යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තහඩු 2 කට, ගල් බාගෙට, මහන මැෂිමකට, අහල පහල උන්ගේ තරහ පිරිමහන්න චන්දෙ දෙන උන් ඉන්න රටක් බන් මේක....
    :yes::yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Demala kellek sigiriyata awilla sigiriye katapathpawure ekige kollage nama kotala giya, Gon hitan hutan ponn*ya ekata janadipathi samaawakda mokakda ekak deela nidahas kala. Sinhalayawa, rate jaathika uruma winasha kalath samaawa deela jaathiyama haallu karana kondak nathi ponn* naayakayek saha agamathiyek. Rata winasa wena eka pudumayak neme.:angry::angry:
    ඒකිට job එහෙකුත් දුන්න බන්.. :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    තහඩු 2 කට, ගල් බාගෙට, මහන මැෂිමකට, අහල පහල උන්ගේ තරහ පිරිමහන්න චන්දෙ දෙන උන් ඉන්න රටක් බන් මේක....

    ඒකනම් ඇත්ත...
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ප්‍රජාතන්ත්‍රවාදය


    අළුත් විප්ලව කරන්න කලින් ඇයි මේ යහපාලන විප්ලවේ වැඩ කරන්නේ නැත්තේ කියල හිතල බලන්න එපැයි.

    ප්‍රංශ මිනිස්සු එක දවසක රාජ ආණ්ඩු ක්‍රමයක ඉදල පහු වෙනිදා ජනතා පරමාධිපත්‍යකට මාරු වුනේ, ඒ ජනතාව අලුත් අදහස පිළිගත්තා (ඕනෑම නව අදහසක් පිළිගැනීම රැවටීමක් විදියට කියන්න පුළුවන්නේ ;) )
    චිනෙත් අබිං යුද්ධ දෙකකින් පැරදිලා හිටපු අති මහත් ජනතාවක් මාවෝ ගේ නව චීන ව්‍යාපෘතිය පිළිගත්තා, එක දවසෙන් කොන්ඩ කපල අලුත් ඇදුම් ඇඳලා විප්ලවේ කරා.
    රුසියාවේද වෙන කොහෙත් ඒක තමයි සිද්ධ වුනේ.
    හැබැයි මිනිස්සු පිළිගත්තා ගොඩක් වෙලාවට අලුත් වියුක්ත සංකල්පේ ඉතින් ඒ ක්‍රම ටික කාලයක් ගියා සහ යනවා.

    නමුත් යහපලානේ දින්නේ මිනිස්සු "යහපාලානේ" පිලි අරගෙන නෙමෙයි, මිනිස්සු කවුරුත්ම ඔය කියන යහපලනෙට රැවටුනේ නැහැ.
    කවුද ඕක පිටිපස්සේ හිටියේ, දෙමල පක්ෂ ටිකට වුවමනා වෙලා තියෙන්නේ ස්වයන් නීර්ණ අයිතිය අරගෙන ඉස්සරහට ගිහින් වෙන් වීමේ ජනමත විචාරණයක් පවත්වන්න දැන් අර "Spain" වල "Catalonia", තුර්කියේ කුර්දිස්තාන් වල කරගන්න හදන දේ.
    මුස්ලිම් පක්ෂ ටික මොකටද හිටියේ, දිනන පක්ෂයට නැවත සන්ධි වෙලා වෙනද කරගෙන විදියට ඔවුන්ගේ බලය වැඩි කරගන්න.
    විවිධ ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන පිරිස තනිකරම හිටියේ මොනවටද කියල කවුරුත් දන්නවා.
    නව කළා කරුවෝ සිටියේ මොකටද, ඔවුන් සිටියේ ඔවුන් හිතන "ලිබරල්" මතවාද පිළිගනී කියල හිතන කට්ටියක් බලයට ගෙනල්ල ඒ අනුග්‍රහයෙන් අනෙත් පක්ෂයේ හිටපු කළා කරුවන් වෙනුවට ආදේශ වෙලා ලිබරල් දේවල් කරන්න බලාගෙන.
    පව් මනෝ ගනේෂන් මහත්තය "සන්හින්දියව" ගගා යනවා, මොකක්ද කියල දන්නවද, එයාටත් වෙනම සැලැස්මක් ඇති :D.
    තවත් අය හිටියේ පෞද්ගලික හේතුන් මත.
    කාටවත්ම යහපාලනයක් වත් සංහිදියාවක් වත් ඇත්තටම වුවමන වෙලා තිබුනේ නැහැ.
    ඉතින් මේ "විප්ලවයේ" මුලික කාරණා දෙකෙන් එකක් වත් ඒ පිටිපස හිටි අය විශ්වාස කරපු දේවල් නෙමෙයි.
    යහපාලනය චන්දෙ දීපු මිනිස්සුන්ට තේරුණ දේකුත් නෙමෙයි.
    මේක තමයි ලෝකේ වෙනත් ටික කාලයක් දුවපු විප්ලව වලයි "යහපාලන වෙනසෙයි" අතරේ වෙනස.

    යහපාලන, සංහිඳියාව,සාධාරණ සමාජ, ධර්මිෂ්ඨ සමාජ, එයිශ්චර්ය, කියන්නේ වියුක්ත සංකල්ප එහෙම
    මොකක්ද සාධාරණ සමාජේ, එහම එකක් කොහෙද තියෙන්නේ කියල ඇහුවොත් උත්තර නැහැ.
    බොරුවට කියයි ස්කැන්ඩිනියානු රටක නමක්, එත් ඒ රටවල කතාව ඒ රටවල මිනිස්සු තමයි දන්නේ, සාධාරණ ද අසාධාරණ ද කියල.
    එයිශ්චර්ය මොකක්ද, කියයි තව රටක්, අපි හිතන් ඉන්න විදියද ඇත්තටම් ඒ රටවල් කියල අපි කොහොමද හරියටම දන්නේ?
    බල්ලෙක් ට ගිහින් කියනවා කටේ තියෙන මස් කට්ට ඇත ඇරියොත් හෙට මිට වැඩිය ලොකු මස් කට්ටක් දෙනව් කියල, අහු වෙයිද?
    බල්ලාගේ ඔලුවට ලොකු කියන එකත් වියුක්තයි, ඌට වුවමනා මස් කට්ට.
    අර සන්නිවේදනය "Koko" ගෝරිල්ලට අවුරුදු ගානක් තිස්සේ වියුක්ත බොරුවක් උගන්න ගන්න බලනව එත් තවම එහෙම හරි හමන් සාර්ථකත්වයක් නැහැ.
    මේ ගෝරිල්ලව පැරිසි පාරිසරික සමුළුවට "ගෝලීය උණුසුම" කියන වියුක්ත සංකල්පය වෙනුවෙන් වීඩියෝවකට පාවිචිචි කරලා, ඌව රවට්ටුව කියල විද්‍යාඥයෝ අතරෙත් පොඩි විවාදයක් ගියා.
    http://www.huffingtonpost.com/entry/koko-gorilla-climate-change-video_us_568d2368e4b0cad15e62bbf1
    ඌ එහෙම ගෝලීය උණුසුමක් දන්නේ නෑ, ඌට ඒවා අදාල නැහැ, ඌ ඉස්සරහ තියෙන කැමරාවට උගේ භාෂාවෙන් "එපා" කියල කියනව විතරයි.
    නමුත් මින්සුන් විතරක් වියුක්ත සංකල්ප එහෙම නැතිනම් නැති දේවල් ගැන කියපු බොරු වලට අහු වෙනවා.

    කොහොම නමුත්, ලංකාවේ බල පෙරලිය වුනේ ඔය කියන "සාධාරණ සමාජ,යහපාලන" වියුක්ත සංකල්පෙට අහු වුන ජනතාවගේ චන්ද වලින් නම් නෙමෙයි.
    බහුතර මිනිස්සු කොටසක් ඓශ්චර්යේට අහු වුනෙත් නැහැ කවදාවත්.
    "දුෂණ වංචා" මහා පරිමාණයෙන් වෙනවා කියල හිතපු සහ දැනගෙන හිටපු අයගේ චන්ද වල වෙනස් වීමකින්, මහින්ද රාජපක්ෂ මහත්මයට පරාජය වෙන්න වුන.
    හිටපු ජනාධිපතිට ඒ චෝදනා වලින් ගැලවෙන්න විදියක් තිබුනේ නැහැ ලොකු කොහොල්ල ගුලියක් වගේ ඇලවිලා තිබුනේ.
    දැන් දියවන්නාවේ දෙගොල්ලො, තුන්ගොල්ලො හැමෝම කොහොල්ල බබාලා වෙලා ඉන්නේ. :D
    දුෂණ වෙන්නේ ඇයි කියන කතාව කවුරුත් කතා වෙන්නේ නැහැනේ.

    මිනිස්සු චන්දෙ දෙන්නේ, මේ ප්‍රජතන්ත්‍රවාදේ කියන බොරුවට අහු වෙලා නේ. අපිට එකට අහු වෙලා හිතනවා අපි චන්දේ දීල වැඩ වන හැටි වෙනස් වෙයි කියලා.
    අපි මේ ප්‍රජාතන්ත්‍ර වාදය කියන බොරුවේ හිර වුනාට අපි හැමෝමත් දන්නවා එහම එකක් නැහැ කියලත්.
    ප්‍රජාතන්ත්‍රවාදේ ලෝකෙටම පතුරුවන අමෙරිකාවේ, ප්‍රජාතන්ත්‍රවාදයක් තියා මිනිස්සුන්ගේ මතවාද මෙලෝ දෙයක් තීරණ වලට බලපානවද?
    සිලිකන් නිම්නයේ සිටින බිලියනපතියන් කිහප දෙනෙක් නෙමෙයිද අනාගතයට අවශ්‍ය මොනවද යන්න තීරණය කරන්නේ.
    ප්‍රජා - තන්ත්‍ර - වාදය කියන බේගලය ලිහල ඉන්න ඕන නැද්ද විප්ලව කරන්න කලින්, මොකෝ ඕක ලංකාවේ හිටපු කිසි කෙනෙක් හරි දැන් ඉන්න කිසි කෙනෙක් හරි ඉල්ලපු දෙයක් ද?
    හරිනම්, ප්‍රජාතන්ත්‍ර වාදේ ඕනද කියල ප්‍රජාතන්ත්‍ර වාදිව විමසල ඉන්න ඕන.
    දැන් ඉන්න ගොල්ලොන්ගෙන් වැඩ ගන්න නම්, මාසෙන් මාසෙට ප්‍රගති වාර්තා බලල අහක් කරනවා නම් පරම්පරා හතකට පැත්ත පළාතේ එන්න බැරිවෙන්න අහක් කරන්න වෙයි.
    අපි වෙනුවෙන් එක පාරක් යවල සියලු තීරණ ගන්න බැහැනේ, අර සුපර් ස්ටාර් තෝරනවා වගේ SMS යවල හැම ප්‍රශ්නෙටම තීරණ අපෙන් අහල ඒගොල්ලෝ කරන්න දෙන්න වෙනව්.
    ප්‍රජා තන්ත්‍ර ක්‍රමයට නම්, අපි වෙනුවෙන් පාලනයට යවන අයගේ මතවාද ප්‍රචාරය නවත්වන්න ඕන, මිනිස්සුන්ගේ මතවාද ප්‍රවුර්ති වලින් කියන්න ඕන, දැන් වෙන්නේ අනිත් පැත්ත නේ.රජෙක් නම් රජාගෙයි, රජ පෙලපතෙයි, හැමෝගෙම ජිවිත හරි අඩු ගැනේ ඇපේට තියල තමයි කරන දෙයක් කරන්නේ, ප්‍රජාතන්ත්රවාදේ එහෙම මොකුත් නැහැ කියල ඉස්සෙල්ලම අහු වෙනකොට නොතේරුනාට අදටත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැති එකනේ පුදුමේ.


    ප්‍රජාතන්ත්‍ර වාදය කියන වියුක්ත සංකල්පෙටම අහු වුන අපි කොහොමද මෙය තේරුම් අරගෙන වැඩක් කරගන්නේ?

     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දැනට විකල්ප සෙවීම පැත්තක තියලා යහපාලන ආණ්ඩුවේ සැබෑ නිරුවත පෙන්නලා ශක්තිමත් මතයක් හදන්න ඕන... ඒකට පෙළගැසෙමු.... :yes:

    Wisheshen pennanda deyak na ban. hamotama epa wela inne. ina eunui hitapur eunui.... . enda inna eunwath :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මේ නිකා ඉඳින් බං බොරු වැඩ නොකර :lol: මේක පන්නන්න විප්ලව ඕන්නෑ 2020 ඡන්දෙ තියපු ගමං ශ්‍රී ලංකා විධායක ජනාධිපති ඉතිහාසෙ ලොකුම පරාජයට හිමිකම් කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන :sorry: මේ විප්ලව නිකං හරියට පල්ලමේ යන වාහනේ තල්ලු කරනව වගේ වැඩක් :lol: ඊට පස්සෙ පැරදිලා ගෙදර ගියාට පස්සෙ කියයි අපි විප්ලව කල්ල තමා පැන්නුවෙ කියල :lol: ලබ්බ මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නිසාමයි පරදින්න වුනේ. කොහොමත් වෙන්න තියෙන දේකිං ලකුණු දාගන්න දාන ත්‍රෙඩ් :baffled:

    හැබැයි මෙහෙම එකක් තියෙනව :yes: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර යයි :yes: හැබැයි ගෙදර ගිහිං අවුරුද්දක් යන්න වෙන්නෑ මිනිස්සු තේරුම් ගන්නව කරගත්ත මෝඩකම :yes:
     
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    මේ රට අවුරුදු දෙකක් නෙමෙයි බං අවුරුදු 10ක් විතර පස්සට ගිහින් ඉස්සර 2001-4 කාලයේ තත්ත්වය තියේනනෙ වෙනස තියෙන්නේ කොටි නැති එක විතරයි.....ඇත්තටම 2014 තිබ්බ දේශපාලන තත්ත්වයට ගෙන එන එකත් ලොකු දෙයක්
     
    i think ranil is a good leader.

    btw
    that sohona charcter exactly figured out about you.

    ඔව් එයා හොඳ නායකයෙක් අපේ හතුරු රටකට දාන්න වගේ....රනිල්ව තමිල්නාඩුවේ නායකයා කරන්න පුළුවන් නම් මම උඩ පැනලා කරනවා...
     
    ඕකුන් පන්නල ගේන්න හරිහමන් එකෙක් නෑ නෙ :baffled:

    ඇ බං දැන් යහපාලන ආණ්ඩුව ඇවිත් කෙළ වුණා නම් යන්න පුළුවන් විකල්පයට නේද යන්නේ? නැතුව මේ රට විනාශ කරන රජය තවත් තියාගන්න ද ඕන
     
    පල පල :D රතු අලි නෙවේ මොකා කිවත් හරිහමන් එකෙක්වත් නෑ මේක ගොඩගන්න :no:

    එක සැරයක් ගොඩ ගත්ත එකා තමයි දෙවනි සැරේටත් හොඳ. තමුන්ට බඩේ අමාරුවක් හැදිලා දොස්තර කෙනෙක් හොඳ කළා නම් ආපහු එයා ගාවට තමයි යන්න ඕන..නැතුව ඒ ලෙඩේ වැඩි කළ කෙනා ගාවට නෙමෙයි
     
    දැන් මෙතන සැහෙන ජෙප්පන් ඉන්න නිසා මම අහන්නේ...මේ පහළ අනුර කුමාර කියන කතාවට උඹලා එකඟ ද?

    ලංකාව බහු ජාතික රටක්.....ඒ කියන්නේ ජාතිකත්ව කීපයක්......:confused::frown:

    මොකක්ද මේ කියන්නේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඇ බං දැන් යහපාලන ආණ්ඩුව ඇවිත් කෙළ වුණා නම් යන්න පුළුවන් විකල්පයට නේද යන්නේ? නැතුව මේ රට විනාශ කරන රජය තවත් තියාගන්න ද ඕන
    ඔව් ඔව් අනිවාර්යෙන් තියෙන හොඳම විකල්පෙට යන්න ඕනේ :yes: මේ ආණ්ඩුව කොහොමත් තියාගන්න බලාපොරොත්තුවක් නෑ මගෙත්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විප්ලවයෙන් සිදුවන්නේ ඒකාමලබද්දය උඩට ගැනීමනම් එකහෙලා විරුද්දව අදහස් දක්වමි .මගේ රට නැවතත් අවුරුදු 2ක් පස්සට ගෙනයාමට මන් සූදානම් නැත . වෙනත් වඩාත් පිවිතුරු විකල්පයක් නම් විප්ලවය සමග සිටගනිමි

    uba hari :yes::yes::yes::yes:
     
    ඔව් ඔව් අනිවාර්යෙන් තියෙන හොඳම විකල්පෙට යන්න ඕනේ :yes: මේ ආණ්ඩුව කොහොමත් තියාගන්න බලාපොරොත්තුවක් නෑ මගෙත්

    මොකක්ද බං විකල්පය? අනුර කුමාර ද? :P
     

    ඔව් ඒ නිසා අපි රනිල්ට රට විනාශ කරන්න ඉඩ දෙනවා....

    මේ රටේ දේශප්‍රේමියාට අද වෙන කොට ඉතිරි වෙලා තියෙන්නේ ඒකාබද්ධය විතරයි. ඒ මහින්දලා එක්ක එකඟ වුණත් නැතත්.....හොඳට බලන්න ඒකාබද්ධය හැර සියළු පක්ෂ රනිල් ගේ රට දුර්වල කිරීමේ කාර්යයට අතගහලා ඉවරයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් ඒ නිසා අපි රනිල්ට රට විනාශ කරන්න ඉඩ දෙනවා....

    මේ රටේ දේශප්‍රේමියාට අද වෙන කොට ඉතිරි වෙලා තියෙන්නේ ඒකාබද්ධය විතරයි. ඒ මහින්දලා එක්ක එකඟ වුණත් නැතත්.....හොඳට බලන්න ඒකාබද්ධය හැර සියළු පක්ෂ රනිල් ගේ රට දුර්වල කිරීමේ කාර්යයට අතගහලා ඉවරයි

    ෙබාට ඔ්ක එ්දවස්වල කිව්ෙව...
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    ඔව් ඒ නිසා අපි රනිල්ට රට විනාශ කරන්න ඉඩ දෙනවා....

    මේ රටේ දේශප්‍රේමියාට අද වෙන කොට ඉතිරි වෙලා තියෙන්නේ ඒකාබද්ධය විතරයි. ඒ මහින්දලා එක්ක එකඟ වුණත් නැතත්.....හොඳට බලන්න ඒකාබද්ධය හැර සියළු පක්ෂ රනිල් ගේ රට දුර්වල කිරීමේ කාර්යයට අතගහලා ඉවරයි


    yako mama ekabadda jarawa gena neme kiwe, owun tikath para heththak yako
    mama kiyanne okkkoma horu kalakanni WE...PUTHALA kiyala