යන්න සදු හා ......තාරකා....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්න සදු හා ......තාරකා....

    රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා....
    යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා.....
    නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා....
    දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා....

    මට ලංවීලා හදවත සැගවූ ආලය සිහි කරලා.....
    නිදි නැති මනසේ ඡායාවක් සේ ඔබ මා ලග මැවිලා....
    විහිලු කරනවද කෙලෙසද ඔබගෙන් වෙන් වෙන්නේ හිතලා...
    දෑතින් අල්ලා ඔබ කැදවන විට රූ ඡායා මැකිලා.......
    රූ ඡායා මැකිලා.......


    සක්විති රජ වෙම් ආදර ලොවටම මතු දින ඔබ හින්දා.....
    සිත් අහසේ මගෙ තරු රැජිනියනේ සුර මැදුරක් බැන්දා.....
    ආදරයේ මුල් පද මට පෙන්වා ඔබම මකා දැම්මා.......
    යලිත් නොඑන එක් රාත්‍රියක ආදරයට සමු දුන්නා.....
    ආදරයට සමු දුන්නා.....


    රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා....
    යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා.....
    නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා....
    දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා....

    melody එකක් සදහා ලියන ලද්දකි
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙක ලිව්වෙ මමද කියලවත් මතක තිබුනේ නඋෑ සිංහලු
    දැනුයි මීටර් උනේ
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සංකපාල, බයික් එකේ කෙල්ලො පස්සෙන් යන කාලේ ලියපු එකක්
    m0405.gif