යාපනය_සංචාරේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මුලින්ම කියන්නං ගොඩක් පින්තූර තියෙන නිසා ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා එතකං ඉන්න වෙයි හොදේ ... හැබැයි වටිනා කියන දේවල් ගොඩක් තියෙනවා

    scaled.php



    මටත් ඉතිං මේ ටිප් එකේදී එළකිරි යාලුවෝ ටික තමයි මතක් වුනේ.. යාපනේ යන්න බැරි අය වෙනුවෙන් මේ තීඩ එක හදන්න හිතුනෙත් ඒ නිසා ... පිලිවෙලකට මේ හෙන කට්ටක් කාගෙන හදන්නේ උඹල නිසා ... හරිද

    scaled.php

    මුලින් අපි යන්න කලින් යාපනේ ගැන පොඩි කරැණු ටිකක් බලමු නේ.. මේ යාපනේ අපිට නරඹන්න තැන් 26 ක් තියෙනවා... දවස් 4 කින් මේ සියල්ල බැලීමට නොහැකි නිසා අපි පුලුවන් විදියට ස්ථාන කිහිපයක් බලමු නේ ..


    මම බැලුව මුලින්ම යාපනේ ගැන විස්තර ටිකක්

    scaled.php

    scaled.php

    මේ තමයි එහි සියලු කරැණු ගොනු කල කෙටි සටහන



    රට ලංකා

    Province උතුරු පළාත
    District Jaffna
    Government Type මහනගර සභාව
    Area – Total 20.2 km2 ( 7.8 sq mi)
    Population (2007) – Total 83,563
    Density 4,137/km2 (10,713/sq mi)
    Time zone Sri Lanka Standard Time Zone (UTC+5:30)
    වෙබ් අඩවිය Jaffna city website


    scaled.php

    පරිපාලන ප්‍රදේශය:

    යාපනය, කිළිනොච්චි යන දිස්ත්‍රික්ක යාපනය ප්‍රාදේශීය කාර්යයාලය මගින් ආවරණය කරනු ලබයි. යාපනය දිස්ත්‍රික්කයෙහි සමස්ත භූමි ප්‍රමාණය ව.කි.මි. 1,025කි. ප්‍රා.ලේ. කොට්ඨාස 15ක් සහ ග්‍රාම නිලධාරී වසම් 435ක් මෙම දිස්ත්‍රික්කයට අයත්ය.

    scaled.php



    scaled.php


    වෙනත් තොරතුරු :
    පොලිස් ස්ථාන ගණන: 19 (යාපනය-15,කිලිනොච්චි-04)
    බන්ධනාගාර: 01
    වෙනත් සිර අඩස්සි ආයතන: 01
    ළමා නිවාස/පුනරුත්ථාපන මධ්‍යස්ථාන: 03
    scaled.php

    හරි හරි යාපනේ ගැන දැනගත්තනේ යාපනේ ගැන සවිස්තරාත්මකව හා ජායාරෑප සහිතව ගොඩක් කරැණු ඈතුලත් තීඩ එකක් මෙතැන් සිට දිගහැරෙන බැවින් මේ සදහා උදව් කල මිගාර සහෝදරයාටද ස්තූති වෙනවා.. සමහර නොදත් තොරතුරැ රැසක් ඔහුගෙන් උපුටා ගත් බව කියන්න කැමතියි...

    scaled.php
    හරි දැං කස්ටිය යාපනේ යන්න කලින් මුලින්ම තමන්ට අවශ්‍ය ඈදුම් පැලදුම් ( දවස් හතරකට) සෑහෙන්න සෙට් කර ගන්න.. ඒ වගේම අනෙකුත් උවමනා කරන දේවල් වගේම මතක ඈතිව නහය ආවරණය කරගන්න දේකුත් ගන්න ... අපි මේ ඈතුල් වන්නේ අධික ලෙස දූවිලි සහිත පලාතකට බැවින් අනිවාර්යෙන්ම මේ දේනං උවමනා වෙනාව.. ඔයාල යන්නේ බස් එකකනං යන්න වෙන්නේ AC බස් එකක තමයි. මොකද දූවිල්ල වගේම රස්නයත් ගොඩක් වැඩි නිසා ඉක්මනින් අපිව ලෙඩ වෙන්නත් පුලුවන් ....
    scaled.php
    මේ තැන 26ම අපි යාපනේ යනවානං අනිවාර්යෙන් නරඹන්න ඕනේ වැදගත් ස්ථාන.... ඉතිං අපිත් පුලුවන් විදියට දවස් 4රෙන් පුලුවන් තැන් ටිකක් තමයි කවර් කරේ
    scaled.php

    scaled.php


    මේ තියෙන්නේ යාපනයේ ඉදලා ඒ ඒ තැන් වලට දුර අපට බලාගන්න පුලුවන්


    scaled.php

    scaled.php



    මුලින්ම අපි බලපිටියේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් 04 වනදා උදෑසන 3.00 වන ට විතර තමයි මචංලා කොළඹ කොට්ටාව දක්වා ගමන් ආරම්භ ​කලේ... විනාඩි 40 ක් වැනි කෙටි කාලයකින් කොට්ටාවට එන්න අපිට පුලුවන් වුණා..
    මේ තියෙන්නේ අපි ගිහිපු බස් එක.. ටොයිය වගේ කිරි කෑල්ල නේ... යනව දැනෙන්නෑ.. ඒ වගේම තමයි පහසුකමුත් වැඩියි මචංලා යනවනං යන්න මේ වගේ බස් එකක මොකද කියල මං ඉස්සල්ලත් කිව්වනේ


    scaled.php


    අපේ මාර්ගය උනේ කුරැණැගල, දඹුල්ල, අනුරාධපුර මාර්ගයට වැටී මිහින්තලය අසලින් A9 පාරට අවතීර්ණ වුණා... මේ අතර හමුවෙන කැකිරාව සිට යාපනය නගරය දක්වා කිලෝ මීටර් 220 ක දුරක් තරණය කරන්න අපිට සිද්ධවෙනවා අනුරාධපුර මාර්ගයෙන් ගල්කුලම නගරයට හැරී යාපනය ගමන් කිරීමට අපිට පුලුවන්
    scaled.php
    මේ මාර්ගයේ ගමන් කරන විය අපිට මිහින්තලය ​​චෛත්‍යය හමුවෙනවා. ඒ අවට කලුදිය පොකුණ වගේම තවත් වැදගත් සිද්ධස්ථාන කිහිපයක් වැදපුදා ගන්නත් පුලුවන්.. ඒ වගේම මිහින්තලය අභයභූමි රක්ෂිතයද දකින්නට ලැබෙනවා
    scaled.php


    මේ තමයි මිහින්තලය පාර A9 මාර්ගයට වැටෙන ස්ථානය
    scaled.php


    scaled.php

    මෙහි සිට කිලෝ මීටර් කිහිපයක් ඉදිරියට මාර්ගය හොදින් තිබුණත් නැවත A9 මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් කඩා දමා ඈති බව අපිට පෙනුනා

    scaled.php

    පේනවනේ පාරේ භයානක කම උදේ පාන්දර දැක්කේ මේ වගේ මූසල දෙයක් තමා ෂික්.. විතරක්.. ඒකනේ කියන්නේ මචංලා ​පරිස්සම හා අවදානය කොච්චර වටිනවද කියලා...
    අපි මේ ඈතුල් උනේ කර්කෂ පදේශයකට නිසා A9 මාර්ගයේ දූවිල්ල කොච්චරද කියනවනං ඉස්සරහිං යන වාහනේ පවා නොපෙනෙන අවස්ථා තියෙනවාA9 මාර්ගයේ ගමන් කරන අපිට දෙපසම පෙණුනේ මේ වගේ ඇතින් ඇතින් පිහිටි ගෙවල් හා හිස් ඉඩන් තමයි
    scaled.php

    යාපනය වව්නියාව අතර මාර්ගයේ අපේ හමුදාවේ කොල්ලො එකතු වෙලා කරගෙන යන අවන්හල් කිහිපයක් මේ අතර තුර හමුවෙනවා.. මේ වලින් අපිට පුලුවන් ඉතා අඩුවට උණු උණු දවල් ආහාර වගේම සෝර්ටීස්ට් වගේ දේවල් අරගෙන කන්න.. ගිමන් නිවා ගැනීමටත් මේ වගේ තැනක ටිකක් නැවැත්තුවේ නැත්තං වැඩක් නෑ.. අපිත් මේ වගේ තැනක තමයි දවල් ආහාරය ගත්තේ ... මරැ ආ...
    scaled.php

    A9 මාර්ගයේ ඉදිරියට යනවිට හමුවෙන පධාන මුරපොල තමයි ඕමන්තේ මුරපොල ඕමන්තේදී අපිට පොඩි සර්ච් එකකින් පසු තමයි අපිට යන්න පුලුවන්.. අයිඩින්ටි චෙක් කරනව හොදේ.. මතක ඈතුව ඒකත් අරං යන්න . මොකද ආරක්ෂක හේතු මතනේ මේ දේවල් කරන්නේ ... අපි ඒවාට සහය දෙන්න ඕනෙනේ.. නේ..
    scaled.php

    scaled.php


    scaled.php


    scaled.php


    මේකේ ලොකු තේරැමක් තියෙනවා කියල හිතෙනව නේ ..

    scaled.php

    මේකේ ඈතුලේ මෙන්න මේ පොටෝ එක තියෙනවා...
    scaled.php

    මේ තියෙන්නේ ස්මාරකේ දුර ඉදන් ගත්ත පොටෝ එක
    scaled.php

    scaled.php

    A9 මාර්ගයේ තවත් ඉදිරියට යන විට අපිට මේ ස්ථානය හසමුවෙනවා
    කිලිනොච්චිය නගරයේ විනාශ වූ ජල ටැංකිය..
    මේ අපේ මිගාර එදා දුටු ජල ටැංකිය
    a310y0.jpg


    මේ මෙදා අපි දුටු ජල ටැංකිය
    scaled.php


    කොටි තස්තවාදීන් විසින් මිසයිල පහාර එල්ල කොට විනාශ කර දැමූ කිලිනොච්චියේ වතුර ටැංකිය අද පේන්නේ මෙන්න මෙහෙමයි
    scaled.php


    බලන්න කොච්චර වෙනසක්ද කියල නේද... කාලය මැව් වෙනසක අරැමේ...

    scaled.php

    ඊලගය අපිට හමුවෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සිහිවටනයයි..
    අලිමංකඩ කලපුව
    scaled.php


    අලිමංකඩ කලපුව පසුවෙත්ම ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය පිහිටා තියෙනවා

    scaled.php


    scaled.php

    ජෙනරල් කොබ්බෑකඩුවගේ විනාශවූ රථය..
    2czdijq.jpg


    scaled.php

    ඒ අසලම තමයි වීර හසලක ගාමිනී දිවි පිදූ ස්ථානය තියෙන්නේ
    2eupn3o.jpg


    හසලක ගාමිණී විරුවා විනාශකළ ත්‍රස්තවාදී බුල්ඩෝසරය.
    2u8dqgl.jpg


    scaled.php

    අපිට රෑවෙන නිසා මචංලා මෙතන නැවැත්තුවේ නෑ.. මං මේ බස් එකේම ඉදන් පොටෝ එක ගත්තේ
    අපිට නියම වැඩක් උනානේ මචංලා අපේ බස් එකේ වෑන් කාරයෙක් ඈවිත් අපිට ඉස්සර කරන්න හැදුවා ඒ එක්කම පාරේ වලක වැටුණු වෑන් එක එක පාරටම පිටිපස්සේ රෝ​දේ ගැලවිල ගිහිං කොන්ටොල් නැතුව අපේ බස් එකේ වැදුනා.. ආයෙත් එහාට ගිහිං ආයෙත් ඈවිත් දඩාස් ගාලා වැදුණා .. ​ ඉතිං නවත්තල බැලුවම බස් එකටනං එච්චර ඩැමේජ් එකක් නෑ.. මේ​ක එළවලු ඩයිවරයා නෙමේ අනිත් පැත්තේ හිටපු එකෙක් කියනවා උන්ගේ වැරැද්දක් නෑලු පොලීසි යංලු හරි ටෝක.. හද්ද පරණ වාහනයකින් මේ වගේ ගමනක් එනවද මචං... ආ... වද්දල තව ඒ මදිවට ටොක් කරන්නත් එනවා.. අපිත් ඈරියේ ​නෑ.. පොලීසියෙන් එනකං ඉදල අපි වන්දියක් ගත්ත.... තව පොඩ්ඩෙන් වෑන් එක පෙරලෙනවා. පොලී​සියෙන් ඈවිත් බැලුවම අර සද්ද දාපු ලොක්කා ටිකක් සයිලන් වුණා... ඉතිං ඔය වගේ දේවල් වලිනුත් හොද පාඩම් ​ඉගෙන ගන්න තියෙනවා.. පවේශම වගේම තමන් ගමන් ගන්නා වාහනයේ condition එක ගැනත් හිතන්න....
    scaled.php


    scaled.php

    මුහමලේ පදේහයෙදී අපිට බොහෝ සේ වටපිටාවේ තල් ගස් දකින්නට ලැබෙනවා.. මේ තල් ගස් වල ගෙඩක් තල් ගස් වල කරටි නැ.. ඒ මොකද යුද්ධය පැවැති කාලයේ දී එල්ල වූ මෝටාර් පහාර හා රොකට් පහාර වලින් කරටි කැඩී ම නිසා දැන් මේ තල් ගස් වලට මෙනැති තත්වයක් දකින්නට ලැබෙනවා..
    scaled.php

    පලමු දින මේ සිදුවීම් සියල්ල සමග අපි යාපනයට පැමිණෙන විට ටිකක් රෑ උන නිසා අපි යාපනයේ රාතියේ තිබූ කඩයකට ගොඩ වුනේ රාතී ආහාරය ලබා ගැනීමටයි.. හපෝ මචං මුන් ලුණු ගාවලවත් නෑ කෑමවලට ... කරන්න දෙයක් නෑ නූල්ඩිස් තිබුණ මස් තීරැ වලට අබරල දාපු ඒවත් එක්ක ඈරල දැම්ම
    ඊලගට කෙලින්ම අපි කෙලින්ම අපේ නවැතනට ගියා නවාතැන හොයාගන්න එකත් ලේසි පහසු උනේ නෑ... යාපනේ මචං කොළම වගේ හැමතැනම එකම වගේ පාරවල් ආයේ සිංහලෙන් බෝඩ් ලෑල්ලක්වත් ඈතෑ.. ඔක්කොම දෙමල කාගෙන් අහන්නද උන්ට සිංහලත් බෑනේ.. අපිට දෙමලත් බෑ... ඉතිං කොහොම හරි අමාරැවෙන් අරහෙන් ​​මෙහෙන් දාලා පාරවල් වල රස්තියාදු වෙලා නවාතැනට එනකොට දහයත් පහු වෙලා...

    scaled.php

    ඒක නිසා පාරවල් දන්නැත්තං අපේ හමුවේ කොල්ලො ඉන්නවා ඩියුටි දාලා එයාලගෙන් ඈහුවනං අනිවා කියනවා.. දෙමල අයගෙන්නං අහන්න එපා මොකද සමහරැ වැරදි පාරවල් කියනවා හිටු කියලා... අපිට උනේ ඒකනේ... නැත්තං රස්තියාදු වෙන්න වෙනවා... අපේ කොල්ලොන්ට අපිව දැක්කමත් හරිම සතුටුයි...
    ඒක නිසා දෙමළ අයගෙන් අහන්න යන්න එපා ...

    උදේ පාන්දර නැගිටලා අපේ නිදිකුම්බර සෙට් එක උයන්න ගත්තා උදේට කන්න පාන් ගන්න ඕනේ.. පාන් කන්න පරිප්පු හදන්න ඕනේ.. ඉතිං පොල් ගෙඩියක් ගන්න ලගම ටවුන් එකට ගියා ..කඩේකට ගිහිං​ පොල් ගෙඩියක් ගන්න කියන්නේ කොහොමද කියල කල්පනා කරනකොට මුදලාලිට තේරැණා අපිට පොල් ඕනේ කියල මුදලාලි කියනවා පොල් පෙන්නලා thirty rupees කිවල කිව්ව... ඉතිං අපි පොල් ගෙඩියක් අරං ආවා... දැන් අව්මිරිස් ගන්නත් එපැයි.. අමුමිරිස් ගොඩ පෙන්නලා රැපියල් 50ක් මුදලාලිට දුන්නා ... මිනිහා රැපියල් 50කම අවුමිරිස් බෑග් එකකට දාල දුන්නා ඔන්න ඔහොමයි දකුණෙ කොල්ලෝ උතුරින් බඩු ගත්තේ .... ඒකත් අපට අලුත් අත්දැකීමක් උනා

    scaled.php

    හරි දැං අපි උදේ කෑම කාල යන්නේ කීරමලේ කෝවිලටයි.. යාප​නය නගරයේ මනීපූර් කියන ගමේ තමයි අපි පලමු දවසේ රෑ නැවතිල මිටියේ මනී පූර් වල ඉදන් කීරමලේට වැඩි දුරක් නෑ...
    scaled.php

    මේ තමයි කීරමලේ කෝවිල


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php

    අපි යං කොවිලේ ඈතුලය

    scaled.php

    scaled.php

    scaled.php


    කොවිලට ඈතුල්් වෙන්න ඕනේ පිරිමි අය ෂර්ට් ගලවල බොඩී එක පෙන්නගෙන ... අපිත් වැඩ කා​රයො වගේ ගියා ඈතුලටමෙන්න මේ සිතාරයට තමයි මම හුගක්ම හිත ගියේ

    scaled.php


    scaled.php

    හරි දැං අපි යං ඹෙෂධ පොකුණ පැත්ත
    මෙන්න මේ බොඩ් එක එතන තියෙනවා
    scaled.php


    මේ පොකුණෝ හරි ලස්සන කතාවක් තියෙනවා මොකක් ද දන්නවද.. ලමයි නැති අය මේ කොවිලේ පිටුපස තියෙන මේ පොකුණෙන් නා කොවිලේ බාරයකු වූ විට ලමයි හම්බවෙනවලු...
    scaled.php


    මේ තමයි ඔය කියන පොකුණ
    scaled.php

    ළමයි නැති අය ටක් ගාලා කීරමලේ ​මේ කෝවිලට ඈවිත් බාරයක් වෙන්න..
    scaled.php

    scaled.php

    මේ ස්ථානයෙත් තල් හකුරැ හා ඒ ආශිත යාපනය ආවේණික වූ සාම්පධායික කෑම වර්ග වලින් පිරැනු කඩ වල් ගොඩක් තියෙනවා.. ගාණත් අඩුයි...

    අපි එහෙනං කීරමලේ කීරමලේ කොවිලට සමු දෙමුනේ
    scaled.php


    scaled.php

    අපේ ඊළග නැවතුම දඹකොළ පටුනයි..
    කීරසලේ සිය දඹකොළ පටුන දක්වා කිලෝ මීටර් 9 ක මුහුදු බඩ මාර්ගයක තමයි ගමන් කරන්න තියෙන්නේ.

    scaled.php

    දඹකොල පටුනේ වි​ශේෂත්වය

    scaled.php


    අපි දඹකොල පටුනට ඈතුල් වෙමු
    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    සංඝමිත්තා තෙරණින් වහන්සේ ශී මහා බෝධීන් වහන්සේ රැගෙන පැමිණ ලංකාවට ගොඩබට ස්ථානයයි මේ දඹකොළ පටුන..

    scaled.php

    දැං මේ ස්ථානය මෙච්චර ලස්සනට බලා කියා ගන්නේ දියුණු කරන්නේ අපේ නාවික හමුදාවේ කොල්ලෙ තමයි

    scaled.php

    මෙන්න මේ වගේ නැවක තමයි සංඝමිත්තා තෙරණිය ඈවිල්ල තියෙන්නේ
    මේව හදන්නේ අපේ හමුදාවේ සහෝදරයෝ

    scaled.php


    මේ වගේම එකක් තමයි මේ නාවික හමුදාවේ අය මේ හදන්නේ මේකත් අපේ සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනය ගැන තමයි

    මේ ගැන විවිධ දේවල් එහි දකින්නට ලැබෙනවා
    scaled.php


    මේ වගේම එකක් තමයි මේ නාවික හමුදාවේ අය මේ හදන්නේ මේකත් අපේ සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමනය ගැන තමයි
    scaled.php


    scaled.php

    පේනවනේ කොච්චර වියදම්ද කියල මේ වගේ තැන් වලට අපි පුලුවන් තරම් ආධාර දෙන්න ඕනේ ඒ නිසයි
    scaled.php


    ලණු වලින් ලස්සනට ඔතාල නේ
    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php

    දඹකොල පටුනේ ​​චෛත්‍යය
    scaled.php


    දඹකොළ පටුනේ ​ සුන්දර මුහුදු තීරය මෙතන නාන්න නම් දෙන්නෑ.. මෙතනින් තමයි සංඝමිත්තා ​තෙරණිය ලංකාවට ගොඩබැස්සේ
    scaled.php


    scaled.php


    scaled.php



    ඔන්න යාපනේ සංචාරේ I කොටස ඉවරයි මෙතනින්



    යාපනේ සංචාරේ II III තියෙනවා .. ඒවා තව ටිකකින් දාන්නං ... අම්මෝ අතත් රිදෙනවා... මං හිතනවා ඔයාලට යාපනේ ගැන යම්කිසි අවබෝධයක් වගේම තොරතුරැ ගොඩක් ලැබෙන්නැති කියල ....

    ඉතිං ඉතිරි කොටස් දෙක ඉක්මණටම දෙන්නං ... අත රිදෙනව ටයිප් කරලම....
    අපි යාපනේ සංචාරේ දෙවන කොටසින් නල්ලූර් කොවිලට වගේම නාගදීපයටත් යං
    එතකං අපි ගියා.. මොනව නැතත් Comment එකක් නං ඕනෙමයි මචංලා ...

    scaled.php


    257f2gz.gif


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෝ පතිචාර අඩුයි නේ ඉතිරි කොටස දෙන්නත් මොකක්ද වගේ පතිචාර අඩු උනාම
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මචං අර ඖෂධ පොකුනෙ හැමෝම නානකොට ඒක අපිරිසිදු වෙන්නෙ නැද්ද?
    අර ඉන්දියාවෙ “ගංගා“ ගඟේ මළ මිනී පාකරද්දිත්, මනී කුණුත් එක්ක තියෙන වතුර පාවිච්චි කරන එක හොඳයි කියනව වගේද දන්නෙ නෑ ඕකත්....?
    කොහොම උනත් බෙදාගත්තට ස්තූතියි !