මේක කෙරෙයි ද බං? මේක කෙරෙයි ද?


අපි කලින් පාරත් හිතුවේ 1-ජවිපෙ 2- ජාතිකවාදීන් ට පුළුවන් වෙයි කියල මේ ක්‍රමය වෙනස් කරන්න මහින්දව පොළඹවන්න බිත්තියට හේත්තු කරල. මොකද වුණේ? වරදාන, සල්ලි බලාගෙන මේ පැත්තට පැන්න සෙට් එකක් නිසා ඒ මිනිසුන් ගේ තීරණාත්මක බලය දියාරු වෙච්ච එක. මේ පාරත් පනින පැනිල්ලෙ හැටියට ඒක නොවෙයි කියල මොකක්ද අපිට තියන සහතිකය. අනික ජවිපෙට හෝ ජාතිකවාදීන්ට පාර්ලිමේනුත්වේ තීරණාත්මක බලයක් ලැබෙයි ද?
පක්ෂ වලින් කට්ටිය ඇදගෙන යාම ඉතිහාසය පුරාම උනදෙයක්. එක ඉතින් සිදු නොවෙයි කියන්න බහ.ඇත්තටම මහින්දව බලයට ගෙනාවේ රට දෙකට බෙදිම වලක්වා ගැනීමට. එකට සාර්ථකම පිළිතුර වෙච්ච යුද්දය කරන තැනට මහින්දව ඇදලා දැම්මේ jvp ඇතුළු ජාතිකවාදී බලවේගය. එතනින් පස්සේ මහින්ද උපක්‍රමශීලි උනා. මන්ත්රිලා තමගේ පැත්තට ගන්න . එත් මයිත්‍රීට පක්ෂයක් නැහැ. එතදී මයිත්රිට මහින්ද දාපු සෙල්ලම් දාන්න බැරුව යනවා. මයිත්රිව දිනවීම් නෙමයි මෙතන තියන වුවමනාව මහින්ද පරාජය කිරීම
මේ යන ක්‍රමය අවදානම්, 10000% වාරයක් අවදානම්....කිසිම විදියකින් ඔය කියන දේවල් 100% වෙයි කියල කිසිම සහතිකයක් නෑ. ගරු විපක්ෂ නායක රනිල් මැතිතුමා ඊයේ කිව්ව නියෝජ්‍ය අග්‍රාමාත්්‍ය දූරයක් හදල ඒක දෙවනියට වැඩිම ඡන්ද ගන්න පක්ෂයට පිරිනමන කතාවක්. එහෙම වුනොත් බෙදුම්වාදී මුසල්මානයන් සහ ද්‍රවිඩයන් එහෙම ඇවිත් මේ රටේ බලය අල්ලන්න තියන ඉඩ කොච්චර වැඩියි ද?
ඔව් කිසිම සහතිකයක් නැහැ. එක ඇත්ත. මෙවෙලාවේ මහින්ද පරාද කරලා. එලගට එන කෙනාට බලපෑම් කරන්න පුළුවන් විදියේ පාර්ලිමේන්තුවක් හා ජන බලයක් ගොඩ නැගීමයි කලයුත්තේ. මිනිසුන්ව එතනට කැදවාගෙන යාමට මතවාදී මෙහෙයුම පොලවේ කලයුතු වෙනවා. එතින් මිනිසුන්ට එකට පාරට බහින්න සිදුනොවේය කියන්න බැහැ.
මහින්දත් මුස්ලිම් සහය ලබාගැනීමට මොන නොකරයිද කියලා කියන්න බහ. බලය සදහා ඕනිම දෙයක් කරන මිනිහෙක් රට පවා නොදෙයි කියන්න බහ.
මේ යන විදියට අපි උගුලක හිරවෙනවා අනිවා...මහින්ද ආවත්, මෛත්‍රී ආවත්...........

