මොලයට හානිවන ක්‍රම....

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොලයට හානිවන ක්‍රම....


    945706_208878035934190_2031825372_n.jpg



    උදෑසන ආහාර වේල මගහැරීම

    skip.jpg


    උදෑසන ආහාර වේල මගහැරීම නිසා අපගේ රුධිරයේ ඇති සීනි මට්ටම පහත බසියි
    මේ නිසා මොලයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයුම අඩාල වන අතර එම නිසා මොලයේ ක්‍රියාකාරිත්වය අඩාල වේ.


    වැඩිපුර අහාර ගැනීම

    over-eating-300x300.jpg


    මේ නිසා මොලයට රුධිරය සපයන ධමනි දැඩි බවකට පත්වන අතර
    එමනිසා අපගේ සිතීමේ ශක්තිය අඩාල වේ.


    දුම් පානය කිරීම

    oo0y.jpg


    දුම් පානය නිසා මොලය හැකිලීමකට ලක්වන අතර
    පසු කාලීනව කල්පනාව අඩු වීමට හේතු වේ (Alzheimer Disease)


    අධික ලෙස සීනි පරිභෝජනය

    sugar-lips.jpg


    අධික ලෙස සීනි පරිභෝජනය නිසා ප්‍රොටීන සහ අනෙක් පෝෂ්‍ය පදාරථ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිවේ
    එම නිසා සිරුරට අවශ්‍ය පෝශණය නොලැබී යාමෙන් මොලයේ වර්ධනය අඩාල වේ.


    වායු දූෂණය

    airpollution.png


    මිනිස් ශරීරයේ වැඩිම ඔක්සිජන් පරිභෝගිකයා මොලයයි
    දූශිත වායුව ආශ්වාස කිරීම නිසා මොලයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවන අතර එය මොලයේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතු වේ.


    නිදි මැරීම

    sleep-deprived1.jpg


    නින්ද අපගේ මොලයට විවේකයක් ලබා දේ
    එමනිසා දීර්ග ලෙස නිදි මැරීමෙන්, මොලයට අවශ්‍ය විවේකය නොලැබීම නිසා මොලයේ සෛල විනාශ වේ.


    මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම

    Head-covered-while-sleeping.jpg


    මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම නිසා අප ආශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහල යන අතර
    ඔක්සිජන් ප්‍රමාණය පහල බසියි. එමගින් මොලයට හානි සිදු වේ.


    අසනීප අවස්ථාවල මොලය වෙහෙසීම

    causes-manic-depression-5623-1.jpg


    අසනීප අවස්ථාවල මහන්සි වී වැඩකිරීම හෝ පාඩම් කිරීම නිසා
    මොලයේ ඵලදායීතාව අඩුවන අතර මොලයට හානි වීමද සිදුවිය හැක.


    අලුත් දේවල් ගැන නොසිතීම

    qf2m.jpg


    නැවුම් දේවල් ගැන සිතීම මොලයට දිය හැකි හොඳම ව්‍යායමයයි
    එසේ නොකලහොත් මොලය ඇකිලීමකට භාජනය වේ.


    වැඩිය කතා බස් නොකිරීම

    dreamstime_xs_22691206-224x344.jpg


    ඵලදායී දේවල් ගැන බුද්ධිමත්ව කතා කිරීම (
    Intellectual conversations) මොලයේ කාර්යක්ෂමතාව ඉහල නැංවීමට ඉවහල් වේ
    එසේ නොකලහොත් එහි කාර්යක්ෂමතාව අඩු විය හැක.



    මුණුපොතේ පලවී තිබූ ඉංග්‍රීසි ලිපියක් පුලුවන් විදිහට පරිවර්තනය කරා :)
    වැරදි තියෙනවනන් සොරි වෙන්න ඕනේ....:sorry:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!



    [/COLOR]
    මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම

    Head-covered-while-sleeping.jpg


    මුහුණ ආවරණය කරගෙන නිදාගැනීම නිසා අප ආශ්වාස කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහල යන අතර
    ඔක්සිජන් ප්‍රමාණය පහල බසියි. එමගින් මොලයට හානි සිදු වේ.




    හුටා!
    මම නිදාගන්නෙම ඔය විදිහට.... :oo: :oo:
    You must spread some Reputation around before giving it to ncpasan again
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන් හානි වෙන්න නම් කලින් මොලයක් තියෙන්න ඕන නේද?
    …එහෙම බැලුවම උබට අවුලක් නෑනේ... :oo:
    :P:P
    rep denna baalu..:eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් හානි වෙන්න නම් කලින් මොලයක් තියෙන්න ඕන නේද?
    …එහෙම බැලුවම උබට අවුලක් නෑනේ... :oo:
    :P:P
    rep denna baalu..:eek:
    උඹනේ බන් මොට්ටයා.... :lol: :lol: