යකෝ අදත් මේක නිවිලනේ
මේක උනේ වත්තක වැඩකරන උන්දෑ කෙනෙකුටලු. මුන්දෑ ඉතින් උදැහැනැක්කෙම ගෙදරින් පිටත් වෙලා යනවලු වැඩ කොරන්ට… දවල් තේ වෙලාව වෙද්දි වයිපරේ එනවලු තේ එකත් අරන් වත්තට… ඒත් අනේ හැමදාම මේකි ගේන තේ එක නිවිලලු. මිනිහට එකසිය ගානට මලලු මේ ගෑනිත් එක්ක. ඇයි ඉතින් වැඩ කොරලා කොරලා නිවිච්ච තේ එකක් අතට දුන්නම…? අනේ ඉතින් ඒ ඇත්තිත් ගෙදර ඉඳන් දුරු කතර ගෙවාගෙන මිනිහා වැඩ කොරන තැනට එද්දි තේ එක උණුවෙන් තියේවිය…? මිනිහා හැමදාම තේ බෝතලේ අල්ලලා බලලා “යකෝ අදත් මේක නිවිලනේ” කියලා මූඩිය ඇරලා කටටම වක්කරගෙන නිවිච්ච තේ එක බොනවලු. වෙන මොනා කරන්ඩද ඉතින්….?
ගෑනිත් බැලුවලු ‘මේක හරියන්නෑ.. හැමදාම මුගෙන් බැනුම් අහන්ට පුලුවනැයි…’ කියලා සල්ලි සල්ලි කියලා බලන්නැතුව ගෙනාවලු උණුවතුර බෝතලයක්….. අර සිංහලෙන් තර්මෝස් ෆ්ලාස්ක් කියන්නේ.. අන්න ඒකක්.
ඉතින් පහුවදාත් මිනිහා වැඩට ගියාට පස්සේ ගෑනි ගෙනිච්චලු තේ එක. මෑන් අල්ලලා බැලුවලු බෝතලේ. ඌ ඊට කලින් කවදාවත් උනුවතුර බෝතලයක් දැකලා නෑ. අනේ වාසනාවන්…..
වෙනදා වගේම “යකෝ අදත් මේක නිවිලනේ” කියලා මූඩිය ඇරලා වක්කරගත්තලු තේ ටික
කටටම.

http://www.thelastrow.net/