මොහොතක් සිතන්න
එක එක ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා උඹටත් ජීවිතේ නැති කරගන්න හිතිලා තියෙනවා ද..? ආයේ බොරු කියන්නේ මොකටෙයි ඉඳුවා ටත් ජීවිතේ නැති කරගන්න හිතුන වෙලාවල් තිබ්බා. ඒත් ඉඳුවා තවම පනපිටින්. වරෙන් නිකමට වගේ අපි අද ඒ ගැන කතා කරමු.
මේ මනුස්ස ලෝකේ ඉපදුන අපි හැමෝටම එක එක ප්‍රමාන වලින් දුකයි සැපයි විදින්න වෙනවා බං. උපන් දා ඉඳන් දුක් විඳින එවුනුත් නෑ, උපන්දා ඉඳන් සැප විඳින එවුනුත් නෑ. ඉඳුවා බොරු කියනවා කියලා හිතෙනවා නම් ආපස්සට හැරිලා බලපන් උඹේ ජීවිතේ ගැන ම. ඉතින් ඉස්සරහටත් ඕකමයි, දුකත් තියෙනවා, සතුටත් තියෙනවා. ඒ දෙක ම අපි භාර ගන්නා විදිහ අනූව එක එකා ට එක එක විදිහට දැනෙනවා. ඉතින් කාටවත් සතුට වැඩිවුනා කියලා මැරෙන්න හිතෙන්නෙ නෑ, ඉතිං ඇයි දුක විඳිනකොට විතරක් මේ....
අද කාලේ උඹලා ට අපිට තියෙන ඔක්කොම දුක් ටික බොහොම common බං.boot එකක් කන එක, ගෑණී මිනිහා රන්ඩු වෙන එක, ගෙදර අය එක්ක වලියක් දාගන්න එක ඒ අතරින් කීපයක්. ඒ දුක manage කරගන්න බැරිව තමයි ගොඩක් උන් වහ බොන්නෙ, බෙල්ලෙ වැල දාගන්නේ, කෝච්චියට පනින්නේ. මේ හැම දුකක් ගැන ම භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී හෙළි කරනවා. ඒක අපි දන්නවා ඒත් අපි අවබෝධ කරලා නෑ. මොකද දුක අවබෝධ කළා නම් අපි මේ වෙද්දී රහත් වෙලා ඉන්න එපැයි.
ඉඳුවා මේ බණ කියනවා නෙවෙයි. ජීවිතේ නැති කරගන්න හදපු කීප දෙනෙක් එක්ක පොඩි කතාවක් දාලා ඒ අයගෙන් ගත්ත ideas සහ ඉඳුවා ගේ මොල ගෙඩියට ආව ideas එකතු කරලා මේ පොඩි උත්සාහය, මගෙත් එක්ක ඉන්න එවුන් ට සියදිවි හානි කරගන්න එක කිසි දේකට උත්තරේ නෙවෙයි කියලා කියා දෙන්නයි මචං.
Boot එකක් කාලා මැරෙන්න ගියපු එකෙක් එක්ක දාපු chat එක based කරගෙන මම ඉස්සරහාට යන්නම්. අනිත් ඒවත් මේ වගේම තමා කියලා අවබෝධ කරගන්න එක උඹලා ගේ බුද්ධියට භාරයි.
මම උගෙන් ඇහුවා " ඇයි උඹ boot කාපු නිසා ජීවිතේ නැති කරගන්න හැදුවේ " ඌ මට දුන්න උත්තරේ හරි අපූරුයි. " ඒකි ට මම කොයි තරම් ආදරේ ද කියන එක ඒකි දැනගනීවි එදාට, ඒකි ට හැමෝම බනීවි මම මැරුන එකට වගකියන්න ඕනි ඒකි කියලා. ඒකි ට කවදා හරි දුක හිතෙයි මම නැති වුන එක ගැන. මට ඕනි ඒකිට රිද්දන්න ඒ නිසා මම ජීවිතේ නැති කරගන්නවා " උගේ උත්තරේ ඔන්න ඔහොමයි. මම ආපහු උගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි " ඉතිං ඊට පස්සේ... " පොර ට ටික ටික වචන පැටලුනා. ඒ වෙලා වේ මානසිකත්වය ට උත්‍තරයක් විදිහට මැරෙන්න හිතුවත්, එතනින් එහාට මොනවා වෙයි ද ඌ දන්නෙත් නෑ ඉඳුවා දන්නෙත් නෑ.
සමහර විට ඒ කෙල්ල දුක් වෙයි, දුක් නොවෙන්නත් පුළුවන්. එතකොට අරූගේ උත්සාහය අපතේ නේ... ඒ කෙල්ල දුක් වෙලා ටික කාලයක් ගිහින් වෙන එකෙක් ව කසාද බැඳලා ළමයිත් වදයි. අරූ මැරුනාත් එකයි නැතත් එකයි නේ... ඌට තේරිලා නොතිබුනේ එක දෙයයි. ඒ තමයි දුකත් අනිත්‍යයි කියන එක. Boot එක නිසා යම් දුකක් වින්දා ද කාලෙත් එක්ක ඒ දුක අඩු වෙවී යනවා කියලා ඌට තේරුනේ නෑ. ඌ මැරුනොත් උගේ ගෙදර උන් විඳවන විඳවිල්ල ගැන ඌ හිතුවේ නෑ. කොහෙවත් යන චීත්තයකට පාඩම් උගන්නන්න ගියා නම් ඌ ට ලැබෙන දෙයක් නෑ... කවුද දන්නේ ඌට කසාද බඳින්න වෙන එකී අරකිට වඩා හොඳ එකියක් වෙයි ද කියලා. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. වැදගත් ම දේ සිහියෙන් මේ හැම දේට ම face කරන එකයි.
ඌ මේ අනන්ත සංසාරේ කාපු එක ම boot එක ඒක නෙවෙයි, අවසාන boot එකත් ඒක නෙවෙයි. මේ වින්දේ " ප්‍රියයන් ගෙන් වෙන්වීම නම් වූ දුක, ප්‍රියමනාප දේ නොලැබීම නම් වූ දුක " කියන එක තේරුම් ගත්තා නම් එකෙක් ට වත් ජීවිතේ නැති කරගන්න නම් හිතෙන්නෙ නෑ.
අනික තමයි මචං මේ හිත මහ පුදුම එකක් ලු. එපා කියලා හිතෙන් ම අයින් කරන දේවල් ආයෙ ලැබෙන්නෙ කලාතුරකින්, ඕනි කියලා හිතෙන් ම ළංකරන දේවල් නිතරම ලැබෙනවා. බොරු නම් බල්පන් බණ පොත්වල මීර වඩා ගම්භීරව, සොඳුරු ලෙස ඒවා ලියැවිලා තියෙනවා. ඉතින් එහෙවු එකේ උඹ ට මේ ලැබුන මනුස්ස ජීවිතේ උඹ හිතෙන් ම එපා කියලා නැති කරගත්තොත් උඹට ආයේ මනුස්ස ජීවිතයක් ලැබෙන එක unsure මචං. එහෙම වුනොත් උඹට සතර අපායේ ඕනි තරම් options තියෙනවා තෝරාගන්න. ඉතිං ඇයි මේ මෝඩ වැඩේ කරගන්නෙ අපි.
උඹ දන්නවා ද මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ බොහෝම කළාතුරකින් කියලා. පොඩි කාලේ ඉඳලා අපි දන්න " කණ කැස්බෑවාගේ කතාව " පොඩ්ඩක් මතක්කරන්න ද උඹට. කම්මැලිකම යන්නත් එක්ක. මේකයි මචං කතාව, විය ගහ කියන්නේ හරකුන් ගෙන් හානකොට ඒ හරක් දෙන්නා එකට කරලා බඳින්න ගන්න ලීයට. ඉතින් ඒ විය ගහක් අයින් කරන්නෙ කැඩුනා ම, ඒ විය ගහ කැඩිලා ඇලකට වැටෙන්නත් ඕනි, ඒක පාවි පාවි ඇවිත් මුහුදට වැරෙන්නත් ඕනි. අවුරුදු 100 කට සැරයක් උඩට එන එක ඇහැක් පේන කැස්බෑවා ඒකේ සිදුරෙන් හඳ දකින්නත් ඕනි. නිකං හිතපන් ඔක වෙන්න මොන තරම් අමාරු ද. නිකමට බලපන් ඒ අවුරුදු 100 කට සැරයක් උඩට එන වෙලාවේ අර විය ගහ වෙන තැනක තිබුනා නම්... ඉතිං මේ දේ සිදුවෙනවා ටත් වඩා අහඹුයි මනුස්ස ජීවිතයක් ලැබෙන එක.
එහෙවු එකේ ඇයි බං අපි මේ ජීවිත් නිකං ම නැති කරගන්නේ. උඹ දන්නවා ද ලෙඩ වෙලා මරණය පෙනි පෙනි ජීවත් වෙන එවුන් අනේ මට දැන් ම මැරෙන්න බෑ කියලා අඬනවා. එහෙම එකෙකුයි මේ වගේ මැරෙන්න යන එකෙකුයි එකට ගත්තාම අරූට මොනවාද අඩු කියලා උඹ ම හිතපන්කෝ. අඩුම ගානේ මැරෙන්න කලින් රට ට දැයට කෙසේ වෙතත් අම්මා අප්පාට යුතුකම් ඉටු කරලා ද මැරෙන්නේ හිතපන්.
මැරෙන උන් ගොඩක් අතරින් වරෙන් ජීවත් වෙන එකෙක් වෙන්න. නිකන් ම නෙවෙයි වරෙන් අපි ඇඟට දැනෙන්න ජීවත් වෙමු. අපි විහින් මැරෙන්න ඕනි නෑ බං. අපේ පෙර කුසල් අකුසල් අපේ පස්සේ පන්නනවා. අපිට මොන ලෙඩේ හැදෙයි ද..? පාරේ යද්දී හැප්පිලා මැරෙයි ද..? අපි දන්නෙ නෑ බං. ඒ නිසා වරෙන් අපි life insurance එකක් දාගමු. ඒකත් එසේ මෙසේ එකක් නෙවෙයි, ශ්‍රී සද්ධර්මය තුලින් සංසාරේ පුරාවට ම clem කරන life insurance එකක් දාගමු. ඒකේ වාරික ගෙවන්න ලේසියි. අවබෝධයෙන් ම පවෙන් ඈත් වෙයන් අවබෝධයෙන් ම පිනට ළං වෙයන්. උඹට දුකක් කරදරයක් වුන ගමන් උඹට ඒකෙන් පිහිටක් ලැබෙයි. අද හෙට නැතත් කවදා හරි.
එහෙනම් දැන් උඹ එක එකා ට පාඩම් උගන්නන්න බලාගෙන මැරෙන්නෙ නෑ නේ... ජීවත් වෙන්න ඕනි තරම් හේතු තියෙනවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර නැති කරගන්න එපා. කළ්‍යාණ මිත්‍රයා කියන්නේ කන්න නැති වෙලාවට කන්න දෙන එකා එහෙම නෙවෙයි. උඹව චතුරාර්‍ය සත්‍ය කරා මෙහෙයවන , උඹව පවෙන් ඈත් කරන, උඹව පිනට ළංකරන එකා තමා නියම කළණ මිතුරා. ඒ නිසා වරෙන් රැල්ලෙන් වෙන්වෙලා වෙරළකට. ආයෙමත් දවසක අපි තව දෙයක් ගැන කතා කරමු. හැබැයි මතක ඇතුව ජීවත් වෙලා ඉඳපල්ලා ඈ....
මේ post එක, එක එකාට ඇද පේන්න ගනීවි. පුලුවන් නම් ඒ උඹේ ඔලුවේ ඇදයක් කියන එක තේරුම් ගනින්. උඹේ ඔලුව කෙලින් කරලා දෙන්න මට බෑ. ඒත් ඉඳුවා මේ post එක කෙලින් කරලා දාලා තියෙනවා. එකෙක් එක්ක වත් තර්ක කරන්නෙ නෑ... මොකද මේක බුදුදහම based කරගෙන දාපු එකක් නිසා, අන්‍යාගමික සහ නාම මාත්‍රික බෞද්ධයන් ට මේක නොතේරෙන නිසා.
එහෙනම් මචං පරිස්සමින් ඉඳපල්ලා. Post එක කියවලා විතරක් යන්න එපා. මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අරන් පලයල්ලා. ඉඳුවාට ලකුණු එපා. එකෙක් හරි නොමැරී හිත හයිය කරගත්තොත් ඉඳුවාට ඒ ලකුණ මාර වටිනවා මචං. මම ගියා එහෙනම්. උඹලා ඔක්කෝට ම ගොඩක් ආදරෙයි. සතුටින් හිටපල්ලා.
උපුටා ගැනීම
ඉඳුවා page එකෙන්