යදමින්බැදවිලංගුලා

Oct 20, 2011
208
83
0
යදමින්බැදවිලංගුලා

389135_149366441831621_100002747997163_161508_279116878_n.jpg




යදමින් බැද විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා - දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්

කාකා බිබි නටන අතර නරුම - යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම - වරදක් දැයි මට කියන්

ගිණි ගන්නා රටක කෙළින -මී හරකුන් වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා - මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම් - එවන් පුතුන් ලග උතුම්



ජයවේවා සෙන්පතිතුමනි
අපි හැමදාම ඔබ සමගයි



 
  • Like
Reactions: sansunstu and saki2

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
අපේ මව්බිම රැදුරු කොටින්ගෙන් බේරා ගත්තාට අපි සදා ණයගැති ‍වීර සෙන්පතිතුමණි.....

(+++Rep)
 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තිස් වසරක කුරිරු යුධ ගිණි දැල් නිවා දැමූ යුධ ජයග්‍රහණයේ සැබෑ විරුවාණන් සිරගත කොට, තිස් වසරක කුරිරු යුධ ගිණි දැල් අපගේ මතෘභූමිය තුල ඇවිලවු රුදුරු කොටි නායකයින්ට සුරසැප සැලසීම මොන තරම් අමානුෂික ක්‍රියාවක්ද.

    "2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය"

    රටේ නීතිය සාධාරණය සැමදෙනාටම ඉටු විය යුතු වුවත් අද එය එක්තරා පිරිසකගේ ඕනෑ එපාකම් මත සිදුවන දෙයක් බවට මත්වී ඇත. බොහෝ දෙනෙක් අද නීතියට පයින් ගසා අවනීතියෙන් කටයුතු කරති. පසුගිය කාල වකවානුවේ දී විවිධ අපරාධ චෝදනාවන්ට හා අයතා ගනුදෙනු වලට ලක් වූ බොහෝ දෙනෙක් නීතිපතිගේ උපදෙස් මත නිදහස් වුණා. එහෙත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සාමය උදාකරදීම සදහා ඇප කැපවූ දේශයේ මුරදේවතාවා හට අද අත්වී ඇති ඉරණම කොතරම් අසාධාරණද.

    සෙන්පතිතුමනි ලංකාමාතාව ඔබට සදා ණයගැතී.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉටු කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    න්නට පුළුවන් නම්
    නුබයි අපේ පියා උතුම්

    ආයු රඛ්ඛන්තු ආවඩා අභීත විරුවා නෙනි
     
    • Like
    Reactions: EHDEHD and saki2