මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නි‍ව‍න්‍ දැ‍කී‍ම‍ ය‍න්‍නු‍, ස‍ස‍ර‍ ම‍ග‍ කෙ‍ල‍ව‍ර‍කො‍ට‍ ආ‍ත්‍ම‍ය‍ක‍ අ‍ව‍ස‍න්‍ ව‍ක‍වා‍නු‍ව‍යි‍... ඉ‍දි‍ක‍ටු‍ හි‍ඩැ‍සි‍න්‍ ඇ‍ත් රා‍ජ‍යෙ‍කු‍ ග‍ම‍න්‍ ග‍නා‍ක්‍මෙ‍න්‍, අ‍ප‍ ආ‍ත්‍ම‍ය‍න්‍ පි‍රි‍සි‍දු‍ව‍, සැ‍දැ‍හැ‍ සි‍ති‍න්‍ යු‍තු‍ව‍, වි‍ද‍ද‍රා‍ ගැ‍නී‍ම‍ හා‍ අ‍ව‍බෝ‍ධ‍ ක‍ර‍ ගැ‍නී‍ම‍ නි‍ර්‍වා‍න‍ය‍ට‍ හෙ‍තු‍ ව‍ස‍නා‍ වෙ‍වා‍...............!!!!!!!!!!!!!!!!!
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කථාව නම් ඇත්ත..

    ඒත් පිළිම වහන්සේලාගේ වෙනස් වීමට හේතුව නම් ඒක නෙමෙයි.. ඒකට හේතුව අනිත් රටවල් වලින් ආපු කලාශිල්ප(විශේෂ්යෙන්ම පොළොන්නරු යුගයෙන් පස්සෙ ) අපේ කලාශිල්ප එක්ක අනුබද්ධ වීම.. ඔය දෙනෙත් විවර සoකල්පය තියෙන්නෙ දෙවියන්ගෙ..වඳිනකෙනාට අමුතු හැඟීමක් ඇති කරන්න දේවරුප වල ඇස් ඔවුන් දිහාවට යොමු කරපු විදියට ඒවා අඹන එක තමයි වෙන්නෙ..

    අනිත් එක කලාකරුවන් හැමදෙනාම එක විදියට දක්ෂතා තියෙන පුද්ගලයො නෙමේ..
    පිළිම වහන්සේලා ඇඹීම.. ඒක එක් එක් කලාශිල්පියාගෙ හැකියාවත් ඒවගේම පරිසරයත් අනුබද්ධව යන දෙයක්

    අපිට සෝලියස් මැන්දිස්ලා හිටියෙ එක්කෙනයි... අපි ඒක දන්න උදාහරණයක්..
    අපිට ඒවගේ චිත්‍ර වෙන කොහේවත් දකින්න නෑ.. හැබැයි එතුමාටත් ගෝලයො හිටියා..ඔවුන් එතුමා වගේ වුනානම් අද අපි කැළණියට ගිහින් බලන චිත්‍ර, වෙන පන්සලකින් බලන්න තිබුණා..

    අනික ඒකෙන් කියවෙන්නෙත් බුදුදහම දේශනා කරන් අනිත්‍යතාවයම තමයි..

    බුදු දහමද ඒ ඒ රටවල සංස්කෘතියන්ගෙන් බලපෑම් උනා. කලා ශිල්ප වෙනස් වූයේ ඒ ඒ රටවල ආක්‍රමණ නිසා ඒ සංස්කෘතිය මුල් බැහැ ගත් නිසා. ඉතින් කළාවට මෙන්ම දහමටද බමුණු වෘත එක් උනා. අද පවතින් බුදු දහම = බුදු දහම + බමුණු දහම. ඉතින් බමුණු දහමේ ප්‍රභලත්වයෙන් බුදු දහම ගොඩක්ම යටපත් උනා. ඒක අකමැත්තෙන් වුවද පිලිගන්න වෙනවා අපිට. උදාහරනනම් මට කෝටියකින් ඔප්පු කරන්න පුළුවන්. ඒ මා මේ ත්‍රෙඩ් පෝස්ට් මඟින් තහවුරු කර නිර්මල දහම මතුකොට දැක්වීමට කැමැත්තෙමි.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කතාව ඇත්ත......... බුදු දහම සහ දෙව සන්කල්පය.. කාතාකරන්න තරන්වත් වටිනාකමක් නැති බෞද්ධ දර්ශණය ලහින් තියන්න හිතන්නවත් බැරි නැති තරම් පහත් මාතෘකවක්, මොකද අපි පින් දෙන්න ඕනේ අය බුදු පිලිම වටේ තියාගෙන බුදු පහන පත්තු කරල යදින නාමික බෞද්ධ රැලක් තමයි දැන් වැඩි හරියක් ඉන්නෙ.... මුකුත් ඕනේ නැ

    Natthi me saranam annam,
    Buddo me saranam varam

    No other refuge do I seek,The Buddha is my matchless Refuge.

    atta hi attano natho ko hi natho paro siya
    attana'va sudantena nathaj labhati dullabhaj

    One is indeed one's own lord. What other lord would there be?
    With oneself well restrained, one will obtain the lord that is so hard to get

    ඔය ටික කිය කියා කොහොමද දේවාල ගානේ යන්නේ අපේ අය.....? හිතලා බලන්න. අනික බෞද්දයෙක් නම් බුදු සරණ, බුදු මග හැර අන් සරණක් තමන්ට නැහැයි කියල පිලිහන්න ඕනෙ නේ යාලු, එතකොටනේ අපි සම්‍යක් දෘශ්ඨික වෙන්නේ, ඒ උනාට අපි මහ ලොකුවට අනිත් ආගම් මිත්‍යා දෘශ්ඨිකයි කියල කියනවා, නමුත් ඒ සැම ආගමකම අය පිලිගන්නේ තමන් අදහන දෙවියන් විතරයි නේද....? එතකොට සම්‍යක් දෘශ්ඨික කියාගන්න අපිම කොච්චර නම් මිත්‍යා දෘශ්ඨිකයිද කියල හිතේනවා,

    බලන්න යාලු, අපේ වාහනය කතරගම දේයියන්ට, පොඩි ඒකා පත්තිනිට, අකුරු කියවන්නේ අලියෙක් (ගණ), සල්ලි ටික ගම්භාරට, ඉන්න ගෙදර බහිරවයට, තරහකාරයින්ව කාලිට, කසාදය සීතට, සන්ගීතය සරස්වතීට, තව කොච්චරද යාලු.....

    මට සතුටුයි, යථාවබෝධය කියන්නේ මෙන්න මේකට. :yes::yes::yes:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    නි‍ව‍න්‍ දැ‍කී‍ම‍ ය‍න්‍නු‍, ස‍ස‍ර‍ ම‍ග‍ කෙ‍ල‍ව‍ර‍කො‍ට‍ ආ‍ත්‍ම‍ය‍ක‍ අ‍ව‍ස‍න්‍ ව‍ක‍වා‍නු‍ව‍යි‍... ඉ‍දි‍ක‍ටු‍ හි‍ඩැ‍සි‍න්‍ ඇ‍ත් රා‍ජ‍යෙ‍කු‍ ග‍ම‍න්‍ ග‍නා‍ක්‍මෙ‍න්‍, අ‍ප‍ ආ‍ත්‍ම‍ය‍න්‍ පි‍රි‍සි‍දු‍ව‍, සැ‍දැ‍හැ‍ සි‍ති‍න්‍ යු‍තු‍ව‍, වි‍ද‍ද‍රා‍ ගැ‍නී‍ම‍ හා‍ අ‍ව‍බෝ‍ධ‍ ක‍ර‍ ගැ‍නී‍ම‍ නි‍ර්‍වා‍න‍ය‍ට‍ හෙ‍තු‍ ව‍ස‍නා‍ වෙ‍වා‍...............!!!!!!!!!!!!!!!!!

    මසුරන් වදනක්, "ආත්මය" වෙනුවට "භවය" යන වචනය යෙදුවානම් තවත් මසුරන්.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බුදු දහමද ඒ ඒ රටවල සංස්කෘතියන්ගෙන් බලපෑම් උනා. කලා ශිල්ප වෙනස් වූයේ ඒ ඒ රටවල ආක්‍රමණ නිසා ඒ සංස්කෘතිය මුල් බැහැ ගත් නිසා. ඉතින් කළාවට මෙන්ම දහමටද බමුණු වෘත එක් උනා. අද පවතින් බුදු දහම = බුදු දහම + බමුණු දහම. ඉතින් බමුණු දහමේ ප්‍රභලත්වයෙන් බුදු දහම ගොඩක්ම යටපත් උනා. ඒක අකමැත්තෙන් වුවද පිලිගන්න වෙනවා අපිට. උදාහරනනම් මට කෝටියකින් ඔප්පු කරන්න පුළුවන්. ඒ මා මේ ත්‍රෙඩ් පෝස්ට් මඟින් තහවුරු කර නිර්මල දහම මතුකොට දැක්වීමට කැමැත්තෙමි.

    බමුණු දහමින් යටපත් උනා කියන එක නම් පිළිගන්න බෑ..
    ඒක කරානම් ඒක කරගෙන තියෙන්නෙ වර්ථමාන සමාජය විසින්, තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහාම විතරයි...

    බුදුහාමුදුරුවො ඉන්දියාවේ පහළ වුන කාලේදි, දරුණු විදියට මුල් බැහැපු ආගම් තිබුණා..ඒ බමුණොත් සැනසීම හොයන්නට විවිධ භාවනා ක්‍රම,යෝගී ක්‍රම භාවිතා කළා.. බුදුහාමුදුරුවො කළේ ඒවා නිසි විධියට නිර්වාණයම අරමුණු කරල පෙලගැස්වීම..
    මම මේ කියන්න උත්සාහ කරන්නෙ බුද්ධාගම බමුණු ආගමක් කියන එක නම් නෙමේ.

    හැබැයි උන්වහන්සේ ඒ ආගම් වල තිබුණ හොඳ දේවල් වලට හොඳයි කිව්ව.
    උදාහරණයක් කියනවනම් "වස් වැසීම" ආරම්භ වුනේ නිඝණ්ඨනාථපුත්‍ර බුදුරජාණන්වහන්සේ සමග කරපු සoවාදයකින් පස්සෙ..

    මෙච්චර අනර්ඝ දහමක් දේශනා කරලත්, අදටත් ඉන්දියාවේ ඔය ඔක්කොම ආගම තාමත් තියෙනවා..
    අනික බුදුහාමුදුරුවො ඉන්දියාවෙම පහළ වෙන්න එක හේතුවක් තමයි ඔය බමුණු මතවාද තියෙන එක. දන්නව ඇතිනෙ, බුදුකෙනෙකුන් පහළ වෙන්නෙ ඉන්දියාවේ විතරමයි කියල.

    බුදුරජාණන් වහන්සේ අනිත් ආගම්වල තිබුණ හොඳ දේ එකතුකරල තියෙනවා.
    හැබැයි අද වගෙ පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට නම් නෙමේ..

    හැමවිටම නිර්වාණයම අරමුණු කරගෙන විතරයි..

    අනාගත වoශය කියන පොතේ බුදුදහම අනාගතයේදි නැතිවෙන්න බලපාන කරුණු ඉතාම ලස්සනට දේශනාකරලා තියෙනවා..
    බුදුහාමුදුරුවො බොහොම පැහැදිලිව දේශනාකරනවා ධර්මය විකෘති කරන පුද්ගලයින් මොනවගේද ඒක කරන්නේ කියල..
    ඒ වගේම මතුබුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේදි නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම්, මොනවද කළයුත්තේ කියලත් උන්වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා..
     
    බුදුන් ජීවමානව ඉන්නකන් ඉතින් දහම දහම ලෙසටම පැවතුනා, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සුභද්‍රගේ අභද්‍ර වචනත් එක්ක මොනාඩ වෙන්න ගියේ කියල දන්නවනේ. සැරියුත්, ආනන්ද, කාෂ්‍යප රහතන් වහන්සේලත් ඉන්නකන්ම ඉතින් ඇදගෙන ගියා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවාටත් පසු වෙච්චි දේ හිතා ගන්න අකමැතිනම්, අමාරුනම් බුද්ධගයාව කෝවිලක් උන හැටි මතක් කරගන්න.

    ප්‍රාර්ථනාව කියනවට වඩා අධිෂ්ඨානය කියන වචනය ව්ටිනවා. මෛත්‍රි බුදුන් දවස නිවන් දකින්න අධිෂ්ඨාන කරන එක හොඳයි. (ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ප්‍රර්ථනාව ). රිස්ක් එක තමයි එදවසට ඉතින් අපාගත හෝ තිරිසන් ලොව ඉපදුනොත් මෙතේ බුදුන්ගේ හෙවනැල්ලවත් දකින්න හම්බවෙන බැරි වෙන එක.

    බුද්ධ රශ්මිය හරියට හොයාගෙන ඒ රශ්මියෙන් සිත උණුසුම් කරගන්න. මෙහිදී සිත උණුසුම් කරගන්නවාය කියා කිව්වේ සිත "ප්‍රභාෂ්වර" කර ගැනීමයි. එනම් නිවනයි! අපේ මිනිස්සු අද කරන්නේ බුද්ධ රශ්මිය කියල වෙන එකක් බදාගෙන ගත උණුසුම් කරගන්න එකයි.

    ඒකවත් හරි හැටියට නොදැනෙන්නේ මෝහය නිසයි. ඉතින් තමාගේ මෝහය ගැනද හරි හැටි අවබෝධයක් ලබන්නත් ණුවන ඩිංගිත්තක් හරි තියෙන්න ඕනනේ.

    ප්‍රාර්ථනාව සහ අධිෂ්ඨානය අතර වෙනස

    ප්‍රාර්ථනාව : යම් පිනක් කර මතු භවයකදී අහවල් අහවල් දේවල් ලැබේවා! ඉෂ්ඨ සිද්ධ වේවා! කියල අනාගතයට භාර දෙන එක. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

    අධිෂ්ඨානය : මා අනාගතයේදී එනම් මතු භවයේදී මේ දෙය ඉෂ්ඨ සිද්ධ කරගැනීමට වීර්ය වඩනවා (මෙන්න මෙතකොටයි පාරමීත් පිරෙන්නේ, පාරමී කියන්නේ නිවනට දරනේ. )

    බෝසතාණන් වහන්සේගේ මව කළ ප්‍රාර්ථනාව "පුතේ උඹ බුදු වේවා!" අධිෂ්ඨානයෙන් වීර්ය කොට උත්සහ කරපු නිසයි බෝසතානන් බුදු උනේ.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මම ලස්සන කථාවක් කියන්නම්කෝ යථාවබෝධය මතුවෙන්නත් එක්ක

    අනුරාධපුර යුගයේදී නෙළු බුදු පිළිම ශාන්ත ගතියකින් යුක්ත විය, එහෙත් නුවර යුගයට පැමිණෙත්ම අඩවන් වූ බුදුපිළිමවල දෙඇස් සම්පූර්ණයෙන්ම විවෘත විය. රෞද්‍ර පෙනුම ගත්තේය. ඉතින් යුගයෙන් යුගය නෙළු බුදු පිළිම මිනිසුන්ගේ අවශ්‍යතාවය අනුව නෙළුයේ නම් ධර්මය ගැන අද මොන කතාද?

    අද ධර්මයද මිනුසුන්ගේ පෘථක්ජන අවශ්‍යතාවය මත වෙනස් කර අතු ගා තිබේ. නිර්මල ධර්මය අහන්නවත් පිනක් නැති මිනිසුනේ මේ බව අවබෝධවන්නේ කවදාද?

    අනුරපුරයේ සමාදි ප්‍රතිමාවේ ශාන්ත බව

    anuradhapura_samadhi_statue.jpg

    නුවර යුගයේ පිලිමවල රෞද්‍රබව

    images

    මෙන්න මේකයි පෘථක්ජන ස්වභාවය, යථාර්තය ඒ සැටියෙන් දක්නට නොහැකිබව හෙවත් යථාවබෝධ ඥාණය නොමැතිබව. ඥාණය නොමැතිනම් කෙසේ මෙය අවබෝධකරන්නද. පෘථක්ජන මිනිස්සුන්ගේ සිත් වල ස්වභාවයනේ. ඉතින් පෘථක්ජනයන්ගේ පැත්තෙන් සාදාරණයි එහෙම සිතන එක. ඉතින් පාරමී මඳකමින් සංසාරේ දුක් සයුරේ පීනන්නන් හට කියන්නේ පාරමීවත් පුරාගන්න කියල.

    සථ්‍ය ඒ සැටියෙන්ම අවබෝධකළ තැනැත්තාට මේ සෑම දෙයක්ම නිරවුල්ව පහදා දිය හැක. අනවබෝධය ඇති තැනැත්තා අධ්‍යාත්මය කියා දකින්නේ පරණ බමුණන්ගේ වෘත. අද බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් බමුණු දහමට යටත්ව පන්සලේ දේවාලයකුත් හදාගෙන. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕනෙ අපි, එහෙත් අපි දෙවියන්ගෙන් පින් ගන්න යනවා.
    siravatama machan .......ape samahara harak buduhamuduruvontath vada deviyanta vadinna thamai pansal yanne.......:angry::angry:.....but මාගේ එකම ශාස්තෘන්වහන්සේ බුදුරජාණන් වහන්සේය......!!!
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    බුදුන් ජීවමානව ඉන්නකන් ඉතින් දහම දහම ලෙසටම පැවතුනා, සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සුභද්‍රගේ අභද්‍ර වචනත් එක්ක මොනාඩ වෙන්න ගියේ කියල දන්නවනේ. සැරියුත්, ආනන්ද, කාෂ්‍යප රහතන් වහන්සේලත් ඉන්නකන්ම ඉතින් ඇදගෙන ගියා. උන්වහන්සේලාත් පිරිනිවන් පෑවාටත් පසු වෙච්චි දේ හිතා ගන්න අකමැතිනම්, අමාරුනම් බුද්ධගයාව කෝවිලක් උන හැටි මතක් කරගන්න.

    ප්‍රාර්ථනාව කියනවට වඩා අධිෂ්ඨානය කියන වචනය ව්ටිනවා. මෛත්‍රි බුදුන් දවස නිවන් දකින්න අධිෂ්ඨාන කරන එක හොඳයි. (ඔයගොල්ලන්ගේ භාෂාවෙන් ප්‍රර්ථනාව ). රිස්ක් එක තමයි එදවසට ඉතින් අපාගත හෝ තිරිසන් ලොව ඉපදුනොත් මෙතේ බුදුන්ගේ හෙවනැල්ලවත් දකින්න හම්බවෙන බැරි වෙන එක.

    මූලික කරුණු ගැන එකඟයි..

    බුදුන්සරණ යෑම කියන්නේ පිළිම වහන්සේලා ගැන සෙවිමවත්.. බුද්ධධර්මය තමන්ගේ වචන වලින් හරි...බුද්ධාගම විද්‍යාවත් එක්ක සසඳලා බුදුහාමුදුරුවො දේශනාකරපු දේ ඔප්පුකරන්න යන එකවත් නෙමේ..
    බුදුදහම විනාශ වෙන්නට පටන්ගන්නේත් එවැනි දේවල් වලින් බව උන්වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට දේශනාකරනවා (අනාගත වoශය - පිටුව 61)
    උතුම් නිර්මල බුදුදහම පවත්නා කාලයන් ඒ ඒ බුදුවරුන් අනුව වෙනස් වෙනවා..ගෞතම බුදුරජාණන් වහන්සේත් තමන්ගේ දහම මේ ලෝකධාතුවේ කොපමණ කලක් පැතිරී තිබෙනවාද යන්නත් උන්වහන්සේ පරිනිර්වාණයට ප්‍රථමයෙන් දේශනා කොට වදාළා.. ඒවගේම මෙකපට අවසාන බුදුන් වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආයු කාලයද දේශනාකොට වදාළා.
    සැරියුත්. මුගලන්, මහාකාෂ්‍යප වැනි මහාතෙරවරුන් අද නැතිඋනත් බුද්ධධර්මය ලෝකධාතුවේ පවත්නාතාක් ලෝකය රහතුන් වහන්සේලාගෙන් ශේෂ වෙන්නෙ නැහැ කියල බුදුරජාණන් වහන්සේ වදාළා

    පන්සල් ගිහින් බුදුන් වැඳ ඒ පින් මාගේ නිර්වාණයටම හේතූ වේවායි ප්‍රාර්ථනා කරන ඉන්නෙ බොහොම සුළුපිරිසයි..
    අනිත් අය ප්‍රාර්ථනා කරන්නේ බොහෝවේලාවට තවකාලික සුවයන් හෝ ආශාවන් පමණක්ම විතරයි

    බුදුකෙනෙකුන් දකින්නට නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා මනුෂ්‍ය ලොකේයේ බුදු කෙනෙකුන් පහළවන කාලයකම ඉපදීම නම් අනිවාර්යයි..

    බුදුකෙනෙකුන් දකින්නට වරම් ලැබෙන අය ගැන උන්වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට මේ විදියට දීර්ඝ දේශනාවක් කරනවා..
    (අනාගත ව0ශය පිටු178-179)එය අවසාන වෙන්නෙ මෙහෙමයි

    "තවද ඒ මෛත්‍රය සර්වඥයන් වහන්සේ දකුම්හයි පතා යටත් පිරිසෙයින් එක මල්මිටක්, එක පහණක්, එක බත් ආලෝපයක් පමණ දන්දුන්නෝද, ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්මය අනුන්කළ පින් සමසිතින් සතුටුව අනුමෝදන් වුවෝත් ඒ මෛත්‍රීය සර්වඥයන් වහන්සේ දකිත්මය.
    තවද ඒ බුද්ධෝත්පදයෙහි උපදමොවයි පතා කුසල් කළ දිව්‍යමනුෂයෝද, ඒ මෛත්‍රීය සර්වඥයන් වහන්සේ දකිත්මය. ඒ දිව්‍යමනුෂයෝද, මෛත්‍රීසර්වඥයන්ගෙන් ධම්මය අසා මාර්ගඵලයට පැමිණෙන්නාහුය..
    එසේ හෙයින් නුවණැත්තාවූ සියළු සත්ත්වයෙනි! පඤ්චශීල-දශශීල-කෝටියක් සoවරශීලාදී වශයෙන් ශීලසoරක්ෂණය කරමින් උතුම් වු බඹසරවස් රක්ෂාකරව්"

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    Mamath Oya kathawata Podi Adahasak ekathu karanna kamathi.... Budun wahansege parinirwanayen awrudu 400 ta passe thamai Palamu Budu pilimaya niramanaya wela thiyenne... e kiyanne param para 5kata withara passe....

    Budu pilima nirmanaya kala kalaa shilipiyo thamage shradhdhawa.. ha thamage dakshathawa thamai Pilimayakata athulath karala thiyenne... Kale yanawath ekka eka eka yuga waladhi E e kalaa shilpiyange dakshathawayath... sradhdhawath wenas wenawa... E hinda thamai Yugayen Yugayata Pilima Wenas wenne... Ehema nathuwa Budu dahame wenasak nemei.... anith eka Budu pilimayak kiyanne Budu dahama nemei...
     
    බුදුපිළිමයක් දිහා බලල බුද්ධාගම ගැන කියන්න නම් කොහෙත්ම බැහැ..ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..එහෙනම් ඒක ලොකු පටලැවීමක්...

    ඒත් ඔබ නොදන්න යමක් එකතුකලාට තරහවෙන්න එපා..

    මුල්ම බුදුපිළිම වහන්සේ නිර්මාණය කලේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කාලයේමයි.. උන්වහන්සේ මාතෘදිව්‍ය රාජයාට 3න් මසක් අභිධර්මය දේශනාකරන්නට දෙව් ලොවට වැඩිය වෙලාවේ උදේනි රජු විසින් මහාමුගලන් මහරහතන් වහන්සේගෙන් කරනු ලබන ඉල්ලීමකට අනුව තමයි ඒක සිද්ධ වෙන්නෙ.

    මුගලන් මහ රහතන් වහන්සේ ස්වකීය සෘද්ධිබලයෙන් ශිල්පියෙකු දෙව්ලොවට ගෙනගොස් උන්වහන්සේගේ විශිෂ්ඨ දේහලක්ෂණයන් බැලීමට සලස්වා උන්වහන්සේගේ ශරීර පරිමාණයට සමාන වු සඳුන් ප්‍රතිමාවක් කළ බව අටුවාවල දැක්වෙනවා..

    මේ පිළිම වහන්සේ පාහියන් භික්ෂුවත්, හියු සියන් භික්ෂුවත් දැක බලගත් බව උන්වහන්සේලගේ දේශාඨන වාර්ථා වල කියවෙනව.. අදටත් මේ පිළිම වහන්සේ ශ්‍රාවස්තිපුරයේ (සැවැත්නුවර ) තැම්පත්ව ඇතිබවත් කියවෙනවා..
     
    sakyaold

    Member
    Feb 15, 2011
    52
    10
    0
    ලංකාව හම්බයෝ අල්ල ගන්න කල්ම උඹලා පිළිම වල ඇදේ හොය හොය ඉඳපල්ලා
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සහතික ඇත්ත, කටින් නමස්කාරය කියලා පන්සිල් ගත්තම බෞද්ධයා කියලා හිතාගෙන ක්‍රියාකරන එක මෝඩකමක්,
    බෞද්ධයෙක් වෙන්නේ ක්‍රියාවෙන් එය පිලිපැදීමෙන්.
    anna kathaaawa elakiri!:yes:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ලංකාව හම්බයෝ අල්ල ගන්න කල්ම උඹලා පිළිම වල ඇදේ හොය හොය ඉඳපල්ලා

    කුමන ජාතියක වුවත් මනුස්සයෙකුට බනින එක නෙමෙයි යුතුකම. ඔහුව මිත්‍යාවෙන් ගොඩගන්න උදව් කරන එක. අපිත් මැරිලා හම්බයෝ වෙලා ඉපදෙන්නත් පුලුවන්. මතකනේ "ගූ කාපන්" කියල එක භවයක දෙස් තියූ හිමිනමකට මේ භවයේ ගූ කන්න වෙච්ච කතාව. ඒ කතාව දන්නේ නැත්තන් දන්න කෙනෙක්ගෙන් අසා දැනගන්න. වචනය පරිස්සමෙන්!

    අපේ දහම නැති කරන්න හදන්නේ වෙන අය නෙමෙයි, අපේම අය. ඉතින් කාටවත් එහෙම හිංසනයක් වෙන විදියට බනින්න එපා. බුදු දහමේ කොතැනකවත් කියල නැහැ කාටවත් මෙහෙම බනින්න කියලා.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මම එක දෙයක් කියන්නම්. පොතේ තියෙන දේ ගැන දෙවරක් තුන්වරක්, එහෙමත් නැත්තන් දස දහස් වාරයක් කියවා පරමාර්ථය තේරුම් ගන්න. එහෙම නැතුව පොත මතුපිටින් කියවා දෙන අර්ථකථන සත්‍ය ඒවා නොවේ. සෑම දම් පදයකටම පරමාර්ථයක් ඇත. අපේ පෘථක්ජනයන් දම් පද දකින්නේ සම්මුතියෙනි. සම්මුතිය යනු පෘථක්ජන මනසට ඝෝචරවන අයුරින් දම් පද අර්ථවත් කොට දැක්වීමයි. අප ධර්මය තේරුම් ගත යුත්තේ සම්මුතියෙන් නොව පරමාර්ථයෙනි. මා මේ කියන දෙය නොවැටහෙන්නෝ බොහෝමයි. මට මේක හරි හැටි විස්තර කරන්න දැන් වේලාවක් නැහැ. පසුව මට මතක් උනොතින් නිදහස් වෙලාවකට විස්තර කරන්නම්. කවුරුහරි මතක් කෙරුවොත් ඔහුට පින්.