ම‍රීනා........ ම‍රීනා........

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ම‍රීනා........ ම‍රීනා........

    දෙවැනි ලෝකයේ මහා යුද්දයට බැඳී මැක්සිකෝ රටට ගිය ලංකාවේ තරුණයෙක් එහිදී මරීනා නැමති තරුණියක් සමඟ ආදරයෙන් සිට, යුද්දය අවසානයේදී ඇගෙන් වෙන්වී එන දින වෙරළට ආසනන්ව යාත්‍රා කරන නැවේ සිට මෙම ගීතය ගායනා කරයි. ඈ වෙරළේ සිට මේ ගීතයට සවන් දෙයි.

    ම‍රීනා........ ම‍රීනා........
    ඔබව අමතක වෙන්නෙ නෑ
    ම‍රීනා........ ම‍රීනා........
    ආයෙ මම මෙහෙ එන්නෙ නෑ
    ඔබ දකින්නට වෙන්නෙ නෑ

    ඔබෙ රට මේ මැක්ස්කෝවයි හරිම අලංකාරයි
    මගේ රට සිරි ලංකාදීපය මට හරිම ආසයි
    බැඳිලා යුද්දෙට මගේ රට හැර ආවෙ ඔබෙ රටටයි
    ඒ සුන්දර මරිනා මගේ ආදරේ ඔබටයි.

    දැන් යුද්දෙ අවසාන උනා
    මට ඔබ හැර යන්න උනා
    ම‍රීනා........ ම‍රීනා........

    මුහුදු වෙරලෙදි සවස් කාලෙට
    ගලක් උඩට වෙලා
    අනාගතෙ ගන කතා කල හැටි
    දුකයි මතක් වෙලා
    ඔබේ මවුපියො ඔබෙ රට හැර
    එන්න බැහැ කියලා
    කිව් නිසයි මගෙ ආදරියෙ
    මම යන්නෙ ඔබ දාලා

    දැන් යුද්දෙ අවසාන උනා
    මට ඔබ හැර යන්න උනා
    ම‍රීනා........ ම‍රීනා........

    ඔබ වගේ මම මගේ මව්පියො
    දෙගුරුන් සලකනවා
    ඔබ වගේ මම මගේ රටටත්
    ජීවිතේ දෙනවා
    ඔබ වගේ මම මමත් ඔබ ගැන
    කඳුලු වගුරනවා
    ගඟට කැපු ඉනි දිහා බලලා
    පසුතැවිලි වෙනවා

    දැන් යුද්දෙ අවසාන උනා
    මට ඔබ හැර යන්න උනා
    ම‍රීනා........ ම‍රීනා........
    ම‍රීනා........ ම‍රීනා........

    මේක M.S ප්‍රනාන්දු මහත්මයා විසින් ගායනා කරන ලද ගීතයක් කියන දේ විතරයි මේ ගිතය සම්බන්දයෙන් මම කියන්න දන්නේ. කොහොම උනත් මේක මම හුඟක් ආස කරන ගීතයක්. වචන, අදහස, තනුව වගේම මේ ගීතයේ කියවෙන නම මගේ ජීවිතයට හුඟක්ම සම්බන්ද වීමත් මේ ගීතයට මම හුඟක් ප්‍රිය කරන්න හේතු වෙන්න ඇති. මීට දෙවසරකට කලින් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් ඇති කලා. හරියටම වසර දෙකකට පසුව මේ දින වලත් ඒ නම මගේ ජීවිතේ ලොකු පෙරලියක් සිදුකර යමින් පවතිනවා. ඒ නිසාම වෙන්න ඇති මේ සින්දුව අහන්න මම මේ තරම් ආසවක් දක්වන්නේ.
    සින්දුව අහන්න ඕනෙනම් http://www.infolanka.com/miyuru_gee/ කියන සයිට් එකට ගිහිල්ලා M.S ප්‍රනාන්දු කියන නම යටතේ තියෙන කියන Mareena සින්දුව සිලෙක්ට් කරලා ප්ලේ කරන්නකො. හැබැයි මේ සයිට් එකෙන් සින්දු අහන්න නම් Real player 1 කම්පියුටර් එකේ තියෙන්න ඕනේ.සින්දුව බාගන්න තැනක් මන් හෙව්ව හෙව්වා හොයාගන්න බැරි උනා.
     

    Attachments

    • gamya_prasadini_wijayadasa_photo_shoot_arantha 604x402-1.jpg
      gamya_prasadini_wijayadasa_photo_shoot_arantha 604x402-1.jpg
      25.2 KB · Views: 37

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් උබට අද මොකද බන් වෙලා තියෙන්නෙ????? දුක හිතෙන පොස්ට් උබ දන කියක් දැම්මද????
    anyway thnkz....
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හා....ඔීක තමයි හඩිසන් සමරවික්‍රමය මරීනා එලවලු තෙල් ඇඩි එකට කියවන්නෙ