මෝටර් රථ සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම
මෝටර් රථ සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම
මෝටර් රථයක සම්ප්‍රේෂණ පද්ධතියේ මූලික අර්ථ දැක්විම ලෙස,එන්ජිමේ සිට රෝද වලට බලය මාරු කරන මෝටර් රථයේ කොටසක් ලෙස හඳුන්වන්න පුලුවන්.මෝටර් රථයක සම්ප්‍රේෂණය ක්‍රියාත්මක වන්නේ කොහොමද යන්න මෝටර් රථය ඔටෝමැටික් එකක් ද මැනුඅල් එකක්ද යන්න මත රඳා පවතිනවා.
ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය සහ මැනුඅල් සම්ප්‍රේෂණය
මැනුඅල් සම්ප්‍රේෂණ පද්ධති සහිත මෝටර් රථවල රියදුරු විසින් හසුරැවනු ලබන ගියර් ලීවරයක් සහ ක්ලච් පැඩලයක් භාවිතා කරන අතර ක්ලච් පැඩල් එක නිදහස් කිරීමේ දී එන්ජින් බලය රෝද වෙතට සම්ප්‍රේෂණය වීම සිදුවෙනවා.මෙම ක්ලච් එක නිදහස් කිරීමේ දී සම්ප්‍රේෂණයවෙන බලය සහ ව්‍යාවර්ථයේ ප්‍රමාණය කොපමණද යන්න තෝරාගත් ගියර් මත රඳා පවතිනවා.
ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ පද්ධති සහිත මෝටර් රථවල ඇක්ස්ලේටර් පැඩල් එක අඩු වැඩි කිරීමේ දී සහ බ්‍රේක් පැඩල් එක හැසිරවීම මගින් ගියර් මාරැවීම සිවයංක්‍රීයව සිදුවෙනවා.ඇක්ස්ලේටර් පැඩල් එක පෑගීමේ දී පවතින වේගයට වඩා වැඩි ගියර් වලට මාරැ වෙන අතර පැඩල් එක අතහැරීමේ දී සහබ් රේක් පැඩල් එක පෑගීමේ දී පවතින ගියර් වලට වඩා අඩු ගියර් වලට අඩු වීම සිදුවෙනවා.
මැනුඅල් සහ ස්වයංක්‍රීය යනසම්ප්‍රේෂණ වර්ග දෙකේ දීම පහසුවෙන් ගියර මාරු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සම්ප්‍රේෂණ ඔයිල් මගින් සිදුකරන ලබනවා.
සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම සිදුකල යුත්තේ කොපමණ කාලයකින්ද?
මෙය ද මෝටර් රථය ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයක් ද මැනුඅල් සම්ප්‍රේෂණයක් ද යන්න මත රඳා පවතිනවා.ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයේ පද්ධති ඉහළ උෂ්ණත්වයක් නිපදවන බැවින් වැඩි කාබන් තැනපතු ප්‍රමාණයක් නිපදවෙන නිසා සම්ප්‍රේෂණ ඔයිල් ඉක්මනින්ම අපවිත්‍ර වීම සිදුවෙනවා.කාලයත් සමග මෙම කාබන් තැන්පතු නිසා සම්ප්‍රේෂණ ඔයිල් ඝණකම්වෙන අතර එය තවදුරටත් සම්ප්‍රේෂණ ක්‍රියාවලිය ඵලදායී ලෙස ක්‍රියානොකිරීමට හේතු වෙනවා.විවිධ නිෂ්පාදකයින්ගේ නිර්දේශයන්ට අනුව ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම් කාලය කි.මී 40,000/60,000 සිට ලයිෆ් ටයිම් දක්වා සැළකිය යුතු ලෙස වෙනස් විය හැකි අතර ස්වයංක්‍රීය සම්ප්‍රේෂණ ඔයිල් ලයිෆ් ටයිම් ලෙස නිර්දේශ කලත් කාන්දු ඇතිවීම් වර්ධනය විය හැකි නිසා සම්ප්‍රේෂණ ඔයිල් මට්ටම කලින් කලට පරීක්ෂා කළ යුතුය.
මැනුඅල් සම්ප්‍රෙෂණ ඔයිල් මාරැකිරීම් කාල නිර්දේශ කිරීම් ද විවිධ හේතු මත වෙනස් විය හැකි නමුත් බොහෝ නිෂ්පාදකයින් මැනුඅල් සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම කාලය කි.මී 60,000/90,000 න් නිර්දේශ කරනවා.කෙසේ නමුත් මැනුඅල් සම්ප්‍රේෂණයක් අධික ආතතියක් යටතේ ඒ කියන්නේ නිතර නිනර ගියර් මාරැකිරීම සිදුකරන සිටි ඩ්‍රයිවිං වැනි කෙටි දුර ධාවන කරනවා නම් සහ එවැනි මෝටර් රථයක් හයිවේ වලත් ධාවනය කරනවා නම් එකට කියනවා අධික ආතති තත්වයක් කියලා ඒ වගේම කඳු සහිත මාර්ග වල සහ නිතරම ට්‍රේලර්,බෝටටු වැනි දෑ ඇදගෙන යාම සිදුකරනවා නම් සහ මැනුඅල් මෝටර් රථයක් මුලින්ම ඩ්‍රයිවිං පුරැදුවීමට භාවිතා කරන වැනි කාල සීමාවන් වලදී මැනුඅල් සම්ප්‍රේෂණ ඔයිල් කි.මී 30,000 කින් පමණ මාරැකිරීමට නිර්දේශ කරනවා.
මෝටර් රථයක සම්ප්‍රේෂණය පද්ධතිය පරික්ෂා කර බැලිය යුතු රෝග ලක්ෂණ
මෝටර් රථයේ නිෂ්පාදකයා විසින් සේවා අත්පොතේ දක්වා ඇති සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීමේ කාලයට ලඟා වී නොමැති නම් සහ පහත සඳහන් රෝග ලක්ෂණ දක්නට ලැබේ නම් සම්ප්‍රේෂණ පද්ධතිය පරීක්ෂා කළ යුතුය:
• එන්ජිම පණගන්වා මෝටර් රථය ධාවනය නොවන විට මෝටර් රථය යටින් ඇඹරුම් ශබ්ද ඇසෙනවා නම්.
• ගියර මාරු කිරීමේ/මාරැවීමේ ගැටලු ඇත් නම්.
• මෝටර් රථයේ ගියර් ස්ලිප් වීම සිදවෙනවා නම් හෝ ඇක්ස්ලේටර් පැඩලය පෑගූ විට මෝටර් රථය ගමන් නොකරයි නම්.
ඒ වගේම සමහර අවස්ථාවල සම්ප්‍රේෂණ ඔයිල් එය නිෂ්පාදකයා නිර්දේශ කර ඇති කාලයට මාරැකිරීමට පෙර අපිරිසිදු බවට පත් වෙන්න පුලුවන් නිසා එවැනි අවස්ථාවල දී සම්ප්‍රේෂණ පද්ධතිය ෆ්ලෂ් කිරීමට අවශ්‍ය වෙනවා.
මෝටර් රථයේ සම්ප්‍රේෂණ වර්ගය කුමක් වුවත් නිෂ්පාදකයා පවසා ඇති කාල අන්තරයට අනුව හෝ අවශ්‍යතාවය මත සම්ප්‍රේෂණ ඔයිල් මාරැකිරීම සිදුකල යුතු වෙනවා.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
23/03/2017