යකෙකුට බිය වෙලා

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    යකෙකුට බිය වෙලා

    ගැමියෝ 11ක් යකෙකුට බිය වෙලා

    PIHIYA.gif


    මොණරාගල මහ රෝහලේ මානසික වෛද්‍යවරු පිරිසක් මොණරාගල කුඔුකන සිල්පර පාරේ පැතිරී ඇතැයි කියන අමනුෂ්‍ය බියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.

    මෙම ප‍්‍රදේශයේ අමනුෂ්‍ය බිය හේතුවෙන් මේවන විට 11 දෙනෙකු රෝගාතුරවී ඇතැයි ද පැවසේ.

    මෙම රෝගය වැළඳෙන තැනැත්තන්ට එකවර සිහිය නැතිව යන බවත්, පසුව මස් හා ලේ ඉල්ලා කෑගසන බවත්, එම අවස්ථාවේදී ඔවුන් පාලනය කරගත නොහැකි බවත් වාර්තා වේ.

    එම ප‍්‍රදේශයේ කලක් ලියුකේමියා රෝගයෙන් පෙලෙමින් සිටි අයෙකු මිය යාමෙන් පසුව මෙම තත්ත්වය ඇතිවූ බව ප‍්‍රදේශවාසිහු කියති.

    මෙසේ මිය ගියේ යැයි කියන අය ඇතැමුන් විසින් සිය නිවෙස්වල පිටුපස සිටිනු දැක ඇතැයි ද ඔවුහු කියති.

    අදාළ තත්ත්වය හේතුවෙන් එහි ප‍්‍රදේශවාසීන් ගෙවල් අත්හැර යමින් සිටින බවද පැවසේ.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් මානසික වෛද්‍යවරුන් පැවසුවේ, මෙය බියවිය යුතු රෝගි තත්ත්වයක් නොවන බවය.

    මෙම රෝගය හඳුන්වනු ලබන්නේ මැස්හිස්ටීරියා (Masshistiria)ලෙස බවත්, එක් අයෙක් බියවීමෙන් පසුව අනෙක් අයත් බියවීම මෙහි ලක්‍ෂණයක් බවත්ය.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ ගැන අපේ සීයයි මායි මේ දවස්වල පර්යේෂනයක් කර කර ඉන්නෙ............

    :oo: ඔව් ඉතින් බර්මියුඩා ත්‍රිකෝණෙ කේස් එකක් ගියත් උඹයි උඹේ සීයටයි නෙ ඒක විසඳන්න භාරදෙන්නෙ. :shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: ඔව් ඉතින් බර්මියුඩා ත්‍රිකෝණෙ කේස් එකක් ගියත් උඹයි උඹේ සීයටයි නෙ ඒක විසඳන්න භාරදෙන්නෙ. :shocked:


    මූටයි මුගේ සියටයි බාරදෙන්නේ පරීක්ෂණ කරන උන්ට තේ අල්ලන්න :P:rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ මේ නහින දෙහින කාලෙ පැත්තකට වෙලා හිටපං හොල්මං හොයන්නේ නැතුව :rofl::P

    මූටයි මුගේ සියටයි බාරදෙන්නේ පරීක්ෂණ කරන උන්ට තේ අල්ලන්න :P:rofl:

    :yes: සහතික ඇත්ත.. :lol: :lol: :lol: :lol: