යානි_සහ_අපි

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලක්බිමේ ගියපු ආටිකල් එකකින් ගනිපු එකක්.... FB එකේ තිබ්බෙ... මාර ටෝක්ස් ටිකක්....:rofl::rofl::rofl::rofl::rofl:

    13182862154_437f987046.jpg


    “යානි මෙහි එන්නේ මාර වෙලාවකය. මෙහි මාර යනු විශිෂ්ට හා අනර්ඝ යන අරුතෙන්ද මරණීය සහ විනාශකාරී යන අරුතෙන්ද ගත හැක.
    කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත සංස්කෘතියෙහි බල කණුය.අමරදේවයන් දැන් වියපත්ය.රූකාන්තට රට හැර යන්න සිදුවිය.
    අවසානයේ නන්දා මාලනී වික්ටර් රත්නායක ද කැටුව සිරස වේදිකාවට ගොඩවූවාය.විශාරද එඩ්වඩ් ජයකොඩි ජැක්සන් ද සමග රණවිරු රියල් ස්ටාර් වේදිකාවේය.විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමිතා ද සමග සුපර් ස්ටාර් වේදිකාවේය.
    විශාරද රශ්මි සංගීතාල කීර්ති පැස්කුවල් සමග ලිට්ල් ස්ටාර් වේදිකාවේය.දිවුල්ගනේ නිදහස් කලා සන්ධානය නමින් තැනුණු දේශපාලන වේදිකාවට සහ එතැනින් දේශපාලනයට ද ගොඩවූයෝය.
    රෝහණ වීරසිංහ ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකි. යානි එන්නේ මෙබඳු ලංකාවකටය.
    අනුන්ගේ ගී ගයන සුපිරි තරු අහස් යානාවලින් ගෙන්වා රතු පළස් මතින් කැඳවා ඉහළක ඔසවා තබන මෙරට වෙළෙඳ නාලිකා යළි වික්ටර් නන්දා දෙසටම හැරෙති.
    යථාර්ථය අප වටහා ගත යුතුය. මර බියෙන් විදේශගත වූ රූකාන්තගෙන් හිස් වූ තැනට ආ තරුණ ගායක රැල්ල මරු විකල්ලෙන් කෑගසන හඬ නූතන සංගීතය බවට පත්වීමේ ඛේදවාචකය අප දැකිය යුතුය. යානි අපට අනුබල සපයනුයේ එවැන්නකටය. යානි මහා බලගතු සංගීතඥයකු වනුයේ අප රටඒ තරමටම කුඩා වී ඇති නිසාය.
    ජෝතිපාල හෝ ඇන්ජලින්ගේ ගීත පුනරුච්චාරණය කරන සුපිරි තරු සහ ඔවුන්ව උඩ දමන විශාරද අවස්ථාවාදීන්ගෙන් යැපෙන වෙළෙඳ මාධ්‍ය සංස්කෘතියකට කේමදාසලා ජීවත් කරවීම වැදගත් නැත. යානිලා එන්නේ එම හිඩැසටය. එදා නන්දා මාලනීගේ 'පවන’ ගීතාවලියෙන් හඬ ගා කී සමාජ ඛේදවාචකයට සාපේක්ෂව අද සමාජය සුඛිත මුදිතද?
    මෑතකදී අතිගරු ජනාධිපතිතුමා අප රටේ කලාකරුවන් මුණගැසුණු අවස්ථාවකදී එක් ප්‍රවීණ, විශාරද ගායිකාවක සිය පරම සිහිනය ලෙස දක්වා ඇත්තේ තම දරුවාට එතුමාගෙන් හාද්දක් ලබාගැනීමය.එතුමාණෝ එම සිහිනය ඉෂ්ට කළහ.මනෝවිද්‍යා උපාධිධාරියෙකු මෙන්ම ග්‍රීසියේ පිහිනුම් ශූරයකු ද වන හැට හැවිරිදි යානි එන්නේ එබඳු වූ දූපතකටය.”
    (අජිත් ගලප්පත්ති - ඉරිදා ලක්බිම - 2014-04-20)


    full article link: http://www.lakbima.lk/oldpapers/daliylakbima/2014/April/last_20_04_14/manjusawa.pdf



    Lol....Rohana Weerasinghe was sitting in the row in front of me and watching the show as well

    Yanni is greater than all of those artists put together

    He's a type of talent which dawns once a century such as mozart and Beethoven

    This writer is stupid and his jealousy is quite obvious

    I've seen all these artists mentioned here perform at live concerts but no one can even come close

    Rohana Weerasinghe was awestruck and watching Yanni show with his mouth open....

    These people are decades behind what yanni has
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ගිටාර් ප්ලේ කරන කෙනා නේද මචං..:) මට මතක වයලීන් ප්ලේ කරන කෙනා කියලා.. ටජ් මහල් ගහපු ශෝ එක සුපිරියි.. මං ගාව තිබුණා තව ශෝස් දෙක තුනක්ම යානිගෙ.. අහන් ඉන්න ආසයි බං.. පිස්සු හැදෙනවා..

    දැන් ලංකාවේ කවුරුත් නැ හිටියේ හුසේන් ජෙෆ්රි ..ඒ හිටියෙත් දැනට අවු 10 කට කලින් ..