මොළය තරුණ කරන පෝෂණ ගබඩාව

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොළය තරුණ කරන පෝෂණ ගබඩාව

    නිවිති - (Basella alba)

    වැඩිම පෝෂණ ගුණ එක ම ආහාරයකින් ලැබෙනව නම් ඒ ගැන දැනගන්න කවුරුත් කැමති ඇති. එහෙනම් වැල් නිවිති ගැන ටිකක් සොයා බලමුද?
    විටමින් K A B1 B2 B6 C E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්, පොස්පරස්, පොටෑසියම්, සිලේනියම් සින්ක් ඔමේගා3 තඹ ආදි පෝෂක ගණනාවක්, හා ප්‍රතිඔක්සිකාරක ගුණ, වැල් නිවිතිවල අඩංගුයි.
    සමාන ගුණැති කොළ හා රතු ප්‍රභේද දෙකක් වන අතර වඩා ප්‍රචලිත කොළ වර්ගයයි.

    වෙද පොතේ නිවිති හඳුන්වන්නේ කෙඳි, ලෝහ ලවණ සිරුරට මනාව ලබා දෙන ,වාත පිත සමනය කිරීමේ අපූරු හැකියාවක් ඇති ඖෂධිය ගුණ ඇති, පැළෑටියක් ලෙසටයි.
    එය පෝතකී නම් වන අතර නින්ද ලබා දීමේ හැකියාවක් ඇති බැවින් මෝහිනී ලෙසද හඳුන්වනු ලබනවා.

    රෝග දුරලන්නක් මෙන්ම ව්ෂනාශකයක්, දාහය නිවන්නක් , මුත්‍රාකාරකයක් තාරුණ්‍යය රඳවා තබන්නක් ලෙස ද සිරුරේ ක්‍රියාත්මකවනවා.
    තැම්බූ නිවිති කෝප්පයකින්, දිනකට සිරුරට අවශ්‍ය වන යකඩ වලින් 37 % ක් ලැබෙනවා. ඉන් ලේ වඩමින් රක්ත හීනතාව දුරු කරනවා.
    අස්ථි පද්ධතිය ශක්තිමත් කරන K විටමින් විශාල වශයෙන් එහි අඩංගුයි.
    එසේම A විටමින් මැග්නීසියම් හා ෆෝලේට් බහුල ව ඇති අතර ඒවායින් අධි රුධිර,පිඩනය හර්දයාබාධ, ආඝාත රෝගවලට වැට බැඳෙනවා.

    නිවිති ප්‍රති ප්‍රදාහක පෝෂක ගුණයෙන්ද යුතුයි .
    ඇදුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසා හටගන්නා රෝග ගණනාවකින් ආරක්ෂාවීමට බීටා කැරොටින් හා ව්ටමින් C දායකත්වය සපයනවා
    මිග්‍රේන් තත්ත්වයට මැග්නීසියම් හා රිබොෆ්ලේවින්, සහන සලසනවා. කෙඳි මල බද්ධය දුරලනවා.

    අධික ස්ථූලතාව දුරුකිරීමටද නිවිති සමත්. ස්වීඩනයේ ලූන්ඩ් සරසවිය තරබාරු කතුන් 38 දෙනකු යොදා කළ පර්යේෂණයකදී පෙනීගියේ කෑමට ඇතිවන දැඩි ආශාව 95% කින් අඩුකිරීමට නිවිති සමත් බවයි. එහි ඇති තයිලකොයිඩ්ස් මගින් සිරුරු බර 43% කින් අඩුකර ගත හැකි වුණා.

    මීයන් යොදා කළ තවත් පරීක්ෂණයකදී හෙළිවි ඇත්තේ වයස්ගත වීමත් සමග මොළයේ ඇතිවන දුර්වලතා අවම කිරීමට නිවිති සමත් බවයි.
    ආඝාතය වැළඳුණු රෝගියකු නිවිතිය ආහාරයට ගතහොත් රෝගයෙන් තවදුරටත් වන හානි වළකාගැන්මට හැකිවෙනවා.

    ඇසේ සුද හා වෙනත් අක්ෂි රෝග වළකාලීමට නිවිතිවල ඇති සංඝටක උපකාරි වෙනවා.

    එ මගින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා මැඬලීමද සිදුවනවා. 1980 දී වැඩිපුර නිවිති ආහාරයට ගත් කාන්තාවන් පිරිසක ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩුවූ බවද සොයා ගැනුණා. නිවිතිවල පිළිකා නාශක සංයෝග 13 කට වැඩි බව ත් සොයාගෙන තියනවා.
    විෂනාශක ගුණයෙන් යුතු නිවිති පොළොං විෂ ට ඖෂධයක් ලෙසත් යොදා ගැනෙන බව සඳහන්.

    මොළයේ සෛල වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාවක් නිවිති සතු බව පර්‍යේෂණ මට්ටමින් සනාථවී තිබෙනවා.
    චිකාගෝ විශ්ව විද්‍යාලය මගින් 1000ක, පිරිසක් යොදාගෙන කෙරුණු සොයා බැලීමකදී හෙළිවූයේ නිවිති හා එවැනි තද කොළ පැහැති ශාක නිතිපතා ආහාරයට ගත් පිරිස , එසේ නොගත් පිරිසට වඩා මොළයෙන් වසර 11 කින් තරුණ වූ බවක් පෙන්නුම් කළ බවයි. එමගින් මතක ශක්තිය ත් වර්ධනය වුණා.

    නිවිති ශුක්‍ර වර්ධනයට ද දායක වනවා. ගැබිණි හා කිරිදෙන මවුවරුන්ටත් ඉතා හිතකරයි. ගැබිණි මවුන්ට දරු උපත පහසු කරලීම සඳහා නිවිති කොළ තැම්බූ කෂාය ලබා දෙනවා.

    කුඩා දරුවන්ටත් ඉගෙනුම් කටයුතු සාර්ථක කරගැනුමට නිවිති උපකාරිවනවා.

    එහි ඇති විටමින් B විශේෂයන් මගින් සමේ රෝග දුරුකර uv කිරණින් සම ආරක්ෂාකර කා න්තිමත් කරනවා.
    තරුණ පෙනුම රැක දෙනවා.
    එසේ ම හිසකත් මනාව වර්ධනය කරමින්. රූපලාවණ්‍යකාරකයක කාර්ය භාරය තව දුරටත් ඉටුකර දෙනවා.

    *සම පිළිස්සුණු විට ඉදිමීම රතුවීම ඇතිවිට නිවිති කොළ කොටා ආලේප කිරීමෙන් සහන ලැබෙනවා.
    *විසර ගෙඩිවල සැරව හැරීමට නිවිති අමු කහ සමව ගෙන ගිතෙලින් හෝ බටර් වලින් අඹරා ගෑම ගුණයි
    * නාසයෙන් ලේ ගලනවිට නිවිති කොළ යුෂ පානය සුදුසුයි.
    *බඩ දැවිල්ල ට කොළ යුෂ මි. ලී 15- 30 පමණ බීමෙන් සහන අත්වෙනවා
    *බමර ගෝනුසු දෂ්ට විෂට නිවිති මල් උණුදියේ තම්බා ගානවා.

    සෙවල ගතිය හා ආවේණික රස ගුණැති නිවිති හුමාලයේ තම්බා සලාදයක් ලෙස ආහාරයට ගත හැකියි. පරිප්පු හෝ කොස් ඇට හා මුසුකොට රසවත් වෑංජනයක් සකසාගන්නටද හැකියි. මල් ද වෑංජනයට උයනවා.කොළ යුෂ සුප් කැඳ ලෙස පානයට ගැනීමට හැකියි .
    කොතරම් ගුණ වුවත් ඇතැමුනට අසාත්මිකයි. සෙම හා ශ්වසන රෝග ඇති අයට නිවිති අහිතකරයි.
    අනෙක් සැමට ආහාරයට ගැනීමෙන් සිරුරට වාසි රැසක්ම අත්වෙනවා. හැබැයි වැඩිපුර තම්බන්න ගියොත් පෝෂක විනාශ වෙනවා.


    නිර්මාණ අයිතිය -ඉන්ද්‍රා කුමාරි රත්නායක සතුයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    නිවිතිවල යකඩ අපේ ශරීරයට උරාගන්ඩ බෑ කියල දැං කියනව නේද..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිවිතිවල යකඩ අපේ ශරීරයට උරාගන්ඩ බෑ කියල දැං කියනව නේද..

    අධික පෝෂණ ගුණය සම්පූර්ණයෙන් ශරීරයට උරාගන්න අපේ සිරුරට බැහැ කියලයි කියන්නේ නේද? ඒ තරම් පෝෂණයක් තියෙනව...
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    moringa leaves is also considered by scientists as the next super food considering the number and amount of nutrition in it.

    Compared to this Moringa leaves contains huge amount of protein as well and so considered as the best solution for malnutrition.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,484
    113
    නිවිතිවල යකඩ අපේ ශරීරයට උරා ගන්ඩ බෑ..

    නිවිතිවල තිබෙන අනිත් පෝෂ්‍ය පදාර්ථනං අවුලක් නෑ