යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

Max002

Member
Jun 26, 2010
253
156
0
Kadawatha
යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

මුලින්ම කියන්න ඕනේ මේක යමහා FZ බයික් එක Promote කරන්න හදන Review එකක් නෙමේ. මට යමහා එකෙන්වත් යමහා ඩීලර් කෙනෙක් ගෙන් වත් සත පහක් හම්බ වෙන්නේ නෑ. මම මේ දාන රිවිව් එක සම්පුර්ණ මම ලබපු අත්දැකීම් එක්ක පදනම් වුන එකක්.

මම මේ බයික් එක ගත්තේ 2015 පෙබරවාරි මාසේ. එතකොට මම ගාව තිබ්බා 2014 ටීවීඑස් අපාචේ බයික් එකක්. ලීස් එකක් එක්ක 50000 ට ගත්තේ. මම වාරික 4 ක් ගෙව්වා. 12000 ගානේ. හයිපර් එජ් කියලා එන්නේ. ඒකක්. ගෙදර හදිසියේ ඇති වුන සල්ලි උවමනාවක් නිසා ඒක විකුනලා රැ. 80000කට සල්ලි ටික ගෙදරට දුන්නා. මම ඉන්නේ කඩවත ඒ වෙනකොට වැඩ කලේ නාවල. හිතහන්කෝ බස් එකේ ඔය දුර යන්න සෙට් වුණාම තියෙන සැප. කරන්න දෙයක් නැ. වෙලාවේ හැටියට කරන්න පුලුවන් දේ මම කලා. හරියටම මාසයක් කෑවා කට්ටක් ඇගේ කිලෝ 8 ක් විතර අඩුවෙන්න. හැමදාම ගෙදර එද්දි රැ 10 විතර වෙනවා. බස් නෑ. පයින් කිලෝමිටර 4ක් ඇවිදලා එනවා. පට්ට චාටරයක් කෑවා. ඉතිරි කරපු සතයක් තිබ්බේ නෑ. හැබැයි බයික් එකක් ගන්න ලොකු ඇම්මක් තිබ්බා. කොහොම හරි එක දවසක් ඉක්මන් එකේ ඇඩ් එකක් දැක්කා කිලෝමීටර 8000ක් පැදලා තිබ්බ FZ එකක්. ඒ දවස්වල මගේ හොදම යාලුවා ගාවත් තිබ්බා FZS එකක්. එයත් ලීස් එකක් දාලා අරන් තිබ්බේ බයික් එක.

කොහොම හරි හෙන කට්ටක් දීලා බඩු ගත්තා 90 කටම කථා කරලා. ගෙදර ගෙනාවා. මුලින්ම ෆුල් සර්විස් එකක් දැම්මා. කම්පැනි නෙමේ. මගේ ජීවිතේට මේ බයික් එක කම්පැනි සර්විස් දාලා නෑ. හැමතිස්සේම හොද එකෙක් හොයාගනින් බයික් එක තමන් ලග නොහිටියත් හරියට වැඩේ කරන. එහෙම එවුන් ඉන්නවා නැත්තේ නෑ. බහුතරයක් එහෙම නෑ. නමුත් එහෙම එවුන් නැත්තෙම නෑ.

2015 ඉදන් අද වෙනකොට කිලෝමීටර 49228 ක් දුවලා තියෙනවා බයික් එක. තාම එන්ජින් එකට අත තියලා නෑ. චේන් ස්පොකට් නම් මාරැ කරා. එක පාරක්. ඉස්සරහා ඔයිල් සීල් දෙක මාරැ කලා එක පාරක්. කේබල් දෙක මාරැ කලා , එයාර් ෆිල්ටර් එක මාරැ කලා එක පාරක්. මේ වෙනකන් ඔය ටික කරලා තියෙන්නේ එක පාර ගානේ. සර්විස් එකනම් කිලෝමීටර 2500 - 3000 ගානේ වගේ කොහොම හරි කරගත්තා.

තාම එන්ජින් සද්ද බද්ද මුකුත් නෑ. ආහ්. ටයර් දෙකත් මාරැ කරා.. දෙකම සියෙට් පිටි පස්සේ එක 6000 යි. පංචිකාවත්තෙන් ගත්තේ. ඉස්සරහා එක 4000 යි ලගදි ගිය මාසේ දැම්මේ ඒත් පංචිකාවත්තෙන්ම. අපි අහලා තියෙනවා FZ බයික් එකේ ඔරිජිනල් ටයර් වල කේස් තියෙනවා. පැච් යනවා කියලා. නමුත් ඔරිජිනල් ආපු ටයර් දෙකේ මටනම් එහෙම ඉෂුස් තිබ්බේ නෑ, මතක විදියට දෙපාරයි පිටිපස්සේ පැච් දාලා තියෙන්නේ. ඉස්සරහා නම් පැච් එකක් ඇවිල්ලම නෑ, මම දවසට අඩුම කිලෝ මීටර 60 ක් පදිනවා අනිවා. කාපට් පාරවල් ම නෙමේ. හැබැයි එක දිගට වැඩියෙන්ම පැදලා තියෙන්නේ කිලෝ මීටර 190 ක් වගේ අප් ඇන්ඩ් ඩවුන් දෙකම

කොහොමත් ඇවරේජ් දවසට කිලෝමීටර 60 අනිවා. ආහ් අනිත් එක අනිත් එක සමහර අය කියනවා ඔරිජිනල්ම බඩු විතරයි දාන්න ඕනේ. චේන් ස්පොකට් වලට අර SPRAY එක ගහන්න ඕනේ කියලා. අනේ මම නම් මේ වෙනකන් ඕවා ගහලා නෑ. එහෙමයි කියලා දෙයියනේ කියලා කරදරයක් වෙලා නෑ මගදි.

අනිත් එක තෙල් කිරිල්ල. තෙල් නම් මගේ බයික් එකේ කරන්නේ ලීටරයට කිලෝ මීටර 35 ක් විතරයි. හැබැයි මම ටිකක් විතර හයියෙන් යනවා. 35 ක් කියන්නේ එච්චරම සුපිරි මයිලේජ් එකක් නෙමේ. නමුත් බයික් එකේ පිකප් එක දිවිල්ලයි බැලුවම මටනම් 35 ක් කියන්නේ රීසනබල් මයිලේජ් එකක් කියලයි මට හිතෙන්නේ.

බ්රේක් & බැලන්ස් එක..

සාපේක්ෂව මම මේ වෙනකොට දුවලා තියෙන බයික් වලින් බ්රේක් හොදම ඉන්දියන් මේ බයික් එකේ. ස්කිඩ් වෙලා තියෙනවා නමුත් අඩි 2 ක් 3 ක් උපරිම.. හුගක් වෙලාවට නෙමේ හැම වෙලාවෙම මම බ්රේක් ගහද්දි ඉස්සරහා පස්ස දෙකම පාවිච්චි කරනවා. මම කිලෝ 96 ක් බරයි. වේට් එක හින්ද කියන්න පුලුවන් නමුත් මම දෙපාරක් මැරෙන්නම ගිහින් තියෙනවා අපාචේ එකේ. ස්කිඩ් වෙලා අඩි 8 - 9 ක් විතර.. ඕනේ නම් 90 කටම එන්න ඇති. ටයර් එහෙම ටිකක් පලල නිසා වෙන්න ඕනේ FZ එකේ බ්රේක් එහෙම හොදයි.

අනිත් එක බැලන්ස් එකත් හොදටම හොදයි. ටයර් දෙක සාමාන්‍යයෙන් හොද තත්වයක තියෙනවා නම් බය නැතුව නවන්න පුලුවන් බයික් එක. කනේ වැලි ගැවෙන තරමට නවලා නම් නැ. නමුත් අර ආතල් එකට පදිද්දි හොදට නවන්න පුලුවන්.

මෙහෙමයි මේක ජපන් බයික් එකක් නෙමෙයිනේ. මම කියන්නේ නෑ මේක තමයි ලංකාවේ තියෙන මේ ගානට ගන්න පුලුවන් පට්ටම සුපිරිම බයික් එක කියලා. නමුත් මේ බයික් එක සාර්ථක නිශ්පාදනයක් කියලා මට හිතෙන්නේ.

අනිත් එක ඔයගේ හිත කියන එක අහන්න හැම තිස්සෙම අපෝ අරක හොද නැ ඒකේ කාලයක් ගියාම කේස් එනවා කියලා මිනිස්සු කියයි ඔයා දෙයක් ගන්න යද්දි. බයික් එකක් හරි ෆෝන් එකක් හරි මොන මගුලක් හරි.. ඔතන ඇත්තටම ඒ මිනිස්සු කියන එක සියට 80 ක් ඇත්ත වෙන්න පුලුවන්.. නමුත් හිතලා බලන්න අපි කවුරැත් මේ ලෝකේ හැමදාම ජීවත් වෙන්නේ නෑ. තමන්ගේ හිතට ඕනේ දේ කරන්න රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා. මොකද කවුරැ හරි කියන එක අහලා ඔයා ඔයාගේ හිතේ තියෙන දේ නැතුව වෙන දෙයක් ගත්තොත් මතක තියාගන්න ඔයා මැරෙනකන් ඒ දේ බලලා අපරාදේ කියලා හිතෙයි..වරදින්න පුලුවන්.. අපි හැමෝටම වරදිනවා.. නමුත් ඔයාට වැරදුනේ ඔයා ආස දේ කරලා කියලා ඔයාගේ හිත දන්නවානම් ඔයාට දුක් වෙන්න තියෙන ඉඩකඩ හුගක් අඩුවෙයි.



කියවලා බලන්න මගේ අදහස.. බනින්න, අදහස් කියන්න ඕනේ එකක් කරන්න ඔයාලට සම්පුර්ණ අයිතියක් තියෙනවා.. ඔයාලගේ අදහසුත් බෙදා ගන්න කියලා මම නවතිනවා.
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    niyamai machan. niyameta liyala thiyenawa. dakama hodama review ekak. thawa daanna. kattiyata wadagath wei.:yes: rep ++++++++
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අලුත් FZ එකට වඩා පරණ එක තමා හොඳ . අලුත් එකට වඩා Suzuki Gixxer / Honda Hornet 160 හැමපැත්තෙන්ම හොඳයි . මන් හිතන විදියට සහ මන් 3ම පලා තියෙනවා .යාළුවො ගාව තියෙනවා 3 ම . උන් කියපුවත් එක්ක තමා . FZ version 1 එකනම් අවන්කයෙන්ම හොඳ bike එකක්
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    අලුත් FZ එකට වඩා පරණ එක තමා හොඳ . අලුත් එකට වඩා Suzuki Gixxer / Honda Hornet 160 හැමපැත්තෙන්ම හොඳයි . මන් හිතන විදියට සහ මන් 3ම පලා තියෙනවා .යාළුවො ගාව තියෙනවා 3 ම . උන් කියපුවත් එක්ක තමා . FZ version 1 එකනම් අවන්කයෙන්ම හොඳ bike එකක්

    Pahadiliwama machan.. !!! Thank you..!!!
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    fz eka hodai maru bike eka, ikmanta gewenwa hama magulama. Man laga TVS ekak tibba 2007 idan, ekata wada passe gaththa Fz eke kali gewenawa. fz ekata wiyadam kara bara ganak kohoma hari.
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    uba engine eka arenna godak ewa maru karala ne ban :P . japan ekak aran balapan niyama wenasa balanda

    පැහැදිලිවම මචන්.. මම කියලා නෑ කොහෙවත් මේක පට්ට සුපිරි ටයර් ගෙවෙන්නේ නැති පාර්ට්ස් දාන්න ඕනේ නැති බයික් එකක් කියලා.. ජපන් බයිකුයි ඉන්දියන් බයිකුයි කම්පෙයාර් කරනවා කියන්නේ තේරැමක් නැති වැඩක්.. අදහසට ස්තූතියි..ජපන් බයික් එකක් අරන් දවසට ඇවරේජ් කිලෝමිටර් 60 ක් දුවන්න තරම් මට වත්කමකුත් නෑ බන්.. ඒකයි තියෙන් ඉන්දියන් බයික් එක ගැන දැම්මේ...