යන ගමන් ගොඩවෙලා යන්න.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යන ගමන් ගොඩවෙලා යන්න.....

    [FONT=&quot]යන ගමන් ගොඩවෙලා යන්න.....[/FONT]


    dead_soldier_wip_by_metheobscure.jpg

    [FONT=&quot]ඔවුන් පාසල් සමයේ සිට ගජ මිතුරන්ය. දුක සැප බෙදා ගත්තේ එකටය. කල් යාමත් සමග ඔවුන් දෙදෙනාම හමුදා සේවයට එක්විය... එහිදී ද ඔවුන් වෙන් නොවී එකට සිටියෝ ය.... [/FONT]

    [FONT=&quot]දෙදෙනාම එකම අණ දෙන නිලධාරියෙකු යටතේ යුද බිමට පිවිසුණෝය.... සතුරන් සමග දරුණු සටනක නියැලෙන්නට ඔවුන්ට සිදුවිය.... එක් මොහොතක දී එක් මිතුරෙක් වෙඩි පහරකට ලක් විය.... සතුරු කණ්ඩායම හා හමුදාව අතර අනාරක්ෂිත බිම් තීරුවක ඔහු වැටී දගලන්නට විය.... අනෙක් මිතුරාට ඔහුව රැගෙන විත් ඔහුගේ ජීවිතය රැුක ගැනීමේ ප‍්‍රබල ඕනෑකමක් තිබිණි.... කුඩා කල එකට සිිටි මිතුරා වෙනුවෙන් ජීවිතය පරදුවට තැබීමට ඔහුට අවශ්‍ය විය.... ඔහු අණ දෙන නිලධාරියා අසලට කිට්ටු විය...[/FONT]

    ”[FONT=&quot]සර්... මට කවරින් ෆයර් එකක් දෙන්න..... මම අරයව අරගෙන එන්නම්....[/FONT]”

    ”[FONT=&quot]පිස්සුද මනුස්සයෝ... තමුන්ටත් මැරුම් කන්න ඕනද.... අනෙක අරූට වෙඩි වැදුන හැටියට ඌ කොහොමත් මැරෙනවා.... ඒ වෙනුවෙන් මට තවත් සෝලජර් කෙනෙක්ව බිල්ලට දෙන්න බෑ....[/FONT]”

    ”[FONT=&quot]ප්ලීස් සර්.... මට ඉඩ දෙන්න... මට පේන විදියට එයාට තවම පණ තියෙනවා.... මට සර්ගේ අණ කඩ කරල හමුදා නීතිය කඩන්න බෑ... ප්ලීස් සර්....[/FONT]”

    ”[FONT=&quot]තමුසෙටත් මැරෙන්න ඕන නම් යනවා.... මට කරන්න දෙයක් නෑ....[/FONT]”

    [FONT=&quot]මිතුරා ක්‍ෂණිකව තම වෙඩි වැදුණු මිතුරාගේ ජීවිතය රැක ගැනීමට යුහුසුඵ විය... ඔහු සතුරන්ගේ වෙඩි වර්ෂාවක් මැද ජීවිතය පරදුවට තබමින් බඩ ගාමින් - නැගිටමින් - වැටෙමින් මිතුරා ළගට යන ගමන දෙස අණ දෙන නිලධාරියා බලා සිටියේ [/FONT]”[FONT=&quot]අනේ මෙහෙමත් මෝඩයෙක්...[/FONT]” [FONT=&quot]යන සිතිවිල්ලත් සමගය.... අවසන ඔහු තම මිතුරා වැටී සිටි තැනට ළං විය... ඔහු මොහොතක් තම මිතුරාව දෙදණ මත තබාගෙන සිටිනු අණ දෙන නිලධාරියා බලා සිටියේය....[/FONT]

    [FONT=&quot]පුදුමයකි.... තම මිතුරා අත හැර නැවත සෙබළා තම කණ්ඩායම දෙසට අසීරු ගමනක යෙදෙන බව දක්නට ලැබිණි.... [/FONT]”[FONT=&quot]ෂුවර් එකටම අරූ මැරිල ඇති.... උගේ මෝඩකම ඌටම තේරෙන්න ඇති...[/FONT]” [FONT=&quot]අණ දෙන නිලධාරියා සිතිවිල්ලේය....[/FONT]

    [FONT=&quot]අවසන සෙබළා මහත් අසීරුවෙන් තම කණ්ඩායමට එක් විය.... ඔහුගේ මුඵ සිරුරම සීරීම්වලින් හා තුවාලවලින් ගලන ලේ වලින් වැසිලාය.... නමුදු අණ දෙන නිලධාරියා බලාපොරොත්තු වූවාට වඩා සෙබලාගේ මුහුණෙන් ජයග‍්‍රාහි බවක් දක්නට ලැබිණි...[/FONT]

    ” [FONT=&quot]ඕ... මොකෝ තමුසේ යාඵවගේ බොඩිය අරන් ආවේ නැත්තේ....[/FONT]? [FONT=&quot]මම කිව්ව විදියට මිනිහ මැරුණ නේද...[/FONT]? [FONT=&quot]තමුසේ නිකන් බොරු වීරයෙක් වෙන්න ගියා...[/FONT]”

    ”[FONT=&quot]නෑ සර්.... මම යන කොටත් යාඵවගේ පණ තිබුණා.... මගේ අතේ දී තමයි යාඵවගේ පණ ගියේ...[/FONT]”

    ”[FONT=&quot]හරි අයිසේ.... මොනව වුණත් මිනිහ මලානේ.... තමුසෙගේ උත්සාහය වතුරේ...[/FONT]”

    ”[FONT=&quot]නෑ සර් මම දිනුව....[/FONT]”

    ”[FONT=&quot]තමුසෙට පයිත්තියංද...[/FONT]? [FONT=&quot]තමුසේ තමුසෙගේ හිත හදාගන්න යන්නේ...[/FONT]”

    ”[FONT=&quot]නෑ සර්... මම යාඵව ළගට ගියාට පස්සේ යාඵව කියපු දේ සර් දන්නේ නෑනේ....[/FONT]”

    ”[FONT=&quot]මොනවද ඌ කිව්වේ...[/FONT]?”

    ”[FONT=&quot]උඹ අන්තිම මොහොතේ හරි මාව බේරගන්න එන බව මම දැනගෙන හිටියා කියල කිව්වා.... එයා ඒක කීවේ ගොඩක් සතුටින්....[/FONT]”

    ”[FONT=&quot]ඉතින් තමුසේ ඌව බේරගත්තේ නෑනේ....[/FONT]”

    ”[FONT=&quot]මට එයාව බේරගන්න බැරි වුණා තමයි සර්.... ඒ වුණත් මට එයාගේ බලාපොරොත්තුව ජීවත් කරවන්න පුඵවන් වුණා... ඒක මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්....[/FONT]”

    [FONT=&quot]කිසි විටකත් කෙනෙකුගේ බලාපොරොත්තුව කඩ නොකරන්න.... මන්ද යත් ඇතැම් විට බලාපොරොත්තුවක් කඩ වීම[/FONT], [FONT=&quot]කඩ කිරීම මරණයටත් වඩා වේදනාකාරි දෙයක් විය හැකි බැවිනි....

    [/FONT]
    [FONT=&quot]
    pathfinder_PNG_Face.png


    [/FONT]