ගණිකා වෘත්තිය ගැන ෆිදෙල් කියූ කතාව’ අමතක වෙලාද?
මේ ඇත්ත අභියෝගයන් ජයගැනීමට අපට අද සිදුව තිබියදී ඇතමුන් කියනවා, ‘අපේ ආණ්ඩුවක් ආවාම ගණිකා වෘත්තිය නීතිගත කරනවා’ කියලා. මේක අහපුවාම මට මතකයට ආවේ සමාජවාදී කියුබාවේ අසහාය නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හා බැඳුණු කතාවක්. කියුබානු විප්ලවය ජයග්‍රහණය කළාට පසු කාලයේ දිනයක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා හවානා නුවර එක්තරා ආපනශාලාවකට ගියා රාත්‍රී ආහාරය ගන්න. රාත්‍රී ආහාරය ගන්නා ගමන් ඔහු තමා සමඟ සිටි සහෝදරවරුන්ට කියනවා, ‘අපි කියුබාව තුළ ගණිකා වෘත්තිය නැති කරන්න ඕනේ. ඒක තහනම් කරන්න ඕනේ.’ යනුවෙන්. කෙසේ නමුත් එදින ඒ ආපනශාලාව තුළ සිටියා ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ රාත්‍රී ආහාරයට වස දැමීමට සූදානම්ව සිටි සේවකයෙක්. ඒ සේවකයාගේ බිරිඳ ගණිකා වෘත්තියේ යෙදෙන්නියක්. නමුත් ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් කරපු කතාව අහගෙන සිටියාට පසු මේ වස දෙන්න හිටපු සේවකයාට හිතෙනවා, ‘අනේ මගේ බිරිඳත් දැන් මේකෙන් බේරෙනවා නේද?’ කියා. ඉන්පසුව ඒ සේවකයා ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ඉදිරියට ඇවිත් කියනවා, ‘නැවත මෙවැනි තැන්වලට ආහාර ගන්න එන්න එපා! අද මෙතැනදී ඔබගේ ආහාරයට වස දැමීමට මට තමයි බාර දී තිබුණේ. නමුත් ඔබ ගණිකා වෘත්තිය ගැන කියපු කතාව ඇහුවාම මම ඒ වස දීමේ තීරණය වෙනස් කළා’ කියා. අපි දන්නා බල පෙරළිවලින් කළේ කාන්තාව එවැනි තත්ත්වයකට ඇද වැටීම වළක්වාලීමයි. නමුත් මෙයාලා අද කියනවා, ‘ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි’ කියා. ඒ වගේම ඒ පක්ෂයේ දෙන්නෙක් ‘ගණිකා වෘත්තිය නීතිගත කිරීම අපේ ප්‍රතිපත්තියයි’ කියලා කියනකොට තවත් කෙනෙක් කියනවා, ‘නැහැ. ඒක නොවෙයි අපේ ප්‍රතිපත්තිය’ කියා. අද මේ අය කරන්නේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනයක්