යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය අද සිට දැඩ
යතුරුපැදිකරුවන් සඳහා වන නීති අද සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මාර්ග රිය අනතුරු අවම කිරීම මෙහි අපේක්ෂාව බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.
අධික වේගය, ආරක්ෂක හිස්වැසුමේ නිකට පටිය තද නොකිරීම, වර්ණ සහිත වයිසර් පැළඳීම සහ අපරික්ෂාකාරී ලෙස වාහන පසුකර යෑම පිළිබඳව දැඩි අවදානය යොමු කරනු ඇති.
වැරදිකර හසුවන යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද නෙත් නිවුස් පොලිස් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. ඔහු පැවසුවේ අදාල යතුරුපැදිකරුවන්ට දඩ නියම කිරීමට හෝ නඩු පැවරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ දැනට භාවිත කෙරෙන යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 29ක් පමණ බවද එය ශ්‍රී ලංකාවේ භාවිත මුළු වාහනවලින් සියයට 53ක් පමණ බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා. මෙම වසරේ පළමු මාස 04 තුළ සිදුවු යතුරුපැදි අනතුරුවලින් යතුරුපැදිකරුවන් සහ පිටුපස ගමන් කළ පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
- http://nethfm.com/article/72756