මොහොතක්-සිතන්න
මාංශ භක්ෂණයේ යෙදෙන ඕනෑම අයකුට ඒ පිළිබඳ සිතෙහි නිතැතින්ම ඇතිවනුයේ ඉතා දැඩි ආශාවකි. මාංශ අනුභවයට පෙරම මුඛයට කේටග්රන්ථි නමැති තෘෂ්ණාව තුළින් කෙල උනයි. මේ අයුරින් ආශාව සමග පෙරට එන්නේ තණ්හාවයි. එසේම අන් අයට වඩා තම පලඟානට හොඳ හොඳ කෑලි බෙදාගැන්මේ ලෝභය ද සිතට එයි.
"සු�නෝවා කේමිනෝහොන්තු සබ්බේ සත්තා භවන්තු සු�තත්තා" සැප ඇත්තෝ, බියපත් නැත්තෝ, සු�ත වූ සිත් ඇත්තෝ වෙත්වායි උතුම් කරණීය මෙත්ත සූත්‍රයෙන් ප්‍රාර්ථනය කරන සතුන් මෙසේ දිවග සුලු තත්පර ගණනක සුවයට වහල්ව මුළුමහත් ලෝකයම රවටා තමුන් ද රැවටෙන ගිහි පැවිදි අය කොතෙකුත් මෙම සද්ධර්මද්වීපය තුළ ඇත.
නිර්මාංශික පුද්ගලයෝ කිසිවිටෙක එළවළු ව්‍යංජන කෙරෙහි එවැනි දැඩි කෑදරකමක්, ආශාවක්, ලෝභයක් නොදක්වති. නිර්මාංශික ආහාරවල විශිෂ්ටත්වය එයයි. සත්ත්ව ඝාතනයක් එතැන සිදුවී නැත. ඒවා කෙතරම් සුවඳ හැමුවත්, ප්රණීතව සකසා තිබුණත් නිර්මාංශික පුද්ගලයා ගිජුකමින් අනුභව නොකරයි. එය නිර්මාංශක අයගෙන් අසා දැන ගත හැකිය.
අප ආහාර ගත යුත්තේ දිවි පැවැත්මට පමණි. සියලු පෝෂණවලින් සමන්විත නිර්මාංශ ආහාර දිවිපැවැත්මට හොඳටම සෑහේ.
ආහාර ගැනීම සඳහාම අප ජීවත්විය යුතු නොවේ. කුසගින්න රෝගයකි. රෝගයකට බෙහෙත් බොන්නේ රසකරමින් නොවේ. කුසගින්න නමැති රෝගයට පිළියමක් වශයෙන් ආහාර ගත යුත්තේ තෘෂ්ණාවකින් තොරවය.
අද බොහෝ අයවලුන් තමසන්තක මුදල් වියදම් කරමින්ම සතුන්ගේ ලෙඩරෝගාදිය තම ශරීර තුළට බලෙන්ම ඔබ්බවා ගනිති. ලෙඩට දුකට බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ ග්‍රහ අපල කියාය. නැතහොත් පූර්ව අකුසල කර්ම කියාය. "පූරුවේ කරුම" කෙසේ වෙතත් මෙම ආත්ම භවයේදීම අතීතයේ කළ අකුසල කර්ම හෝ ඊයේ පෙරේදා ගත් රසවත් යෑයි කියන ආහාර හෝ ඔබේ මතකයේ දැන් රැඳී නැහැ නොවේද? එය එසේ නම් දැන්වත් මෙය සිතන්න.
මෙසේ අපද මියයයි. අපගේ තණ්හාවේ ප්‍රධානම අවිය වන "දිව" මෙසේම මියයයි. මේ මියයන දරඅටුව විෂබීජ ගොඩවල් ලෙස හඳුන්වා ඉක්මනින්ම මහ පොළොවේ පස් බවට පත්කරයි.
අප සෑම මළ ගෙදරකට ගොස් ඇත. නැතහොත් අපගේ නිවස කිසියම් අවස්ථාවක මළ ගෙයක් බවට පත්ව ඇත. මිනිය ඉහඅද්දර පහනක් දල්වා තබන බව ඔබ දැක ඇත. ඒ ඇයිද කියා මා ඇසුවහොත් ඔබ කියාවි විෂබීජ (කිලි) නිසා එසේ තබන බව.
මිනිසුන් වන අප උදේ ඇහැරුණු වේලේ ඉඳන් අප අපගේ ශරීර කෙතරම් පිරිසිදුව තබා ගන්නට උත්සාහ කරනවාද? මුහුණ කට සෝදනවා, දත්මදිනවා, අතපය සෝදනවා, පිරිසිදු ආහාර ගන්නවා, මුහුණේ සුවඳ ආලේප ගල්වනවා, කෑමට පෙරත් අත් පිඟන් ආදිය සෝදනවා, දවාලටත් එහෙමයි, රාත්‍රියටත් එහෙමයි. පිරිසිදු ඇඳුම් අඳිනවා. මෙසේ දවසෙන් සෑහෙන කාලයක් අපගේ ශරීර පිරිසිදුව තබාගැනීමට කාලය මිඩංගු කරනවා. වෙහෙසෙනවා. කුඩා හිසරදයකට වුවත් මිනිසුන් වූ අප බෙහෙත් හේත් ගන්නවා.
එහෙම ශරීරයක් මිය ගිය විගස විෂබීජ වහනය වනවා යෑයි කීමේ සත්‍ය හෝ අසත්‍යය ගැන වෙනම විග්රහ කරමු. මාගේ මුස්ලිම් මිත්රයකුගෙන් මම මෙසේ ඇසීමි. ඇයිද? ඔබලා පැය විසිහතරක් ඇතුළත මෘත ශරීර වළලා දමන්නේ?
අපේ ආගමේම එසේ නියම කර තිබෙනවා. ඒ හැරුණු කොට මළ මිනී කියන්නේ විෂබීජ ගොඩවල්. ගෙවල්වල දිගටම තබා ගැනීමෙන් ජීවත්ව ඉන්න අයටත් ලෙඩරෝග බෝ වෙනවා. මස් මාංශවලට කොතරම් කැමැති වුවත් ඔහු දෙන අපූරු පිළිතුර එය විය හැකිය.
මෙතරම් දිනපතා පිරිසිදු කරන අපේ ශරීරය මළ විගස විෂබීජ නම් අප වගේම ශරීර අවයවයන් ඇති කිසි දිනෙක ශරීර පිරිසිදු නොකරන නාන්නේ නැති, දත්නොමදින, අපිරිසිදු ආහාර ගන්නා, නිතර ලෙඩ දුකින් පෙළෙන, බේත් හේත් නොමැති, ශරීර තුළ අවයවයන් දියවී හෝ ඉතා දුර්වලව පවතින නිතර පනු අමාරුවලින්, උණෙන්, පිළිකාවලින් පෙළෙන අවාසනාවන්ත අපිරිසිදු ලෙඩ ගොඩවල් වැනි සතුන් මරා හෝ මරවා ගෙන ගෙට ගන්නේ අති පිරිසිදු ආහාර ද්‍රව්‍ය මෙනි.
එම මස් මාළු ගොඩවල් ඉදිරියේ විෂබීජ නැසීමට පහන් පත්තු කරන්නේ ද නැත. ඒවායින් විෂබීජ කියා දෙයක් වහනය වන්නේ නැත. මේවා ආහාරයට ගැනීමෙන් ප්‍රොaටීන් වැඩෙයි. ශරීර උස්මහත් වෙයි. ලෙඩ නොසෑදෙයි. මේවායේ විටමින් පිරිලාය නැතුවම බැරිය. එය එසේද?
දැන් බලන්න මේ මොනතරම් අවිද්‍යා මෝහාන්ධ කාරයක් ද කියා කන්න සිතුණාම කබරගොයා තලගොයා වීමක් නොවේද? මස් මරන්නකු සමග කළ සමීක්ෂණයකදී මාහට හෙළි වූයේ මෙම සතුන්ගේ ශරීර තුළ ඇති පෙනහලු දෙකින් වැඩි කොටසකගේ එක පෙනහල්ලක් එක වකුගඩුවක් දියවී ගොස් ඇති බවය. හෘදය වස්තුව පවා අවපාට වී ඇති බවය. අමාශය බඩවැල් තුවාල වී පනු කැදලි බඩවැල් පුරාය. පිළිකා ශරීර පුරා ඔඩුදුවා ඇති බවය.
ඔබ පූර්ණ නිර්මාංශිකයකු වන්න. දීර්ඝායුෂ ලබා ඇති අපගේ මුතුන් මිත්තෝ සියයට සියයක්ම නිර්මාංශිකයෝය. ඔබ පංචශීල ප්‍රතිපත්ති ඇති අයෙකු නම් ඕනෑම ව්‍යසනයකදී ඔබට සත්‍ය ක්‍රියා කළ හැකිය. ඒ මගින් සුවපත් විය හැක. මාංශ යනු තෘෂ්ණාභරිත ආහාරයකි. සතකු මරා ඇත. මරවා ඇත. එකී මරණය අනුමත කොට ඇත. නොකළ යුතු වෙළෙඳාමට අනුබල ද දී ඇත. අහිංසාව ආත්මාර්ථකාමයක් නොව පරම පරහිතකාමයකි.
තුන්වේල මස්කන රටවල විවිධ ආගම් අදහන ජනයා බොහෝවිට වසර හැටකට වඩා ජීවත් නොවෙති. ඒ ශරීර යන්ත්‍රය මාංශ ආශාව හේතුකොට ගෙන වඩ වඩා වෙහෙසට පත්කරන නිසාය. එම කාලය ද වැඩියෙන් ගතකරනුයේ ලෙඩදුකින් මිරිකී ගෙනය. ඔබ නව සියවසේ නුවණැත්තෙකි. ප්‍රායෝගික වන්න.
මා පවසන නිසාවෙන්ම අවම වශයෙන් මාස හයක්වත් පූර්ණ නිර්මාංශකයකු වන්න. දෙගිඩියාව අත්හරින්න. විශ්වාසයෙන් යුතුව ඒ දේ කරන්න. හරි නොගියොත් මාස හයෙන් පසු නැවත කැමැති දෙයක් කරන්න. ඔබ ඔබට අවංක විය යුතුය.
අපහසුවෙන් උව මෙය කියවූ ඔබ සැමට තෙරුවන් සරණයි
මෙම ලිපිය හැකිනම් කියවන්න, එහි කරුණු හැකිනම් පිලිපදින්න.

Keep it up ! 