තුන්වන කොටස
තුන්වන කොටස : චන්දරේ මාමගේ කතාව ඔබ වෙතට ගෙන එන්නේ චන්දරේ මාමා මා හට පැවසු සත්‍ය කතාවම වේ. මෙය ගොතා නිර්මාණය කරන ලද කතාවක් නොවන බව සලකන්න.
රබර් වතුයාය දෙසින් ඇහුනු මූසල විලාපයට බියවී අවදිවූ චන්දරේ ගිනි පෙට්ටිය ගැනීමට කුස්සියට යනකොටම තවත් විශාල විලාපයකින් මුළු රබර් යායම වෙවුලලා ගියා. ඒ විලාපයෙන් චන්දරේගේ මුළු ශරීරයම දහදියෙන් නැහැවිලා ගියා. කෙසේ හෝ ගිනිපෙට්ටිය ගැනීමට සිත දැඩි කරගෙන චන්දරේ කුස්සිය පැත්තට හෙමි හෙමින් ගෑටුවා. මුළු කුස්සියම කෑලි කැපිය හැකි තරමට අන්ධකාරයෙන් වේලිලා. චන්දරේ කුස්සියේ දොර පියන් දෙක අරිනකොටම දුටු දෙයින් චන්දරේ ගිරිය යටින් විලාප තියලා කෑගැහුවා. රෞද්‍ර පෙනුමක් තියන විශාල කළු බල්ලෙක් දත් නිය විලිස්සාගෙන චන්දරේ දිහා බලන් ඉන්නවා. උගේ ලේ රතුපාට ඇස් දෙකෙන් චන්දරේව ගිලගන්න වගේ බලන් ඉන්නවා. චදරේගේ මුළු ගතම දරදඩු වෙලා කියල චන්දරේට දැනුනා. චන්දරේ දුවන්න උත්සහ කරත් දුවාගන්න බැහැ. මුළු කකුල් දෙකම පන නැති වෙලා. ඒත් එක්කම චන්දරේ මරහඬ දීගෙන සිහිසුන්ව ඇදගෙන වැටුනා.
චන්දරේ කොතෙක් වෙලා සිහිසුන්ව සිටියාදැයි ඔහු තුල කිසිඳු නිච්චියක් නොවිය. සිහිසුන්ව සිටි චන්දරේගේ මුහුණේ සීතල අතක් ස්පර්ශන වෙනු දැනීමෙන් ඔහු නැවත පියවි සිහියට පැමිණියේය. එම සිතල අත නිකන් සෙවල ස්භාවයක් ඇති බව චන්දරේට දැනුනි. නැවත ප්‍රකුර්ති සිහියට පැමිණ විට චන්දරේගේ කුස්සිය කුප්පි ලම්පුවකින් අලෝකමත් වී තිබුණි. ඔහුගේ මුහුණට ස්පර්ශකළ කිසිඳු පුද්ගලයකු ඔහු අසලවත් නොවිය. කුප්පි පහනද දැල්වේ. මට මොකද ඇත්තටම උනේ , එතකොට කවුද මගේ මුණ අතගෑවේ , කොහොමද කුප්පි ලාම්පුව පත්තු උනේ, අර යක්ෂ බල්ලා මොකෙක්ද ? චන්දරේ තමන්ගේ හිතෙන් බොහෝ වෙලාවක් ප්‍රශ්න කර ගත්තේය. කුස්සියේ එල්ලා ඇති බිත්ති ඔරලෝසුවේන් වෙලාව පාන්දර 1.15 ලෙස සඳහන් වී තිබුණි. භීතියෙන් ඇලී සිටි චන්දරේ හෙමින් සීරුවේ ගොස් ඔහුගේ බුරු ඇඳ මත වැතිරුනි. තවම ඔහුගේ බිය පහව ගොස් නැත. මුළු ශරීරයම වෙවුලයි. නින්ද අහලකටවත් නොයෙයි.
මද වෙලවකින් පසුව කුස්සියේ වළඳක් පෙරලන හඩක් ඇසීමෙන් ඔහු තවත් බිරාන්ත විය. ඒ සමගම කාන්තාවක් ඉකි ගසන හඬක් කුස්සියේ දෙසින් ඇසෙන්නට විය. ඇය නොනවත්වාම ඉකි ගසමින් අඬයි.
මතු සම්බන්ධයි.
Last edited: