යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “යාදිසං වපතේ බීජං - තාදිසං හරතෙ ඵලං
    කල්‍යාණ කාරි කල්‍යාණං - පාපකාරිච පාපකං
    පවුත්තං තාත තේ බීජං - ඵලං පච්චහුගොස්සති”
    කර්මය හා විපාකය අතර පවත්නා සම්බන්ධය කිසියම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් සිදුවන්නක් නොව, වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් ස්වයං ක්‍රියාකාරීත්වයෙන් සිදුවන්නක් හැටියට බුදු දහම විස්තර කරයි.

    පින්වතුනේ/ පින්වත් දරුවනේ,

    අපට මේ ජීවිතය ගැන හිතෙන්නේ අපට ඕන ඕන විදිහට පවත්වන්න පුළුවන් එකක් වගෙයි. හොඳට බලන්න, ඔය ගම්වල අය කතා කරන කොට, බොහෝ දෙනෙක් කතා වෙලා ලබන ආත්මයෙත් එකට උපදින්න ලෑස්තියි. නමුත් අපි හිතන විදිහට වෙන්නේ නෑ. අපේ ජීවිත ඇතුළේ ක‍්‍රියාකාරීත්වය අපට පේන්නේ නෑ. එ් නිසයි එහෙම හිතෙන්නේ.

    මේක අපට සිද්ධවෙන්නේ හේතුඵල ධර්මය අවබෝධ නො වූ නිසා. හේතුඵල ධර්මය අවබෝධ කරනා තුරු අපට හිතෙන්නේ ‘මම’ කියලා කෙනෙක් තමයි දිගින් දිගට මේ ඉපිද ඉපිද යන්නේ කියලා. ‘මට ඕන හැටියට මේක කරන්න පුළුවන්’ කියලයි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ.

    බුදුරජාණන් වහන්සේනමක් මුණගැසෙනා තුරු මේ දෙව් මිනිස් ලෝකයේ සිටින අයගේ හිත්වල තියෙන ඔය අර්බුදය විසඳෙන්නේ නෑ. බුදුකෙනෙක් පහළ වෙලා මනුෂ්‍යයන්ට, දෙවියන්ට ජීවිතය ගැන කියලා දෙනවා. ‘‘මෙන්න මේකයි ජීවිතය…” කියලා ජීවිතයේ ඇත්ත ස්වභාවය පෙන්වා දෙනවා. හොඳට බලන්න, බුදුවරුන්ගේ ධර්මය ලෝකයේ අනික් සියලූ ධර්මයන් එක්ක වෙනස් වෙන්නේ එ්කයි. බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් අපට කිව්ව ද, ‘චේතනාව කර්මයයි’ කියලා? නෑනේ. චේතනාව තමයි කර්මය. චේතනා පහළ කරලා කයෙන්, වචනයෙන්, සිතෙන් කර්ම කරනවා.

    ඊළඟට උන්වහන්සේ තමයි කර්ම විපාක ගැන අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. උන්වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා, අපි චේතනා පහළ කරලා සිදුකරන දේවල්වලින් සමහර දේවල් අපට මේ ජීවිතයේ දී විපාක විඳින්න සිද්ධ වෙනවා. එ්කට කියන්නේ දිට්ඨධම්මවේදනීය විපාක. එහෙම නැත්නම් අපට ඊළඟ ජීවිතයේ දී විපාක විඳින්න සිද්ධ වෙනවා. උපපජ්ජවේදනීය විපාක. එහෙම නැත්නම් අපරාපරියවේදනීය. එ් කියන්නේ නිවන් අවබෝධ කරනා තුරු කොයි අවස්ථාවක හරි විපාක දෙනවා.

    (යා දිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං, කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං)යම් ආකාරයකට ද බිජු වපුරන්නේ එ් විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ. යහපතට යහපත් විපාක. අයහපතට අයහපත් විපාක. මේක මේ ලෝකයේ තියෙන කර්මය පිළිබඳ ධර්මතාවය යි. මේක මේ දෙව් මිනිස් ලෝකයේ කිසිකෙනෙක් බුදුරජාණන් වහන්සේ තරම් පරිපූර්ණව අවබෝධ කරලා නෑ. බුදුකෙනෙක් තමයි කර්ම, කර්ම විපාක පරිපූර්ණව අවබෝධ කරන්නේ.

    බුදුරජාණන් වහන්සේ වදාළා (කම්මවිපාකෝ භික්ඛවේ අචින්තෙයේ‍යා් න චින්තේතබ්බෝ) කර්ම විපාක සාමාන්‍යයෙන් අපේ චින්තන විෂය ඉක්මවා ගියපු එකක්. එතකොට අපට පැහැදිලි ව පේනවා, මේ ලෝකයේ වෙන කෙනෙකුට කර්මය ගැන විග‍්‍රහ කරන්න බෑ. එ්ක පුළුවන් කර්මය පිළිබඳව පූර්ණ අවබෝධය ලබා ගත් සම්බුදුරජාණන් වහන්සේට යි.

    අපි හැම තිස්සේ ම හිතන්නේ හේතුඵල ධර්මයෙන් බැහැර වෙලා. හේතුඵල ධර්මයෙන් බැහැර වූ සිතක් අපි පවත්වන කොට එ් සිතේ ක‍්‍රියාකාරීත්වය තියෙන්නේ අවිද්‍යාව මත. එතකොට අවිද්‍යා සහගතව කටයුතු කරද්දී, සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙලා නැතුව කටයුතු කරද්දී අපට මේ කර්ම විපාක හොයාගන්න බැරිව යනවා. එ්කයි බුදුරජාණන් වහන්සේ කර්ම විපාක පිළිගැනීම සම්මා දිට්ඨියේ අංගයක් හැටියට පෙන්වා දීලා තියෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නිතර නිතර සිහිකරන්න කියලා කියනවා ‘(කම්මස්සකොම්හි) මම කර්මය තමයි තමන්ගේ දෙය කරගෙන තියෙන්නේ… (කම්මදායාදෝ) මම කර්මය තමයි දායාදය කරගෙන සිටින්නේ… (කම්මයෝනි) කර්මය තමයි මම උප්පත්ති ස්ථානය කරගෙන ඉන්නේ… (කම්මබන්ධු) කර්මය තමයි මම ඤාතියා කරගෙන ඉන්නේ… (කම්මපටිසරණෝ) කර්මය තමයි මම පිළිසරණ කරගෙන ඉන්නේ… (යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා) මං යම්කිසි ක‍්‍රියාවක් කළොත්, (තස්ස දායාදෝ භවිස්සාමි) මම එ්කේ හිමිකරුවා වෙනවා’ කියලා. බුදුරජාණන් වහන්සේ පැවිදි වූ ස්වාමීන් වහන්සේලාට අන්න එහෙම නිතර නිතර හිතන්න කියලා තියෙනවා. දැන් මතක නැතිවුණාට ගිහි පිරිසටත් එ්ක තමයි කියලා තියෙන්නේ.

    එහෙම සිහිකරන්න කියලා තියෙන්නේ එ්කෙන් තමයි එයා සංවර වෙන්නේ. අකුසල් දුරු කරන්නේ, කුසල් වඩන්නේ. ඉතින් මේ සෑම දේකට ම මනස තමයි මුල් වෙන්නේ.
    ------ Post added on Jun 19, 2023 at 3:40 AM