~ ඹිහිසුණු Serial killersලා හමුවෙමු ~

Chinthaka_tc

Member
Jul 17, 2010
4,512
516
0
31
සෙoකඩගල පුරවරය
~ ඹිහිසුණු Serial killersලා හමුවෙමු ~

එලකිරියේ මගේ ප්‍රශ්ණෙ විසදුනාට පස්සෙ මම දාන පලවෙනි පෝස්ට් එක තමයි මේ.:) මේක නම් ඕන් මමම තමයි හෑදුවෙ. තවත් වෑදගත් දෙයක් ..:nerd: මගේ රෙප් පවර් එකත් දෙක වෙලා ඔන්න...:D ම්ම්... දෑන් එමු subject එකට...:nerd:

serial killers..... :eek:
ඒ කව්ද....?:nerd: දන්න අය ගොඩක් ඈති.. නොදන්න අයට දෑන ගන්නත් එක්ක කියන්නම්කෝ.සාමානයෙන් serial killers කියන්නේ කිසියම් නිශ්චිත කාල සීමවක් තුලදි , තනිවම [වෙන කිසිම කෙනෙකුගේ සහයෝගයෙන් තොරව] අඩුම තරමින් මිනී මෑරුම් තුනක් වත් කරල තියෙන පුද්ගලයෙක් නෑත්තම් කානතාවක් වෙන්නත් පුළුවන්. :shocked:මේ ගෑන තවත් නිර්වචන ගොඩක් තියෙනව. මේ එකක් විතරයි.
මූලික වශයෙන්ම serial killer කෙනෙක් බිහි වෙන්නේ මානසික රෝග තත්වයක් නිසා. ඒ වගේම එක් එක් serial killer කෙනෙක් ඝාතනය කරන ආකාරයේ , ඝාතනයට ලක්වන පුද්ගලයන්ගේ විශෙෂත්වයක් දකින්න පුළුවන්. උදාහරනයක් විදියට ඝතන සිදුකරන්න හේතු එක් එක් serial killer කෙනෙක්ගෙන් වෙනස් වෙනව. රෑකියාව , ජාතිය , බාහිර පිරිස් වල අවදානය දිනා ගෑනීම , තමුන් නුරුස්සන රූපයක් තිබීම වගේ දේවල් මේ වගේ serial killer කෙනෙක් ඝාතන සිදු කරන්න හේතු විදියට හදුන් වන්න පුලුවනි.

ඒ වගෙම තමයි serial killers සහ mass killers කියන්නේ දෙපීරිසක්.:nerd: Mass killers ලත් ඝාතන රෑසක් කරනව. නමුත් ඒ එකම අවස්තවක.:eek: බොහෝ විට එම අවස්තාවේදීම ඝාතකයත් මරනයට පත් වෙනව දකින්න පුළුවන්.:sorry: Mass killers ලට අපි දන්න හොදම උදාහරනය තමයි මරගෙන මෑරෙන ත්‍රස්තවාදින්. :)

මම මෙතන කියන්න හදන්නේ Mass killers ල ගෑන නම් නෙවෙයි. මේ ඉන්නෙ ලෝකේ බිහි උන ප්‍රසිද්ද serial killers ල කීප දෙනෙක් ගෑන විස්තර. කියවල බලන්නෝ. :nerd:


1.Ted Bundy.

ted-bundy.jpg


මේ
තමයි " Ted Bundy " . 1946 නොවෑම්බර් මාසේ 24 වෙනිදා ඈමරිකාවවෙදි උපත ලබපු ටෙඩ් , ඈමරිකා ඉතිහාසයේ බිහි උන වඩාත් බයානක අපරාදකරුවෙක් විදියට හදුන්වන්න පුලුවන්.
1974 -1978
කියන කාලය තුල ටෙඩ විසින් ඝාතනයට හා දූශනයට ලක් උන ගනන 30ක් පමණ බව හදුනාගෙන තියෙනව. සොයා නොගත් නමුත් , ටෙඩ් අතින් මරනට පත් උන පිරිස මීට වඩා වෑඩි බවට විශ්වාස කරනව. බොහෝ විට ටෙඩ්ගේ ගොදුරු උනේ කාන්තාවන් හා තරුණියන්. මෙහිදී සදහන් කල යුතු සුවිශේෂීම කරණාවක් තියෙනව. ඒ තමයි ටෙඩ් අතින් ඝාතනයට ලක් උන සෑම කානතාවකගේම රූපය , ටෙඩ් ගේ පලමු පෙම්වතියගේ රූපයට සමාන වීම. :sorry:පෙම්විතිය හෑර යාමෙන් පස්සේ ඒ දුඩු කරගන්න ටෙඩ් මේ විදියට ගාතන වලට පෙලෙඹිල තියෙනව.
ටෙඩ් ගේ ඝාතන එක්ක බෑදුන තවත් පුරුදු කීපයක් තිබුන. එයි එකක් තමයි , ගොදුරක් හොයාගන්න කලින් ඔහු අධික ලෙස මත්පෑන් පානය කලා. ඒ වගෙම තමයි ටෙඩ් තමන් අතින් ඝාතනයට ලක් උන කාන්තාවන්ගේ මල සිරුරු සමග ලිංගික කටයුතු කරල තියෙනව.:shocked: ටෙඩ් හෑමවිටම එයාගේ මල සිරුරු Make up කරල ලස්ස්න කරන්න පුරුදු වෙලා හිටියා. ඒ විදියට ලස්සන කරගත්තු මල සිරුරු නරක් වී යන තුරුම ලග තබාගෙන නිදාගන්නත් ටෙඩ් හුගක් ආස කරල තියෙනව. :eek:
මේ තියෙන්නේ ටෙඩ් පාවිච්චි කරපු උපකරන කීපයක්.


471px-Ted_Bundy_murder_kit.JPG




රජ කම් කලත් කල කම් පල දෙනව කියනවනේ. ඒ වගේම ටෙඩ් ටත් එයා කරපු පව් වලට වන්දි ගෙවන්න සිද්ද උනා.ඒ කියන්නේ උසාවි නියෝ ගයක් අනුව 1989 ජනවාරි මාසේ 24 වෙනිදා උදේ 7.06ට ටෙඩ්ව ඉදුලු පුටුවේ වාඩි කරවල මරණයට පත් කරනව. :sorry: මේ තමයි , මනා මිනී මරුවෙක් උන ටෙඩ්ගෙන් අවසානයට පිට උන වචන කීපය.

“I’d like you to give my love to my family and friends.”
...................




2.Edward Gein [ED Gein]

edgein.jpg


මෙ ඉන්නෙ තවත් Serial killer කෙනෙක්. Edward gein එහෙම නෑත්තම් Ed gein.
ඩ් උපටහ් ලබන්නේ 1906 අගෝතු 27 වෙනිද. 1947-1957 කාල සීමව ඈතුලත එඩ් කාන්තාවන් 15 දෙන්ක් හෝඅ ඊට වෙඩි ප්‍රමානයක් ඝාතනය කර්ල තියෙනව. :( බෙබදු තාත්තගේ මරණයෙන් පස්සේ එඩ් අම්ම සහ සහෝදරයින් එක්ක ජීව්ත් වෙනව. එඩ් ගේ අම්ම නිතර එඩට උගන්වපු දේ තමයි " ලිංගික කටයිතු කියන්නේ පවක් " කියන එක. අම්මට හුගක් සමීප දරුවෙක් උන එඩ්ගේ හිතට මේ කාරණය හදින් දෑනුන. කෙසේ හෝ 1945 දි එඩ්ගෙ අම්ම මිය යනව. ඒතනින් එඩ්ගේ ජීවිතය වෙනස් වෙනව.:nerd:
එයින් පස්සේ කෙසෙ හෝ එඩ් මානසික රෝගියෙක් බවට පත් වෙනව.:shocked: කාන්තාවන් ගෑන අම්ම කිය්ල දීපු කාරනා හිතේ තියාගෙන හිටපු එඩ් ඒ ගෑන පර්යේෂන කරන්න යොමු උනා. ඒවෙනුවෙන් එඩ් වල දමා තියෙන කාන්තාවගේ මිනී ගොඩ අරන් තියෙනව. මේ අතරෙදි එඩ්ට කාන්තාවක් වෙන්න අසාවක් ඈති වෙලා. කාන්තාවක් වෙන්න එඩ් මියගිය කාන්තාවන්ගේ පියයුරු කපල එයාගේ ඈගේ එල්ලගෙන ඉදල තියෙනව. :sorry: නමුත් මේ වෙනුවෙන් මිය ගිය කාන්තාවන්ගේ මිනී විතරක් මදි නිසා එඩ් කාන්තාවන් ඝාතනය කරන්න පෙලෙඹෙනව. :(
එඩ් එයා අතින් මෑරෙන කෙනාගේ අවයව ගලවන්න හුගක් ආස කලා. ඒ වගෙම ඒ මල සිරුරේ කොටස් වලින් එයාගේ ගෙදර සරසන්නත් ආස කරල තියෙනව. :eek:
නමුත් , එඩ් කියන විදියට එයා කවදාවත් මලමිනී එක්ක ලිංගික කටයුතු කරල නෑ. මොකද මලමිනි වලින් එන ගද නිසා. :rolleyes:

gein4.jpg

:sorry:

කෙසේ හෝ අවසානයේ එඩ් පොලිසියට කොටු වෙනව. එහිදි එඩ්ගේ ගෙදර තිබිල මිනී ඔලු වලින් හදපු බදුන් , හිස නෑතිව බෙල්ලෙන් එල්ලල තිබුන මල මිනි , එල්ලා තිබුනු තොල් වගේ දේවල් සොය ගන්න ලෑබිල තියෙනව. :eek:
අන්තිමට මෙච්චර දරුණු වෑඩ කරපු එඩ් අවුරුදු 78දි පිළිකාවක් හෑදිල මිය යනව.

එඩ් ගෑන චිත්‍රපටි කීපයකුත් හෑදිල තියෙනව. :shocked: Psycho , The Silence of the Lambs ඒ වගේ චිත්‍රපටි තමයි.:)


................................
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,512
516
0
31
සෙoකඩගල පුරවරය
3. Jeffry Dahmer [Monster]

Jeffrey_Dahmer.jpg


මේ ඉන්නේ Jeffry Dahmer... හවත් serial Killer කෙනෙක්. 1960 අවුරුද්දේ ඉපදෙන Dahmer අතින් අඩුම තරමේ මිනී මෑරුම් 17ක් හෝ ඊට වෑඩි ප්‍රමානයක් සිද්ධ වෙල තියෙනව.1978 - 1991 කාල සීමව ඈතුලෙදි. අපි කතා කරපු අනික් Serial Killers ල එක්ක බෑලුවම Dahmer ගේ එක විශ්ෂත්වයක් තියෙනව.:nerd: ඒ තමයි මෙයා ඝාතනය කලේ පිරිමි ලමුන් විතරක් වීම.:( අනික් කාරණය තමයි Dahmer අතින් මරණයට පත් උනේ හෑම විටම ආසියානු හෝ අප්‍රිකාණු පිරිමි ලමයින්. :sorry:
Dahmer
ගේ තාත්තා ව්ද්‍යඥයෙක්. ඒ නිසා තාත්ත නිතරම සත්තු කපන හෑටි , වගේ දේවල් Dahmer ට දකින්න ලෑබුන. ඒ විතරක් නෙවෙයි මෙයත් මෑරිච්ච සත්තු කපන්න , අවයව ගලවන්න හිගක් ආස කරල තියෙනව.:eek: අධික බීමත්කම නිසා Dahmer ව ඉස්කෝලෙන් අයි කරනව. ඊට පස්සේ හමුදාවට බෑදෙන Dahmer , අවුරුදු දෙකක් යනකොට එතනඉමුත් එලවනව බීමත්කම නිසාම. :shocked: ඉන් පස්සෙ තාත්තා මෙයාව එයාගේ ආච්චි ලගට යවනව. නමුත් ටික කාලයකින් ආච්චිත් Dahmer ව එලවනව. මොකද මෙයා නිරුවතින් පාරේ ගිහින් අතාඩන්ගුවට පත් වෙලා තියනව..:rolleyes:
Dahmer
අතින් පලවෙනි වරට මිනීමෑරුමක් සිද්ධ වෙන්නේ 1978 දි. ඒ කියන්නේ Dahmer ට අවුරුදු 18 දි. ඒ එයාගේ අසල් වෑසියා උන 19 හෑවිරිදි Hitchicker.එයාට ගෙදරටම ආරදනා කරන Dahmer එයාව මරල දාල තියෙනව.ඒ වගෙම ඒ හිස් කබල මතක සටහනක් විදියට තියාගෙන ඉදලත් තියෙනව.:eek: Dahmer මුලින්ම පොලොසියට අහු වෙන්නේ 1988 දි. ඒ අවුරුදු 13ක පිරිමි ලමයෙක් අපයෝජනය කිරීම නිසා. අවුරුද්දකට හිරේට නියම වෙන Dahmer මාස 10කින් එලියට එනව , යහපත් හෑසිරීම නිසා. :growl: එයි පස්සෙ 1991 මෑයි 27 වෙනිදා අවුරුදු 14ක ලමයෙක් මරන Dahmer එදා ඉදන් 1991 ජූලි 22 වෙනකල් දල වෂයෙන් සතියකට එක් ලමයෙක් වත් ඝාතනය කරල තියෙනව.
1991
ජූලි 22 මෙයාට වෑඩ වරදිනව. මෙයා ගාතනය කරන්න උත්සහ කරපු Trecy Edward කියන පුද්ගලයා , Dahmer ගෙන් බෙරිල පෑනල ගිහින් මේ ගෑන පොලිසියට කියනව.පොලිසියට අහුවෙන Dahmer අවුරුදු 937 කට හිරේට නියම වෙනව.:shocked:

dahmermug.jpg


ඒත් එච්චර කල් හිරේ ඉන්න Dahmer ට බෑරි වෙනව. :( 1994 නොවෑම්බර් 24 වෙනිද සිර මෑදිරියේදි Cristoper Scaver කියන සිරකරුව අතින් පහර කෑම නිසා Dahmer මිය යන නිසා.



.......................



4.Gary Ridgway [The green river killer]

Gary_Ridgway.jpg


" I hate most prostitutes .I did not want to pay them for sex.I also picked prostitutes as victims because they were easy to pick up without being noticed. I knew they would not be reported missing right away, and might never be reported missing.”
මේ අමරිකානු ඉතිහාසයේ බිහිවුනු දරුනුම Serial killer කෙනෙක්ගේ වචන.
Gary Ridgway
එහෙම නෑත්තම් Green river killer මෙතෙක් වෑඩි පුරම කානතාවන් මරපු Serial killer මෙයා තමයි. :eek: 1982-1984 කාලය තුල Gary කාන්තාවන් 71 දෙනෙකු පමණ ගාතනය කරල තියෙනව. හෑම විටම මෙයාගේ ගොදුරු බවට පත් උනේ ගණිකාවන්.:yes:
Gary
ඉපදෙන්නේ ඈමරිකාවේ salt lake කියන නගරයෙදි. Gary ගේ අම්ම තරමක් නපුරු කෙනෙක් , එයා නිතරම Gary බෑන්නා. මේ හින්දා Gary හිටියේ මානසික පීඩනයකින්.
වයස 14 දි Gary අවුරුදු 6ක පිරිමි ලමයෙක්ව පිහියෙන් ඈනල මරල තියෙනව. :(
Green river
ගං ඉවුරේ හියෙන අවුරෝරා මාවත කියන්නේ ඒකාලේ සිය ගනනක් ගනිකාවන්ගේ පරාදීසයක්.:shocked: 1982 ජුලි 15 වෙනිද , අවුරුදු 16ක ගනිකාවකගේ මල සිරුරක් green river ගග අසලින් හමු වෙනව.ඒ තමයි Gary ගේ පලවෙනි ගොදුර.:( Gary ඈයව දූශනය කිරීමෙන් පස්සෙ තමයි ඝාතනය කරල තියෙන්නේ. :sorry:
විශ්වාස කරනවද ..? Gary ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරපු විවාහකයෙක්. :shocked: ඔහු ඔහුගේ බිරිදට සහ දරුවන්ට පන වගේ ආදරේ කරපු කෙනෙක්. ඈත්තටම කිව්වොත් Gary කියන්නේ චරිත දෙකක්.:yes:
Gary
ව අත් අත්අඩන්ගුවට ගන්න තොරතුරු ලබා දීල තියෙන්නේ ඒ වෙද්දි මරන දඩුවම නියම වෙලා හිටපු තවත් serail killer කෙනෙක් වන Ted Bundy ගෙන්.
අත්අඩන්ගුවට ගන්න වස්තාව වෙනකොට මිනීමෑරුම් 71 වග කිවයුතු උන gary ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම උනා. ඔහු අදත් Washington වල සිර මෑදුරක ජීවත් වෙනවා. :yes:
....................

 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,512
516
0
31
සෙoකඩගල පුරවරය
5.Albert Fish

Albert_Fish.jpg


මේ ඉන්නේ Albert Fish ... ඈමරිකාවේ බිහි උනා පහත්ම පෙලේ අපරාධ කාරයෙක් විදුයට හදුන්වන්න පුලුවන්.:( එයා ඝාතන සිද්ධ කලේ 1919-1930 කියන කාල් සීමාව තුල. Albert ලෝකෙට කොඉතරම් අපරාද කරායෙක් උනත් එයාගේ පවුලට දරුවන්ට හුගක් ආදරේ කරපු , හොද තාත්ත කෙනෙක් වගේම ස්වාමි පුරුෂයෙක්. :) Albert ගේ බිරිද කියන විදියට එයා හොදම හොද ස්වාමි පුරශයෙක්. ඒ වගෙම මෙයාගේ දරුවො කියන්නෙත් Albert ලෝකේ හොදම තාත්ත කෙනෙක් කියලයි. :shocked:
අමරිකාවේ washington නගරයේදි උපත ලබන Albert හත්‍ර දෙනෙක් ඉන්න පවුලේ බාලයා. තාත්ත පොඩි කාලේදිම නෑති වෙන නිසා ඈතිවෙන ආර්ථික අපහසුතා නිසා Albert ගේ අම්ම Albert ව ළමා නිවාසයකට බාර දෙනව. නිවාසේ පාලකයන්ගෙන් නිතර පහර කෑමට වගේ වද හින්සාවට ලක් උන Albert ටික කාලයකින් ඒ වේදනා වලට අසා කරන්න පටන් ගන්නවා.:shocked: මේ ආසාව නිසා Albert එයා විසින්ම , තමුන්ගෙම ඈගට වේදන ගෙන දෙන විදියේ දේවල් කරගන්න යොමු වෙලා තියෙනවා.:eek: පස්සේ කාලේකදි හොයා ගත්තු විදියට Albert එයගේ ඈග ඈතුලට "ඉදි කටු" 27ක් ඈතුල් කරගෙන තියෙනව. ලිංගේන්ද්‍රිය ඈතුලටත් ඉදිකටු ඈතුල් කරගෙන ඉදල තියෙනව මෙයා.:sorry:
විවාහකයෙක් උනත් , දරුවෝ හය දෙනෙකුගේ තාත්ත කෙනෙක් උනත් Albert කියන්නේ සමලින්ගිකයෙක්. :rolleyes: Albert මේකට පුරුදු වෙන්නේ වයස අවුරුදු 12 දි. මෙයා හෑම සති අන්තයකදිම පොදු නාන ස්ථාන වලට ගිහින් පිරිමි ලමයි නාන දිහා බලන් ඉන්න පුරුදු වෙලා තියෙනව. :eek: අන්තිමේ Albert පිරිමි ගනිකාවක් බවට පත්වෙනව. විවාහයෙන් පස්සෙ වත් ඔහුට ඒ පුරුද්ද අත් ඈර ගන්න බරි වෙනව.
Albert
මිනි මරන්න පටන් ගන්නේ වයස අවුරුදු 55දි. ඒ ඔහු එක් වරම දෙවියන් තමාව මවා ඈත්තේ පිරිමි ළමුන්ගේ වෘෂණ කෝෂ කපා දෑමීමට බවත් , දෙවියන් ඒ සදහ ඔහුට නියෝග කරන බවත් විශ්වාස කරන්න පටන් ගෑනීම නිස.:confused: ඉන් පස්සේ ඔහු ඒ නියෝගය ඉටු කරල තියෙනව. :sorry:
අව්සානයේ මේ වගේ පාවකාර වෑඩ කරපු Albert ට සිද්ද උනේ විදිලි පුටුවේ වාඩි වෙලා මරණයට පත් වෙන්න.:(


..................



6. Charles Manson

manson1a.jpg


60
දශකයේ ත්‍රස්තවාදියා විදියට හදුන් වන Charles , තමුන්ව " ලෝකයේ දරුණුම මිනිසා . යක්ශයා " වගේ නම් වලින් හදුන්වනවට ගොඩක් කෑමති උනා.
Charles
ඉපදෙන්නේ 1934 දි. ඒ අවුරුදු 16ක මවකට දාව. Charles ගේ තාත්ත ගෑන නම් කිසිම තොරතුරක් හොයගන්න ලෑබිලා නෑ. :eek: Charles ගොඩක් හෑදුනේ වෑඩුනේ අච්චි සහ නෑන්ද ලග. ටික කාලයකින් Charles ගේ අම්ම අවි අයුද වෙලදාම් කිරිම නඉස සිර ගත වෙනව.:shocked: හිරෙන් නිදහස් උනාට පස්සේ වත් චාල්ස් ව තමුන් ලග තියා ගන්න අම්ම කෑම්ති වෙලා නෑ. ඒ වෙනුවට Charles ව විකුනන්න උත්සහ කරල නම් තියෙනව. :( අවුරුදු 9දි Charles ව ඉස්කෝලෙන් අයින් කරනව. අවුරුදු 26ක් විතර වෙද්දි Charles ට ස්ත්‍රී දූශන , ගණිකාවන් සෑපයීම , හොරකම , වගේ චෝදනාත් එල්ල වෙනව.
Charles
කියන්නේ බොහුම ලොකුවට ආගම අදහපු කෙනෙක්. අවුරුදු 34 වෙනකොට Charles ට සුවිශේශි හෑකියාවක් තිබුනා. ඒ තමයි මොහනය කිරීමක් තුලින් තමුන්ගේම අනුගාමික පිරිසක් ඔහු හදා ගන්න සමත් වෙනව.:shocked: ඔහු එය හදුන්වන්නේ " Charles manson Family ' කියල. මෙකේ ගොඩක් සමාජිකයෝ උනේ පවුල් අවුල් කරගත්තු කාන්තාවෝ. ඔවුන් කොයි තරම් Charles ව ඈදහුවද කිව්වොත් ඔහුට කතා කලේ " ජේසුස් වහන්සේ" කියල.:shocked:
Charles
සන්ගීතයට හුගක් ආස කරන කෙනෙක්. ඔහු විස්වාස කරපු විදියට Beatles සන්ගීත කණඩායම කියන්නේ අනාගත විප්ලවය්ක් ගෑන අනතුරු අගවන්න අපූ දේව දූතයො කන්ඩායමක්. :eek: Charles ඉස්වාස කරපු විදියට අනාගත්යේදි කලු ජාතිකයන් විසින් සියළුම සුදු ජාතිකයන් මරා දමනව. ඉතුරු වෙන්නේ ඔහුගේ Charles Manson Famliy සමාජඉකයෝ විතරක් කියලත් විශවස කලා. :nerd: ඒ වගෙම කලු ජාතිකයන් පහත් කොට්ටසයක් නිසාත් , ලෝකයේ ඉතුරු වෙන එකම සුදු ජාතික කන්ඩායමේ නායකයා නිසාත් මුලු ලෝකයේම පාලනය තමන් සතු වෙන බවත් Charles විශ්වාස කලා. :yes: ඔහුගේ මේ හීන ඉශ්ට නොවීම නිසා Charles ඔහුගේ අනුගාමඉකයන් ලවා මිනිසුන් මරවන්න පටන් ගන්නව. :( 1968 දි.

ටික කාලයකින් Charles අතඩන්ගුවට පත් වෙලා මරණ දඩුවම නියම වෙනව. නමුත් පස්සේ ඒ තීන්දුව ජිවිතාන්තය දක්වා සිර දඩුවමක් විදියට ලිහිල් වෙනව. අදටත් Charles ර දඩුවම විඩිමින් ජීවත් වෙනව.:eek: මේ තියෙන්නේ මෑතකදි ගත්තු Charles ගේ ෆොටෝ එකක්.. :nerd:

r



.........................
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,512
516
0
31
සෙoකඩගල පුරවරය
7.Belle Sorenson Gunness


bella-gunness-1.jpg


අපි මෙච්චර වෙලා කතා කලේ පිරිමි serial killers විතරනේ. ඒත් කාන්තාවොත් ඒ විදියේ මිනිමෑරුම් කරල තියෙනව. :yes: ගොඩක් වෙලාවට ගෑහෑනු serial killers ල මිනි මරන්න යොදාගන්නේ විශ වරග. ඒ මේ ඉන්න කෙනා ,Belle sorenson Gunness නම් මිනි මෑරුවේ කපල කොටල තමයි. :(
Belle
ගේ පලමු විවාහයේ සෑමියා මරණයට පත් වෙනව. ඒ නිසා ඈයට විශාල රක්ශන මුශලකුත් හිමිවෙනව. ඒ මුදලින් ඈය La porte වලින් ගොවිපලක් මිලදී ගන්නව. මේ අතර Belle ගේ පලමු විවාහයේ දරුවනුත් අබිරහස් විදියට මරණයට පත් වෙනව. නමුත් පොලිසිය Belle ගෑන කිසිම සෑකයක් ඈති කරගන්නේ නෑ.
5.gif

Belle_Sorenson.jpg

ඉන් පස්සේ Belle ආපහු විවහ වෙනව. ඒත් දෙවෙනි සෑමියත් මාස 9කට පස්සේ මරනයට පත් වෙන්නේ Belle ට නෑවත වරක් රක්ශන මුදලක් හිමි කර දෙමින්. :eek: මේ විදියට කාලෙන් කලෙට තමුන්ව රෑක බලා ගන්න එන හෑම පිරිමියාම Belle අතින් මරණයට පත් වෙනව. :( මල සිරුරු ඈයගේ ගොවිපලේ වල දානවා. මේ නිසා මෙයා ප්‍රශිද්ධ උනේ Black widow කියන නමින්.
මෙයා පිරිමි හොයාගන්නේ පුවත්පත් දෑන්වීම දාල. මේ තියෙන්නේ Belle ලියපු එක ලියුමක වචන පේලියක්.:nerd: "“My heart beats in wild rapture for you, My Andrew, I love you. Come prepared to stay forever. :eek:
Belle
මුලිනම් ගෑබ් ගත්තු වෙලාවේ ඒ පිරිමියාගෙන් ලෑබුනු පා පහරක් නිසා දරු ගෑබ විනාස වෙලා තියෙනව. ඒ වගෙම Belle සල්ලි ව්ලට හුගක් කෑදර කෙනෙක් බව තමයි ඈයගේ සහෝදරිය කියන්නේ. :yes:
1908
දි Belle ගේ ගොවිපල ගින්නකින් විනාස වෙනව. එහිදි හිස නෑති කාන්තා මල කදක් හමුවෙනව , ඒ තමුන්ගේ මව බව Belle ගේ දරුවන් හදුන ගන්නව. Belle ගේ මරනය ගෑන තියෙන එකම සාක්ශිය ඒක විතරයි. :yes: Belle ගේ ගොවි පලෙ තිබිල , හිස නෑති මල කදන් , අත පය ඉවත් කරපු මල කදන් වගේ දේවල් හොයා ගෙන තියෙනව. විශ්වාස කරන විදියට Belle අතින් මරණය පත් උන ගනන 49ක් විතර වෙනව. :sorry:


...................



8.Coral Eugene Watts

medium_watts.jpg


Coral Eugene Watts
තවත් මිනී මරුවෙක්. 1974 -1982 අතර කාලය තුල මිනිමෑරුම් 100කට පමණ වගකිව යුතු කෙනෙක් තමයි මේ. :( අප්‍රිකානු ඈමරිකනු ජාතිකයෙක් උන Watts ගේ අම්මයි තාත්තයි මෙයාට අවුරුදු දෙකක් වෙද්දි වෙන් වෙනව. ඉන් පස්සේ Watts එයාගේ සුලු පියා ලග තමයි හෑදෙන්නේ. ඉගෙනීමට දක්ශතාවක් දෑක්වූවෙ නෑතත් Watts කියන්නේ ඉතාම හොද බොක්සින් ක්‍රීඩකයෙක්.:nerd:
අවුරුදු 12ක් විතර වෙනකොට වෙනකොට Watts සිහින දකින්න පටන් ගන්නව. ඒ තමන් අතින් කාන්තාවන් ඝාතනය වන ආකාරය. Watts කියන විදියට නම් ඒ සිහින වලින් එයා බය නොවුනු බවත් , තව තවත් ඒ වගෙ සිහින දකින්න ආස කරලත් තියෙනව.
6.gif
ටික කලක් යන කොට ඔහුට ඒ සිහින දෑකිමෙන් පනක් සතුටු වෙන්න බෑරි වෙලා , තරුනියන්ට විවිධ හින්සා කරන්න පෙලබිලා තියෙනව. ඒ අවුරුදු 15දි විතර. නමුත් අවුරුදු 20ක් වෙනකොට ඔහු කාන්තාවන් ගාතනය කරන්නත් පෙලබෙනව. Watts බොහෝඅ විට තරුනියන් මරා දෑම්මේ දූශනය කිරීමෙන් පස්සේ.:( ඒ වගේම තමයි අනික් Serial killers වගේ නෙවෙයි. Watts ඝාතන සිද්ධ කලේ විවිධ තෑන්වල. සමහර විට පෑය ගනන් ගොදුරක් සොයමින් යන්න Watts පුරුදු වෙලා හිටියා. :shocked:
Watts
අතින් ගොඩක්ම මරනයට පත් උනේ අවුරුදු 14ත් 34ත් අහර සුදු ජාතික කානතාවෝ:(. හල වශයෙන් ඝාතන80-100 අතර ප්‍රමානයක්.
Watts
අතඩන්ගුවට පත් උන මුල් කලේ , එක දවසක් පොලිස් නිලදාරින් පිරිසක් එක්ක ඉද්දි එක පොලොඉස් නිලධාරියෙක් Watts ගෙන් ඈහුව " උඹ උඹේ අතේ පයේ ඈගිලි ගානටත් වෑඩිය මිනී මරල ඈති නේද " කියල.. Watts උත්තර දෙනව ," මගේ මිනි මෑරුම් ගානට අනුව මේ කාමරේ ඉන්න හෑම එකාගේම ඈගිලි ගනන් කරත් ඒ මදි " කියල...
5.gif


wattsxxxxxx.jpg


Watts
කියන්නේ අබියාචනයක් මගින් නඩු තීන්දුව වෙනස් කරගත්තු පලවෙනි serial killer. ඉට හේතුව ඔහුට එරෙහිව ප්‍රමානවත් සාක්ශි ඉදිරිපත් කරන්න අසමත් වීම නිසා.:eek: ඒ නිසා තමන් කරපු මිනී මෑරුම් ගෑන පාපොච්චාරායක් කලොත් දඩුවම ලිහිල් කරන්න උසාවිය එකග උනා. :nerd: ඒ අනුව් Watts ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වෙනව. කොහොම උනත් යහපත් හෑසිරීම නිසා 2006දි විතර Watts නිදහස් වෙයි කියල ගොඩක් දෙනෙක් විශ්වාස කරනව.ඒ එහෙම උනේ නෑ.:) 2007 අවුරුද්දේදි පිළිකාවක් නිසා Watts මරණයට පත් වෙනව. :eek:


.............................................



serial killers ල නම් ත්ව ගොඩක් ඉදල තියෙන්ව , ඒ වගේම දෑනුත් ඉන්නව වෙන්න පුළුවන්. මේ ඒ අයගෙන බොහොම ටික දෙනෙක් ගෑන විස්තර විතරයි. :)
...............................


11.gif
11.gif
11.gif





 
  • Like
Reactions: ac2000 and heshi32

Gouken

Member
Nov 2, 2010
3,862
401
0
33
Melbourne, VIC
නියම විස්තරයක් මචං :D
මම නම් කලින් දැක්කෙ නෑ.

You must spread some Reputation around before giving it to Chinthaka_tc again.