මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මොරටු සරසවියේ කේළමා ලෝක වෙළඳපොළට

    මොරටුව විශ්ව විද්‍යාලය නිපැදවු ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පො‍ළට අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.
    ‘සී හෝක්‘ යානය එතෙර අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය.

    29-good.jpg


    ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට ප්‍රයත්නයක් දරන ප්‍රථම අවස්ථාව මෙයයි.
    ‘විදෙස් වෙළදපොළට ගැලපෙන ආකාරයට යානය නිම කැර ඇත. සී හෝක් යානය අලෙවි කිරීමට ප්‍රථම එහි අච්චුවක් නිර්මාණයක් කැරගෙන යයි.‘සාමාන්‍යයෙන් මෙවන් අච්චුවක් නිපැදවීමට රුපියල් කෝටි ගණනක් වැය කළ යුතුය.‘ එහෙත් ඇදහිය නොහැකි ඉතා අඩු මුදලකට නව ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම අච්චුව හදන බවද නිෂ්පාදක කණ්ඩායම කියයි.
    ‘සී හෝක්‘ යානයේ විශේෂත්වය එය නිපදවීම සඳහා‘සෝලිඩ් ‘ මෘදුකාංගය උපයෝගී කැර ගැනීමයි.ත්‍රිමාන වස්තු ඕනෑම හැඩයකට සටහන් කැරගෙන ලේසර් යන්ත්‍රයකින් තුනී දැවවල හරස්කඩ කැපීමට හැකිවෙයි.
    ‘සාමානයයෙන් ගුවන් යානා තටු සෘජුකෝණාශ්‍රාකාර හැඩයක් ගනී.මෙම ගුවන් යානයේ තටු කවාකාරය,එම නිසා වැඩි බරක් ඉසිලිමට හැකි වෙයි.‘
    මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමික ගමගේ,අනුරුද්ධ තෙන්නකෝන්,සේනක සමරසේකර,රොෂාන් ලලන්ත , එරංග ප්‍රනාන්දු, රජිවී ප්‍රින්ස් ලසන්ත කුරුකුලආරච්චි යන පශ්චාත් උපාධි අපේක්ෂකයින් ඇතුළුව සංජීව ප්‍රනාන්දු එච් ඩී සී පෙරේරා, යු පී ඒ ජගත් ප්‍රියදර්ශි යන තාක්ෂණ නිලධාරිහු ඇතුළු කණ්ඩායමක් මේ උත්සාහයට දායක වුහ.

    ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා මෙම යානා කේළමුන් වශයෙන් හැඳින්වේ.


    32-good.jpg


    DSC02138.jpg


    DSC02143.jpg





    http://www.lankadeepa.lk/index.php/articles/300615
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe