යතිවරයාණෝ යනු කවරහු ද?
01. මෙවැනි දේ බුදු හිමියන් දේශනා කරාද ?
02. මේ නිකාය භේදය රටටත් ශාසනයටත් පිළිලයක් නොවේ ද?
03. මෙවැනි ගැටළු වල දී දායකයන් පත්වන අසරණ භාවයට මෙම නිකායන්ගේ ඇති පිළිතුර කුමක් ද?
04. මෙවැනි ස්වාමීන් වහන්සේ පිළිබද වගකීම් කවුරැන් සතුද?
එළකිරියේ සිටින බුද්ධ ධර්මය පිළිබද දැනුම සහිත මිතුරන්ගෙන් විමසමි.
අපේ පංසලේ ස්වාමීන් වහන්සේ(සියම් නිකායික) විසින් සිදුකරන ලද ක්‍රියාවක් හේතුවෙන් ඊයේ දිනයේ සිදු කිරීමට තිබූ මියගිය උපාසිකා මාතාවකගේ තෙමස් පූර්ණ පිංකමක ඉතා අර්බුධ කාරී තත්වයක් උත්ගත විය. එම නිවැසියන් විසින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරන විට එම දිනයේ හදිසි කටයුත්තක් ඇති බවත් දිනය මාසයේ අවසානයට යොදාගන්නා ලෙසත් පැවසූ අතර ඔවුන් එතරම් කලක් නොමැතිව මියගිය දිනයට ආසන්න දිනයක හැකිනම් ලබාදෙන ලෙස පැවසූ විට දැඩි දෝෂාරෝපන එල්ල කර ඔවුන්ට ගරහ කොට පංසල් භුමියෙන් ඉවත්ව යන ලෙස පවසන ලදි. ඔවුන්ට කෙසේ හෝ මෙම පිංකම සිදුකළ යුතුම බැවින් ඔවුන් වෙනත් නිකායකට අයත්(පළිගැනීමකට නොව) ස්වාමීන් වහන්සේ නමකට පෙර යොදාගත් දිනට රාත්‍රී ධර්ම දේශනය සදහා ආරාධනා කරන ලද අතර උන් වහන්සේ ද මෙය පිළිගෙන තිබුණි. නමුත් පංසලේ ස්වාමීන් වහන්සේ එම ස්වාමීන් වහන්සේට එම විහාරස්ථානයමට ගොස් දෝෂාරෝපණය කර තිබුණේ තමන්ගේ ගමෙහි වඩින විට තමා දැනුවත් කළ යුතු බවත් එම නිකායෙන් පමණක් ගමෙහි දේ සදහා ස්වාමීන් වහන්සේ වැඩමවිය යුතු බවත් ය.තව ද මෙම ස්වාමීන් වහන්සේ එම ගෘහ මූලිකයන්ගේ දායකත්වය ද අහෝසි කර තිබූ අතර මීට පෙරද දායකයන්ගේ සුළු අතපසුවීම් හේතුවෙන් දායකත්ව අහෝසි කර ඇත.
තවද එම සිද්ධිය පිළිබද එම දායක මහතා දැනුවත් නොකර ඔහු අර ස්වාමීන් වහන්සේ වැඩමවීමට යන විට උන් වහස්සේ එය ප්‍රතික්ෂේප කොට තිබූ අතර පංසලේ ස්වාමීන්වහන්සේ ද එදින පංසලේ වැඩ සිට ඇත. දායක මහතා තම මෑණියන්ගේ පිංකම බවත් එයට වැඩම වන ලෙසත් හඩා වැටී අයැද ඇති අතර වැඩම කොට නොමැත.
මාගේ ගැටළු මේවායි මිතුරනේ,තවද එම සිද්ධිය පිළිබද එම දායක මහතා දැනුවත් නොකර ඔහු අර ස්වාමීන් වහන්සේ වැඩමවීමට යන විට උන් වහස්සේ එය ප්‍රතික්ෂේප කොට තිබූ අතර පංසලේ ස්වාමීන්වහන්සේ ද එදින පංසලේ වැඩ සිට ඇත. දායක මහතා තම මෑණියන්ගේ පිංකම බවත් එයට වැඩම වන ලෙසත් හඩා වැටී අයැද ඇති අතර වැඩම කොට නොමැත.
01. මෙවැනි දේ බුදු හිමියන් දේශනා කරාද ?
02. මේ නිකාය භේදය රටටත් ශාසනයටත් පිළිලයක් නොවේ ද?
03. මෙවැනි ගැටළු වල දී දායකයන් පත්වන අසරණ භාවයට මෙම නිකායන්ගේ ඇති පිළිතුර කුමක් ද?
04. මෙවැනි ස්වාමීන් වහන්සේ පිළිබද වගකීම් කවුරැන් සතුද?


