යාපනයේ සරසවි සිසුන් විරෝධතාවක !!
ඒ නවය මාර්ගය යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් අවහිර කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 1500 ක් පමණ මේ වනවිට විරෝධතාවක නිරත වී සිටිනවා. ඒ, මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන්නැයි බල කරමින්.
අද (24) පෙරවරුවේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි. ඊට ඇතුළුවන ප්‍රධාන පිවිසුම අවහිර කරමින් ඔවුන් පළමුව විරෝධතාවයේ නිරත වුණා.
මේ නිසා පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි නිලධාරීන්ට සහ ජනතාවට ඊට ඇතුළුවීමට ද අවස්ථාව හිමි වූයේ නැහැ.
කෙසේ වෙතත් ඉන් අනතුරුව සිසුන් ඒ නවය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව ආරම්භ කළා. මේ හේතුවෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළින් ඒ නවය මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
මේ අතර යාපනය චුන්නාකම් සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සඳහා අතිරේක පොලිස් බලඇණි කිහිපයක් ද කැඳවා ඇති බව නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා.
http://nethnews.lk/article/22445