..::[යක්ෂයාගේ පාලම (Rakotzbrücke Germany)]::..
ජර්මනියේ ඇති යක්ෂයාගේ පාලම නමින් හදුන්වන(Rakotzbrücke) පෞරාණික පාලම ගැන විස්තරයක්, මේක පිහිටලා තියෙන්නේ Berlin ඉදන් කිලෝමීටර් 257 පමණ දුරින් තියන Kromlau Park එකේ.
වසර 1860 දී ඉදි කර ඇති මේ පාලම එකල මිනිසා විසින් නිමවූ සාඩම්බර ඉදිකිරීමක් ලෙස හදුන්වන්න පුළුවන්
මුළුමනින්ම කළු ගලින් නිමවී ඇති මේ ආරුක්කු පාලම අර්ධ කවාකාර හැඩය ජලය මතට පතිත වූ විට ඉතා අලංකාර සම්පුර්ණ කවයක් නිර්මාණය වීමද විශේෂත්වයකි 
මෙම අද්විතීය නිර්මාණය "යක්ෂයාගේ පාලම " ලෙස නම් කිරීම පිටුපස බොහෝ ජනප්‍රවාද සහ මිථ්‍යා කථා පවතියි.එක් කතාවකින් කියවෙන්නේ මෙම පාලම නිර්මාණය කරමින් සිටි ගෘහ නිර්මාණ ශිල්පියා අසාර්ථක වූ කල ඒ සදහා ඔහු යක්ෂයෙකුගෙන් උදව් ලබාගත් බවයි. යක්ෂයා මෙම පාලම නිර්මාණයට ඔහුට උදව් කර ඇත්තේ එක කොන්දේසියක් උඩය.එනම් මෙම පාලම අවසන් කිරීමෙන් පසු එය මතින් ගමන් ගන්නා පළමු ප්‍රාණියාගේ ආත්මය ඔහුට අවශ්‍ය බව කියමිනි.එයට එකග වූ ගෘහ නිර්මාණ ශිල්පියා යක්ෂයාගේ උදව්වෙන් මෙම පාලම ඉදිකරගෙන ඇත.
තවත් සිත්ඇදගන්නා සුළු මිථ්‍යාවකින් කියවෙන්නේ පුර්ණ චන්ද්‍රයා ඇති රැයක මෙම පාලම යටින් බෝටුට්වක නැගී ගමන් කරන්නේ නම් තමා සතු අභිරහස් හැකියාවන් කවරේද යන්න සොයාගත හැකි බවයි.

මෙහි ඇති ගල් පතුරු පිහිටවීම සහ මෙහි ඇති ගුප්තභාවය නිසා සාතන් ගේ නිපැයුමක් කියලත් ජනප්‍රවාද වල සදහන් වෙනවා.

කොහොම වෙතත් මේක ජයාරූපශිල්පීන්ගේ නම් රජදහනක්
වර්ථමානයේ මෙම පාලම මතින් ගමන් කිරීම තහනම් කරලා තියනවා මේක ඉදිරි පරම්පරාවටත් ගෙනියන්න ඕනේ නිසා.
sources:earthtrekkers.com,vix.com,thevintagenews.com,
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

පොඩි ගල් කෑලි නෙ තියෙන්නේ.