මෝදර, කොළඹ 15 - ( 3 )

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හේනමුල්ල කදවුරෙන් ඉදිරියට වම් අත පැත්තට මෝදර බෝගහ හන්දිය ස්ථාන ගත වී ඇත. වගුරු ප්රෙදේශයක් වූ මෙම කීර කොටුව නමින් හැඳින් වූ අතර කීර කොටුව සන්වරදනයේ අෂිර් වාදයෙන් ගොඩ වූයේ මෝදර තවත් විපත් ලබාදෙන ප්රෙදෙසයක් බිහි කීරිමෙනි..................................

    ග්රන්ඩ්පස් හන්දියෙන් ඉගුරු කඩේ හන්දියට වම් පසින් කොළඹ වරයට නව පිවිසුම් මාර්ගයන් නිර්මාණය ලබන්නට විය . එකී නිර්මාණය තුල එම ප්රෙදේශයක් සිට බ්ලුමැන්ඩල් දක්වා වා වූ ප්රදේශය පුර පැතිරී තිබු මුඩුක්කු පැල්පත් ඉන් ඉවත් කර මෙකී බෝගහන්දිය අසල ගොඩ කරන ලද ඉඩම් තුල පදිංචි කල අතර ප්රෙදෙසය පුරා පැතිරී අනිකුත් පැල්පත්ද මෙතුල ගාල් කරන අතර එහිදී ප්රෙදේශය තුල වියාප්ත ව තිබු සමහර මැරවර කල්ලි එක් ප්රෙදේශයකට ගොනු වීමකට තුඩුදීමක් සිදුවුනි . .එතුලින් මෝදර කීබුලා ඇළ අල නම් වූ වතු සංස්කෘතිය ඉක්මනින් ප්රෙසිද්ද වූ නාමයක් බවට පරිවර්තනයක් ලැබයි ..

    .මත්ද්රව මෙන්ම , ප්රෙකට සමාජ විරෝදී බොහෝ ක්රියාකාරකම් පොලිසි, දේසපාලන ආශීර් වාදයෙන් දිනෙන් දින දියුණුවට පත්කිරීමට අනුග්‍රහය ලබා දුන්නෝ වෙති ……………………………………………..

    දැනට ඉන්දියාවට පැනගොස් සිටින පාතාල ක්රියාකාරයෙක් වූ කිබුලා ඇලේ ගුනාගේ සම්ප්රාප් ති ය සිදුවන්නේද මෙම කිබුලා ඇල තුලිනි .එමෙන්ම එවකට එවකට ජනදිපතිනිය වූ චන්ද්රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඇසක් අහිමි කල බෝම්බ ප්රෙහාරයට පැමිණි මරාගෙන මැරෙන කොටියාගේ සියලුම නවාතැන් සහ එකී ප්රෙහාරයට අවශ්ය සියලුම පහසුකම් සපයා තිබුනේද මෙම ප්‍රෙදේශය තුලය.මරාගෙන මැරෙනකොටියාගේ බෝම්බ කට්ටල සහිත ඇදුම ඇද ප්රෙහාරයට පිටත් වී තිබුනේද මෙම කිබුලා ඇලේ පරිශ්රයේ දීය . තිබුනේ කිබුලා ඇලේ ගුනාගේ සොහොයුරු විජේ කරලියට පැමිණෙන්නේ මෙකී පහසුකම් සලසන්නාගේ බුමිකාව රග දක්වමිනි . උතුරේ ත්රස්තවාදය හා කෙතරම් සමීප සහ සම්බන්දටවයක් මොවුන් තුල තිබුනාද දැයි මෙතුලින් පැහැදිලිය .

    එලෙසම දොම්පේ ප්රෙදේශය තුල පුද්ගලයන් 05 සමග ගිනිබත් වූ වැන් රථය තුල කිබුලා ඇලේ ගුනාගේ සොහොයුරු විජේ පාතාල රග දැක්වීම නිමාවට පත් කිරීම සිදු වුයේ ,අද මෙන් එදත් අදිකරණයෙන් ලැබිය යුතු දඩුවම කළු සුදු වෑන් සංස් කෘතියෙන් හරහා ලබාදුන් බව සාක්ෂි මෙම සිදුවීම් අතරට එකතු කිරීමෙනි........................................ .

    ගිනි අවි , මත්දවය, පතල ක්රියා කාරකම් බොහොමයකට පහසුකම් සපයන්නා වූ කිබුල ඇල ප්රෙවේශය තරමක සුන්දරත්වයක් කැටි කර ගන්නේ කිතුනු බොද්ධ බොහෝ පිළිම සහිත වන්දනා මාන ස්ථාන මෙම ප්රෙවිෂ්ටයේ පිහිටා තිබිමයි ....................................

    මෙය අළු යට ගිණි නොවේදැයි ප්රෙවිෂ්ටයෙන් ඔබ්බට දක්කින්ට ලැබෙන්නාවූ දර්ශන හා ක්‍රියාවන් තුලින් සාක්ෂාත් කර ගත හැකිය……

    මෝදර බෝගහ හන්දියෙන් තොටළඟ පැත්තට වන්නට දකුණතින් මාදම්පිටිය හන්දිය හමුවී එතැනින් දකුණට වම අතට එදා කොළඹ නගර සබාව මලපහ පොහොර කිරීමේ ස්ථාන සමුහය හමුවේ . අද එම ක්රියාවලියන් සිදු නොවුවත් එම පරිශ්‍රය ගරා වැටෙන සේයාවක් පෙන්නුම් කරයි .............

    එතනින් දකුනතට කොළඹ ප්රෙසිද්ද කුණු කන්ද දිස්වේ . කොළඹ නගරයේ කුණු කන්දල් එදා වගුරු බිමක් වූ ආසන්නයට ගෙනත් දමා එය අද එය සුප්රෙසිද්ද බ්ලුමැන් ඩාල් කුණු කන්ද නමින් කදුකරයට අවේනික කදු සංස්කෘතිය කොලබ නගරයට ලබාදෙමින් ඈතට කදු පංතියක දැක්මක් ලබාදෙයි. නගරයේ කන්ද කුණු රොඩු වලින් විරාජ මානව අවට පරිසරයම දුර්ගන්ද කර මත ලෝලයින්ට තම මත් ද්රව්ය ලබාගැනීමට අලෙවි කළහැකි කඩදාසි , යකඩ හා මේ කි නොකී සියළු සම්පත් දායක යුතුකම මී බ්ලුමැන්ඩල් කසල ගොඩ නිර්මාණ දායකත්වය උසුළයි........................................ .

    කොළඹ නගරය තුල සිංහල පාතලයක් නිර්මාණයට ප්රෙකට දායකත්වය ලබාදුන් ප්රෙකට පාතාල නායක ප්රින්ක කොලම්ස්ගේ වාසබුමියද වුයේ ද මෙම කුණු කන්ද ආසන්නයේම බ්ලු මැණ්ඩලයයි .......

    සුදු වැන් ,නාදුනන තුවක්කු කරුවෝ සංස්කෘතිය දේශපාලන ආශීර්වාදයෙන් බිහිවූ උප සංස්කෘතියකි…..එකී ආශීර්වාදයෙන් පොහොසත් වූ පාතාල ක්‍රියා කාරයෙකි ප්රින්ස් කොලොම්ස්……………………………

    .පොල්කොටන් නාට්ය රගදැක්වීම තම විනොද්වාදයක් කර ගත් පාතාල නායක ප්රින්ස් කොලොම්ස් පාතාලය අත් පොත් තැබුවේද මෙම බ්ලු මණ්ඩල පරිශ්රයේ දීය . සිංහල පාතාලයක් නිර්මාණය සදහා ප්රින්ස් කොලොම්ස් උත්සහයක යෙදුනේ අවට නගරස්ථාන රාශියක බලය දමිල හා මුස්ලිම් ජාතින් අතර බෙදී තිබු නිසාවෙනි

    ඔහුට සිංහල දේශපාලන රැකවරණ හා අධාර ලැබෙද්දී දමිල හා මුස්ලිම් පාතාලයන්ට දෙමල මුලිම් දේසපාලන රැකවරණ හා අධාර ලැබුණි .එයට කදිම සාක්ෂිය වන්නේ නිතිය , සාදාරනය අකුරට පිළිපදින නීතිගරුක පොලිසි ප්රෙදේශයේ ආසන්නයේ හතර දිග් බාගයේම තිබෙද්දී .මත් ද්රව්ය ජාවාරම. මිනීමැරීම්,දුෂණ,ගිනි අවි ජාවාරම ඉතා ජයටම කිරීමෙන් පැවතීම යි ........................

    ඉතා සූකෝපබෝගී වාහන , සහිතව ප්රෙදේශයේ නිදහසේ සැරිසැරිම. නිරන්තර දර්ශනයක් වූ අතර එය පොලිසිය ඇස නොගැටීම පුදුමයට කරුණකි .එපමණක් නොව මොවුන් පොලිසියට අවශ්ය වරෙන්තු පුද්ගලයන් වීමය ..................................

    තවද නිතිය සාදාරනව ක්රියාත්ම නොවුනේ දේශපාලන හස්තය පොලිසිය තම ග්‍රහණයට නතු කරගෙන සිටිම හා එහි අතුරු පලය නීතිගරුක පොලිසියක් මෝදරට පිහිට නොතිබිමයි ............................

    මෙම පාතාල ක්රියාකාරීන් බිය වූ යේ තම ප්රේති විරුද්ද කල්ලි වලට මිස පොලිසියට නොවන බව තේරුම් ගත හැක්කේ මේ පාතාල ක්රියාකාරී දිනකින් දෙකකින් වැනසී නොගොස් වසර 10 12 පාතාල ක්රියා තුලින් තම බලය ස්තාපිත කර අවසානයේ නික්ම යන්නේ ප්‍රේති විරුද්ද කල්ලි හරහා හෝ තට්ටු මාරු වන දේසපාලන රැකවරණය මත හෝ එදිරිවාදිකම් මත බව බොහෝ පාතාල ක්‍රියා කාරීන්ගේ හදිසි මරණය සාක්ෂි පෙන්වයි .

    දේශපාලන හස්ත හරහා බව තම පව්ගලික ආරක්ෂාව කෙතරම් තර වී තුබුණත් පසුගිය ලෝක කුසලාන තරගය රූපවාහිනියෙන් නරබමින් සිටියදී සන්නද්ද කණ්ඩායමක් විසින් පතල නායක ප්රින්ස් කොළොම්ස් ගාතනය වන්නේ කොතරම් පව්ගලික ආරක්ෂාව තර කර ගෙන සිටියත් දේශපාලන උවමනාකම් මත තම ඉරණම තීන්දුවට ලක් කරන බව පසක් කරමිනි .

    බ්ලුමැණ්‌ඩල් කුණු කන්ද ආසන්නයේම ,ප්‍රෙදේශයේ සියලුම තරාතිරමේ පුද්ගලන්ගේ ක්‍රියා කාරකම් නිහඩවම බලා සිටින මාදම්පිටිය පොදු සුසන බුමිය පිහිටා තිබේ ...........................



    බුමි පරිමාණයෙන් බොරැල්ල කනත්තට පමණක් දෙවනි වන මාදම්පිටිය පොදු සුසන බුමියදමිල,මුස්ලිම්,සිංහල,හින්දු,කතෝලික,බෞද්ධ,ඉස්ලාම් සියලු ආගම ජාතීන්ට තම සිතැගි පරිදි තම පාරම්පරික ආගමානුකුලව අවසන් වතාවන් සිදු කරවා ගැනිමට සියලු අවකාශයන් සකසා දී ඇත .කොළඹ නගර සබාවේ පරිපාලන නඩත්තුවෙන් පවත්වාගෙන යන මාදම්පිටිය පොදු සුසාන බුමිය ප්‍රෙදේශයේ සෑම ආගමකම ,ජාතියකම උස් පහත් බේද යකින් තොරව මිනිසුන්ට සමාදානයෙන් සැතපීමට සතර රියනක වපසරියක් පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාග ශීලි ආදරයක් පලාතේ ඕනෑම කෙනෙකුට ලබාදීමට මාදම්පිටිය පොදු සුසාන එදා මෙන් අදත් සැදී පැහැදී සිටි .



    https://www.elakiri.com/forum/showthread.php?t=187415 3මෝදර, කොළඹ 15 - ( 2 )