යශෝදරා දේවියගේ ඉරීගිය තණපට නැවත ඇන්දවීම ර
උපුටා ගැනීම දිවයින පුවත් පතෙනි
හාමුදුරුවන්ට තරු පෙන්වූ
බාස් උන්නැහේගේ අපුරු බිල
ගමේ රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ බිතු සිතුවම් දුර්වර්ණවී පවතී. පැරණි රූප බොහොමයක් අබලන්වී ඇත. බොහෝ බිතු සිතුවම්වල කොටස් කැඩී ගොසිනි.
විහාරමන්දිරයේ අබලන් සිතුවම්වල කැඩී ගිය කොටස් බදාම දමා සකස් කර තීන්ත ගෑම පලපුරුදු මේසන් බාස් කෙනෙකුට පැවරුවේය.
බාස් උන්නැහැ පිළිමවල කැඩුණු තැන් පුරවලා සිතුවම් වල හොඳ තීන්ත වර්ගයක් ගාලා හොඳට වැඩේ කරන්න ඕනේ යෑයි නායක හාමුදුරුවෝ පැවසූහ.
ඒ අනුව පියදාස බාස් උන්නැහේ වැඩේ භාරගත්තේය. මුලින්ම පැරණි බිතුසිතුවම් හා පිළිම පිරිසිදු කර ඉන්පසු කැඩුණු බිඳුන තැන් සාදා තීන්ත ආලේප කළේය.
හාමුදුරුවනේ ඔන්න වැඩේ නියමෙට කෙරුවා. තීන්ත වලටත් එක්ක ගාස්තුව රුපියල් දාහත්දාස් පන්සීයයි වැඩේ අවසන් කරන ලද පියදාස බාස්උන්නැහේ බාස්කුලිය නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ඔහොම කීවට බැහැ බාස් උන්නැහැ එක එක වැඩේ නමයි වියදමයි විස්තර ඇතුව ලියලා දෙන්ඩ. මොකද මේ හැම වියදමක්ම දායක සභාවට දාල අනුමත කරගන්න වෙනවා නේ යෑයි නායක හාමුදුරුවෝ පැවසූහ.
ඒ අනුව පියදාස බාස් උන්නැහේ විහාරස්ථානයේ අලුත්වැඩියා වියදම් මෙසේ විස්තර සහිතව ලියා දුන්නේය.
ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම සඳහා රු.1000, යසෝදරා දේවියගේ ඉරීගිය තණ පොට නැවත ඇන්දවීම රු. 5000 අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම රු. 2500, අජාසත්තගේ දණහිස් වලට මස් දැමීම, රු 3000, කුවේණිගේ බඩ පිරවීම, රු. 2000, චිංචි මානවිකාවගේ බඩට දර දැමීම, රු. 4000.
මුළු එකතුව 17500.00.
බිල දුටු හාමුදුරුවන්ට තරු විසිවිය. කිසිදු කතාවක් නොමැතිව සියලුම මුදල් ලබා දුන්නේය.

Last edited: