මොරාල් එක

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මගෙ හොඳ යාළුවෙක් හිටිය, අන්වර්ත නාමය “ජිමා” කියමුකො. උපන් ටියුබ්ලයිට් එකක්. ඒත් මාර හිත හොඳ කොල්ලෙක්. අනික ටියුබ්ලයිට් උනාට පාඩම් වැඩ වලදි හොඳ මීටරයක්.



    මුට දවසක් ආමි එකෙ පොස්ට් එකක ට ඉන්ටෙර්වීව් ඇවිත්. පොස්ට් එක මොකක් ද දන්නෙ නෑ ඒත් ලංකාවෙ මීටර් ටිකකට එන්න කියල ඉන්ටෙර්වීව් කරල. ආමි එකෙ කරුමෙට මුවත් සිලෙක්ට් වෙල. කොහොම හරි දැන් පොර ගියා ලු ඉන්ටෙර්වීව් එක ට. ආමි එකෙ ඉහලම පොරවල් ලු ඉන්ටෙර්වීව් බොඩ් එකෙ හිටියෙ. දැන් ඉතින් බබා ප්රශ්න ටිකක් අහනවාලු පොරගෙන්;


    ආමි ඔපිසර – පුතා පෘතුවියේ ඉඳන් හඳට කොච්චර දුර ද?


    ජිමා – (ටිකක් කල්පනා කරල… ඇයි යකෝ කැරකිල යන ප්රශ්න නෙ අහන්නෙ… හඳේ හාවවත් දන්නේ නැතුව ඇති ) කිලෝමීටර 1000ක් විතර සර්


    ආමි ඔපිසර – (නෝන්ඩි හිනාවක් දාලා ) එතකොට පේදුරු තුඩුවෙ ඉදන් දෙවුන්දර තුඩුවට කොච්චර දුර ද?


    ජිමා – (මු කිසි ගේමක් නැතුව ) කිලෝමීටර 432 සර්


    ආමි ඔපිසර- එතකොට හඳට කිලෝමීටර 1000ක් වෙන්න බෑ නේද පුතා?


    ජිමා – (මු ටිකාක් විතර කල්පනා කරල ) එක තමා සර් මාත් බැලුවෙ… ඊට වඩා වැඩි ඇති නේ?


    දැන් කොහොම හරි ඉන්ටෙර්වීව් ඉවර වෙල ඊලඟට පොඩි ප්රැක්ටිකල් ටෙස්ට් එකක් ලු තිබුනෙ. සෙට් එක පස් දෙන ගානේ ටීම් බෙදල කිව්ව ලු දඩ වලක් පෙන්නල එකෙ ඇතුලෙ තියෙන පෙට්ටිය බෝම්බයක් කියල හිතා ගෙන ඒක වටේ බිත්තිවල වදින් නැතුව කණ්ඩායම් උත්සහයක් විදිහට ගොඩට ගන්න කියල. වැඩේ කරන්න කලින් ප්ලැන් එකක් ඇඳල ඔපිසර-ඉන්-චාර්ජ් ට පෙන්නන්න ඕනෙ ලු. කොහොම හරි මුන්ගෙ ටීම් එකෙ ලීඩර් මූ ලු. දැන් පොර ටිකිරි මොලෙ කල්පනා කරල හෙන ප්ලෑනක් ගහල ගියලු ප්රෙසෙන්ට් කරන්න.


    ජිමා – සර් අපෙ ප්ලෑන් එකෙ විදිහට මෙහෙම කඹයක් දිගේ මම යටට ම බහිනවා. තව එක්කෙනෙක් මගක් බැහල ඉන්නවා එක්කෙනෙක් උඩම ඉන්නව. මම බෝම්බෙ මැද කෙනට පාස් කරනව. එයා ඒක උඩම කෙනාට දෙනවා


    ඔපිසර-ඉන්-චාර්ජ් – (පොර ටිකක් වෙලා ප්ලෑන් එක අධ්යනය කරලා ) එතකොට පුතා ටීම් එකේ තුන්දෙනයි නේ සහභාගී වෙන්නෙ. අනිත් දෙන්න මොකද කරන්නෙ?


    ජිමා – ආ.. සර් ඒ දෙන්න උඩට වෙල අත්පුඩි ගහනවා ටීම් එකේ මොරාල් එක නග්ගන්න…