Sri Lanka Agriculture Sector Modernization Project
https://projects.worldbank.org/en/projects-operations/project-detail/P156019
Approval Date: June 28, 2016
Closing Date: June 30, 2023
Total Project Cost: US$ 169.84 million
Agriculture Sector Modenization Project
https://asmp.lk/
https://www.facebook.com/AgricultureModernisationProjectSL
https://www.facebook.com/asmp.lk
කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන අපනයනය ඉළක්ක කර ගත් විදේශ ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙන මඩකලපුව වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට අවශ්‍ය ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීන් 500ක් විසින් අක්කර 500ක කොළ පිපිඤ්ඤා වගාව සිදු කරන අතර එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබයි.
වාකරේ කොළ පිපිඤ්ඤා වගාව නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (05) වාකරේ පිහිටි කොල පිපිඤ්ඤා සැකසුම් මධ්‍යස්ථානය හා වගාවන් සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීය.
වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මගින් අගය එකතු කළ නිෂ්පාදනයන් වශයෙන් සකස් කර විදේශ වෙළෙඳපොලට ඉදිරිපත් කරනු ලබයි. මේ වනවිට ජපානය ඇතුළු රටවල් කිහිපයක මැක්ඩොනල්ඩ් සමාගමේ ආහාර නිෂ්පාදනයන් සඳහා යොදා ගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ කොළ පිපිඤ්ඤා වීම විශේෂත්වයකි.
පසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.
වාකරේ ගොවීන් වගා කරන කොළ පිපිඤ්ඤා හේලිස් සමාගම විසින් මිල දී ගනු ලබන අතර ඒවා නව තාක්ෂණය යොදා ගනිමින් අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කර වෙළෙදපොලට යවනු ලබයි.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි ගොවි පරපුරක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළේය.
විශේෂයෙන් තරුණ පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට නම් මෙරට කෘෂිකර්මාන්තය ආදායම් ඉපයිය හැකි අංශයක් බවට පත් විය යුතුය. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් අවශ්‍ය නව තාක්ෂණය, මුදල්, උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙද පොළ ද ගොවීන් වෙත සපයා දීම මගින් ගොවීන් ඉහළ ආදායම් ලබන පිරිසක් බවට පත් කර තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තවත් වසරකින් අවසන් වුවද, රජයේ මුදල් යෙදිම මගින් හෝ මෙම ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
- https://www.ada.lk/picture_story/වාකරේ-කොළ-පිපිඤ්ඤාවලින්-මාස-10ට-ඩොලර්-මිලියන-10-3ක්-උපයයි/10-398517
ශ්‍රී ලංකාවෙන් පළමුවරට විදේශ වෙළෙඳපොළට අපනයනය කරන ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක තොගය ලබන 26 දා ඩුබායි වෙළෙදපොළට නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය ( Agriculture Sector Modernization Project – ASMP) විසින් දිවයින පුරා අරඹා ඇති කෘෂි ආදර්ශ උද්‍යාන Agri - Demonstration Park වැඩ පිළිවෙළ යටතේ වගා කර ඇති රාජංගනය ඇඹුලු කෙසෙල් උද්‍යානය මේ වනවිට ඉතාමත් සාර්ථක වී තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ විනිමය හිඟයෙන් පෙළෙමින් සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් වගා කර ඇති රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200ක වගා කර තිබෙන බව අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකාවෙන් පළමු වරට විදේශ වෙළෙද පොලට අපනයනය කරනු ලබන ඇඹුල් කෙසෙල් තොගය වශයෙන් අඩි 40 කන්ටේරයක ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් මෙම මස 26 දින ඩුබායි වෙළෙද පොලට අපනයනය කිරීම සිදු කෙරේ.
- https://www.lankadeepa.lk/news/ඇඹුල්-කෙසෙල්-වලින්-ඩොලර්-ඉපැයීම-අරඹයි/101-623157
මේවා තමයි කෘෂිකර්මය දියුණු කරන්න කරන්න ඕනේ Green houses, Poly tunnels, Hydroponics වගේ ඒවාට ගොවියන්ට උදව් කරලා කියල දීලා Netherlands, Israel වගේ ලෝකෙටම supply කරන්න පුළුවන්. ගල් අල්ලපු වියතා මෝඩ ගෝඨා කරේ බැල්කනියේ බටු ගස් දෙකක් වවල හැම එකටම වස වස ගාන fake expert ලාගෙන් උපදෙස් අරන් මුළු කෘෂිකර්මයම විනාස කරන්න හදපු එක

ඇඹුල් කෙසෙල් වලින් ඩොලර් ඉපැයීම අරඹයි

Last edited: