යළි හිස එසවූ කල්පික යෝධයා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    යළි හිස එසවූ කල්පික යෝධයා

    යළි හිස එසවූ ලොක්‌නෙස්‌ විලේ
    ආදි කල්පික යෝධයා


    d16.jpg
    පසුගිය ශතවර්ෂය ගෙවී ගියේ නොවිසඳුනු අභි රහස්‌ දහස්‌ ගණනක්‌ මිනිසුන්ට ඉතිරි කරමිනි. එයින් එකක්‌ වන්නේ හිමාල කඳුවැටිය, තිබ්බතය, චිනය හා නේපාලය ආශ්‍රිතව ජීවත් වන්නේ යයි කියන යෙටි නමැති යෝධ හිම මිනිසාය. මිනිසා යයි කීවද තවමත් ඇඟපුරා සුදු පැහැති ලොම් සහිත වානරයකු වන යෙටි අඩි 10 ක්‌ හෝ 12 ක්‌ උස බව කියන අතර කතා කිරිමට නොහැකි, හඬ පමණක්‌ නැගිය හැකි චිම්පන්සියකුට සමාන බවට සාක්‌ෂි තිබේ. යෙටි සෙවීමේ ගවේෂණ රැසක්‌ අදටත් ක්‍රියාත්මක වේ.

    යෙටි බඳුවම විසඳී නැති ඊළඟ අබිරහස වන්නේ ස්‌කොට්‌ලන්තයේ ලොක්‌ නෙස්‌ (Loch Ness) නමැති විශාල විලේ ජීවත් වන්න් යයි සැක කෙරෙන යෝධ ජලජ ජීවියෙකි. පසුගිය ශතවර්ෂය පුරාමත් ඊට පෙර ශතවර්ෂය පුරාමත් ලෝකවාසීහු "නෙසි" නමැති මේ දැවැන්තයා සොයමින් ලොක්‌නෙස්‌ විල දිහා බලාගෙන සිට වියපත්ව මිය ගියහ. ඒ අතර ශතවර්ෂයකට වරක්‌ හෝ දෙවරක්‌ විලෙන් මතුවූ මේ දැවැන්තයා ඡායාරූප ශිල්පීන් ඉදිරි පිට පින්තූරයකට පෙනී සිට ජලයේ ගිලී සැඟව ගියේය. නෙසීගේ ඒ පින්තූර කිහිපය අදටත් මාධ්‍යකරුවන්ට ඉතා වටනේය. අප මේ කියන්නට යන්නේ නෙසීගේ අලුත්ම පින්තූරය පිළිබඳ කතාවය. එය ගන්නා ලද්දදේ පුරා වසර 26 ක්‌ විල ගැන උනන්දු වූ ජෝර්ඡ් එඩ්වර්ඩ්ස්‌ය. ඔහු සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල සතියකට පැය 60 ක්‌ විල දිහා බලාගෙන සිටියේය. මේ අයුරින් පසුගිය වසර 26 තුළ ඔහු පැය හැත්තෑහතර දහස්‌ අටසිය අසූවක කාලයක්‌ විල දෙස බලාගෙන ඉඳ ඇත. මේ අතර ඔහු පසුගිය වසරේ අග කොටසේ දවසක උදේ කාලයේදි විලෙන් උඩට මතුවන සතකුගේ රුවක්‌ දුටුවේය. ඒ නෙසී බව කියන ඔහු එතෙක්‌ මෙතෙක්‌ නෙසීගේ හොඳම පින්තූරය ගැනීමට තමන්ට හැකිවූ බව කියන්නේය.

    නෙසී පිළිබඳ විශේෂඥයන්ට තමා මේ පින්තූර පෙන්වූ විට ඔවුන් කියා සිටියේ ඒ නෙසීගේම ඡායාරූප බව ඔහු පවසයි.

    ස්‌කොට්‌ලන්තයේ ලොක්‌ නෙස්‌ විල පිහිටි ගමටද ඒ ගම පිහිටි නගරයටද ඒ නගරය පිහිටි පළාතටද "නෙසී" විශාල ව්‍යාපාරයකි. නෙසී සොයන බෝට්‌ටු, නෙසී සොයමින් දිය යට යන සබ්මැරීන්, නෙසී නමින් වූ අවන්හල් අද ලොක්‌නෙස්‌ ප්‍රදේශයේ දහස්‌ ගණනින් ඇත. මේ සියල්ල සල්ලිය. ජෝර්ස්‌ එඩ්වර්ඩ්ස්‌ගේ වයස අවුරුදු 60 කි. ඔහු දන්නා කාලයේ සිටම ජීවත් වූයේ නෙසී බලන්නට එන මිනිසුන්ට මග පෙන්වන්නෙකු ලෙසය.

    නෙසී නමැති මේ දැවැන්ත සත්ත්වයා පිළිබඳ සංචාරක මග පෙන්වන්නන්ගේ මායාකාරී සහ අද්භූත මතය හා සමාන විද්‍යාත්මක අර්ථකතනයක්‌ද තිබේ. Plesisoaurs යනුවෙන් හැඳින්වෙන දැවැන්ත ජලජ සත්ත්වයන් විශේෂයක්‌ මෙයට වසර මිලියන ගණනාවකට පෙර ජීවත්වූහ. පසුව උන් වඳවී ගිය නමුදු ලොක්‌ නෙස්‌ විලේ සිටි ප්ලෙසියොසෝරසයන් වඳ නොවූ බවත් උන් විල තුළ ජීවත් වෙමින් දිගින් දිගටම පරම්පරාවක්‌ වශයෙන් පවතින බවත් සත්ත්ව විද්‍යාඥයෝ කියති. මේ සත්තු මාංශ භක්‌ෂකයෝ වෙති. ඒ අතර තවත් විද්‍යාඥයන් පිරිසක්‌ තියෙන්නේ Sturgeon (ස්‌ටර්ජන්) වර්ගයේ යෝධ මාළුවකු මේ විලේ සිටින බවය. සාමාන්‍යයෙන් මේ මාළුවකු අඩි 12 කට වඩා දිගය.

    d16-1.jpg
    ලොක්‌ නෙස්‌ විලේ යෝධයා මුල් වරට දැක ඇත්තේ ක්‍රි.ව. 565 දී ස්‌කොට්‌ලන්තයේ ජීවත් වූ මිනිසුන්ය. ඒ ගැන ලිඛිත වාර්තා තිබේ. එතැන් සිට අද දක්‌වා "නෙසී" දුටු අය ලක්‌ෂ ගණනක්‌ වූහ. එඩ්වඩ්ස්‌ නෙසීගේ පින්තූරය ගත්තේ ඉකුත් වසරේ නොවැම්බර් 2 වැනිදා උදේ 9 ට ය. එහෙත් එකවරම ඔහු ඒ ගැන කරුණු හෙළි කළේ නැත. මුලින්ම ඔහු කළේ එම පින්තූර ඇමරිකාවේ සත්ත්ව විද්‍යාඥයන් කණ්‌ඩායමකට යෑවීමය. පින්තූරවල හරියටම සිටින්නේ සතකුගේ කොටසක්‌ බව එම විද්‍යාඥයෝ කීහ. ලොක්‌ නෙස්‌ විලේ යෝධ සත්ත්වයාට විරුද්ධවද මත වාදයක්‌ තිබේ. මෙය මායාවක්‌ පෙන්වා මුදල් ගැරීමේ ව්‍යාපෘතියක්‌ බව කියා "නෙසී" ගැන ලිපිගොනු වසා දැමූ සත්ව විද්‍යාඥයන් විශාල පිරිසක්‌ ලොව සිටිති. එසේම "නෙසී" ඉන්නා බව කියන තව පිරිසක්‌ද ලොව සිටිති. නූතන ලෝකය මුලින්ම නෙසී ගැන මත භේදයක්‌ හට ගත්තේ 1933 දීය. මේ වකවානුවට අයත්, නෙසීගේ හොඳම පින්තූරය ගන්නා ලද්දේ 1934 මුලදීය. එය 1934 අප්‍රේල් 21 වනදා ලන්ඩනයේ Daily Mail පත්‍රයේ පළවිය. නෙසීගේ උප්පැන්න සහතිකය හා සමානව අදටත් මෙය පාවිච්චි කෙරේ.

    එහෙත් පසු කාලයේදී මෙය වංචාවක්‌ බව ඔප්පු විය. එක්‌දහස්‌ නවසිය තිස්‌ ගණන්වල "මාමඩියුක්‌ වෙදරල් නමැති" පුද්ගලයෙක්‌ ස්‌කොට්‌ලන්තයේ ජීවත් විය. ඔහු නෙසී සොයමින් විශාල කාලයක්‌ නාස්‌ති කළේය. ඒ කාලයේ තිබූ පුවත්පත් ඔහුගේ උත්සාහය හෑල්ලු කරමින් ඔහු හිනා විය. පත්තරවලින් පළි ගන්නට තීරණය කළ ඔහු බැටරි බලයෙන් ක්‍රියා කරන කුඩා සෙල්ලම් සබ්මැරීනයක්‌ මිලට ගෙන සැහැල්ලු ලීවලින් තැනූ හිසක්‌ සහිත ගෙලක්‌ තනා එය සම්මැරීනයට සවිකර විල දිගේ පාකර යෑවීය. මෙහි පින්තූරය ගත් තැතැත්තා එය ඩේලිමේල් පුවත්පතට දී පළ කරන ලද කල්හි මාමඩියුක්‌ වෙදරල් පුවත්පත් ව්‍යාජ තොරතුරු පළකරන බව කියමින් සබ්මැරීනය සහ ලීයෙන් තැනූ ගෙල සහ හිස ප්‍රසිද්ධ කළේය.

    ක්‍රි.ව. 700 දී ද ලොක්‌ නෙස්‌ ජීවියා දුටු අය සිටියහ. එය එම සියවසේ දී ලියන ලද කොලොම්බා සාන්තුවරයාගේ ජීවිත කතාවේ එයි. අයර්ලන්ත ජාතික පූජකයකු වූ කොලොම්බා මේ ලෝක්‌ නෙස්‌ විලේ අද්භූත සතකු නැති බව ඔප්පු කරන ලෙස ඉල්ලමින් කිතු බැතිමතකු විල වෙත යෑවීය. එවිට විලෙන් මතුවූ "නෙසී" සිය ගෙල දිගු කර බැතිමතා පන්නන්ට පටන් ගත්තේය. එවිට කොලොම්බා පූජකතුමා කුරුසියක්‌ පෙන්වා නෙසී එළවා දැමූ බව සාන්තූවරයන්ගේ ජීවිත කතාවේ එයි.

    එතැන් සිට අවස්‌ථා ගණනාවකදීම නෙසී ජලයෙන් මතු විය. 2012 පෙබරවාරි මාසයේදි විලේ ගමන් කළ යාත්‍රාවක ඩිජිටල් යන්ත්‍රයක නෙසීගේ හැඩ රුව සහිත රුවක්‌ හමු විය. ඒ රුව වූයේ විල් පතුලේය.

    අනුර සොලමන්ස්‌
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    adakale thiyena technology walata owada bun hyanna beri , sonar , radar 3D scanner . satellite use karala muhuda yata thiyena Oil hoyanawanam oya wage loku sathekwa hoyaganna berida ?
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    adakale thiyena technology walata owada bun hyanna beri , sonar , radar 3D scanner . satellite use karala muhuda yata thiyena Oil hoyanawanam oya wage loku sathekwa hoyaganna berida ?

    ධනවාදී සමාජයක වාසියක් තිබුනොත් පමණයි මුදල් වියදම් කරන්නේ. මේ සතාව හොයාගත්තා කියලා කාටවත් ඒ තරම් වැදගත් නෑ.