මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෝඩයන්ගේ අන්තර්ජාල පැත්ත

    ශ්‍රී ලංකාවට අනාදිමත් කාලයක සිට සංස්‌කෘතියක්‌ තිබිණි. ලොව බොහෝ රටවල ද එය විය. මෙරට සංස්‌කෘතියට දැඩි බලපෑමක්‌ එල්ලවූයේ වසර 500 කට එපිට සිට පැවැති පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ හෙයිනි. එය අප දන්නා මෑත ඉතිහාසයේ සියවස්‌ හි එල්ල වූ තර්ජනයකි. ඉන් පසුව දෙවැනි තර්ජනය එල්ල වූයේ 20 වැනි සියවස තුළ ප්‍රකට වූ මුද්‍රණ කලාවත් සමගිනි. එහිදී විවිධ වාර ප්‍රකාශන, පුවත්පත් මගින් දැඩි සංස්‌කෘතික සෝදාපාලුවක්‌ විය. එය වඩාත් දැඩිව දැනෙන්නට වූයේ 1950-60 දශක වලින් පසුව බව අප මතය වේ. මන්ද 1948 රට නිදහස ලබන විට බොහෝ ජනයා සරම හෝ ජාතික ඇඳුම ඇඳීමට පුරුදුව සිටි අතර, කාන්තාවන් සාරි හෝ රෙදි හැට්‌ට ඇන්ද නමුත්, නිදහසෙන් පසුව මෙකී කාලය වන විට පිරිමින් කලිසමටත්, කාන්තාවන් සාරිය හෝ පසුව ගවුමටත් හුරු විය.

    මෙවැනි වෙනසක්‌ යුරෝපයේ ද විය. එකල වික්‌ටෝරියානු සංස්‌කෘතියට අනුව යුරෝපයේ දික්‌කසාද ආදිය නොවුණු අතර, කාන්තාවන් 20 වැනි සියවස මුල පවා නාන ඇඳුම පිටින් ප්‍රසිද්ධ ස්‌ථානවල සිටීම වැළකී තිබිණි. බටහිර රටවල තිබූ මෙම වික්‌ටෝරියානු සංස්‌කෘතිය දෙදරා යැමට පදනම දැමුණේ සිනමා පට, රූපවාහිනි මෙන්ම, මුද්‍රිත මාධ්‍ය වලින් බව අප අදහසයි. 1950 දශකය වන විට ලෝක යුද්ධ 2 ක්‌ අවසන් වී හෙම්බත්ව සිටි එම රටවල් එකී සංස්‌කෘතික වෙනස පිළිගත්ත ද, වික්‌ටෝරියානු සංස්‌කෘතියෙන් බැහැරට යැමෙන් අනාගතයේ ඇති විය හැකි පරිහානිකර තත්ත්වය ඔවුනට එකල නොතේරුණා විය හැකි බව අප මතයයි. මන්ද ඉහත කී මාධ්‍ය මගින් බටහිර සමාජය දූෂණයට ලක්‌කරවන විවිධ අසභ්‍ය හා ප්‍රචණ්‌ඩ සිදුවීම් ඉතා වේගයෙන් එකී මාධ්‍ය හරහා ජනතාව අතරට ගියේය. මිනිස්‌ මොළයේ එක්‌ හැසිරීමක්‌ නම් එය උකහාගන්නා දෙයට සමාන වන අයුරින් සිතුවිලි ඇති කරමින් ඉදිරියට සිතීමයි. එසේ නොවීමට නම් පොදු මිනිසුන් මනෝවිද්‍යා විශාරදයන් විය යුතුය. නමුත් එසේ නොවේ. බටහිර සමාජයේ 1960 දශකයේ පළමු එවැනි අපගමනාත්මක කෘතියකට උදාහරණ ලෙස එච්. ඩී. ලෝරන්ස්‌ගේ "ලේඩි වැටර්ජි" පොත දැක්‌විය හැක. එයට වඩා ප්‍රබල බලපෑමක්‌ සමාජයට සිනමාවත්, මුද්‍රිත මාධ්‍ය හා සඟරා වලිනුත් විය. මෙහි ප්‍රතිඵලය බටහිර රටවල දක්‌නට වූයේ 1970 දශකය වන විට ඇති වන්නට වූ හිපි සංස්‌කෘතිය, දික්‌කාසාද බහුලවීම් ආදිය මගිනි. ලංකාවට ද එවැනි ප්‍රතිඵල ක්‍රමයෙන් 1970 න් පසුව පැමිණියේ, බටහිර රටවල සිට ගෙන එන ලද එවැනි අසභ්‍ය සඟරා මෙන්ම ඉඳහිට මෙරට හොරෙන් මුද්‍රණය කළ පොත් පත් හා බටහිර අසභ්‍ය සිනමාව හෙයිනි. ලංකාවේ මේ තත්ත්වය වඩාත් දරුණු වූයේ 1979 රූපවාහිනිය හඳුන්වාදීමත් සමගිනි. එතැන් සිට අසභ්‍ය තොරතුරු වැල නොකැඩී වීඩීයෝ පට හරහා පැමිණිනි. නමුත් ඒවායේ බලපෑම් බොහෝ විට නාගරීකරණයට සීමාවූයේ, ගම්බද වඩා ප්‍රචලිත නොවූ බැවිනි. නමුත් 90 දශකයෙන් පසුව ක්‍රමයෙන් ඒවා ගම්බද ගිලගන්නට විය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කෙසේ වුවත් අප මේ කියන්නට යන්නේ මේ සේරටමත් වඩා ප්‍රබලව සංස්‌කෘතික සෝදාපාලුවක්‌ ඇති කළ දෙයක්‌ ගැනය. එනම් 90 දශකයේ අගභාගයේ පරිගණකය ඔස්‌සේ මෙරටට පැමිණි අන්තර්ජාලය යි. මේ වන විට එය නිවෙස්‌ හි පරිගණක, පාසල් පරිගණක, ජංගම දුරකථන හා ඇතැම් විට ඈත ගම්දනව්වල පරිගණක කරා ද ව්‍යාප්ත වී තිබිය හැක.

    අන්තර්ජාලය යනු හොඳ හා නරක එකට කැටි කළ පොතක්‌ බඳුය. මෙරට වැසියන්ගේ පරිහරණයට ඇති අන්තර්ජාලය ගැන නිර්වචනයක්‌ කරන්නේ නම් "අන්තර්ජාලය යනු උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ පාරාදීසයක්‌ නොව, නූගත් බුරුවන්, පිස්‌සන්, නරුමයන්ගේ පාරාදීසයකි." මන්ද විශ්වකෝෂයක්‌ ගතහොත් එහි ලොව පිළිබඳ පුළුල් තොරතුරු ඇත. නමුත් සමාජයක්‌ පරිහානිය කරා ගෙන යැමේ තොරතුරු විශ්වකෝෂයක නැත. උදා - බ්‍රිටැනිකා විශ්වකෝෂය. නමුත් යමකු විශ්වකෝෂයක්‌ හැදෑරීමේ මනසකින් අන්තර්ජාලයට පිවිසියහොත්, ඔහු දකින්නේ තොරතුරු තාක්‍ෂණය මත දැනුම සම්ප්‍රේෂණය කිරීමක්‌ නොව, විවිධ ව්‍යවසායකයන්ගේ සම්ප්‍රයෝග හා නෂ්ටභ්‍රෂ්ඨත්වයට පත් වූ නරුමයන් විසින් වරින් වර එකතු කරන ලද තොරතුරුය. ඉන්ටර්නෙට්‌කරුවන් මහලොකුවට සලකන නොමිලයේ තොරතුරු ලබාගත හැකි විකිපීඩියා නම් විශ්වකෝෂයක්‌ ද අන්තර්ජාලයේ ඇත. නමුත් ලොව සම්මත සෙසු විශ්වකෝෂ මෙන් නොව විකිපීඩියා විශ්වකෝෂයේ නිර්මාතෘ අන්තර්ජාලයේ දැක්‌වෙන ඕනෑම කුහුහරුපයකට අර්ථකථන සපයාදීමට ද ඉදිරිපත් වේ.

    ළමයකුට අවශ්‍ය දේ හා අසභ්‍ය දේ යන දෙකම ඇති මුද්‍රිත පොතක්‌ දී ඉන් සභ්‍යත්වයෙන් යුතු පිටු පමණක්‌ කියවන්න යෑයි කියා, දෙමාපියන් හෝ ගුරුවරුන් ඉවත් වී ළමයා එයම කරාවි යෑයි බලාපොරොත්තු විය හැක්‌කේ හීන ලෝකයේ දී පමණි. නමුත් අද අන්තර්ජාල පහසුකම් නිවසේ, පාසලේ මෙන්ම කඩමණ්‌ඩියකින් ඕනෑම සුළු මුදලක්‌ ගෙවා ලබාගත හැක. මේ වන විටත් ඒවාට පිවිස අසභ්‍ය දේවලින් මනස ශෝධනය කරගන්නා ළමුන් හා තරුණ කොටස්‌ මෙන්ම වැඩිහිටියන් ද සමාජය දෙස බලන්නේ කෘත්‍රිම මානසික විකෘති තලයක පිහිටාය. පෙර තිබූ ගුරු ගෝල සබඳතාව, ගරු කළ යුත්තන්ට ගරුකිරීම, වැඩිහිටියන්ට භික්‍ෂුන්ට සැලකීම ආදිය ගැන සිතීමට පවා ඉන් නොපෙළඹේ. රූපවාහිනිය භික්‍ෂුව වෙළාගෙන භික්‍ෂුත්වයේ සීලය යම් තැනක තබයි ද, අන්තර්ජාලය ද පන්සල් ගිලගෙන ඉදිරියේදී භික්‍ෂුව බුදු දහමට අනුව මේ අපාගත වීමට තරම් දූෂිත තත්ත්වයකට මානසිකව පෙළඹවිය හැක.
     
    • Like
    Reactions: kandya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැනට දශකයට පමණ පෙර මෙරට ඉන්ටනෙට්‌ කැෙµa නැමැති ස්‌ථාන ඇරැඹුණේ ඉහළ මධ්‍යම පාන්තික තරුණ කොටස්‌ අරමුණු කරගෙනය. නමුත් මේ වන විට ඔවුහු බහුතරය පුද්ගලික අන්තර්ජාල සබඳතා ලබාගෙන ඇත. පසුව මෙය ක්‍රමයෙන් පහළ නාගරික සමාජයටත්, ක්‍රමයෙන් මුඩුක්‌කු පරිසරටත් ව්‍යාප්ත විය. මුඩුක්‌කු සමාජය, තුන්වැනි පන්තිය ආදිය මෙය භාවිත කිරීමට බහුලව යෙදෙනුයේ අසභ්‍ය දර්ශන නැරැඹීමට මිසක්‌, ඔවුනට මෙයින් ගත හැකි වෙනත් ප්‍රයෝජන දුලබය. මේ වන විට කොළඹ හා නගරාසන්න ප්‍රදේශවල (වැල්ලවත්ත ආදියේ) ඇති අන්තර්ජාල කැෙµa බහුතරය සිසුන්ගේ ග්‍රහණයට ද (වැල්ලවත්තේ නම් ද්‍රවිඩ සිසුන්), රාත්‍රී කාලයේ පාතාල සාමාජිකයන්ගේ, කුඩුකාරයන්ගේ ග්‍රහණයට ලක්‌ වී ඇති බව අප කළ සමීක්‍ෂණවල දී පෙනේ. ඔවුන් බහුතරයකගේ අරමුණු අසභ්‍ය දර්ශන නැරැඹීමය. ඇතැම් විට වැල්ලවත්තේ සරම් ඇඳි මහලු පුද්ගලයන් ද අන්තර්ජාලය නරඹනු පෙනේ. ඇතැම් මහල්ලන් අසභ්‍ය දේ නරඹන විට, එම කුඩා කුටියේ දොර වැසීමට අමතකව ගියවිට එහි සේවකයන්ට එම දොර වසාගන්නා ලෙස මහල්ලාට අවවාද කිරීමට ද සිදුවේ. වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමා පට නරඹන ඇතැම් පහළ පාන්තික මහල්ලන් ද මේ වන විට පරිගණකය හසුරුවීමට කාගෙන් හෝ දැන, අසභ්‍ය දර්ශන වෙතට නැඹුරු වී ඇති බව පෙනීයයි. වැල්ලවත්ත හා කොළඹ තදාසන්න දුරකථන මධ්‍යස්‌ථාන හා අන්තර්ජාල කැෙµa, පසුගිය යුද සමයේ දී ත්‍රස්‌තවාදීන් විසින් සිය ග්‍රහණයට ගෙන සිටි අතර, ඒ අනුව එහි සේවාව ලබා ගැනීමට එන පුද්ගලයන් කතාබහ කරන සියල්ල ඔවුන් ද හොඳින් වෙනම දුරකථනයකින් හෝ අන්තර්ජාලයක්‌ නම් වෙනත් පරිගණකයකින් අසාගෙන, චරපුරුෂ සේවයේ නියෑළි බවට සිතිය හැකි වුවත්, යුද්ධය ඉවර වූ පසුව එවැනි මධ්‍යස්‌ථාන බහුතරයක්‌ වැසීගොස්‌ හෝ වෙනත් ද්‍රවිඩ ජාතිකයකු මතින් තවදුරටත් ජීවනෝපායක්‌ ලෙස පවත්වාගෙන යන බව දක්‌නට හැක. එහි චරපුරුෂ සේවයේ යෙදීම් යුද්ධය ඉවර නිසා මේ වන විට බොහෝදුරට නොසිදුවනවා විය හැක.

    අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන සඳහා පෙනී සිටින බොහෝ යුරෝපීය, අප්‍රිකානු, ආසියානු ජාතිකයන් (බහුතරයක්‌ කාන්තාවන්) ඉතා පහත් විෂමාචාරී පවුල් පසුබිමක්‌ යටතේ විවිධ සමාජ දූෂණ සිද්ධිවලට ගොදුරු වූ අය බව, ඔවුන් පිළිබඳ සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් හා ඔවුන්ගේ මානව විද්‍යාත්මක හැඩතල නිරීක්‍ෂණයේ දී පෙනීයයි. නමුත් ලංකාව වැනි ආසියාතික රටක නූගත් තරුණයකු බටහිර රටක කාන්තාවක්‌ හෝ පිරිමියකු දුටු පමණින් සිතනුයේ මොවුන් ඔවුනට වඩා හොඳින් උගත් ඉහළ සමාජයක අයකු කියාය. මෙහි ඇති භයානකම තත්ත්වය එයයි. ඒ කිසිත් හරිහැටි තේරුම් බේරුම් කිරීමට නොදත් ලොව ඕනෑම තැනක සිටින සාමාන්‍ය වැසියෙකු ඉන් අනතුරුව ක්‍රමයෙන් තමා ද අපචාරී ජීවිතයකට හෙවත්, බුදුදහම අනුව පස්‌පව් වලින් යුතුව අපායගාමී තත්ත්වයකට පත්වීම හෝ පත්කරලීම පහසුවෙන්ම අන්තර්ජාලය හරහා සිදුවේ. අන්තර්ජාලය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුදුසු නොවන බවට අප අවධාරණය කරන අතර, එය ලොව කුමන ජන කොටසකට හෝ නුසුදුසු බව දැඩිව පවසමු. මන්ද ලොව බහුතරයක්‌ සිටින්නේ අවශ්‍ය දේ තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන් නොව, 80% ක්‌ ම උපන් හැටියට, ලැබෙන දෙයකට අනුව ජීවත්වීමට සැරසෙන පිරිසකි. අන්තර්ජාලය හරහා ලොව ගෝලීකරණය වීම කෙසේ වෙතත් ලොවම අමනයන් වෙතට ළංවීම වැඩි ඈතක නැත.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන්තර්ජාලයෙන් එන තොරතුරු වාරණයට කිසිවකුත් නැතිවාක්‌ මෙන්ම, එය වාරණය කරන ආකාරයක්‌ ද කිසිවෙකුත් නොදනිති. හැක්‌කේ එකිනෙක රටවල් තම තමන්ගේ රටට නොගැලපෙන වෙබ් අඩවි එකින් එක තෝරා පෙරහන් කර අන්තර්ජාල සේවය තම රටට වැද්ද ගැනීමට ක්‍රියාකිරීමයි. කන්ටෙක්‌ට්‌ µsල්ටර් නම් තාක්‍ෂණික උපකරණයෙන් රටවල් අන්තර්ජාල අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරති. මෙය විදුලි සංදේශ නියාමන කොමිසම හරහා රජයෙන් පත් කළ නිත්‍ය සේවක මණ්‌ඩලයක්‌ සෑම විටම අනවශ්‍ය වෙබ් අඩවි ගැන විමසිල්ලෙන් සිට කළ යුතු දෙයකි.

    අප අදහස නම් අන්තර්ජලයෙන් දැනුම ලබනවාට වඩා නිරවද්‍ය දැනුමක්‌ පොත් පත් භාවිතයෙන් ගත හැක. අන්තර්ජාලයේ බොහෝ විට සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ද ඇත. පිළිගත් පොතක එසේ නැත. තවමත් ලොව පොත් වෙළෙඳාම ඉහළ තලයක ඇත්තේ ඒ හෙයිනි. නමුත් මෙරට සිටින බූරුවන්ට එය තේරුම් කරදීම අපහසුය. ගොඩයා මැජික්‌ බලනා විලසින් අන්තර්ජාලය දෙස පරිගණක තිරය මගින් නෙත් යොමු කර, කුණුහරුප බලන කොලුකුරුට්‌ටන් මෙන්ම වැඩිහිටියන්ගෙන් ද පසක්‌ කරලන්නේ, ඉදිරි වසර 50 ක්‌ පමණ වන විට, සංස්‌කෘතික සෝදාපාලුවක්‌ ඇති, මානසික ඉච්චාභංගත්වයන් සහිත නෂ්ටභ්‍රෂ්ඨ වූ මානව කොට්‌ඨාසයක්‌ අපට ලංකාව නම් රටෙන් සොයාගත හැකි බවය.

    බොහෝ විට නුසුදුසු වෙබ් අඩවි බහුතරය නිර්මාණය කර ඇත්තේ යුරෝපීය ජාතීන්ම නොවුණත්, යුරෝපීයයන්ගේ ඡායාරූප යොදා සැකසූ ආසියාතික, අප්‍රිකානු වෙබ් අඩවි ද ඇත.

    බොහෝ විට අසභ්‍ය වෙබ් අඩවි විවිධ පරිගණක වෛරස ද සමග පැමිණෙයි. ඇතැම් විට අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩිපුර මුදල් ගෙවා වැඩි තොරතුරු ලබාගත හැකි ලෙසට ඒවා නිර්මාණය කර ඇත. ඇතැම් මෝඩයන් ඒ සඳහා තමාගේ ලිපිනය, බැංකු ගිණුම් හෝ ක්‍රෙඩිට්‌ කාඩ් අංක ලබාදීමෙන් වන්නේ, මුළු ගිණුමේම ඇති මුදල ක්‍ෂණයකින් ඔවුන් සොරා ගැනීමයි. ඇතැම් විට අසභ්‍ය වෙබ් අඩවි නරඹන්නන්ව අසභ්‍ය දෑ සඳහා සම්බන්ධ කර ගැනීමට ආරාධනා ද අන්තර්ජාලය ඔස්‌සේම ලැබේ. ඇතැම් විට මෙවැනි ආරාධනා ලංකාවේ අමන මිනිසුන් සහ ගැහැනු තුළින් ද ලැබේ. බොහෝ විට දික්‌කසාද වූ මැදිවයස්‌ කාන්තාවන් අන්තර්ජාලය ඔස්‌සේ තරුණයන් බිලිබා ගත් අවස්‌ථා හා මෙරට තරුණියන් අනවශ්‍ය කරදරවලට මුහුණපාන අවස්‌ථා අසභ්‍ය වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය වෙබ් අඩවි හරහා ද සිදුවේ.

    ශ්‍රී ලංකාවේ ජංගම දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඔස්‌සේ අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමේ හැකියාව 2010 වසරේ සිටම ක්‍රියාත්මකය. ළමා හා කාන්තා කාර්යාංශය 2010 සැප්තැම්බර් මස කොළඹ ජනප්‍රිය පාසලක, පන්ති කාමරයක ළමුන්ගේ ජංගම දුරකථන 28 ක්‌ පරීක්‍ෂා කිරීමෙන්, ඉන් 23 කින්ම අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිස ඇති බව වාර්තා විය. අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම, අසභ්‍ය පොත පත ප්‍රසිද්ධ කිරීම ආදිය, 1983 අංක 22 දරන සංශෝධිත අසභ්‍ය ආඥාපනත යටතේ නීති විරෝධී ක්‍රියාවකි. පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපත් කළ වාර්තා අනුව, බත්තරමුල්ල ළමා අධිකරණය විසින් ජංගම දුරකථනවල අසභ්‍ය වෙබ් අඩවි 747 තහනම් කරන ලෙස නියෝගකර ඇති බව වාර්තා විය. නමුත් සාමාන්‍ය පරිගණකයකට පිවිසිය හැකි අසභ්‍ය වෙබ් අඩවි රාශියක්‌ ඇති බව අප කළ සමීක්‍ෂණවල දී පෙනී
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශ්‍රී ලංකාවේ දූෂිත දේවල් අන්තර්ජාලයේ දැකීම තරමක්‌ සීමාසහිත වුව ද, ශ්‍රී ලංකාවට හානි ගෙනදෙන පරිදි ශ්‍රී ලාංකිකයන් ලෙස නම් කර (සිංහල ලෙස නොවේ), විවිධ යුරෝපීය කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට ඇතුළත් කර තිබීම, රටේ සංස්‌කෘතියට ඕනෑකමින්ම හානිකිරීමේ අරමුණින් කර ඇති බව ද මෙරට සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය දත යුතුය. එමෙන්ම මෙරට නළු නිළියන්ගේ විවිධ විගඩම් ඇතුළත් දර්ශන කිහිපයක්‌ ද අන්තර්ජාලයේ සැරිසැරීම රටට හිතකර නොවේ. අඩුතරමින් තමන්ගේ අනවශ්‍ය ඡායාරූපයක්‌ හෝ අන්තර්ජාලයේ සැරිසරනවා නම්, එය ඉවත්කරවා ගැනීමට තරම් මෙරට නළු නිළියන්ට බුද්ධියක්‌ නැති බවත් අප හොඳාකාරවම දනිමු. මන්ද ප්‍රකට හින්දි හා ද්‍රවිඩ නිළියන්ගේ අසභ්‍ය ඡායාරූප ගෙඩිපිටින් අන්තර්ජාලයේ ඇති අතර, ඇතැම් ප්‍රකට හින්දි නිළියන් ඒවායේ පෙනී නොසිටි අතර, ඔවුන්ගේ මුහුණ පමණක්‌ යොදා ඒවා සකස්‌ කර ඇති බව දැක්‌වේ. කෙසේ වුවත් මෙරට අමන ගැහැනු මිනිසුන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි ද අන්තර්ජාලයේ සැරිසරන බවත්, ඒවාට පෙනී සිටින අමනයන් අල්ලා ගැනීමට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ කරන බවත් වාර්තා විය.

    ජංගම දුරකථනවලට අන්තර්ජාල පහසුකම් ලබාදීම පාසල් සිසුන් හා තරුණ කොටස්‌ අතරේ ඉතාමත් භයානක අන්දමින් අසැබි දේ පැතිරවීමට එක්‌ හේතුවකි. කුරුණෑගල හා රටේ වෙනත් ප්‍රදේaශවල ළමුන් ජංගම දුරකථන ඔස්‌සේ අසභ්‍ය දේවල් බැලීමට යොමු වී ඇති බවත්, පසුව ළමුන්ගෙන් දුරකථන උදුරාගත් ගුරුවරු හා අවසානයේ විදුහල්පති එම දර්ශන නැරැඹීමට තරම් අද අප රටේ ගුරුගෝල සාදාචාරය ඉහළ ගොස්‌ ඇති බවටත් වරක්‌ පුවත්පත් හි පළවිය. ළමයකුට විද්‍යා පොතක්‌, පාසල් පොතක්‌ හා කුණුහරුප පොතක්‌ යන පොත් තුනක්‌ ලබා දී, ළමයා ඉන් විද්‍යා හා පාසල් යන පොත් දෙක පමණක්‌ කියවති යි යන්න, බුද්ධිය යන්තමින් හෝ තිබෙන කෙනකුට සිතිය නොහැක. පරිගණකය යනු ඊටත් එහා ලොව ඇති ඕනෑම අසභ්‍ය දෙයක්‌ මොහොතකින් ළඟා කරගත හැකි උපකරණයකි. එය ළමයකුගේ නිවසේ, පාසලේ හෝ වැඩිහිටියකුගේ කාර්යාලයේ ඇති විට, ළමයකු නම් අසම්මත ජීවන චරිතයකට ළඟාවීමටත්, වැඩිහිටියකු නම් අසම්මත සබඳතා දක්‌වා ගොස්‌ පවුල් දිවිය පවා කෙළවරවීමටත් හේතුවකි. ඇතැම් විට ළමුන් දූෂණය කිරීම, ස්‌ත්‍රීන් දුෂණය කිරීම, අසම්මත සබඳතා ඇති කර පවුල් සබඳකම් බිඳ දැමීමට උපදෙස්‌ පවා අන්තර්ජාලයෙන්ම නොමිලයේ ලබාගත හැක.

    අන්තර්ජාල පහසුකම් මෙරටට ලැබ ගෙවීගිය පසුගිය වසර 10-15 අතර කාලයේ දී බොහෝ විට එය පරිහරණය කළ ඉහළ සමාජ පන්තියේ සහ නාගරික හා අර්ධ නාගරික ලංකා සමාජයේ දික්‌කසාදවීම් බහුලවීමට එය ද ප්‍රධාන හේතුවක්‌ වූ බවට අප අනුමාන කරමු. මේ වන විට ඇතැම් බැංකුවල පෝරම පිරවීමේ දී යමෙකු විවාහක ද, නැති ද, දික්‌කසාද ද යන්න පවා ප්‍රශ්න කිරීමට තරම් මෙරට සදාචාරය ඉහළ ගොස්‌ ඇත.

    බුදු දහමට අනුව යමෙක්‌ අපාගත වීමේ විවිධ ක්‍රියා පැහැදිලිව දක්‌වා ඇත. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නෙකුට එවැනි පස්‌පව් පිරෙන ඕනෑම ක්‍රියාවක්‌ කිරීමේ උපදෙස්‌ ද, එවැනි දෑ කළ අයගේ අත්දැකීම් ද (ප්‍රසිද්ධ පුවත්පතක පළකිරීමට පවා නොහැකි දේ) නොමිලේම ලබාගත හැකි බව අපගේ නිරීක්‍ෂණයට ලක්‌විය. මන්ද ලොව සිටින අමනයන් බහුතරය බුදු දහමින් පෝෂණය වූවන් නොවේ. මෙරට සාරධර්ම ගැන දෙසන බකපණ්‌ඩිතයන්ට තවම අන්තර්ජාලයෙන් සිදුවන අනතුර නොපෙනී ඇතිවාක්‌ සේය. අප අදහස නම් 21 වැනි සියවස ආරම්භයේ දී මෙරට ආක්‍රමණය කළ භයානකම උපද්‍රවය මද්‍යසාර, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය නොව අන්තර්ජාලයයි. මන්ද සෙසු ද්‍රව්‍ය ඇත්තේ සීමිත පිරිසක්‌ අතරය. නමුත් අන්තර්ජාලය ලොකු කුඩා, උගත් නූගත්, ළමා මහලු, ශීල දුශ්ශීල සෑම අයෙකු වෙතටම බාධාවකින් තොරව පිsවිසිය හැකි හෝ නිවසකටම ගෙන්වා ගත හැක.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ළමයකු ප්‍රවෘත්ති නැරැඹීම සඳහා ඊගඊගC සේවය වෙත හෝ යමෙකු මෝටර් කාර් නැරඹීම සඳහා ඊගඵගඋ රථ තෝරා ගැනීමේ දී යම් ආකාරයකින් එක්‌ අකුරක්‌ හෝ වැරැදියට එබුණොත් පිවිසිය හැක්‌කේ, කිසිවෙකුත් බලාපොරොත්තු නොවන තරම් දූෂිත වෙබ් අඩවියකටය. එවැනි දේ ලොව පුරා සෑමතැනම සිදුවී ඇත. සිදුවිය හැක. අන්තර්ජාලයෙන් හඳුනාගන්නා මිතුදම් ද කෙළවර වන්නේ එවැනි දෙයකින් විය හැක. තවදුරටත් අප අමනයන් විලසින් අන්තර්ජාලයෙන් රටට හානියක්‌ වන තෙක්‌ බලාසිටිය යුතු ද යන්න විමසිය යුතුය. ශ්‍රී ලංකාවේ පාසල්වල Sජයදදක බැඑ කියා වෙබ් අඩවියක්‌ ඇත. නමුත් ඒ හරහා ද අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසිය හැකි බවට දැක්‌වේ.

    රජය වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමාපට නාමිකව තහනම් කරන ලදී. නමුත් අන්තර්ජාලය පැතිරී ඇති අන්දම බලනවිට, වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමා පට රජය විසින් සියලුම වයස්‌ කාණ්‌ඩවලට නොමිලයේ පෙන්වනවාටත් වඩා දැඩි හානියක්‌ කරමින් අන්තර්ජාලය මගින් අසභ්‍ය දර්ශන කුඩා කොලුකුරුට්‌ටාගේ සිට මහල්ලා දක්‌වා සැමට මොහොතක්‌ මොහොතක්‌ පාසාම නැරැඹිය හැක. දැනට දශකයකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක්‌ වූ සීනමා පට සඳහා බහුලව තරුණ කොටස්‌ ඇදී ගියත්, අන්තර්ජාලය පැමිණි පසු වැඩිහිටියන්ට පමණක්‌ වූ සීනමා පට සඳහා බහුලව මැදි වයසේ හා මහලු පිරිමි සිනමාහල් කරා ඇදීයන බව පෙනීයන්නේ, තරුණ කොටස්‌ එම අවශ්‍යතාව අන්තර්ජාලයෙන් ඉටු කර ගන්නා හෙයිනුත්, මහල්ලන් බහුතරය අන්තර්ජාලයේ ඇති දෙය නොදන්නාකම හෝ එය භාවිත කිරීමේ නොහැකියාවක්‌ ඇති පිරිසක්‌ බව පෙනෙනා හෙයිනි.

    මෙයට ගත හැකි පිළියම කුමක්‌ද? කළ යුතු දේ නම් අන්තර්ජාල සබඳතා මෙරටට වැදීම නතර කිරීමයි. දෙවනුව අසභ්‍ය දර්ශන සියල්ල නිත්‍ය සේවක මඬුල්ලක්‌ ලවා ශෝධනය කර අන්තර්ජාල සේවාව මෙරටට ගෙන්වා ගැනීමයි. දැනටත් බහුතරයක්‌ මුස්‌ලිම් රටවල් එය කරන අතර, Faජැ ඊදදන වෙබ් අඩවිය තහනම් කිරීමට ද පකිස්‌තානය ආදී රටවල් පියවර ගෙන ඇත. ඉරාකයේ ඇමරිකානු යුද කඳවුරු තුළ ඇති අන්තර්ජාල පහසුකම්වල අසභ්‍ය දර්ශන ලබාගත නොහැකි බවට අපගේ මෙම පරීක්‍ෂණයේදී වාර්තා විණි. එයට එක්‌ හේතුවක්‌ විය හැක්‌කේ, අසභ්‍ය දර්ශන නරඹා සොල්දාදුවන්ගේ මනස විකෘති නොවීමට ඇමෙරිකානු රජය පියවර ගෙන තිබීම විය හැක.

    තවද අන්තර්ජාල පහසුකම් අවශ්‍යම නම්, ගොන්නුන්ට පුන්නක්‌කු ලබාදෙන්නාක්‌ මෙන් එය රටේ සෑම තැනම ව්‍යාප්ත නොකර, අධ්‍යාපන ආයතන, සරසවිවලට ආදියට පමණක්‌ ශෝධනය කළ අන්තර්ජාල සේවය ලබාදිය යුතුය.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ලිව්ව ලියුම් කරුවාගේ අදහස් ගොඩදෙනෙක් පිළිගන්න අකමැති වෙයි
     

    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    Wouldn't it be easier to filter website per-computer basis?
    Some things that might not be suitable for one person will be suitable for others(depends on the way you look at things.). If the TRC(government organization) starts to monitor the world wide web and filter the 'inappropriate' sites we can be almost certain that they will filter anti-government web sites in time.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    This is ridiculous. The writer of this article wants to ban Internet on behalf of the culture. I don't know whether people accept that kind of outrageous and extremist ideas
     

    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    meekee anthimata kiyalaa thiyana kathaawa tharam gon kathaawak mama jeewitheetama ahalaa nee... meewaa nikan mooda talks witharai.. oowaa kawuruth gahanne neee..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    meekee anthimata kiyalaa thiyana kathaawa tharam gon kathaawak mama jeewitheetama ahalaa nee... meewaa nikan mooda talks witharai.. oowaa kawuruth gahanne neee..

    තවද අන්තර්ජාල පහසුකම් අවශ්‍යම නම්, ගොන්නුන්ට පුන්නක්‌කු ලබාදෙන්නාක්‌ මෙන් එය රටේ සෑම තැනම ව්‍යාප්ත නොකර, අධ්‍යාපන ආයතන, සරසවිවලට ආදියට පමණක්‌ ශෝධනය කළ අන්තර්ජාල සේවය ලබාදිය යුතුය.


    machan වදුරා දැලි පිහියෙන් කනවා කියල පිහිය අයෙඉන් කරන්න ඕනිද ?

    net use karana awun danaganna oni aka hariyata use karanna...
    nathuwa okkoma thanam karanna giyoth ahema mokuth nathwenwa...

     

    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    එස්‌. එච්. පෙරේරා
    (සමාජීය විද්‍යාඥ හා නීතිවේදී)

    who is this fucking idiot. ?.. why did the editor of diwayina let this idiot to post this ?... (specially that last part?).... this is the problem with our educated assholes.. they think they know everything coz they have a fucking BA degree..

     
    • Like
    Reactions: EYE