මෝඩ යූටියුබ් කාරයෝ සමාජය ගෙනියන පැත්ත

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    මෙයාගෙ pseudo science ගැන දැනගන්න ඕන නම් මේක බලන්න... මේ Dr සහ තව Dr විජිත හේරත් කියලා කැලණියේ Dr ලා දෙන්නෙක් මෙයා කියන ඒව විද්‍යාත්මක නෑ කියාල කරුණු ඇතිව කියනවා...

    ඒ වගේ විෂය දාන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න මග ඇරලා පැනල ගිහින් නෙත් එකේ පත්තර මල්ලි එක්ක බයියෝ form කරනවා...

    බොහොම ස්තුතියි මේ විඩියෝ දෙකට.
     
    • Like
    Reactions: ttj and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    sddefault.jpg

    sddefault.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බොහොම ස්තුතියි මේ විඩියෝ දෙකට.
    ඔය වැඩසටහනේ තව වීඩියෝ තියනවා ඔය channel එකේ... ඒවත් බලන්න... මම තව එකක් දැම්මා එක පළවෙනි කතාවේ දෙවෙනි කොටස...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    ඔය වැඩසටහනේ තව වීඩියෝ තියනවා ඔය channel එකේ... ඒවත් බලන්න... මම තව එකක් දැම්මා එක පළවෙනි කතාවේ දෙවෙනි කොටස...

    විඩීයෝ එකක් බැලුවා. දැනන් හිටියෙ නැහැ රාජ් සෝමදේවට මෙහෙම චෝදනා තිබෙන බව. එතන කතාකරන අනෙක් මහාචාර්ය වරු දෙදෙනාගෙ විඩියෝ තිබෙන "මහා විහාරයේ අපි" කියන යූටිබ් චැනල් එක නම් බලලා තිබුනා කලින්. ඒ දෙදෙනා ගැන ග්‍රීන්තන්ඩර්ගෙ මට්ටමින් පැහැදිලා හිටියෙ.

    Edited

    රාජ් සෝමදේව මහතා මේ චෝදනා වලට ප්‍රතිචාරයක් කරලා තියද? ඒ සම්බන්ධව ලිපි හෝ විඩියෝ තියද ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Raj Somadewage projects walata fund karana non-profit organisation ekak thiyenawa "Heritage Force Sri Lanka" kiyala, eeka start kare Australia inna doctor kenek, den 3 weeks walata kalin, eeke fundrasing program ekak giya ratawal 17 ekama welawe, mata mathaka hetiyata Au $ 41000+ ekathu una within 3 hours.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රාජ් සෝමදේව මහතා මේ චෝදනා වලට ප්‍රතිචාරයක් කරලා තියද? ඒ සම්බන්ධව ලිපි හෝ විඩියෝ තියද ?
    දන්න විදිහට රාජ් සෝමදේව ඔය චෝදනා වලට පිළිතුරු දීලා නෑ... ඔය වැඩසටහන උනත් ඒක පාර්ශවීය දේශනයක් විදිහට සංවිධානය කරපු එකක් නෙවෙයි... ඕකට සෝමදේවට ආරාධනා කරලා තිබුණා විවාදයකට... ඒකට ඇවිල්ලා නෑ...

    ඔතනින් එහාට මම හොයලා නෑ... මොකද ආචාර්ය අරුණ කියන සරල කරුණුත් වරද්දනවා කියන්නේ හිතා මතාම ඉතිහාසය කියලා ප්‍රබන්ධ ඉදිරිපත් කරනවා කියලයි මට හිතන්නේ...

    ලංකාවේ ඉතිහාසය දැනට පිළිගත් දෙයින් වෙනස් වෙන්න පුළුවන් ඒත් ඒක යම්කිසි පිළිගත් ක්‍රමවේදයකට තහවුරු කරන්න ඕන... නැතුව තියන ප්‍රවාදය වෙනුවට තවත් ප්‍රබන්ධයක් ඉදිරිපත් කරන ඒක තේරුමක් නෑ...
     
    පැහැදිලියි. මේක සිදුවෙලා තියෙන්නෙ මීට අවුරුදු තුනකට කලින් නේ ? එතන ඉඳන් මේ වෙනකම් රාජ් සෝමදේව මහතා ප්‍රතිචාරයක්, අඩුතරමේ ඒක පාර්ශවික පැහැදිලි කිරීමක් වත් නොකර තිබීම ගැටළු සහගතයි තමා. ග්‍රීන්තන්ඩර් උනත් ඔය නෙත් FM Unlimited History වැඩසටහන විවිධ අයට රෙකමන්ඩ් කරලා තියනවා. අවස්ථාවක් ලැබුනොත් අහනවා. මේක පැහැදිලිව දැනගත්ත එක හොඳයි.

    අපි උනත් පාඨකයො විදිහට දැනට ප්‍රසිද්ධ/ස්ටැබ්ලිශ්ඩ් මතයක් වෙනුවට කියවපු නව මතයක් ඉදිරිපත් කරනවනම් ඒ මතය ගෙනාපු විද්වතා/මූලාශ්‍ර ( ක්‍රෙඩිබිලිටිය/ශ්‍රාස්ත්‍රීයද යන්න) නම් කරල කතාකරන්න ඕනෙ කියලා හිතනවා.

    එහෙම නැතිව තමන්ගෙම මතයක් නම් ඒ මතයට හේතුසාදක දැනට පිළිගත් මතයන්හී කොයි කොයි තැනද කොහොමද තියෙන්නෙ කියන එක පෙන්වන්න පුලුවන් නම් ඒ ගැන වැඩිදුර හොයන්න කැමති අයෙක්ට පහසුවක් උපකාරයක් වගේම නිවැරදි අදහස් හුවමාරුවකුත් සිදුවෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: NRTG and ttj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,798
    113
    අර ජයන්ත පතිරාජ කියන පිස්සා තමයි මේ සේරටම මුල

    ඒ උනාට උටත් හෙන අනුගාමිකයෝ සෙට් එකක් ඉන්නවා ලෝකේ පුරා. පොරට කන්න බොන්න පවා සල්ලි දෙන්නේ උන්.
     
    • Like
    Reactions: NRTG and rangana26

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    @හෙළයෙක් මේ ගැන මොකද හිතන්නෙ. හෙළයෙක් මේවා ගැන උනන්දුයි, ටච් එකේ ඉන්නවා සහ සමබරව අදහසක් දක්වන්න පුලුවන් කියල හැඟෙන නිසයි අහන්නේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    @හෙළයෙක් මේ ගැන මොකද හිතන්නෙ. හෙළයෙක් මේවා ගැන උනන්දුයි, ටච් එකේ ඉන්නවා සහ සමබරව අදහසක් දක්වන්න පුලුවන් කියල හැඟෙන නිසයි අහන්නේ.
    Somadewa මොකක්ද kiyanne dan me gana
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    Somadewa මොකක්ද kiyanne dan me gana

    පැහැදිලි මදි ?

    ග්‍රීන්තන්ඩර් ලොකුවට මේවා ගැන හොයලා නැහැ. සාමාන්‍ය ශ්‍රවකයෙක් විදිහට නෙත් FM වැඩසටහන අවස්ථාවක් ලැබෙන විදිහට අහනවා පමණයි. එතනදි විශ්වාසයක් තිබුණා එතුමා ප්‍රකාශ කරන දෙවල් වලට ශාස්ත්‍රීය පදනමක් තියනවා කියලා.

    එහෙම නැතිව හිතලු, ඒ කියන්නෙ විද්වත් සම්මත ක්‍රම වලට පටහැනිව තමන්ට අවශ්‍ය විදිහට වචන වලට අර්ථ ගන්වලා, ඉතිහාස ග්‍රන්ථය වල එන පැහැදිලි ප්‍රකාශ මග හැරලා ඔහුගෙ මතය තහවුරු කරන්න හදනවා කියල දැනගත්තම පිලිගැනීමක් දෙන්න විශ්වාසයක් තියන්න අපහසුයිනෙ.

    ග්‍රීන්තන්ඩර්ගෙ ප්‍රශ්නයත් ඔහු මේ ගැන දැන් කියන්නෙ මොකක්ද කියන එකම තමා...
     
    Last edited:
    • Like
    Reactions: ttj and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,534
    113
    @හෙළයෙක් මේ ගැන මොකද හිතන්නෙ. හෙළයෙක් මේවා ගැන උනන්දුයි, ටච් එකේ ඉන්නවා සහ සමබරව අදහසක් දක්වන්න පුලුවන් කියල හැඟෙන නිසයි අහන්නේ.
    රාජ් සෝමදේව මහත්තයා ගැන නොකියා මම කියන්නන් ඔය conflict එක ගැන මගේ අදහස මොකද්ද කියන එක.

    මතක විධියට දැනට අවුරුදු 3නකට විතර කලින් තිබ්බ conference එකක්. ඕකට ආව පිටරටක maths ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ අලුත්ම research findings එක්ක. එයා මැත්ස් ටික explain කරන්න ගත්තේ විනාඩි 15ක් වගේ ඉතුරු ටික ඔක්කොම කිව්වේ ඕක හොයාගත්තා හැටි. එයාගේ ගමේ හරක් පට්ටි ගොඩක් තියෙනවා.එයා ඔව්ව නිකන් ඉන්න වෙලාවට බලාගෙන ඉන්නවා කිව්ව. මෙහෙම ඉන්නකොට එයාට හරක් ටික problem එකක් ආවා වෙලාවට හරක් පාලනය කරන කෙනා හසුරවන හැටි දැකලා තමා ඔය research එක කරලා තිබ්බෙ ඒ මිනිස්සු පාරම්පරික දෙනුමකින් එක කරනවා කියල තමා කිව්වේ. (වෙන දැනුම පද්ධතියකි තවත් දැනුම පද්තකියකට අවශ්‍ය දැනුම ලබාගන්නවා)
    පොඩිම පොඩි දෙයක්. ඒ උනාට හොයාගෙන තිබ්බ දේ ගොඩක් වටිනවා.

    ඕක එක්ක මම කල්පනා කරේ නලින්ද සිල්වා ගැන එයාත් ඔය විධියටම අවට තියෙන දේවල් තමන්ගේ රටේ තියෙන දේවල් වලින් ප්‍රවාද ඉදිරිපත් කරනවා. ඒ උනාට ඒව ඇයි මේ වගේ වෙන්නේ නැත්තේ කියන ඒක.

    පලවෙනිම කාරනාව තමා අපි ඉන්නේ අනන්‍යතා අර්බුදයක අපිට හරියටම කියාගන්න බැරි වෙලා තියෙනවා සිංහලූ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටකට කියන එක.කොටසක් ශ්‍රී ලාංකික කොටසක් සිංහල. අපිට එක පැත්තකින් ජාන වලින්ම ආව උරුමයක් තියෙනවා දැනුම පද්ධතියක් තියෙනවා ඒ උනාට කවුරුවත් හරියට ඒ මොකද්ද කියලා දන්නේ නෑ. පෙළ කැඩිලා දැනුම විතරක් ඉතුරු වෙලා( spellbinder එකේ වෙලා තිබ්බ එක). ඒ නිසා ලේසියෙන්ම conspiracy theory හදනවා. සමහර කොටස් එහෙට මෙහෙට කරාම වැඩ කරනවා ඒත් පැහැදිලි කරගන්න බෑ කොහොමද වැඩ කරන්නේ කියල.

    දෙවැනි එක අපේ රටේ මිනිස්සු තමන්ගේ මතවාද අදහන්න පටන් ගන්නවා. ඒක ඕනිම විෂයකට පොදු දෙයක්. එතනින් එහාට තවත් දැනුමක් තියෙන්න බෑ 100% තිබ්බොත් එක මිත්‍යාවක් වගේ මතයකට ඉක්මනට එනවා.එහෙම උනාම වෙන්නේ ඔය මුලින් කිව්වා වගේ දෙයක් වෙන දැනුම පද්ධතියකින් අරගෙන තවත් එකකට Apply කරපු අයට නිර්දය විදියට attack කරනවා තමන් එහෙම දේවල් වලට නොයා ඉන්නවා.

    දැන් ඔය දේවල් දෙක එක්ක නලින්ද සිල්වා, මෙතුමා වගේ අය එහෙම අදහස් ප්‍රකාෂ කරද්දී ඔය දෙක එක්කම ගැටෙනවා. එකක් තමන්ගේ ඇතුලෙන් අනික එළියෙන්.

    මම දන්නේ නෑ මටත් එහෙම වෙලාද නැද්ද කියලා. ඒත් මම ගොඩක් වෙලාවට මම දන්නේ නැත්නං එක පිළිගන්නේ නෑ ඒත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. උදාහරණයක් විදියට රාවණා මම පිළිගන්නේ නෑ. ඒ උනාට විජයට කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බ සහ මිනිස්සු හිටිය දියුණු සමාජයක් තිබ්බ කියල පිළිගන්නවා පිළිගත හැකි සාක්ෂි තියෙන නිසා. ඒත් රාවණාව ප්‍රතික්ෂෙප කරන්නෙත් නෑ මොකද මම දන්නේ නැති දේවල් තියෙන්න පුළුවං නිසා.

    ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ. කියන්නේ ඇත්තේම තව වර්ෂන් එකක්. ඇත්ත කොච්චර ඒ කියන ප්‍රකාශය ඇතුලේ තියෙනවද කියලා හොයාගන්න එක තමන්ගේ වැඩක් කියල තමා මම හිතන්නේ.
     
    සත්‍ය කියන දේ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් තමා. නමුත් එකම කන්ටෙක්ස්ට් එකකදි සත්‍ය දෙකක් තියෙන්න පුලුවන්ද ?ඒක ගැන හෙළයෙක් ප්‍රියකරන බට්‍රම් ග්‍රෙගරි ලියනගේගෙ අදහසක් මෙතන සඳහන් කලොත්.

    "For this inevitable inquiry, Samādhirāja-sutra, a Mahayana text, discusses these two aspects of Buddha’s teachings and brings in the concept of two truths; neyyattha represents conventional truth (saṃvṛtisatya) and nītattha ultimate truth (paramārthasatya). Does this mean two layers of truth? No! The revelation is a bit surprising. When Buddha says “truth is one, there is no second” he refers to a simple logical concept; given that P is true in one context P cannot be ~P in the same context.
    - Is Buddhism a Consistent Philosophical System? by Bertram Gregory Liyanage.

    ආන්න ඒ නිසා තමා ග්‍රීන්තන්ඩර්ට ප්‍රශ්නය පැන නගින්නෙ. ටිටිජේ දාපු වීඩියෝ දෙකේ පැහැදිලිව සඳහන් කරනවානෙ සෝමදේව මහත්මයා පාලි සංස්කෘත ව්‍යාකරණ නොසලකා හරිනවා, ඉතිහාස ග්‍රන්ත ප්‍රකාශ මගහැරලා යනවා ප්‍රවීණයෙක් තමන්ගෙ විෂයපථය තුල නොකල යුතු ආකාරයට ප්‍රකාශ කරනවා ආදී වශයෙන්. ඉතිහාස ග්‍රන්ත පැත්තකට දැමුවත් භාශාව සම්බන්දයෙන් තිබෙන ශාස්ත්‍රීය පදනම අතාරින්න පුලුවන්ද. මට මහාචාර්ය සෝමදේවව හෙලා දකින්න අවශට නැහැ. නමුත් එතුමන්ලා වගේ අය අපි වගේ සාමාන්‍ය උදවිය නෙමෙයිනේ. විශාරදයෙක් ප්‍රවීණයෙක් දෙයක් ප්‍රකාශ කලොත් අපි බොහෝදෙනෙක් තිබෙන විශ්වාසය නිසා පිලිගන්නවානෙ. ඕපී විඩියෝවෙ සෝමදේව මහතා සඳහන් කරනවා වගේ "ඩොක්ටර් කීවොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා, අපි අහන්න යන්නෙ නැහැනෙ "ඔයා එහෙම කියන්නෙ ඇයි ? කෝ දෙන්න බලන්න රිපෝට්, මම MBBS කරලා ඇඩ්මිට් වෙන්නම්" කියල. අපිට එහෙම කරන්න හැකියාවකුත් නැහැනෙ. ශ්‍රද්ධාව මත පදනම් වෙලා ගිහින් අපි ගිහින් ඇඩ්මිට් වෙනවා.

    ඉතින් ඒ ඔස්සෙ හිතනකොට මට මෙතනදි එතුමා ගැන තිබෙන විශ්වාසය පලුදු වුනා කියන එක තමා හිතෙන්නෙ. හෙළයෙක්ගෙන් දැනගන්න උවමනා වෙලා තිබුනේ එතුමා කොහේ හරි මේවාට පිළිතුරු සපයලා හෝ නිවැරදි කිරීම් කරලා තියනවාද, කරලා නම් ඒවාට පිලිගැනීමක් ලැබුණාද යන්න. අදහසට ස්තූතියි.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අර ජයන්ත පතිආරච්චි කියන පිස්සා තමයි මේ සේරටම මුල

    සෙල්ලිපිය කියවන්න කියල බලාගෙන මුගේ වීඩියෝ බලන උන්ට මුගේ අමුඩේ තමයි බලන්න වෙන්නේ

    අපෝ මේ හුකන්න නම් පට්ට පිස්සෙක්.
    මුගේ වටේ ඉන්නවා හෙන සෙට් එකක මු කියන ඒවා විස්වාස කරන,.
     
    • Wow
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,534
    113
    සත්‍ය කියන දේ කන්ටෙක්ස්ට් ඩිපෙන්ඩන්ට් තමා. නමුත් එකම කන්ටෙක්ස්ට් එකකදි සත්‍ය දෙකක් තියෙන්න පුලුවන්ද ?ඒක ගැන හෙළයෙක් ප්‍රියකරන බට්‍රම් ග්‍රෙගරි ලියනගේගෙ අදහසක් මෙතන සඳහන් කලොත්.

    "For this inevitable inquiry, Samādhirāja-sutra, a Mahayana text, discusses these two aspects of Buddha’s teachings and brings in the concept of two truths; neyyattha represents conventional truth (saṃvṛtisatya) and nītattha ultimate truth (paramārthasatya). Does this mean two layers of truth? No! The revelation is a bit surprising. When Buddha says “truth is one, there is no second” he refers to a simple logical concept; given that P is true in one context P cannot be ~P in the same context.
    - Is Buddhism a Consistent Philosophical System? by Bertram Gregory Liyanage.
    මම එක කිව්වේ සත්‍යයන් දෙකක් තියෙන්න පුළුවං කියන්න නෙවෙයි. එක් එක මත වලින් අපිට සමහර කොටස් බැහැර කරන්න වෙනවා කියන්න. Fabricate කරා කියල සම්පුර්නයෙන්ම අහක දාන්න බෑ කියන ඔක්කොම. අපිට අමුතුවෙන් පැරිස්සන් වෙන්න වෙනවා කියන එක තමා මගේ අදහස.

    ආන්න ඒ නිසා තමා ග්‍රීන්තන්ඩර්ට ප්‍රශ්නය පැන නගින්නෙ. ටිටිජේ දාපු වීඩියෝ දෙකේ පැහැදිලිව සඳහන් කරනවානෙ සෝමදේව මහත්මයා පාලි සංස්කෘත ව්‍යාකරණ නොසලකා හරිනවා, ඉතිහාස ග්‍රන්ත ප්‍රකාශ මගහැරලා යනවා ප්‍රවීණයෙක් තමන්ගෙ විෂයපථය තුල නොකල යුතු ආකාරයට ප්‍රකාශ කරනවා ආදී වශයෙන්. ඉතිහාස ග්‍රන්ත පැත්තකට දැමුවත් භාශාව සම්බන්දයෙන් තිබෙන ශාස්ත්‍රීය පදනම අතාරින්න පුලුවන්ද. මට මහාචාර්ය සෝමදේවව හෙලා දකින්න අවශට නැහැ. නමුත් එතුමන්ලා වගේ අය අපි වගේ සාමාන්‍ය උදවිය නෙමෙයිනේ. විශාරදයෙක් ප්‍රවීණයෙක් දෙයක් ප්‍රකාශ කලොත් අපි බොහෝදෙනෙක් තිබෙන විශ්වාසය නිසා පිලිගන්නවානෙ. ඕපී විඩියෝවෙ සෝමදේව මහතා සඳහන් කරනවා වගේ "ඩොක්ටර් කීවොත් ගිහින් ඇඩ්මිට් වෙන්න කියලා, අපි අහන්න යන්නෙ නැහැනෙ "ඔයා එහෙම කියන්නෙ ඇයි ? කෝ දෙන්න බලන්න රිපෝට්, මම MBBS කරලා ඇඩ්මිට් වෙන්නම්" කියල. අපිට එහෙම කරන්න හැකියාවකුත් නැහැනෙ. ශ්‍රද්ධාව මත පදනම් වෙලා ගිහින් අපි ගිහින් ඇඩ්මිට් වෙනවා.

    ඉතින් ඒ ඔස්සෙ හිතනකොට මට මෙතනදි එතුමා ගැන තිබෙන විශ්වාසය පලුදු වුනා කියන එක තමා හිතෙන්නෙ. හෙළයෙක්ගෙන් දැනගන්න උවමනා වෙලා තිබුනේ එතුමා කොහේ හරි මේවාට පිළිතුරු සපයලා හෝ නිවැරදි කිරීම් කරලා තියනවාද, කරලා නම් ඒවාට පිලිගැනීමක් ලැබුණාද යන්න. අදහසට ස්තූතියි.
    ඔව් මම දන්නවා ඇහුව එයා ගැන තමා කියල. මගේ අදහස කිව්වේ ඇයි එහෙම බොරු හදන්නේ කියන එකට. මම ගොඩක් වෙලාවට දැන් කාවවත් ෆුල්ම ෂුවර් කරන්නේ නැත්තේ ඕක නිසා.

    ඔහොම්ම වැඩක් පරණවිතානත් කරලා තියෙනවා. කුරුසයක් ගැන. එකෙන් තමා තේවත්ත පල්ලියේ ඔය මුගලන් පලවෙනි ක්‍රිස්තියානි රජතුමා කියන්නේ. එයා කියන අන්තරාය ලිපි දැකපු වෙන කවූර්වත් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    රාජ් සෝමදේව මහත්තයා ගැන නොකියා මම කියන්නන් ඔය conflict එක ගැන මගේ අදහස මොකද්ද කියන එක.

    මතක විධියට දැනට අවුරුදු 3නකට විතර කලින් තිබ්බ conference එකක්. ඕකට ආව පිටරටක maths ප්‍රොෆෙසර් කෙනෙක් එයාගේ අලුත්ම research findings එක්ක. එයා මැත්ස් ටික explain කරන්න ගත්තේ විනාඩි 15ක් වගේ ඉතුරු ටික ඔක්කොම කිව්වේ ඕක හොයාගත්තා හැටි. එයාගේ ගමේ හරක් පට්ටි ගොඩක් තියෙනවා.එයා ඔව්ව නිකන් ඉන්න වෙලාවට බලාගෙන ඉන්නවා කිව්ව. මෙහෙම ඉන්නකොට එයාට හරක් ටික problem එකක් ආවා වෙලාවට හරක් පාලනය කරන කෙනා හසුරවන හැටි දැකලා තමා ඔය research එක කරලා තිබ්බෙ ඒ මිනිස්සු පාරම්පරික දෙනුමකින් එක කරනවා කියල තමා කිව්වේ. (වෙන දැනුම පද්ධතියකි තවත් දැනුම පද්තකියකට අවශ්‍ය දැනුම ලබාගන්නවා)
    පොඩිම පොඩි දෙයක්. ඒ උනාට හොයාගෙන තිබ්බ දේ ගොඩක් වටිනවා.

    ඕක එක්ක මම කල්පනා කරේ නලින්ද සිල්වා ගැන එයාත් ඔය විධියටම අවට තියෙන දේවල් තමන්ගේ රටේ තියෙන දේවල් වලින් ප්‍රවාද ඉදිරිපත් කරනවා. ඒ උනාට ඒව ඇයි මේ වගේ වෙන්නේ නැත්තේ කියන ඒක.

    පලවෙනිම කාරනාව තමා අපි ඉන්නේ අනන්‍යතා අර්බුදයක අපිට හරියටම කියාගන්න බැරි වෙලා තියෙනවා සිංහලූ කියන්නේ මෙන්න මේ වගේ කට්ටියටකට කියන එක.කොටසක් ශ්‍රී ලාංකික කොටසක් සිංහල. අපිට එක පැත්තකින් ජාන වලින්ම ආව උරුමයක් තියෙනවා දැනුම පද්ධතියක් තියෙනවා ඒ උනාට කවුරුවත් හරියට ඒ මොකද්ද කියලා දන්නේ නෑ. පෙළ කැඩිලා දැනුම විතරක් ඉතුරු වෙලා( spellbinder එකේ වෙලා තිබ්බ එක). ඒ නිසා ලේසියෙන්ම conspiracy theory හදනවා. සමහර කොටස් එහෙට මෙහෙට කරාම වැඩ කරනවා ඒත් පැහැදිලි කරගන්න බෑ කොහොමද වැඩ කරන්නේ කියල.

    දෙවැනි එක අපේ රටේ මිනිස්සු තමන්ගේ මතවාද අදහන්න පටන් ගන්නවා. ඒක ඕනිම විෂයකට පොදු දෙයක්. එතනින් එහාට තවත් දැනුමක් තියෙන්න බෑ 100% තිබ්බොත් එක මිත්‍යාවක් වගේ මතයකට ඉක්මනට එනවා.එහෙම උනාම වෙන්නේ ඔය මුලින් කිව්වා වගේ දෙයක් වෙන දැනුම පද්ධතියකින් අරගෙන තවත් එකකට Apply කරපු අයට නිර්දය විදියට attack කරනවා තමන් එහෙම දේවල් වලට නොයා ඉන්නවා.

    දැන් ඔය දේවල් දෙක එක්ක නලින්ද සිල්වා, මෙතුමා වගේ අය එහෙම අදහස් ප්‍රකාෂ කරද්දී ඔය දෙක එක්කම ගැටෙනවා. එකක් තමන්ගේ ඇතුලෙන් අනික එළියෙන්.

    මම දන්නේ නෑ මටත් එහෙම වෙලාද නැද්ද කියලා. ඒත් මම ගොඩක් වෙලාවට මම දන්නේ නැත්නං එක පිළිගන්නේ නෑ ඒත් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. උදාහරණයක් විදියට රාවණා මම පිළිගන්නේ නෑ. ඒ උනාට විජයට කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බ සහ මිනිස්සු හිටිය දියුණු සමාජයක් තිබ්බ කියල පිළිගන්නවා පිළිගත හැකි සාක්ෂි තියෙන නිසා. ඒත් රාවණාව ප්‍රතික්ෂෙප කරන්නෙත් නෑ මොකද මම දන්නේ නැති දේවල් තියෙන්න පුළුවං නිසා.

    ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන්නේ නෑ. කියන්නේ ඇත්තේම තව වර්ෂන් එකක්. ඇත්ත කොච්චර ඒ කියන ප්‍රකාශය ඇතුලේ තියෙනවද කියලා හොයාගන්න එක තමන්ගේ වැඩක් කියල තමා මම හිතන්නේ.

    ඔතන පැහැදිලි වෙනසක් තියනවා

    මැත් prof හරක් කතාව තමන්ගේ finding එක ඔප්පු කරන්න පාවිච්චි කරන්නේ නෑ, ඒක අතුරු කතාවක් විතරයි. හරක් කතාව සම්පුර්ණයෙන් අයින් කරත් finding එකේ validity එකට සත පහක වෙනසක් නෑ.

    නලියා සහ උගේ ගෝල බාලයෝන්ගේ දේව කතා "දැනුම් පද්ධති" කතා තමයි උන් කියන දාර පොයි වලට තියන සාක්ෂිය. ඒක අයින් කරොත් උන් කියන ඒවා පිළිගන්න වෙන හේතුවක් නෑ.

    සරලම පරීක්ෂණය - හෑල්ල අයින් කරොත් අදාල සොයාගැනීම ඔප්පු කරන්න අවශ්‍ය සාධක තියනවද?