යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංක&#3535

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28

    මේක 2013 පළවුණා ලිපියක්. මේ අනාවැකිය කොච්චර දුරට සත්‍යද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා වුනත් බොහෝ දුරට ඇත්ත වගෙයි මට නම් පෙන්නේ.

    යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයාද ?

    – නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන්ගේ මතයක්‌
    මේ එළඹියේ වර්ෂ 2013 වසරයි. මීට වර්ෂ 39 කට පෙර එනම් 1974 වසරේ ඇසළ මස දහසය වන දිනත් 1974 උඳුවප් මස විසිපස්‌ වන දිනත් අතර කාලයේ යම් දිනක රජරට දී මේ රටේ මීලඟ රාජ්‍ය නායකයා බිහිවූ වග දන්නේ කියෙන් කී දෙනාද? සැබවින්ම එය සත්‍යයකි. උඩරට වංශවත් රදළ පරපුරකට දාව එතුමා උපත ලද බව මම දනිමි. ඒ අන් කිසිවෙක්‌ නොව ඩඩ්ලි සේනානායක ජුනර්ජන්මයයි. 1973 අප්‍රේල් 13 වැනි දින අභාවප්ප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායක මහතා වර්ෂ 1974 වසරේ දී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට ඉතා නුදුරු ස්‌ථානයක දී උප්පත්තිය ලද වග ඉතා පැහැදිලිව ඉන්දියානු නාඩි පත්ඉරු පරීක්‍ෂා කර බැලීමේ දී අපට අනාවරණය විය. මා එම කරුණු කාරණා සැක හැර දැනගත්තේ පසුගිය වකවානුවේ මා භාරත දේශය තුළ කළ සංචාරයක්‌ හේතුවෙනි.
    ඉන්දියාවේ අලහපූර් නුවරට නුදුරින් “වෛතීස්‌වරපුරම්” නමින් නගරයක්‌ ඇත. එහි මනස දියුණු කළ භාවනා යෝගීව සිටින සෘෂිවරුවන් යෝගාචරයන් රාශියකි. ඔවුන්ට අපි “මහත්මාවරුන්” යෑයි කියමු. එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක්‌ පළ කළේය. ඒ සඳහා එතුමාණන් නන්දි වාක්‍ය නොහොත් නාඩි වාක්‍යය ඇතුළත් ග්‍රන්ථ බොහොමයක සඳහන් කරුණුද අදර්ශයට ගත්තේය. ඒ අතර අප රටේද ප්‍රචලිත කෞශික හා අගස්‌තිය නාඩි පත්ඉරුවද විය.
    එතුමාණන්ගේ ප්‍රකාශයන්ට අනුව වර්ෂ 2017 පමණ වනතුරු අප රට සංවර්ධිත රටක්‌ බවට පත් නොවනු ඇත. අධර්මය රට තුළ පැතිරී යනු ඇත. නීතිය අභිබවා රජකරනු ඇත. රට තුළ දිනපතා මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බාල අපරාධ යනාදිය රැල්ලක්‌ ලෙස ව්‍යාප්ත වනු ඇත. හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, පැහැරගෙන යැම්, රටතුළ සීග්‍රයෙන් ඉහළ යන අතර අතීත හෙළ උරුමයන්ට සම්බන්ධ ඉපැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන ද නිධන් හොරුන් විසින් විනාශ කරනු ඇත. මිනිස්‌කම පරයා නොමිනිස්‌කම නැගී සිටිනු ඇත. පින් කිරීම වෙනුවට මිනිසුන් පවට වඩ වඩාත් බරවනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ගොස්‌ රට තුළ මහත් ආහාර අර්බුදයක්‌ ඇති වනු ඇත. ගං වතුර, නාය යැම්, සුළු සුළු භූමි කම්පා යනාදිය ද රට තුළ විටින් විට ඇති වී ජන ජිවිතය අවුල් කරනු ඇති අතර, මිනිසුන්ට ජීවත්විය නොහැකි ජීවන බරකට ලක්‌වනු ඇත. ඒ නිසාම ඇතැම් දෙමාපියන් දරුවන් ද සමග සියදිවි හානිකරගනු ඇත. සෑම තැනම අල්ලස, දූෂණය, නාස්‌තිය හා වංචාව රජකරනු ඇත. එසේ අප රටේ අනාගතය පිළිබඳව අදහස්‌ පළ කළ එම යෝගීවරයා මතු අනාගතයේ නුඹලාගේ රට ගොඩනගන රාජ්‍ය නායකයා දැනටමත් ඉපැදී ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු බවත් ප්‍රකාශ කළේය. වර්ෂ 2013 මැයි මස 7 වැනි දායින් පසුව ඔහු ජාතික දේශපාලනයට සම්බන්ධ වන බවත්, වර්ෂ 2014 -2015 අතර කාල සීමාවේ ඔහු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන බවත් යළි ඉපැදී සිටිනබලැති එම යෝගාචරයා මා සමග ප්‍රකාශ කළේය. වර්ෂ 2016 සැප්තැම්බර් මස 22 වැනි දිනට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන බවත් ප්‍රකාශ කළ එම සෘෂිවරයා ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟêම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
    ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්, ධර්ම විනය සංගායනාවක්‌ ඇති කොට භික්‍ෂු ශාසනය සුපිරිසිදු කරන බවත්, උගතුන්ට, බුද්ධිමතුන්ට රට තුළ යළි නිසිතැන ලැබෙන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාම මධ්‍යස්‌ථානය බවට පත් කරන බවත් එම සෘෂිවරයා මා සමග ප්‍රකාශ කළේය. එම අනාගත රාජ්‍යය නායකයා මහා පරාක්‍රමබාහු රජුගේ ද, වලගම්බා රජුගේ ද, පුනර්ජන්මයන් බව පැවැසූ “නාගර්ජුන්” නම් එකී යෝගිවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉපැරණි රජ දරුවන් රාජ්‍යත්වයට පත්a වූ කාලවකවානු මෙන්ම 1948 සිට මේ දක්‌වා අප රටේ බිහි වූ රාජ්‍ය නායක නායිකාවන්ගේ නම් ගම් සහ එකී රාජ්‍ය පාලන වකවානු ද ඇතුළත් නාඩි පත්ඉරු කොටස ද මා හට පරීක්‍ෂා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව සලසා දුන්නේය. මහ පුදුමයකි. එහි වත්මන් රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මහතා ගැනද කරුණු කාරණා සටහන්ව තිබේ.
    1945.11.18 වැනි දින ගිරුවාපත්තුවේ, නිල්ලතොට ආශ්‍රිත ප්‍රදේශයෙකදී (නිල්ලතොට යනු නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි) උපත ලබන පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් කුමරෙකු වර්ෂ 2005.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වී වර්ෂ 2009.07.30 වැනි දින පෙර එරට පවතින මහා යුද්ධය අවසන් කොට වර්ෂ 2016.04.07 පමණ වනතෙක්‌ රට පාලනය කරනවා ඇත යනුවෙන් එහි සඳහන්ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර රාජධානියේ සිට රට විචාල සද්ධාතිස්‌ස රජතුමා සහ මහනුවර යුගයේ රට කළ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ පුනර්ජන්මයන් බවත්, එම සද්ධාතිස්‌ස මහා රජුගේ එකල පුත්‍රයෙකු වූ වලගම්බා රජතුමා නැවත ඉපැදී මහින්ද රාජපක්‍ෂ ජනපතිගෙන් පසුව රට කරවන බවත්, එහි ඉතා පැහැදිලිව සටහන් කොට තිබේ. ඒ අනුව මෙරට මීලඟ රාජ්‍ය නායකයා එක්‌ ආත්මයක වත්මන් රාජ්‍ය නායකයාගේ ද පුත්‍රයෙකු වී ඉපැදී සිටීම මහත් විශ්මය දනවන කරුණකි. එසේම අනුරාධපුර රාජධානියේ සිට එදවස රට පාලනය කළ එම රජවරුම අද නැවත ඉපැදී රට පාලනය කිරීම මාගේ මහත් විමතියට හේතු විය. තවද එසේ බිහිවන මීලඟ රාජ්‍ය නායකයා මහා දාර්ශනිකයෙකු වන බවත්, කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් සොබාදහම විසින් අකාලයේ මිය පරලොව යවන බවත් සඳහන් කළ එම සෘෂිවරයා එකී අනාගත නායකයා මෙරට තුළ ප්‍රථම වතාවට ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකොට, නොවෙනස්‌ වන ජාතික ප්‍රතිපත්තීන් ඇති කොට දසරාජ ධර්මයෙන් ඉතා දැහැමිව වසර 20 කට අධික කාලයක්‌ රට පාලනය කරන බවත් සඳහන් කළේය. එසේ නම් තවමත් දේශපාලනයේ ක්‍රියාකාරීව නැති හෙට දිනයේදී ජාතික දේශපාලනයට පිවිසෙන දේශයේ මහා ගැලවුම් කාරයන් බිහිවනතුරු, එතුමාණෝ බිහිවන මග දෙස අපි සාදු කාර දී මග බලා සිටිමු.

    – ජ්‍යෙතිෂවේදී, ඩී. එම්. පුංචිබණ්‌ඩා දිසානායක/Divaina
     
    • Like
    Reactions: SLCRI
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    lol_vladimir_putin.gif
     
    • Like
    Reactions: hasithayad

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හයියෝ කහවනු මේ එතකොට හිටන්ද ? ඔව් ඔව් දැනටමත් රට සන්වර්දනේ උපරිම අගයකට ඇවිත් තියෙන්නේ ...

    මිනිස්සුන්ට හොදට දැනිල තියෙන්නේ:lol::lol::dull::frown:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මරුසිරා;19410209 said:
    හයියෝ කහවනු මේ එතකොට හිටන්ද ? ඔව් ඔව් දැනටමත් රට සන්වර්දනේ උපරිම අගයකට ඇවිත් තියෙන්නේ ...

    මිනිස්සුන්ට හොදට දැනිල තියෙන්නේ:lol::lol::dull::frown:

    :D:D:rolleyes:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මේක 2013 පළවුණා ලිපියක්. මේ අනාවැකිය කොච්චර දුරට සත්‍යද? පොඩි පොඩි වෙනස්කම් තියෙනවා වුනත් බොහෝ දුරට ඇත්ත වගෙයි මට නම් පෙන්නේ.

    යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක ශ්‍රී ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයාද ?

    – නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන්ගේ මතයක්‌
    මේ එළඹියේ වර්ෂ 2013 වසරයි. මීට වර්ෂ 39 කට පෙර එනම් 1974 වසරේ ඇසළ මස දහසය වන දිනත් 1974 උඳුවප් මස විසිපස්‌ වන දිනත් අතර කාලයේ යම් දිනක රජරට දී මේ රටේ මීලඟ රාජ්‍ය නායකයා බිහිවූ වග දන්නේ කියෙන් කී දෙනාද? සැබවින්ම එය සත්‍යයකි. උඩරට වංශවත් රදළ පරපුරකට දාව එතුමා උපත ලද බව මම දනිමි. ඒ අන් කිසිවෙක්‌ නොව ඩඩ්ලි සේනානායක ජුනර්ජන්මයයි. 1973 අප්‍රේල් 13 වැනි දින අභාවප්ප්‍රාප්ත වූ ඩඩ්ලි සේනානායක මහතා වර්ෂ 1974 වසරේ දී අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට ඉතා නුදුරු ස්‌ථානයක දී උප්පත්තිය ලද වග ඉතා පැහැදිලිව ඉන්දියානු නාඩි පත්ඉරු පරීක්‍ෂා කර බැලීමේ දී අපට අනාවරණය විය. මා එම කරුණු කාරණා සැක හැර දැනගත්තේ පසුගිය වකවානුවේ මා භාරත දේශය තුළ කළ සංචාරයක්‌ හේතුවෙනි.
    ඉන්දියාවේ අලහපූර් නුවරට නුදුරින් “වෛතීස්‌වරපුරම්” නමින් නගරයක්‌ ඇත. එහි මනස දියුණු කළ භාවනා යෝගීව සිටින සෘෂිවරුවන් යෝගාචරයන් රාශියකි. ඔවුන්ට අපි “මහත්මාවරුන්” යෑයි කියමු. එහිදී මට හමුවුණු “නාගර්ජුන්” නම් මහ යෝගීවරයා අපේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව මහා අරුම පුදුම අනාවැකි රාශියක්‌ පළ කළේය. ඒ සඳහා එතුමාණන් නන්දි වාක්‍ය නොහොත් නාඩි වාක්‍යය ඇතුළත් ග්‍රන්ථ බොහොමයක සඳහන් කරුණුද අදර්ශයට ගත්තේය. ඒ අතර අප රටේද ප්‍රචලිත කෞශික හා අගස්‌තිය නාඩි පත්ඉරුවද විය.
    එතුමාණන්ගේ ප්‍රකාශයන්ට අනුව වර්ෂ 2017 පමණ වනතුරු අප රට සංවර්ධිත රටක්‌ බවට පත් නොවනු ඇත. අධර්මය රට තුළ පැතිරී යනු ඇත. නීතිය අභිබවා රජකරනු ඇත. රට තුළ දිනපතා මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, බාල අපරාධ යනාදිය රැල්ලක්‌ ලෙස ව්‍යාප්ත වනු ඇත. හොරකම්, මැරකම්, මංකොල්ලකෑම්, පැහැරගෙන යැම්, රටතුළ සීග්‍රයෙන් ඉහළ යන අතර අතීත හෙළ උරුමයන්ට සම්බන්ධ ඉපැරණි නටබුන් සහිත ඓතිහාසික ස්‌ථාන ද නිධන් හොරුන් විසින් විනාශ කරනු ඇත. මිනිස්‌කම පරයා නොමිනිස්‌කම නැගී සිටිනු ඇත. පින් කිරීම වෙනුවට මිනිසුන් පවට වඩ වඩාත් බරවනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය විනාශ වී ගොස්‌ රට තුළ මහත් ආහාර අර්බුදයක්‌ ඇති වනු ඇත. ගං වතුර, නාය යැම්, සුළු සුළු භූමි කම්පා යනාදිය ද රට තුළ විටින් විට ඇති වී ජන ජිවිතය අවුල් කරනු ඇති අතර, මිනිසුන්ට ජීවත්විය නොහැකි ජීවන බරකට ලක්‌වනු ඇත. ඒ නිසාම ඇතැම් දෙමාපියන් දරුවන් ද සමග සියදිවි හානිකරගනු ඇත. සෑම තැනම අල්ලස, දූෂණය, නාස්‌තිය හා වංචාව රජකරනු ඇත. එසේ අප රටේ අනාගතය පිළිබඳව අදහස්‌ පළ කළ එම යෝගීවරයා මතු අනාගතයේ නුඹලාගේ රට ගොඩනගන රාජ්‍ය නායකයා දැනටමත් ඉපැදී ඉතා අප්‍රසිද්ධියේ කල්ගත කරන බවත්, ඔහු රටේ පිළිගත් ඉහළම වෘත්තියක නිරත මහා උගතෙකු බවත් ප්‍රකාශ කළේය. වර්ෂ 2013 මැයි මස 7 වැනි දායින් පසුව ඔහු ජාතික දේශපාලනයට සම්බන්ධ වන බවත්, වර්ෂ 2014 -2015 අතර කාල සීමාවේ ඔහු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන බවත් යළි ඉපැදී සිටිනබලැති එම යෝගාචරයා මා සමග ප්‍රකාශ කළේය. වර්ෂ 2016 සැප්තැම්බර් මස 22 වැනි දිනට ප්‍රථම ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වන බවත් ප්‍රකාශ කළ එම සෘෂිවරයා ඔහු අධ්‍යාත්මික බලයෙන් යුත් දෙවියන්ගේ වරමින් රට ගොඩනැඟêම පිණිස බිහි කරන ලද පුද්ගලයා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
    ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූ පසු රට තුළ ධර්මිෂ්ඨ ජන සමාජයක්‌ බිහිවන බවත්, ඔහු බලයට පත් වී සත් වසරක්‌ ඇතුළත ශ්‍රී ලංකාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත්වන බවත් එම සෘෂිවරයා අනාවැකි පළ කළේය. ඔහු විසින් රට තුළ සුරාව හා සූදුව සම්පූර්ණයෙන් තුරන් කර දමන බවත්, මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයන්, බාල අපරාධකරුවන් යනාදී දැඩි අපරාධවල නියෑළෙන්නන් එල්ලා මරා දමන බවත්, සත්ව ඝාතනය රට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලබන බවත්, බුද්ධ ධර්මය ලොව පුරා රැගෙන යැමට කටයුතු කරන බවත්, රට සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත කරන බවත්, ධර්ම විනය සංගායනාවක්‌ ඇති කොට භික්‍ෂු ශාසනය සුපිරිසිදු කරන බවත්, උගතුන්ට, බුද්ධිමතුන්ට රට තුළ යළි නිසිතැන ලැබෙන බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාම මධ්‍යස්‌ථානය බවට පත් කරන බවත් එම සෘෂිවරයා මා සමග ප්‍රකාශ කළේය. එම අනාගත රාජ්‍යය නායකයා මහා පරාක්‍රමබාහු රජුගේ ද, වලගම්බා රජුගේ ද, පුනර්ජන්මයන් බව පැවැසූ “නාගර්ජුන්” නම් එකී යෝගිවරයා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉපැරණි රජ දරුවන් රාජ්‍යත්වයට පත්a වූ කාලවකවානු මෙන්ම 1948 සිට මේ දක්‌වා අප රටේ බිහි වූ රාජ්‍ය නායක නායිකාවන්ගේ නම් ගම් සහ එකී රාජ්‍ය පාලන වකවානු ද ඇතුළත් නාඩි පත්ඉරු කොටස ද මා හට පරීක්‍ෂා කිරීමට ඉඩ ප්‍රස්‌ථාව සලසා දුන්නේය. මහ පුදුමයකි. එහි වත්මන් රාජ්‍ය නායක මහින්ද රාජපක්‍ෂ මහතා ගැනද කරුණු කාරණා සටහන්ව තිබේ.
    1945.11.18 වැනි දින ගිරුවාපත්තුවේ, නිල්ලතොට ආශ්‍රිත ප්‍රදේශයෙකදී (නිල්ලතොට යනු නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශයයි) උපත ලබන පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් කුමරෙකු වර්ෂ 2005.12.31 දිනට ප්‍රථම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වී වර්ෂ 2009.07.30 වැනි දින පෙර එරට පවතින මහා යුද්ධය අවසන් කොට වර්ෂ 2016.04.07 පමණ වනතෙක්‌ රට පාලනය කරනවා ඇත යනුවෙන් එහි සඳහන්ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතා අනුරාධපුර රාජධානියේ සිට රට විචාල සද්ධාතිස්‌ස රජතුමා සහ මහනුවර යුගයේ රට කළ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ පුනර්ජන්මයන් බවත්, එම සද්ධාතිස්‌ස මහා රජුගේ එකල පුත්‍රයෙකු වූ වලගම්බා රජතුමා නැවත ඉපැදී මහින්ද රාජපක්‍ෂ ජනපතිගෙන් පසුව රට කරවන බවත්, එහි ඉතා පැහැදිලිව සටහන් කොට තිබේ. ඒ අනුව මෙරට මීලඟ රාජ්‍ය නායකයා එක්‌ ආත්මයක වත්මන් රාජ්‍ය නායකයාගේ ද පුත්‍රයෙකු වී ඉපැදී සිටීම මහත් විශ්මය දනවන කරුණකි. එසේම අනුරාධපුර රාජධානියේ සිට එදවස රට පාලනය කළ එම රජවරුම අද නැවත ඉපැදී රට පාලනය කිරීම මාගේ මහත් විමතියට හේතු විය. තවද එසේ බිහිවන මීලඟ රාජ්‍ය නායකයා මහා දාර්ශනිකයෙකු වන බවත්, කිසිවෙකුට ඔහුට මොනයම් හෝ හානියක්‌ කිරීමට නොහැකි බවත්, එසේ කිරීමට සැලසුම් කරන්නන් සොබාදහම විසින් අකාලයේ මිය පරලොව යවන බවත් සඳහන් කළ එම සෘෂිවරයා එකී අනාගත නායකයා මෙරට තුළ ප්‍රථම වතාවට ජාතික ආණ්‌ඩුවක්‌ බිහිකොට, නොවෙනස්‌ වන ජාතික ප්‍රතිපත්තීන් ඇති කොට දසරාජ ධර්මයෙන් ඉතා දැහැමිව වසර 20 කට අධික කාලයක්‌ රට පාලනය කරන බවත් සඳහන් කළේය. එසේ නම් තවමත් දේශපාලනයේ ක්‍රියාකාරීව නැති හෙට දිනයේදී ජාතික දේශපාලනයට පිවිසෙන දේශයේ මහා ගැලවුම් කාරයන් බිහිවනතුරු, එතුමාණෝ බිහිවන මග දෙස අපි සාදු කාර දී මග බලා සිටිමු.

    – ජ්‍යෙතිෂවේදී, ඩී. එම්. පුංචිබණ්‌ඩා දිසානායක/Divaina
    mamath oka e kale kiyevva hoya hoya hitiya article ekak
     
    Last edited:

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Me lipiya mata aye mathak une den rate wena dewal dekala. Dina wakawaanu wenas unath mata nam meke amuththak denenawa.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Me lipiya mata aye mathak une den rate wena dewal dekala. Dina wakawaanu wenas unath mata nam meke amuththak denenawa.

    අවුරුදු විස්සක් දසරාජ ධර්මයෙන්වත් අධර්මයෙන්වත් පාලනය කරන්නෙ කොහොමද? වාර දෙකකට වඩා ජනාධිපති වෙන්න කෙනෙකුට බැහැනෙ.
    අනික, කවුද 1974 ඉපදුන එක්කෙනා ඉස්සරහට දේශපාලනයට එන්න ඉන්න?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    සජිත්