යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු
යකඩත් එක්ක හැප්පිල ව්‍යාපාර ලෝකය ජය ගත්තු අමිල
අද අපිත් එක්ක එකතුවන්නේ තවත් එක් සුවිශේෂි ව්‍යාපාරිකයෙක් . ඔහු තමා Amila Steel House හි අධිපති අමිල මදුශංක මහතා.
Amila Steel House එකෙන් කෙරෙන්නෙ කුමක්ද ?
ඔව් අපි කරන්නෙ අලුත් වැඩ . ලෝහ වලින් ගෘහ හා විවිධ ස්ථාන අලංකාර කරන design වැඩ. garden bench , wall lampshade ,Hand railings,ඒවගෙම Hotel සහ Villa වල කරන ලෝහ අශ්‍රිත අලංකරන වැඩ කටයුතු මම භාරගෙන කරනව.
අමිල Amila Steel House ආරම්භ වෙන්න පසු බිම සැකසෙන්නෙ කොහොමද ?
මම පටං ගත්තෙ පොඩිම තැන ඉදල. මුලින්ම සාමන්‍ය පෙල කරපු ගමන් අම්ම අතින් ඇදන් ගිහින් යොවුන් සේනාංකයට දැම්ම. එතකොට මම දෙවනි වර විභාගෙ කරන ගමන් තමයි යොවුන් සේනාංකයට ගියෙ. එය අවසානය වෙද්දි තවත් course එකක් කරන්න අපිට රු 10,000/- මුදලක් ලැබුනා.
මම ඒ වෙලාවෙ අඩුම මිලට තිබ්බ Gas welding course එක තමා තෝර ගත්තෙ. ඒකේ ගාණ රු 15000/-ක්. ඉතුරු මුදල අතින් දැම්ම. වෙල්ඩින් ගැන ඒ වෙද්දි කිසිම දෙයක් දන්නෙ නෑහැ. මම මුලින් හිතුවෙ ගෑස් වෙල්ඩින් කිව්වාම ගෑස් සිලින්ඩර වෙල්ඩින් කරනව වගේ එකක් කියල.
මම පාඨමාලාව කරේ රුහුණු යන්ත්රෝපකර්ණ ආයතනයෙ. ඒක ඉවර වෙල මම Garage දෙකක වැඩ කරා ටින්කරින් වැඩ. මට ඒක සාර්ථක උනේ නැහැ පඩියක් ලැබුනෙත් නැහැ ආහාර විතරයි දුන්නෙ.ඉතින් මම එතනින් අයින්වෙල යාලුවො එක්ක රවුම් ගගහ හිටිය. ඇත්තටම මට ඒ කාලෙ තේරුමක් තිබුනෙ නැහැ. මම නාහෙට අහන්නෙ නැති කොල්ලෙක්.
ඉතින් ඔහොම ඉන්දෙද්දි අපේ අම්මා ආයෙමත් මාව ඇදන් ගිහින් දැම්ම තාක්ෂණික විද්‍යාලයට . මම ඒකෙ තෝර ගත්තෙ Arc Welder course එක. ඉතින් ඒ පාඨමාලාව අමාරුවෙන් කලා.
ඊට පස්සෙ කොහොමද ව්‍යාපාරය පටන් ගත්තෙ ?මොනවද ආපු අභියෝග ?
හැමදාම welding කැබලි වදිනව ඒ දවස් වල එපා වෙනව. ඇස් වලට ඉදිකටු වලින් අනිනව වගේ . කොහොම හරි පාස්සන්න පුරුදු උනා. Course එක අන්තිමේ practical test එකෙන් මම ඇස් දෙක ඇරගෙන වෙල්ඩින් කලේ කේන්තියෙන් ඒ ත්රමටම ඒ වෙලාවෙ arc එක වැදුනා. දවස් තුනම් තිබුන arc එක. මට මෙම පාඨමාලාවෙ Level 4 වෙනකම් සහතික පත්‍ර තිබෙනව විභාග සමත් වෙලා. ඊට පස්සෙ තාක්ශනික විද්‍යාලයෙන් පුහුණුවට දැම්ම Dockyard එකට. මම එතන දවස් 5යි හිටියෙ. ඊට පස්සෙ දවසට රුපියල් 350 පඩියට මීපාවල shop එකක වැඩ කලා මාස තුනක්. ඊට පස්සෙ එතනිනුත් නැවතුනා.
ඊට පස්සෙ අක්මීමන තැනක වැඩ කලා Koswatta Engineers කියල වසර 2 යි භාගයක්. දවසට 500යි පඩිය. ඒ වෙද්දි මට වැඩ හිදට පුලුවනි . එතකොට මට වයස 19යි. මාස 5ක්ම පාපැදියෙන් තමා වැඩට ගියේ. ඊට පස්සෙ ගෙවන්න Discovery Bike එකක් ගත්තා. ඒක අවෘද්දක් පැදල කාර් එකක් ගත්ත. මේ ලගක් වෙනකන් ඒ කාර් එක මම ගාව තිබුනා.
ඊට පස්සෙ එතනින් අයින් වෙලා Pro Eye එකෙ වැඩ පටන් ගත්ත. එතකොට මම Head බාස් කෙනෙක්. මට විදේශ රැකියාවට යන්න පවා ලැබුන රජයෙන්.නමුත් මම ගියේ නැහැ. මම හොදට වැඩ කලා මම තමයි ව්‍යාපාරෙ පාලනය කලේ. මිනිස්සුන්ගෙ හිත දිනා ගත්ත. එතන තමයි මගේ ගමන ආරම්භ උනේ. මම එතන විවිධාකාර ලස්සන වැඩ කලා. නිමාව උපරිම හොදට පාරිභෝගිකයාට දුන්න. අයිතිකාර මහත්තයට මම ගැන ලොකු පැහැදීමක් තිබුන.
මම වැඩ කරල ගන්න සල්ලි shop එකේ වැඩ වලටම වියදම් උනා. ඔහොම ඉන්දෙද්දි මම තව වාහනයක් ගෙනාව Lease කරල. එකත් ගෙවාගෙන වැඩ් කරගෙන ගියා. මම ඒ වෙද්දි හොද designer කෙනෙකු උනා. ඊට පස්සෙ මම මගේ කියල shop එකක් අරින්න හිතුව . එහෙම ඉදිද්දි අයිතිකාර මහත්තය කිව්ව ඔයා මේක අරන් කරන්න අමිල මට භාණ්ඩ වල පමනක් මිල ගෙවන්න කියල. ඒ මහත්තය මට කලේ කව්රුවත් කරන්නෙ නැති උදව්වක්.මම භාණ්ඩ වල මිල ගෙවල Shop එක ගත්ත එදා ඉදන් ඒක Amila Steel House. එතනින් පස්සෙ මට ලොකු ලොකු වැඩ එන්න ගත්ත. මම තව තවත් ගෝලයො ගත්ත. මට දැන් ඉතා දක්ශ ගෝලයො ටිකක් ඉන්නව.ඕනම වැඩක් ඉතාම ඉහල ප්‍රමිතියෙන් කරල දෙන්න පුලුවන්. අපි කරන වැඩ හැමෝටම කරන්න අමාරුයි. ඒක්ට හොද හැකියාවක් තීන්න ඕනා. ගොඩක් අය දැක්ක අපේ වැඩ සුවිශේෂි කියල. ඒත් එක්ක අපි තව තවත් ප්‍රසිද්ධ උනා. අපිට කොළඹින් පවා ලොකු වැඩ එනව. ගොඩක් භාදක මැද ආපු ගමනක් මේක.
ඔබතුමාට මේ ගමනෙදි ශක්තියක් වුනේ කව්ද ?
අක්ක තමයි මගේ ගිණුම් කටයුතු කරන්නෙ . අක්ක තමයි මගේ ව්‍යාපාරික වැඩ වල පස්සෙන්ම ඉන්නෙ.
මම දැන් showroom එකක් දාන්න ඉන්නෙ . ඒකෙ වැඩ තාම කරගෙන යනව. ඒ හැම දෙයක්ම අක්ක නිසා තමයි. එයා තමයි මගේ පිටිපස්සෙ ඉදන් මාව target වලට යවන්නෙ. එයා ගොඩක් කාර්යබහුලයි. ඒ අතරෙ මාවත් බලනව. එයා නිසයි මට මගේ ගමන් මෙච්චර ලේසියෙන් එන්න ලැබුනෙ.
ඔබතුමාගේ අනාගත බලා පොරොත්තු මොන වගේද ?
Showroom එක දාන වැඩ දැනට කරගෙන යනව. ඊලග අභියෝගය තමයි Hardware එකක් දාන එක.
ඔබතුමා දන්නව ඇති විභාග අසමත් උන අය බොහෝ දෙනා කම්පා වෙවී ජීවත් වෙනව. නමුත් ඔබතුමා ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවටම ආදර්ශයක් . ඔබතුමා අනාගතේ ව්‍යාපාරයක් කරන්න හිතන් ඉන්න අපේ තරුණ පරපුරට දෙන අවවාදය කුමක්ද ?
මට කියන්න තීන්නෙ නිකරුනේ කාලය නාස්ති කරන්න එපා කාලය ගොඩක් වැදගත් කාලයත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නෙ. තැනකට එන්න නම් කට්ටක් කන්නම වෙනව. ඒ වගේම අවංකව තමංගෙ හිතට එකගව වැඩ කරන්න ඕනෙ. මහන්සි වෙන තරමට තමයි ප්‍රථිපල තියෙන්නෙ. බුදුන් කෙරේ විශ්වාසය තියෙන්න ඕන.
ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන
ව්‍යාපාර අනාගතය.