ගිය වසරේ කෝටි 110 ක් පොලු තැබූ ස්කාගාරයට මේ වසරටත් බලපත්
ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි 110 ක හිඟ මුදලක් ගෙවීමට තිබියදී ප්‍රධාන පෙළේ, මත්පැන් නිෂ්පාදන ආයතනයකට 2018 වසර සඳහා නව බලපත්‍රය ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රටේ මහත් ආන්දොaලනයට ලක්වූ මූල්‍ය සිද්ධියකට චෝදනා ලැබ සිටින පුද්ගලයකුට අයත් මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට බලපත්‍රය ලබාදී ඇත්තේ විශ්‍රාම යැමට නියමිත දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු බවත් සේවා දිගුවක් ලබා ගැනීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට හිඟ මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් දී ඇති උපදෙස් ද නොතකා හැර නව වසරට බලපත්‍රය ලබාදීම ගැන නිලධාරීහු නොසතුට පළ කරති.
මෙම ආයතනයට බලපත්‍රය ලබාදුන්නත් බොහෝ ආයතනවලට 2017 වසර අවසන් වන විට නව වසරට බලපත්‍ර ලබා ගැනීමට හැකි වී නැත.