැහැ...
පරීක්ෂකවරයා ඈතින් එනකොට පේරාදෙනියේ සිසුන් පස් දෙනාම එක වැසිකිළියකට රිංග ගත්තා.
මොරටුවේ සිසුන් හතර දෙනෙක් අනික් වැසිකිළියට රිංග ගත්තා.
පස් වැන්නා පරීක්ෂකවරයා ආසන්න වනතුරු සිට පේරාදෙනියේ සිසුන් සිටි වැසිකිළියේ දොරට තට්ටු කර ටිකට් ඉල්ලා සිටියා.
දොර මඳක් විවර කොට පේරාදෙනියේ සිසුවෙක් ටිකට් පත දුන්නා. ඒක අරගත් මොරටුවේ සිසුවා තම සගයන් සිටි වැසිකිළියට ගියා.
පරීක්ෂකවරයා අවසානයේ වැසිකිළියේ දොරට තට්ටු කළ විට මොරටුවේ සිසුන් පස් දෙනා පේරාදෙනියේ සිසුවාගෙන් හොරකම් කළ ටිකට් පතෙන් ගැලවී ගියත් පේරාදෙනියේ සිසුන් සියලු දෙනාට දඩ කන්නට උනා....
කතාවේ අවසාන කොටස සිදුවුනේ වේයන්ගොඩ සිට කොළඹ බලා එන සාමාන්‍ය දුම්රියේදී...
මේ සාමාන්යදුම්රියට ගොඩවුණු පේරාදෙනියේ සිසුන් මෙවරවත් මොරටුවේ සිසුන් පරදවන්නට හිතා ගත්තා.
ඔවුන් කළේ කලින් විදිහට එක ටිකට් පතක් පමණක් මිලට ගැනීමයි.
නමුත් මොරටුවේ සිසුන් පස් දෙනා මෙවර ප්‍රවේශ පත්‍ර 5ක් ම මිලට ගත්තා.
දැන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයා ඈතින් එනවා.
මොරටුවේ සිසුන් පස් දෙනා තමන්ගේ ප්‍රවේශ පත්‍ර සූදානම් කරගෙන ඉන්නවා.
පේරාදෙනියේ සිසුන් තවමත් වැසිකිළිය සොයනවා...
(කෙටි ගමන් වලට යොදන සාමාන්‍ය දුම්රියේ වැසිකිළියක් තියෙන්නේ ගාඩ් රූම් එකේ විතරයි.)

Last edited: