ඔතන පැහැදිලි වෙනසක් තියනවා
මැත් prof හරක් කතාව තමන්ගේ finding එක ඔප්පු කරන්න පාවිච්චි කරන්නේ නෑ, ඒක අතුරු කතාවක් විතරයි. හරක් කතාව සම්පුර්ණයෙන් අයින් කරත් finding එකේ validity එකට සත පහක වෙනසක් නෑ.
නලියා සහ උගේ ගෝල බාලයෝන්ගේ දේව කතා "දැනුම් පද්ධති" කතා තමයි උන් කියන දාර පොයි වලට තියන සාක්ෂිය. ඒක අයින් කරොත් උන් කියන ඒවා පිළිගන්න වෙන හේතුවක් නෑ.
සරලම පරීක්ෂණය - හෑල්ල අයින් කරොත් අදාල සොයාගැනීම ඔප්පු කරන්න අවශ්‍ය සාධක තියනවද?
මටත් තියන අවුල නලින් ද සිල්වා රාජ් සෝමදේව වගේ අය තමන්ගේ authority එක පාවිච්චි කරලා තමන්ගේ මතය හරි, වෙනස් දැනුම් පද්ධති කියන ඒව හරි සමාජ ගත කරන ඒක...
අනිවාර්යෙන්ම ලංකාවේ වගේම අවුරුදු දහස් ගණන් ශිෂ්ටාචාරගතව ජීවත් උන සමාජ හිටපු රටවල් වල දැනට ලෝකයේ සම්මත (බටහිර) දැනුම් පද්ධතියට පිටින් තිබුණ දැනුම් පද්ධතියක් පැවතිලා තියනවාමයි... නැත්නම් ඒ ශිෂ්ටාචාර ඒ තරම් ඉහළ තත්ත්ව වලින් පවත්වාගෙන යන්න බෑ...
හැබැයි ඔය පැවතුන දැනුම් පද්ධති ආශ්‍රය කරගෙන තිබුණ සංස්කෘතියට (academic culture) වඩා නූතන බටහිර දැනුම් පද්ධතිය හා බැඳුණු සංස්කෘතිය සාර්ථකයි කියන එන මගේ මතය... මොකද අපේ පරණ academic culture එකේ තිබ්බ ගුරුවරයාගේ authority එක, ගුරුමුෂ්ඨිය වගේ දේවල් දැන් බොහෝදුරට නෑ... ඒ වගේම බටහිර දැනුම් පද්ධතිය එක්ක එන peer review process එක දැනුමට සියලුම දෙනාටම තියන විවෘතකම වගේ දේවල් ගොඩක් හොඳ දේවල්...
අපේ දේශීය දැනුම් පද්ධතිය නැවත සොයා ගන්නවා නම් කර්න්න ඕන දෙයක් තමයි තමන්ගේ authority එක (මම Prof කෙනෙක් කියන එක) පාවිච්චි කරලා ඒව සමාජ ගත කරන ඒක වෙනුවට දැනට සාර්ථකයි කියලා පෙන්නලා තියන බටහිර process හරහා ඒව ගේන එක... එතකොට පුළුවන් ප්‍රායෝගිකව වැඩක් ගන්න පුළුවන් දැනුමක් හදා ගන්න... නැත්නම් වෙන්නේ දැන් කරනවා වගේ කතන්දර පමණක් ඉතිරි වෙන එක... ඒවගෙන් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෑ...
ඕකට හොඳ උදාහරණ තියනවා ලංකාවේ ඇතුලෙම... මම අහල තියන විදිහට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය එම්. පී. රණවීර එයාගේ ආචාර්ය උපාධියට කරන්නේ ලංකාවේ මහා දාගැබ් වල structural design අධ්‍යයනය කරන එක... ඒ වගේ දෙකින් අපේ පරණ දැනුම මතුකර ගන්න පුළුවන් වගේම, හරි ක්‍රමවේදයකට කරන නිසා ප්‍රායෝගිකව යොදා ගන්නත් පුළුවන් වෙනවා...