මෝටර් රථයක් ජම්ප් ස්ටාර් කිරීම
මෝටර් රථයක් ජම්ප් ස්ටාර් කිරීම
මෝටර් රථයක බැටරිය බැසීම නිසා එන්ජිම පණගැන්වීමට නොහැකි වෙන අවස්ථා වල දී වෙනත් මෝටර් රථයක බැටරියක් අධාරයෙන් බැටරිය බැස ඇති මෝටර් රථය ජම්ප් ස්ටාර්ට් කිරීම අවශ්‍ය විය හැකිය.එවැනි අවස්ථාවක දී ඒ සඳහා සුදුසු ජම්ප් සටාර්ට් කේබල් එකක් නිවැරදි ලෙස සම්බන්ධ කල යුතුවෙනවා.
ජම්ප් ස්ටාර්ට් කිරීමට භාවිතා කරන මෝටර් රථයේ හෝ ජම්ප් ස්ටාර් බූස්ටරයේ ඇම්පියර් ධාරිතාවය බැස ඇති බැටරියේ ධාරිතාවයට වඩා අඩු නොවිය යුතු අතර බැටරි දෙකේම සමාන වෝල්ටීය තාවය ද එක සමාන විය යුතුවෙනවා.
මේ සඳහා භාවිතා කරන ජම්ප් ස්ටාර්ට් කේබල් එක ස්ටාටර් කරන්ට් එක ගමන් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ඝණ කමකින් සහ ඉන්ඩ්‍රස්ටියල් බැටරි ක්ලැම්ප් වලින් සමන්විත යුතුයි.
සාමාන්‍යයෙන් පොසිටිව් කේබල් එක රතු පාටින් සහ නෙගටිව් කේබල් එක කලු පාටින් යුක්ත වන අතර මෙම ජම්ප් ස්ටාර් කේබල් නිවැරදි ලෙස සම්බන්ධ කිරීම වැදගත්වෙනවා.
සමහර නව මෝටර් රථ වල ජම්ප් ස්ටාර්ට් කේබල් සම්බන්ධ කිරීම සඳහා නෙගටිව් ජම්ප් ස්ටාර්ට් පෝර්ට් එකක් එන්ජින් කම්පාර්ට්මන්ට් එක තුල ඇති අතර තවත් සමහර නවීන මෝටර් රථ වල පොසිටිව් සහ නෙගෙටිව් ජම්ප් ස්ටාර් පෝර්ට් දෙකක් එන්ජින් කම්පාර්ට්මන්ට් තුල ඇත.එවැන් මෝටර් රථ ජම්ප් ස්ටාර් කිරීමේ දී අදාල ජම්ප් ස්ටාර් පෝර්ට් වලට පමණක් ජමප් ස්ටාර්ට් කේබල් සම්බන්ධ කිරීමට වගබලා ගත යුතුයි.
• බැටරිය බැස ඇති මෝටර් රථයක් නිවැරදිව ජම්ප් ස්ටාර්ට් කරන්නේ කොහොමද?
පලමුවෙන්ම බැටරිය බැස ඇති මෝටර් රථයේ බැටරි පොසිටිව් පෝල් එකට රතුපාට ජම්ප් ස්ටාර්ට් කේබල් එක සම්බන්ධ කර අනෙක් කෙලවර බැටරිය බැස ඇති මෝටර් රථය පණගැන්වීමට භාවිතා කරන අනෙක් මෝටර් රථයේ බැටරි පොසිටිව් පෝල් එකට සම්බන්ධ කරන්න.
නෙගටිව් ජම්ප් කේබල් එක මෝටර් රථය පණගැන්වීමට භාවිතා කරන බැටරියේ නෙගටිව් බැටරි පෝල් එකට ද අනෙක් කෙලවර බැටරිය බැස ඇති මෝටර් රථයේ නෙගටිව් ජම්ප් පෝස්ට් එකට හෝ එන්ජින් බ්ලොක් එකට/චෙසියට සම්බන්ධ කරන්න.
* බැටරි මොනිටරිං කොන්ට්‍රෝල් සිස්ටම් භාවිතා කරන නවීන මෝටර් රථ ජම්ප් ස්ටාර් කිරීමට එන්ජින් කම්පාර්ට්මන් තුල ඇති ජම්ප් ස්ටාර් පෝර්ට් භාවිතා කල යුතු අතර එවැනි මෝටර් රථ වල බැටරි ටර්මිනල් වලට සෘජුවම සම්බන්ධ කර ජම්ප් ස්ටාර්ට් කිරීමේ දී බැටරි මොනිටරිං කොන්ට්‍රෝල් යුනිට් ඒකකයට හානි ඇති විය හැකිය.
* බැටරි ජමප් ස්ටාර්ට් පෝර්ට් නොමැති සමාන්‍ය මෝටර් රථයක්,ජම්ප් ස්ටාර්ට් කිරීමේ දී නෙගටිව් ජම්ප් ස්ටාර්ට් කේබල් එක කෙලින්ම බැටරිය බැස ඇති මෝටර් රථයේ බැටරි නෙගටිව් පෝල් එකට සම්බන්ධ කිරීමට වඩා මෝටර් රථයේ එන්ජින් බ්ලොක් එකට හෝ චෙසියට සම්බන්ධ කිරීම වඩාත් ආරක්ෂා කාරී වෙනවා.හේතුව බැස ඇති බැටරියේ අභ්‍යන්තර පරිපඨ දෝෂ නිසා හෝ බාහිර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 වේ බැස ඇති බැටරි ඝණීභවනය වන නිසා ජම්ප් ස්ටාර්ට් කිරීමේ දී බැටරි පුපුරා යාම් ඇති විය හැකිය.බාහිර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 දී බැස ඇති බැටරි ජමප් ස්ටර්ට් කිරීමට පෙර බැටරිය මෝටර් රථයෙන් ගලවා ඉවත් කල යුතුය.
• බැටරිය බැස ඇති මෝටර් රථය පණ ගැන්වීම.
ජම්ප් ස්ටාර්ට් කිරීමට භාවිතා කරන මෝටර් රථය පලමුව පණගන්වා අයිඩල්ව තබන්න.ඊට පසු බැටරිය බැස ඇති මෝටර් රථය පණගැන්වීම සිදුකරන්න.
බැටරිය බැස ඇති මෝටර් රථය තත්පර 10 ක් වැනි කාලයක් තුලදී පණගැන්වීම සිදු නොවුණි නම් නැවත තත්පර 30 ක් පමණ කාලයක් යනතුරැ නැවත පණගැන්වීමෙන් කිරීමෙන් වලකින්න.
බැටරිය බැස ඇති මෝටර් රථයේ එන්ජිම පණගැන් වූ පසු ජම්ප් ස්ටාර්ට් කිරීමට කේබල් සම්බන්ධ කල ආකාරයට ප්‍රතිවිරැද්ධ ආකාරයට කේබල් ඉවත් කිරීම සිදුකරන්න.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
17/03/2017