යටගල_රාජ_මහා_විහාරය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    යටගල_රාජ_මහා_විහාරය

    යටගල රාජ මහා විහාරය - උණවටුන, ගාල්ල.

    993461_357618181027240_773757576_n.jpg


    ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ආදී මධ්‍ය-අවසාන රාජ්‍ය පාලන යුගයන්හි විසූ රජවරු තිදෙනෙකුගේ සම්මානයට පත් වූ ස්ථානයකි. යටගල රාජ මහා විහාරස්ථානය.

    1.ප්‍රථම සම්මානය - දේවානම් පියතිස්ස මහ රජතුමා
    2.ද්විතීය සම්මානය - පරාක්‍රමබාහු මහ රජ තුමා
    3. තෘතීය සම්මානය - ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තුමා

    විසින් පුද කළ බව ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.

    අනුරාධපුර මහමෙව්නාවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ නියමයෙන් ගාලු පුරවරයෙහි මෙම රමණීය කඳු ශිඛර මධ්‍යයෙහි රෝපනය කරනු ලැබ ඇත. ඒ අනුව මෙහි ආරම්භක ඉතිහාසය අවුරුදු 2300ක් දක්වා ඈතට විහිදී යයි.

    දඹදෙනිය විසූ පරාක්‍රමබාහු මහ රජතුමාගේ නියමයෙන් සුවිසල් ගල්ලෙන තුළ රියන් 18 ක් වූසැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවා ඇත. එහෙයින් ගලයට විහාරය, යටගල විහාරය නමින් ප්‍රකට විය. ඒ අනුව ගමද, යටගම නම් විය. රාජ්‍ය වර්ෂ 1891 දී ආරම්භ කරන ලද පිරිවෙණ (සකු බසින් හෙට්ටාචල (යටගල නමින් එයට අනුරූපව නම් කර ඇත.

    යටගල රාජ මහා විහාරය, විහාරස්ථාන 18 ක මූලස්ථානය විය. එම ස්ථානය, ශාඛා , ප්‍රශාඛා වශයෙන් ජාත්‍යන්තරවද විසිරී ඇත. ආදි කතෘ වරයානෝ ගෞරවාශ් පද අති පූජ්‍ය කැටගොඩ රතනජෝති මාහිමිපාණෝය. උන් වහන්සේ අරඹනු ලැබූ භික්ෂු පරපුර කැටගොඩ සඟ පරපුර යනුවෙන් ඉතිහාස ගතව ඇත. නවෝදය ආරම්භය 19 වන සියවසේ අග භාගයේ සිටයි. රාජ්‍ය වර්ෂ 1927 දී අ

    ඓතිහාසික සිතුල් පව්ව රජ මහා විහාරය, මඟුල් මහා විහාරය ලැබීම විශේෂ සිද්ධියකි. රාජ්‍ය වර්ෂ 1936 දී අපවත් වී වදාල අතිගරු කළහේ ශ්‍රී ගුණරතනාභ්ධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අති උදාර සේවාව අති පූජ්‍ය ඉළුප්පිටියේ ශ්‍රී ජිනරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, අති පූජ්‍ය වත්තෙහේනේ රතනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, අති පූජ්‍ය පණ්ඩිත වත්තෙහේනේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේත් උත්දීප්ත කරවමින් පවත්වාගෙන ඒමත්, ඒ අනුව විහාරස්ථ භිෂූන් වහන්සේගෙන් වන ආගමික හා ධර්ම ශාස්ත්‍රීය සේවාවත්, ඉහත සඳහන් ඓතිහාසික පූජනීයත්වයන් හේතු කොට ගෙන යටගල රාජ මහා විහාරය ගාලු දිසාවේ ප්‍රථම පූජා භූමිය ලෙස ව්‍යවස්ථාපිතව ඇත.


    ගත්තෙ මෙතනින්.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    good post, but in the image, on that logo it says that "දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි. ලංකාව තියෙන්නෙ දකුණේ ..!!!" - Shame on this. Anyway ++ for the post. But kindly consider what is there. Is it fare enough to argue for this...??
     
    • Like
    Reactions: Gmaduranga