යාචකයින්ට ඉඩදෙන බස්රථවලට තහංචියක් !
Srilankamirror – මගී බස්රථ සඳහා යාචකයන් නංවා ගන්නා කොන්දොස්තරවරුන් සහ රියදුරන්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.
ඇතැම් අවස්ථාවලදී මගීන්ට හිරිහැර වන ආකාරයට මෙම යාචකයන් හැසිරෙන බවත් ඔවුන්ට ආධාර නොකළහොත් මගී ජනතාවට බැණ වැදීමට මෙම යාචකයන් පෙළඹෙන බවටත් තොරතුරු ලැබී ඇති බැවින් නව නිතීමය පියවර ගෙන ඒමට කටයුතු කළ බව සභාපතිවරයා සඳහන් කරයි.
මේ අනුව දිගින් දිගටම යාචකයන් බස්රථ වල නංවා ගන්නා කොන්දොස්තරවරුන් සහ රියදුරන්ගේ බස්රථවල මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය ගෙන ඇත.
තවද, පෞද්ගලික බස් රථ තුළදී මගී ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව දුරකථන අංක 0112-595555, 0777-595555 හෝ 1955 ඇමතීමෙන් ක්ෂණිකව පැමිණිලි කළ හැකි බව රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.
පෞද්ගලික බස් රථ තුළදී මගී ජනතාවට සිදුවන අපහසුතාවන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා පිහිටුවා ඇති මහජන පැමිණිලි ඒකකය වඩා කාර්යක්ෂම කිරීමට හා පුළුල් කිරීමට ගත් පියවර අනුව මෙම දුරකථන අංක හඳුන්වා දුන් බව ඔහු කියා සිටියි.
ඒ අනුව එම දුරකථන අංකවලට අමතරව ෆැක්ස් අංක 0112-503969, 0112-503725 මගින් සහ මහජන පැමිණිලි ඒකකය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අංක 241, උද්‍යාන පාර, කොළඹ 05 ලිපිනයට යොමු කිරීමෙන් ද පැමිණිලි යොමු කළ හැක.
පසුගිය වසර තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි 5398 ලැබි තිබු නමුත් මෙම වසරේ පළමු මාස 3 තුළදී පමණක් මහජන පැමිණිලි 2000කට ආසන්න ප්‍රමාණයක් මහජන පැමිණිලි ඒකකයට ලැබි තිබෙන බවත් ඔහු කියා සිටියි.
දිනකට පැමිණිලි 40කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියලුම පැමිණිලි සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Last edited: