යතිවරයාණෝ යනු කවරහු ද?

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    යතිවරයාණෝ යනු කවරහු ද?

    එළකිරියේ සිටින බුද්ධ ධර්මය පිළිබද දැනුම සහිත මිතුරන්ගෙන් විමසමි.
    අපේ පංසලේ ස්වාමීන් වහන්සේ(සියම් නිකායික) විසින් සිදුකරන ලද ක්‍රියාවක් හේතුවෙන් ඊයේ දිනයේ සිදු කිරීමට තිබූ මියගිය උපාසිකා මාතාවකගේ තෙමස් පූර්ණ පිංකමක ඉතා අර්බුධ කාරී තත්වයක් උත්ගත විය. එම නිවැසියන් විසින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන විට එම දිනයේ හදිසි කටයුත්තක් ඇති බවත් දිනය මාසයේ අවසානයට යොදාගන්නා ලෙසත් පැවසූ අතර ඔවුන් එතරම් කලක් නොමැතිව මියගිය දිනයට ආසන්න දිනයක හැකිනම් ලබාදෙන ලෙස පැවසූ විට දැඩි දෝෂාරෝපන එල්ල කර ඔවුන්ට ගරහ කොට පංසල් භුමියෙන් ඉවත්ව යන ලෙස පවසන ලදි. ඔවුන්ට කෙසේ හෝ මෙම පිංකම සිදුකළ යුතුම බැවින් ඔවුන් වෙනත් නිකායකට අයත්(පළිගැනීමකට නොව) ස්වාමීන් වහන්සේ නමකට පෙර යොදාගත් දිනට රාත්‍රී ධර්ම දේශනය සදහා ආරාධනා කරන ලද අතර උන් වහන්සේ ද මෙය පිළිගෙන තිබුණි. නමුත් පංසලේ ස්වාමීන් වහන්සේ එම ස්වාමීන් වහන්සේට එම විහාරස්ථානයමට ගොස් දෝෂාරෝපණය කර තිබුණේ තමන්ගේ ගමෙහි වඩින විට තමා දැනුවත් කළ යුතු බවත් එම නිකායෙන් පමණක් ගමෙහි දේ සදහා ස්වාමීන් වහන්සේ වැඩමවිය යුතු බවත් ය.තව ද මෙම ස්වාමීන් වහන්සේ එම ගෘහ මූලිකයන්ගේ දායකත්වය ද අහෝසි කර තිබූ අතර මීට පෙරද දායකයන්ගේ සුළු අතපසුවීම් හේතුවෙන් දායකත්ව අහෝසි කර ඇත.
    තවද එම සිද්ධිය පිළිබද එම දායක මහතා දැනුවත් නොකර ඔහු අර ස්වාමීන් වහන්සේ වැඩමවීමට යන විට උන් වහස්සේ එය ප්‍රතික්ෂේප කොට තිබූ අතර පංසලේ ස්වාමීන්වහන්සේ ද එදින පංසලේ වැඩ සිට ඇත. දායක මහතා තම මෑණියන්ගේ පිංකම බවත් එයට වැඩම වන ලෙසත් හඩා වැටී අයැද ඇති අතර වැඩම කොට නොමැත.
    මාගේ ගැටළු මේවායි මිතුරනේ,
    01. මෙවැනි දේ බුදු හිමියන් දේශනා කරාද ?
    02. මේ නිකාය භේදය රටටත් ශාසනයටත් පිළිලයක් නොවේ ද?
    03. මෙවැනි ගැටළු වල දී දායකයන් පත්වන අසරණ භාවයට මෙම නිකායන්ගේ ඇති පිළිතුර කුමක් ද?
    04. මෙවැනි ස්වාමීන් වහන්සේ පිළිබද වගකීම් කවුරැන් සතුද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    විකාර දේවල් මට නම් ඕවා. මම නම් එහෙම ලොකුවට නීති ගැන කියන්න දන්නෙ නැහැ. පන්සලේ හාමුදුරුවන්ට නේ සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් පන්සලේ හාමුදුරුවන්ට එදාට අපහසු නම් වෙන පන්සලකින් හාමුදුරුකෙනෙක්ට ආරාධනා කලාට එහෙම කේන්ති ගන්න තරම් දෙයක් වත් එහෙම පාප කර්මයක් සිද්ධ වෙන දෙයක් කියලනම් මට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙ ඔහොම නිකාය භේදයක් තිබුනෙ නැනෙ. ඉතින් ඔහොම දෙයක් දේශනා කරල නැහැ නේද

    01. මෙවැනි දේ බුදු හිමියන් දේශනා කරාද ?
    නැත

    02. මේ නිකාය භේදය රටටත් ශාසනයටත් පිළිලයක් නොවේ ද?
    අනිවර්යෙන්ම ඔව්. මේ දැන් බුදු දහමටත් කෙල වෙන සමයක තවත් නිකායවලටත් බෙදිලා. හරි සෝක්

    03. මෙවැනි ගැටළු වල දී දායකයන් පත්වන අසරණ භාවයට මෙම නිකායන්ගේ ඇති පිළිතුර කුමක් ද?
    :confused:

    04. මෙවැනි ස්වාමීන් වහන්සේ පිළිබද වගකීම් කවුරැන් සතුද?
    :confused:


    කොටින්ම කිවුවොත් ඉතින් දැන් ශාසනේ කන්නෙම ඉතින් .... තමයි :oo:
     
    Last edited:

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    The bitter truth, "the end comes within".. People should be more understanding of the dhamma and avoid such people, one aspect of dhamma as I see is the ability to see things as it is and understand the reality of them, of course we are not that much mentally developed but we can get closer and closer..
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    1.buduhamuruwo minissu prathikshepa kare na...ganikawange danekata wunath aradhana karoth anukampa karala wadama kala....(ambapali wage aya)
    2.aniwaryemma
    nikayan kiyala wenkaraganda yanna epa...api adahanne therawadene ..echcharai, nikayan kiyala wenas wenne bahira podi podi dewal witarai..therawadi dharmaya natthan ekamai...mahanayaka hamuduruwanta thama man hithanne ea ea nikaye,oya gana thiranayak ganna puluwan..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    1. නැත

    2. ඇත්තෙන්ම

    3. නිකාය භේදය ගැන නොදනිමු. නමුත් දන්නා තරමින් පන්සල හාමුදුරුවන්ට අයිති දෙයක් නෙමේ. හාමුදුරු වන්ට ඕන විදියට හැම දෙයක්ම කරන්ඩ බෑ .

    4. ගමම එකතු වෙලා කරන දෙයක් කරන්ඩ. පුළුවන් නම් ඔය හාමුදුරුවෝ එලවල වෙන කෙනෙක් පත් කරන්ඩ.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Buddagame winashayata hetu wena aya hadenneth buddagama athulenmai kiyala buduhamuduruwo kiyala tiyanawane..

    mage nam idea eka.. agama agama kiyala badagena inne natuwa agame tiyana dewal hariyata pilipadinawanam echcharai..
     

    waligamaya

    Well-known member
  • බුදුන්ගේ දර්මයෙන් තම බඩගෝස්තරය රැකගන්නා මෙම ගණයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කලයුතුයි. නමුත් එය වෙනේ නැ, කපටි අවස්තා වාදීන් ඒවාට එකතුවෙනේ නැ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හාමුදුරුවො අප්සට් පැතිවලට තමයි යොහෝව කල්ලිය හෙමීට අත තියන්නෙ :yes: