රාජ් සෝමදේව මහත්තයා ගැන නොකියා මම කියන්නන් ඔය conflict එක ගැන මගේ අදහස මොකද්ද කියන එක.
මතක විධියට දැනට අවුරුදු 3නකට විතර කලින් තිබ්බ conference එකක්. ඕකට ආව පිටරටක maths ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ අලුත්ම research findings එක්ක. එයා මැත්ස් ටික explain කරන්න ගත්තේ විනාඩි 15ක් වගේ ඉතුරු ටික ඔක්කොම කිව්වේ ඕක හොයාගත්තා හැටි. එයාගේ ගමේ හරක් පට්ටි ගොඩක් තියෙනවා.එයා ඔව්ව නිකන් ඉන්න වෙලාවට බලාගෙන ඉන්නවා කිව්ව. මෙහෙම ඉන්නකොට එයාට හරක් ටික problem එකක් ආවා වෙලාවට හරක් පාලනය කරන කෙනා හසුරවන හැටි දැකලා තමා ඔය research එක කරලා තිබ්බෙ ඒ මිනිස්සු පාරම්පරික දෙනුමකින් එක කරනවා කියල තමා කිව්වේ. (වෙන දැනුම පද්ධතියකි තවත් දැනුම පද්තකියකට අවශ්‍ය දැනුම ලබාගන්නවා)
පොඩිම පොඩි දෙයක්. ඒ උනාට හොයාගෙන තිබ්බ දේ ගොඩක් වටිනවා.
ඕක එක්ක මම කල්පනා කරේ නලින්ද සිල්වා ගැන එයාත් ඔය විධියටම අවට තියෙන දේවල් තමන්ගේ රටේ තියෙන දේවල් වලින් ප්‍රවාද ඉදිරිපත් කරනවා. ඒ උනාට ඒව ඇයි මේ වගේ වෙන්නේ නැත්තේ කියන ඒක.
පලවෙනිම කාරනාව තමා අපි ඉන්නේ අනන්‍යතා අර්බුදයක අපිට හරියටම කියාගන්න බැරි වෙලා තියෙනවා සිංහලූ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටකට කියන එක.කොටසක් ශ්‍රී ලාංකික කොටසක් සිංහල. අපිට එක පැත්තකින් ජාන වලින්ම ආව උරුමයක් තියෙනවා දැනුම පද්ධතියක් තියෙනවා ඒ උනාට කවුරුවත් හරියට ඒ මොකද්ද කියලා දන්නේ නෑ. පෙළ කැඩිලා දැනුම විතරක් ඉතුරු වෙලා( spellbinder එකේ වෙලා තිබ්බ එක). ඒ නිසා ලේසියෙන්ම conspiracy theory හදනවා. සමහර කොටස් එහෙට මෙහෙට කරාම වැඩ කරනවා ඒත් පැහැදිලි කරගන්න බෑ කොහොමද වැඩ කරන්නේ කියල.
දෙවැනි එක අපේ රටේ මිනිස්සු තමන්ගේ මතවාද අදහන්න පටන් ගන්නවා. ඒක ඕනිම විෂයකට පොදු දෙයක්. එතනින් එහාට තවත් දැනුමක් තියෙන්න බෑ 100% තිබ්බොත් එක මිත්‍යාවක් වගේ මතයකට ඉක්මනට එනවා.එහෙම උනාම වෙන්නේ ඔය මුලින් කිව්වා වගේ දෙයක් වෙන දැනුම පද්ධතියකින් අරගෙන තවත් එකකට Apply කරපු අයට නිර්දය විදියට attack කරනවා තමන් එහෙම දේවල් වලට නොයා ඉන්නවා.
දැන් ඔය දේවල් දෙක එක්ක නලින්ද සිල්වා, මෙතුමා වගේ අය එහෙම අදහස් ප්‍රකාෂ කරද්දී ඔය දෙක එක්කම ගැටෙනවා. එකක් තමන්ගේ ඇතුලෙන් අනික එළියෙන්.
මම දන්නේ නෑ මටත් එහෙම වෙලාද නැද්ද කියලා. ඒත් මම ගොඩක් වෙලාවට මම දන්නේ නැත්නං එක පිළිගන්නේ නෑ ඒත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. උදාහරණයක් විදියට රාවණා මම පිළිගන්නේ නෑ. ඒ උනාට විජයට කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බ සහ මිනිස්සු හිටිය දියුණු සමාජයක් තිබ්බ කියල පිළිගන්නවා පිළිගත හැකි සාක්ෂි තියෙන නිසා. ඒත් රාවණාව ප්‍රතික්ෂෙප කරන්නෙත් නෑ මොකද මම දන්නේ නැති දේවල් තියෙන්න පුළුවං නිසා.
ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ. කියන්නේ ඇත්තේම තව වර්ෂන් එකක්. ඇත්ත කොච්චර ඒ කියන ප්‍රකාශය ඇතුලේ තියෙනවද කියලා හොයාගන්න එක තමන්ගේ වැඩක් කියල තමා මම හිතන්නේ.
සත්‍ය කියන දේ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් තමා. නමුත් එකම කන්ටෙක්ස්ට් එකකදි සත්‍ය දෙකක් තියෙන්න පුලුවන්ද ?ඒක ගැන හෙළයෙක් ප්‍රියකරන බට්‍රම් ග්‍රෙගරි ලියනගේගෙ අදහසක් මෙතන සඳහන් කලොත්.
"For this inevitable inquiry,
Samādhirāja-sutra, a Mahayana text, discusses these two aspects of Buddha’s teachings and brings in the concept of two truths;
neyyattha represents conventional truth (
saṃvṛtisatya) and
nītattha ultimate truth (
paramārthasatya). Does this mean two layers of truth? No! The revelation is a bit surprising. When Buddha says “truth is one, there is no second” he refers to a simple logical concept; given that P is true in one context P cannot be ~P in the same context.
- Is Buddhism a Consistent Philosophical System? by Bertram Gregory Liyanage.
ආන්න ඒ නිසා තමා ග්‍රීන්තන්ඩර්ට ප්‍රශ්නය පැන නගින්නෙ. ටිටිජේ දාපු වීඩියෝ දෙකේ පැහැදිලිව සඳහන් කරනවානෙ සෝමදේව මහත්මයා පාලි සංස්කෘත ව්‍යාකරණ නොසලකා හරිනවා, ඉතිහාස ග්‍රන්ත ප්‍රකාශ මගහැරලා යනවා ප්‍රවීණයෙක් තමන්ගෙ විෂයපථය තුල නොකල යුතු ආකාරයට ප්‍රකාශ කරනවා ආදී වශයෙන්. ඉතිහාස ග්‍රන්ත පැත්තකට දැමුවත් භාශාව සම්බන්දයෙන් තිබෙන ශාස්ත්‍රීය පදනම අතාරින්න පුලුවන්ද. මට මහාචාර්ය සෝමදේවව හෙලා දකින්න අවශට නැහැ. නමුත් එතුමන්ලා වගේ අය අපි වගේ සාමාන්‍ය උදවිය නෙමෙයිනේ. විශාරදයෙක් ප්‍රවීණයෙක් දෙයක් ප්‍රකාශ කලොත් අපි බොහෝදෙනෙක් තිබෙන විශ්වාසය නිසා පිලිගන්නවානෙ. ඕපී විඩියෝවෙ සෝමදේව මහතා සඳහන් කරනවා වගේ "ඩොක්ටර් කීවොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා, අපි අහන්න යන්නෙ නැහැනෙ "ඔයා එහෙම කියන්නෙ ඇයි ? කෝ දෙන්න බලන්න රිපෝට්, මම MBBS කරලා ඇඩ්මිට් වෙන්නම්" කියල. අපිට එහෙම කරන්න හැකියාවකුත් නැහැනෙ. ශ්‍රද්ධාව මත පදනම් වෙලා ගිහින් අපි ගිහින් ඇඩ්මිට් වෙනවා.
ඉතින් ඒ ඔස්සෙ හිතනකොට මට මෙතනදි එතුමා ගැන තිබෙන විශ්වාසය පලුදු වුනා කියන එක තමා හිතෙන්නෙ. හෙළයෙක්ගෙන් දැනගන්න උවමනා වෙලා තිබුනේ එතුමා කොහේ හරි මේවාට පිළිතුරු සපයලා හෝ නිවැරදි කිරීම් කරලා තියනවාද, කරලා නම් ඒවාට පිලිගැනීමක් ලැබුණාද යන්න. අදහසට ස්තූතියි.