එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දීම සදහා Mahinda 2015-2020 යනුවෙන් අපූරු ෆේස් බුක් පිටුවක් එළිදක්වා තිබේ.මෙහි විශේෂත්වය වන්නේ මෙම පිටුවේ මහින්ද රාජපක්ෂ මහතා අගයන සහ ඔහුට සිය ඡන්දය භාවිතා කරන බවට පවසමින් අදහස් දක්වන බහුතරය ඉන්දියානුවන් වීමයි.එමෙන්ම එවැනි අැතැම් අදහස් දැක්වූ පුද්ගලයන් මහින්ද රාජපක්ෂ මහතා ඇමතීමට මහින්ද ජී වැනි ඉන්දියානු ස්වරූපයේ ආමන්ත්රණ ද භාවිත කර තිබේ.එමෙන්ම මෙම ලිපිය ලියන මොහොත වන විට මෙම පිටුවට සිය මනාපය පලකර ඇති පුද්ගලයින් සංඛයාව 60796 ක් වන අතර ඉන් ශ්‍රී ලාංකිකයන් සිටින්නේ 6469 වන අතර එය පිටුවේ සමස්ත මනාප සංඛ්‍යාවෙන් 10.7% ක ප්රතිශතයකි.මෙම පිටුවට 89.3% ක් වූ සෙසු මනාප පල කර ඇති පුද්ගලයන් සිටින රටවල් වන්නේ ඉන්දියාව,බ්‍රසීලය,තුර්කිය,ඉක්වදෝරය,කොලොම්බියාව,ඉක්වදෝරය වැනි රටවල් 40 කි.
අප කළ සොයාබැලීමකදි අනාවරණය වූයේ මෙම ෆේස්බුක් පිටුව රාහුල් ගුප්තා නම් ඉන්දියානු දැන්වීම්කරණයේ දැවැන්තයෙකුගේ සමාගමක් විසින් කළමනාකරණය කරන බවයි.වත්මන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රචාරණ ව්‍යපෘතිය භාරව ද කටයුතු කල රාහුල් ගුප්තා මෙවර මහින්ද රාජපක්ෂ මහතාගේ සමාජ ජාල සහ අන්තර්ජාල ප්‍රචාරණ කටයුතු වල වගකීම දරා සිටියි.ඔහු විසින් සිය ව්‍යාපෘතිය සදහා www.srilankatimes.net යනුවෙන් වෙබ් අඩවියක් ද ආරම්භ කර ඇති අතර ජංගම දුරකථන Apps කිහිපයක්ද එළි දක්වා ඇත.මහින්ද රාජපක්ෂ මහතා සමග සෙල්ෆි පිංතූර ගත හැකි ඇන්ඩ්‍රොයිඩ් App එක මින් විශේෂත්වයක් උසුලන අතර Google Play store හි දත්ත අනුව එය මේ වන විට ලංකාවේ මිලියන ගනනක් වනSmart දුරකතන පාවිච්චි කරන්නන් අතරින් 50-100 අතර වැනි විශාල සංඛ්‍යාවක් Download කර ගෙන ඇත.
Mahinda 2015-2020 පිටුවේ ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ ඊට සිංහලෙන් අදහස් දක්වා ඇති ලාංකිකයන්ගේ අදහස් වල හාස්‍යජනක ස්වාභවයයි.එම පිටුවේ ඇති අපූරු අදහස්

Last edited: